කිරුළ සහ සෙනෙහස ……1 කිරුළ සහ සෙනෙහස ……2 තම්බපණ්ණිය පිහිටියේ වයඹ සමුද්‍ර තීරයේ බැවින් ගෝකණ්ණ වැනි ලක්දිවෙහි නැගෙනහිර සමුද්‍ර තීරයෙහි පිහිටි නගරයක වසන්නකුට නිසර්ගයෙන්ම දිනපතා අත්විඳීමට ලැබෙනා මහ සමුදුර අනන්තයේ ක්ෂිතිජයයෙහි උස් පහත් වෙමින් තරඟ නඟනා දල රල පෙල අතරින් වරෙක හිරු නැඟෙමින් වරෙක යලි රැලි අතරේ සැඟව යමින් කෙරෙන චමත්කාරජනක සූර්ය උදාව නැරඹීමෙහි භාග්‍යය කුවණ්නාවන්ට අත් නොවිණි. ...
,., “අයියේ මෙන්නෝ......... ඔයාගේ බොගමන් අදත් වැඩේ දීලෝ” මල්ලීගේ හඬින් මගේ අඩ නින්ද මරු විකලෙන් පලා ගියේය. අභව්‍ය වූ වදන් වැලක් මුමුණමින් ඇඳෙන් බිමට පීනූ මම ඉස්තෝප්පුව වෙත ගියෙමි.මල්ලී ඉනට එක් අතක් තබාගෙන එක් අතක් ගෙබිම මායිමට දික් කරගෙන ඉදිරිපෙල දත් නැති කටින් හිනාවෙමින් මා දෙස බලා සිටින අයුරු දුටු විට ඔහු කෙරෙහි මා සිතෙහි පහළ වූ කෝප මුසු හැඟීම ...
109. වන්ස් උපෝන් අ ටයිම් දෙයාර් වොස් අ ප්‍රිටි ලීල් ගර්ල් සමගින් මහා තොරණ රාජයා......
නිදහස් සිතුවිලිවන්ස් උපෝන් අ ටයිම් දෙයාර් වොස් අ ප්‍රිටි ලීල් ගර්ල්............ හුහ්........... (කට බොරු කිව්වත් අත බොරු කියන්නේ නැහැ, හිතේ තියෙන එව්වා තමයි පනින්නේ) වැරදුනා වැරදුනා.............. වන්ස් උපෝන් අ ටයිම් දෙයාර් වෝස් ඇනදර් කොන්ට්‍රිබියුටර් ෆෝ දිස් බ්ලොග්............. කෝ බං ඒ උන්දි.............? ඉන්නවා ඉන්නවා යහතින් ඉන්නවා... ඉතිං උන්දි ගියා නෙව “කොටු වැටිච්චි පුංචි සරම ඇඳන් නටන්න මල්ලියෙක්“ ...
කිරුළ සහ සෙනෙහස…..1 රාජ සභාව රැස්වන සන්නිපාත ශාලාව පිහිටි පිටි නුවර ගොඩනැඟිලි සංකීර්ණයට මඳක් ඔබ්බෙන් එහෙත් තැනින් තැන් සම දුරින් දැල්වුණු කැකුණ තෙල් පහනින් ආලෝකමත් වූ පියවර එක්සිය සතලිසක් පමණ දිගු පටු වරංඩයෙකින් වහා පිවිසිය හැකිවූ කුඩා ප්‍රවේශ ශාලාවෙකින් ඔබ්බෙහි වූයේ රාෂ්ට්‍ර පාලක උදෙසාම වෙන්වූ නිදන මැදිරි, ආලින්ද බරාඳ සහ මැද මිදුල් වලින් යුතු වාස භවනයයි. වරංඩය ඔස්සේ විජය ගමන්කලේ ...
මම කාලෙකට ඉස්සර ලිව්ව කතාවක් මේ. පොඩි කුමාරිහාමි වියුණුවේ පලවූ විජය සහ කුවේණි කතාවට මගේ ඌණ පූර්ණය විදිහට.ඒ කතාව මම එදා ඉවර කලේ නෑ. තව දිගට ලියන්ට ඉඩ තියාගෙන කතාව නතර කලා.මේ ඒ කතාවට සංශෝධන කීපයක් එකතු කරල අලුතෙන් ලියපු කතාව.. අපේ ඉතිහාසයෙ පුරුෂයින් සම්බන්ධව බොහෝ දුරට අගතිගාමී විදිහටයි ලියවිල තියෙන්නෙ කියලයි මට හිතෙන්නෙ. මේ විජයගෙ කතාව මට හිතෙන විදිහට. ...
