මහ උන් පැටව් රට හැම තැන පැතිරීමඑහෙයින් උනුන්ගේ අතපය පැටලීමඑනයින් එකිනෙකා නොදැනම පොර කෑමදුහුනන් හට බලන්නට ටෙලි සැපයීමඅප්පගෙ නමින් ගුටි කෙළ ගත්තාට රැයේකප්පරකට අහිංසක කම තවම තියේ ඔක්කොම කතන්දර මාද්‍ය මවන පැයේ සත්තයි මඩකි එහි ඇත්තක් නැතිය පියේඋන්ටත් උන් ව අමතක වී ගියපු සඳේ දැන් දැන් රටේ දියුණුව තව පෙරට ඇදේඉල්ලන්නේ බලය බෙදුමට මොකද වදේගොට්ටන් අසූ කෝටියකට බලය බෙදේමෙපමණ කලක් ...
ආරෝහණ හරය උඩින් අවරෝහණ ලවය තියල අල්ලෙ ඇඳපු ශ්‍රිතය දිගේ දිවෙන් ලොවන ස්පර්ශක[සඳලි සංකේත්මා ගේ මේ කවියට පිළිතුරක්. මාතෘකාවට ස්තුතියි සඳලි]
කවදත් කාගෙ කාගෙත් බ්ලොග් පිටු අතර අදහස් මිටක් සිනහවකින් අකුරු කර හිතවත් කමින් දිරි ගන්වන හැම නිතර වියපත් නිරික්සුම් කරුවා ඔබ මිතුර දැනුමට දේශපාලනයට ආගමට ලොකු පොඩි බෙදුම්, හැදියාවට ජඩ කමට නිතරම ඇවිලෙතත් බ්ලොග් කරුවන් එමටසිනහව පමණි ඔබ බෙදුවේ අප හැමට ආවත් වරක් කියවා සටහනක් ලියා ආයිත් ඇවිත් තව ලියලද බලන ඔයා කාගෙත් හිතට මහ ලොකු හිස්තැනක් තියා කාටත් හොරෙන් ...
සිප ගන්න නැවෙන විටතව ටිකක් ඈත් වෙනආයිමත් උනුහුමටතුරුල්ලට වක ගැහෙනකිසිදාක එක් නොවුණුතවත් එක ජෝඩුවක්‌මුහුදු හුළඟට තැවෙනඋන්ගෙ මග අවුරානරතු ලයිට් ඔරවගෙන [කස්සප ජයසිංහ ගේ ඉස්තරම් පින්තුරයකට ලියවුනු කොමෙන්ටුවකි. ස්තුතිය ඔහුට] ...
හැඩට වැඩට හැඳ පළඳින හිඟන්නීලාබ විලවුනට දහදිය පොඟන්නී මග දිග රැඳෙන කිසි ගමනක් නොයන්නී ආලය බෙදන මුත් ආපසු නොගන්නී[සුසන්ත මූණමල්පේ සොයුරාගේ කවියකට පිළිතුරක්. ඉහලින්ම ඇගයීමක් කල ශානි කල්යානරත්න සොයුරියටත් ස්තුතියි] ...
විරහවේ පාට අවර්ණයිඇල්කොහොල් මිශ්‍රකිරීමෙන් වර්ණ ගැන්විය හැක[මුහුණු පොත් සංවාදයක ලියවුනු වචන අහුරක්. මේවා කවි ද නැද්ද යන කතිකාව වෙනුවෙන් පළ කරන ලදී]
වික්ටෝරියා සංස්කෘතිය සභ්‍යත්වය උද්‍යානය තණකොළ නිකම් නොවේ රට තණකොළ වික්ටෝරියා කොලු කෙල්ලන් ආදරයට බිය වද්දනඒ වුණාටපෙම් කරන්න උයන සදන තණකොළ ටික පෙන්න පෙන්න කන එවුන් ව හණ ගස්සන වික්ටෝරියා එක පාර ම විහාරමහදේවිය වී ගැමුණු කුමරුවන් රවටන උන් ලව්වා අනාචාරයේ තණකොළ සුද්ද කරන තණකොළ ටික උනා දමා පිරිසිඳුවට නිරුවත් වන වික්ටෝරියා ජීවිතයේ ඉඟි නළුවේ සංස්කෘතික රඟහල ළඟ තව රඟන්න හෙට ...