185. විමලෙගෙ වාං පතුල් කතාව - ලොක්කිගෙ මොරෝම ගති, ඉම්රාන් ඛාන්ගේ බත් ඉවීම සහ වැසි මැවිසුරුගේ අනපේක්ෂිත ස්නානය
නිදහස් සිතුවිලිඔන්න බලමුකො ඒකෙත් හැටි සුබාව..ගිය පාර කතාව පටං ගත්තෙ දෑන් ඔන්න එහෙනං ගුණතිලකයගෙ දෙවෙනි කතාව කියලයි. අන්තිමට රටේ නැති වැල් වටාරං පල් හෑලි කියෙව්ව මිසක කියන්ට ආපු එක කිව්වෙ නෑ නෙව... හරි එහෙනං ඔන්න කියන්ට ආපු කතාව...මම කිව්වනෙ ගුණතිලකය මහ මදාවියයි කියල. අර ගං ගොඩේ කෙල්ලොංට වතුර විදින කේස් එකත් කිව්වනෙ නේද?...හරි...ඔය ගමේ හරි හරියට හිටිය මුස්ලිම් සිංහල දෙගොල්ල. ඒ ...
184. විමලෙගෙ වාං පතුල් කතාව - මෙන්ටලි චැලේන්ජ්ඩ් උදවිය, ඡායාරූප ශිල්පයේ නව ප්රවණතා සහ බාවය උද්දීපනය වීම
නිදහස් සිතුවිලිදැං ඔන්න එහෙනං ගුණතිලක ගැන දෙවෙනි කතාව.මිනිහ හෙණ මනමාලය. වයසත් ඒ හැටි හොඳ නෑ නෙව...අපි මුලිම්ම යනකොට ඒ හරිය හද්ද කැලේ උනාට ( හද්ද කැලේය කියන්නෙ මොකද දන්නවද? හද්ද කියන්නෙ හත් දා කියන එක. දවස් හතක් පයිං ගියත් කැලෙං එළියට එන්ට බැරිතරමට විසාල කැළයක් කියන එකයි ඒකෙ තේරුම ) පස්සෙං පහු මිනිස්සු ගෙනැල්ල පදිංචි කලා.ඉස්කෝල, සමුපකාර, ඉස්පිරිතාල එහෙම හදල ඒ ...
මම ලියල යවපු කතාවට ටැබූ පොඩි සංශෝධන කිහිපයක් එකතු කරලයි බ්ලොග් එකේ පලකලේ. ඒ සමහර සංශෝධනත් එක්ක නැවත සංස්කරණය කල කතාව තමයි මේ… සිතුවම් මල්ලි..බොහොම ස්තූතියි. සබැඳිය සැපයීම වෙනුවෙන්… ඒ වගේම ටැබූ..ඔබටත් දහස් වරක් ස්තූතියි. මෙපමණ දුරක් ආපු ගමනෙ මුල් පියවර තියන්ට මට අප්‍රමාණ ධෛර්යයක් උනේ ඇත්තටම ඔබ... ****************************************** බාහුං සහස්ස මභිනිම්මිත සා යුධං තං ගිරිමේඛලං උදිතඝෝර ...
ඒ දෙදහස් දහයෙ අවුරුද්ද. මාසෙ ඔක්තෝබර් කියල හිතාගන්ට පුලුවන් කාරණා දෙකක් හින්දා. පළවෙනි කාරණය - ශීත කාලෙ හරියටම පටන්ගන්නෙ ඔක්තෝබර්වල. යාන්තමට කහ පාටට වැටෙන හිරු එළියෙං හරියකට ඇඳුමක් වේල ගන්ට බෑ අපේ ගේ පිටිපස්සෙ බැඳල තිබ්බ රෙදි වැලේ වනල නම්. ඒ නිසා වහල උඩට ( මෙහෙ සීයට අනූ නවයි දශම නවයයි නවයක්ම ගෙවල්වල වහල කොන්ක්‍රීට් ස්ලැබ් එකක්...) Clothes Dryer එකක් ...
181. වාං පතුල් කතාව තව දුරටත් - ලෝකයේ වැඩිම මීදුම සහිත ගම්මානය සහ ජීප් රියදුරන්ගේ කතා....
නිදහස් සිතුවිලිහරි පේමදාස මහත්තෙයගෙ පිළිම කතාව අහවරයිනෙ.ආපහු යමු අර අවුකන කිට්ටුව මළගෙදර කතාවට. ඒක ඉවරයක් කරල ඉන්ට එපාය ආයෙම වාං පතුල් කතාවට ප්‍රවිස්ට වෙන්ට ඉස්සර...එක්කො අර තැචර් නෝනා මහත්මිය ගැන කියනකොට බාගෙට කියාපු දොස්තර සහ වහ බීපු කෙල්ල ගැන කියනවද?....නෑ ..මළගෙදර ගැන කියලම ඉමු එක්කො.... දැං මම කිව්වනෙ කලාවැවේ බන්ඩ් එකේ ජීප් එක නවත්තල අවුකන පිළිමෙ පේන තෙක් මානෙ ඉඳගෙන අපි ...