සේරි වාණිජ රන් තලිය මිළට ගත් අත ඇති සියලු ධනය දී සාධාරණ වෙළෙන්දා ඉතිහාසය ලියන ලද ලෝක හොරෙක් ලු කෙල්ලට බංගලි වළලුත්ආච්චිට සල්ලි මල්ලත් දී රවටා ඇන්න ගිහින් රටක් වටින රන් තලියක්පරම්පරා ගණනාවක් එකතු කරපු මුළු රටේම බූදලයක් රටක් වටින රන් තලියක් ඇන්න ගෙහුං වෙන රටකට කෙල්ල හිතේ සන්තෝසෙන් වළලු සොලවමින් ආච්චිටත් හරි ඉහලයි පැල්පත වෙනුවට හදාපු පුංචි ගෙදර රස ...
ඉස්තුතියි අහුවුනාට අපි අටවපු මී උගුලට ඔන්න ගිහින් දැම්මා වල්බිහි වුන වෙල් යායටසමෘද්ධියට තව චුට්ටයි නගර සභා කුණු ලොරියෙන් ඇවිත් හලන මං දන්නවඔහේ කැමති නැති බව නම් ඔහේ ඉතින් හිතන් ඉන්නෙඔහෙයි අපියි එක මේසෙක වාඩිවෙලා අහර බුදින දවස ගැනනෙඒත් මීයොඑහෙම දිනක් හදා ගන්න ගත්තු හෑම මහන්සියම වතුරෙ ගිහින් අපට ලැබුනෙමහමාරිය වගේ දරුණුසමාජගත වසංගතයිඊට වඩා මෙහෙම හොඳයි.මේ විදිහම පෙරට වඩා යහපත් ...
මී රාලඔන්න ඇටෙව්වා උගුලක් අහුවෙන එක ඔහෙගේ වැඩක්පනට ආදරේ ඇත්නම් ඔහේ දාන දාන වෙට්ටුවලටඋගුල් අටවගන්න තරම් අපි මහ උගුල් කාරයින් නොවේය ඔහෙත් එක්ක ඔට්ටු සෙල්ලමක් කරන්න අපිට නොමැත වෙලාවකුත් මෙහෙම සමාවක් දෙන්නෙත් පින පව අදහලා නොවේ මේ පොළොවේ පය ගහන්න අපිත් එක්ක ඔහෙටත් ඇති උරුමෙ නිසා.එක ගෙදරක ඉන්න බැහැනෙඅපිටත් ඇත දරු මල්ලෝ ඔහේ ගේන ලෙඩ එක්කල අනික ඉතින් තමුසෙ හරිම ...
ඇරුණු දොරින් කොරිඩෝවට බිත්තියකින් කෙළවර වෙන අසිහියඅන්ධකාරය රෝද පුටුවවිස්මය කන් අදහන්න බැරි ඒ වචන පේලිය කරුණා බරිත නපුරු මුහුණ දොස්තර ටික් ටොක් ටික් ටොක් දුඹුලු බැඳුනතඩි ඔරලෝසුව "පුතා අපි යමු තව කොහේ හරි""හ්ම්ම්ම්""මේ දොස්තර විශ්වාසද?""දොස්තර මොනව කරන්නද අම්මේ?"පසුබිමින් කතා බහ හිත යටින් නිහැඬියාව සීතල නුහුරුවහිතට නුහුරු සිතිවිලිමටත් හොරෙන් නියම කරපු ගමන පුංචි එවුන් ...කඳුළු...දඩස් දඩස් රෝද පුටුව කොරිඩෝවේහැල්මෙ දුවන ඒ ...