අගබිසව වූ සාමාවතිය ප්‍රජා සත්කාරයෙහි යෙදෙමින් ප්‍රත්‍යාන්ත දනව් සරන හෙයින් කොසොල් රජ තෙමේ මෙදවස සිත්සේ නීළඹර සරන විහඟකු මෙන් බලවත් ප්‍රීතියෙන් ප්‍රමෝදිතව වසන්නාහ. අන්තඃපුර සෙසු බිසෝ වරුන් හා උයන් කෙළියෙහි යෙදෙමින් මධු පානයෙහි නිරතවෙමින් කල් ගත කරනා නිරිඳානෝ බොහෝකල්හි නින්දට යන්නෝ අළුයම් කාලයෙහිය. එදවස ද රාත්‍රිය පුරා නාටිකාංගනාවන්ගේ රැඟුම් නරඹමින් සෝම පානයෙහි නියැලුණු කොසොල් රජ තෙම ...
179. වාං පතුල් කතාව තව දුරටත් - විමලේගෙ භාණ්ඩ තත්ව පරීක්ෂා උපක්‍රම සමඟ බුද්ධ ප්‍රතිමා නඟා සිටුවීම
නිදහස් සිතුවිලිවිමලයගෙ වාං පතුල් කතාව තමයි දැං කියන්ට තියෙන්නෙ නෙවද? හරි එහෙනං කියමුකො බලන්ට...... විමලෙය ගැන මම කිව්වනෙ කලිම්ම..උන්දැ ඇවිල්ල මොකෑලන්තවාසියෙක්...කඩ්ඩෙං කිව්වොත් මොකෑලන්ඩර්...මොකෑ බොල තෝ කන්ට වගෙ බලාන ඉන්නෙ?...මොකෑ බොල මේ පාංගෙඩිය මේ හැටි කරුකුස්ටං වෙලා?...මොකෑ මලේ කෙල්ල කියැව්වෙ?....ඔන්න විමලෙය කතා කොරන්නෙ ඔහොම තමා...අය ඉඳා අම්ම....ඔන්න ඔහොමත් ඒක කියනව. ඉඳා අම්ම....එයාගෙ රැස්පොට්.... ...
කිත්‍යාකාර ගේට්ටුවෙං එලියට පැන්නෙ කට්ටියම එකට. කොච්චර හෙමීට පලයල්ල කියල සර්ලයි ප්‍රිෆෙක්ට්ලයි කිව්වත් අම්මප ඒකනෙව බැරිම වැඩේ..කලින් ගියයි කියල ඇති වැඩකුත් නෑ....පුංචි බොරැල්ලෙ බස් හෝල්ට් එකට වෙලා වේලෙනව තව පැය බාගයක් විතර මික්ස්ඩ් ස්කූල් බස් එක එනකල්.... කැම්බල් ප්ලේස් එක පහු කරල පුංචි බොරැල්ල පැත්තට හැරුන විතරයි.. " ඒ දුවපං අන්න අරූ එනව මාරාවේස වෙලා වගේ… " පිටිපස්සෙං ඇහුන ...
මේ වාං පතුල් කතාව නං අම්මාපල්ල අර කොටිදෙනට වෙච්චි වැඩේ අනික් එක මට වෙලා තියෙන්නෙ. දන්නවනෙ නේද අර ගස් දෙබලක් මැද්දෑවෙං පනින්ට ගිහිල්ල කොටි දෙන දෙබලෙ හිරවෙල වෙච්චි අලකලංචිය?....ආහ්හ්..දන්නෙ නෑය කිව්ව?.....මේ අපේ හෙන්රිය තමයි ඔය වගෙ කතා කියන්ට මරුව...අනේ බාං අර කොටිදෙනගෙ කතාවක් තියෙන්නෙ....කියහංකො තරහ නැතුව..ආ.. හා කිව්ව නේද?...හරි ඒකත් එහෙනං හරි...හෙන්රිය කියයි ඒ කතාව. මොකද මම දැං මෙතන ඕක ...
නුවර වැව් දිය පිස හමාඑන මඳ සුළඟ ඒ හා සමඟ ඔහුගේ ගත කිලිපොලන්නට සමත් සිසිලසක් ගෙන ආවේය. උරහිස් හකුළුවා ගත් වනම මොහොතක් ගතකල ඉක්බිති ඔහු සෙමෙන් නැඟීසිට ඔපවත් තේක්ක ලීයෙන් නිමවුනු ගරාදි වැටට බරදී ඈත පෙනෙන දළඳා මාලිගයේ රන් වියන සැඳෑ හිරු රැස් පතිතව බබලනු බලා සිටියේය. Chanel No. 5 ….නාස්පුඩු වලින් පෙනහළුවලට ඇතුලුව මුළු මහත් ආත්මයම පිරී ගත් ඒ ...