නොයෙකුත් භූමිකම්පා සුළි සුළං ගැන ගිනිගත් සටන් හා මහ අවපාත එන දහසක් පුවත් අතරේ තිස්සෙම ඇසෙන රහසක් කියා ඔහු නික්මී ගොස් තිබිණ රේඛාවකින් ඇරඹුණු දිගු ගමන් පෙත පළලින් උසින් පැතිරී ඇත සතර අතමහ බරපතල් මුහුණක ගන රැවුල් කෙත මුදු ලෙස පිපුණු සිනහව තව මතක ඇත කැලේ මැදින් දුවගෙන ආ හරි හාවා වීනාවක් වයා දුක් ගීයක් ගැයුවා පිස්සු වුනත් පූසන් බක්කිය ...
[මේ කවිය තවම නිර්මාණ පල කිරීමට තරම් තාක්ෂණික පරිචයක් නැති කෙනෙකුගෙන් කොපි කල එකකි]ටිකිලි ටිකිලි ටිකිලි ලියා කලෙත් අලං ලිඳට ගියා ...ටිකිලි ලියා අක්කියි කබල ගොයයි දියබලියයි දැන් හලි යාලුයි ඒගොල්ලෝ ඔක්කොම යනවලු පාටි එකට ස්ලීපින් බියුටී අක්කිගෙ උපන් දිනේකිලි සුදු හාවයි ඉබ්බයි හති අලිනවඔන්චිල්ලාවට හේත්තු වී ඒ දෙන්නා බලන් ඉන්නෙකුන්ෆු පැන්ඩ චිත්‍රපටිය මෙන්න කුන්ෆු පැන්ඩමොනල එක්ක ගහ ගන්නවස්නෝ වයිට් ...
"හලෝ හලෝ කොහොමද'තින්...උඹට මතක නැද්ද මාව?කාලෙකින්නෙ කෝල් කළේහපොයි උඹල හොහ් හොහ් හොහ් දන්නෙ නැද්දසුනිල් අයියමම මතුගම""ඔව්වොව්වොව් මහ වත්තේ බිස්නස් කළතැඹිලි තමයි තැඹිලි තමයි""කොහොමද ඔය පැත්ත ඉතින්" "නැහැනෙ මල්ලි විවේකයක්අමත්තියන්සේ කටයුතු""ඔව්වොව්වොව් අපේ එතුම ගත්තනෙ මං එයා ළඟට""ගණ සැරේට වැඩ නෙ මල්ලිඑතන වැඩයි චන්ද වැඩයි""ගිය චන්දෙද?සතියක් මං එහේ උන්නෙ මං ගැන නොවැ විස්සාසේඅදයි ඔන්න වැඩට යන්නෙ""නිවාඩුවත් නැතුව හිටියෙඕටී හා බටා එක්ක ඔව්වොව්වොව්නැතුව ...
පිනි වැටුණු තුරු මුදුන් අතරින් පියඹලා එන පොඩි කුරුල්ලෙක්නොදන්නා බසකින්යමක් තෙපලයිමග දෙසට පෙර ගමන් කරමින් යන්ට අමතයිඈත හිමයේ සීත මාරුතකළඹවා ගෙන කේඬෑරි ගස්ඉතිරි වී ඇති කෙසඟ කොළ ටික උදුර ගෙන යයි කප්පමට සීත කාලයටබඩ ගින්දර විතරක් ඉතුරු කර කැණීමඩල බිඳ වැටුණුදැලි අඟුරු දුම් දමන ගිනි ගත්ත නිවහනේඉතිරි වූ පොඩි මුල්ල තවම මට සෙවන දේමකුළු දැල් සිහි වටන දුහුවිල්ලෙ ඇඳි රටාඅතීතෙන් ...
ඉරගල කන්දෙන් ඉරමල වැටිලාගොම්මන් කළුවර මිදුලට ඇවිදින්රුක් අත්තන මල් සුවඳ ගෙනාවටනුඹේ සුවඳ මට ඊට වැඩියි රෑන ගිරා හඬ යටපත් කරගෙනකළුවර එන්නේ රැහැයි හඬින්හීන හතෙන් නුඹ පිටමං වූ දා ඒ කළුවර යයි ගෙටත් උඩින්මුකලාන මැද හේන දිහාවෙන් රෑ සීපාවන් හඬනු ඇසේහේන කුඹුර පැල උන්ට ගියාදෙන් නුඹ තනිකර මම යමි ද කෙසේ?[ගීතයේ නිධාන කතාව මෙතනින් බලන්න] ...
[ධනුෂ්කා නිශාදී සොයුරියගේ කවියකට ලියූ පිළිතුරක්]කුවේණියසට කපට කම් ගුප්ත විද්‍යාකොල්ලන් දැලෙහි ලනගෙනගොස් පොකුණ තුල ලන කුවේණිය දල ඇති යකින්නියටිකෙන් ටික උන් ලේ බොනඋහු ද දැපනේ වැටී වැහැරෙනකුවේණියබාහු යුවලක සිරවුණඋතුඟු පෙනුමට වශී වනරවටන්ට ගොස් රැවටෙනකුවේණියසැඳෑ සිහිලේ නැළවෙනවෙණ තතක මිහිරෙනමුළු හිත පුරා පෙම් කරනකුවේණියඔහු නමින් යුදයට යනටජ් මහල මතු තනවනපුද බිම ලෙයින් සෝදනකුවේණියබෝ කලක සිට රැවටුනකුණු මුල්ලකට විසි වුනවෛරයෙන් ගිනි ගෙන සාප ...
නිදහස් යයි කියා ගත්තආර්ථිකේ ගිනි එන්ජිමතවම අඳුරු කාමරයේකවුළුව විතරයි විවෘතඑතනින් නිතරම හමන්නෙවටේ පිටේ කාණු දුගඳ[හුළං හමන මග කියන්නෙහුළං මිසක් අපි නොවෙයිනෙ]කාලයාගෙ දූෂණයටදුම් කවුළුව වැහිල ගිහින්කිරිං කිරිං ගගා දුවනගිනි එන්ජිම නගන දුමින්කහින ගමන් "අපි" කියන්නෙවහමු කියල ජනේලයත් ...
[කවදාවත් නිමා නොවන රතු කමිසේ කතාව නැවත සිහිපත් කරන්නට සිදුව තිබේ] රතු කමිසය අඳින්න ද හෙට?කළින් නම් හැම දාම ඇන්දාබොහොම වැදගත්කමට තිබුණාහෙට ත් අඳිමු ද?පාසලේ නො ව හන්දියේ වූඅසම්මතයේ පන්තියේ දීසහෝදරයින් සමග ඇන්දාමුලින් රතු කමිසේ…සරසවියට ත් පැමිණිලානිළවරණෙට ත් පිවිසිලානිදා ගත්තෙත්කෑවෙ බිව්වෙත්සමග රතු කමිසේ… සරසවියේ දී සංගමේමග තොටේ උද්ඝෝෂණේපෙරහරේ දිග මැයි දිනේනො හැර මා හාසිටිය රතු කමිසේ…අඳින්න ද හෙට?රැළක් සමඟින් විසි වෙලාවිරැකියාවෙන් ...
සිතේ අනුලාවන්සොයතිය විශාකාවන්කලකට පසු ඉතින්යශෝදර හැර කරති නික්මන්මහරජු එතැන් සිටරැය නෙක ලෙනෙහි ගත කොටගෙන දරු බර කරටසෝමාව බැස ඇතේ පාරට