හප්පච්චියෙ..මේ වාං පතුල් කතාව නිසාවෙං මම අහපු බැණුං කන්තරාවක්....හෙහ්, හෙහ්, එක්කො උඹ මේ කතාව කියාපං නැත්තං...නැත්තං ඒත් කියාපං...ඔන්න ඔහොම තමයි කට්ටිය මට බැණ අඬගැහැව්වෙ..ඔව්ව මට ගාණක් නෑ අප්ප...අර කම්මලේ බල්ල වගෙ තමයි. කච්චිය පිච්චියට ගියත් කම්මලේ බල්ල හෙළුවෙංය කියනවනෙ.අඩේ වැරදුනා වත්ද?....හෙළුවෙං හිටියෙ වෙල්ලාවෙ තිබ්බ බල්ල ද කොහෙද නේද? හරි හරි ඉන්ටලාකො සුට්ටක් ඉවසල හිට..ඔය බල්ලො ගැන යස අගේට ...
174. අවසන ශේෂ වූ මහා පුරුෂයින් අතළොස්සකි. They were the giants and there are so few left…..
නිදහස් සිතුවිලිමේ ඇවිදිල්ල හිට අනුවෙ දසකයෙ මුල් බාගෙ විතර......අපෙ එවුන්ට කාලෙන් කාලෙට එනව එක එක පිස්සු...ඔන්න එක පාරක් පඩි එහෙම අරගෙන නිවාඩු ගිය එකෙක් අරං ආව ඔය කාන්තා පත්තරයක්...ඒ කාලෙ තිබ්බ කාන්තා පත්තර වැහි වැහැල...රෙජින ..කුමරි...යුවති ...කෙලී ...පටිණි..කාලි අම්ම ...මෝහිණී....රාස්සි..යස්සනී..ඔය මට මතක තියෙන නං කීපයක්...ඔය වගෙ ගෑණු නං ඔක්කොගෙම්ම වගෙ තිබ්බ පත්තර..තව මල් දෙවැට....මානෙල් පොකුණ.....බතල ...
පහුගිය හෙනහුරාදට කලිං හෙනහුරාද මතකයි නේද?...අර ධවාන්ය කියන කොළුව හනුම දර පලන්නැහෙ ඔස්ටේලියං කාරයිංට එලෝ එලෝ තඩි ගැහැව්වෙ.අර අති ගෞරවාර්හ ධුරන්ධර N.G.P. ලලනාව මෙරිල් ලොක්කි ගැන මට කිව්වෙ…..ආං එදා. ඔන්න මේ හෙනහුරාදත් මම කලිංදා වගේම ඕස්ටේලියා ඉන්දියා ( කලිං බැලුවෙ තුංවෙනි ටෙස්ට් එක. මේ පාර හතර ) මැච් එක බලබල උන්නයි කියමුකො. ඕන්න ආයෙම ටිං ගාල ආව සද්දයක්. බැලුව කම්පියුටර් ...
කතන්දර කියන එව්වට අපි හැමෝම ආසයි. පොඩි කාලෙ අපි නිදා ගන්නෙත් අත්තම්මගෙ නැත්නම් ලොකුඅත්තගෙ කතන්දර අහගෙන. එහෙම නින්ද ගිහාම හීනෙනුත් පේන්නෙ ඒ කතන්දර ....මමත් ඔය කතන්දර අහන්ට වගේම කියන්ටත් බොහොම මනාපයි නෙව..මේ පහුගිය සුමානෙ එක පාරටම ආව කං කකියන්ඩ හීතලක්. ඉතිං රාත්තිරි ආහාරයට පෙර පොඩිවට එකක් නවාගෙන බුලංකේට්ටුව අස්සෙ ගුලිඋනහම රටේ නැති විකාර හිතුවිලි මයෙ ඔලුව අස්සෙ කැරකෙනව. ඒ එහෙම ...
විමලෙය බටු මිරිස් පාගාගෙන ගිය කතාව අන්තිමට මම කිව්ව් බොලාට මතකෙයි ? උගෙ වාංපතුල් කතාව ඊලඟට කියඤ්ඤංය කියාල හිට තමයි හිතාන හිටියෙ. ඒ කතාව කියන්ට ගිහිල්ල අර කොහෙද යන කබරයෙක් එක්ක ඔට්ටුවෙලා වෙච්චි වැඩේ ඒ කතාව කියන්ට බැරිම වෙලා ගියා. ඊටත් පස්සෙ නයි ගැනයි මාලිංගලා ගැනයි කොන්ත නෝනල ගැනයි අන්තිමටම අර ලලනාව නිසා මෙරිල් ලොක්කි ගැනයි ලියන්ට වෙච්චි නිසා වාංපතුල් ...