1. යම් ඤාණවන්තයෙක් ඒකාන්තයෙන් ගුරුන්ගේ වචන දන්නේද උන්වහන්සේලාගේ වසඟයෙහි සිටීද ගෞරව උපදවාද ඒ පණ්ඩිත තෙමේ භක්ති ඇත්තේවේ. ධර්මයන් දැන විහේෂ ගුණ උපදවන්නේය. 2. මහත්වූ යම් විපත්තීහු පහළවූවාහුද, කම්පා නොවී ඉවසන්නේද, ඒ පණ්ඩිත තෙමේ ශක්තිමත් නම් වේ. ධර්මය දැන විශේෂයට පැමිණෙන්නේය. … Continue reading → ...

1. මා විසින් උපසම්පාදාව ලද්දේය. කෙලෙස් මිදීමෙන් මිදුනෙමි. කාමාශා දියෙන් තොරවූවෙමි. ඒ මා විසින් නුදුටු බුදුහු දක්නා ලදී. විහාරයෙහි එකට විසීමි. 2. ´´භාග්‍යවතුන් වහන්සේ රාත්‍රියෙහි වැඩිහරියක් එලිමහනෙහි විසූසේක. විසීම්වල දක්ෂ බුදුහු ඊට පසු ගඳකිළියට ඇතුල්වූහ. 3. ´´නැති කළ බිය හා … Continue reading → ...

1. ´´දොෂාරොපන කරණ අදහසින් මෝඩයා බුද්ධාවවාද අසයිද අහසට පොළොව මෙන් සද්ධර්මයෙන් ඈත්වූයේවේ. 2. ´´දෝෂාරෝපන කරණ අදහසින් මෝඩයා බුද්ධාවවාද අසයිද කථවර පක්ෂයෙහි චන්ද්‍රයා මෙන් සද්ධර්මයෙන් පිරිහෙයි. 3. දෝෂාරෝපනය කරණ අදහසින් මෝඩයා බුද්ධාවවාද අසයිද දිය නැති විල්හි මසෙකු මෙන් සද්ධර්මයෙන් පිරිහේ.´´ 4. … Continue reading → ...

1. ´´විත්තය තොපගේ මාර්ගය කුඩා දොරටුවකින් ඇතෙකු මෙන් වලක්වන්නෙමි මාර දැලක්වූ සිත, තෝ පාපයෙහි නොයොදවන්නෙමි. 2. ´´දොරටුවක් නොලැබෙන ඇතෙකු මෙන් තෝ වැලැක්කේ නොයන්නෙහිය. සිත නමැති කාලකණ්නිය, නැවත නැවත වලක්වන්නේ පාපයෙහි ඇලුනෙක් නොවන්නෙහිය. 3. ´´ඇත්ගොව්වා අලුත අල්වා ගත් නොහික්මුණු ඇතෙකු යම්සේ … Continue reading → ...

1. ´´වාත ලෙඩකින් පෙථනු මහා වනයෙහි වාසය කරන්නාවූ ප්‍රත්‍ය පහසු නැති මහණ ඔබ කෙසේ වාසය කරන්නෙහිද? 2. ´´මහත්වූ ප්‍රීති සැපයෙන් ශරීරය පතුරුවමින් රථවුවද ඉවසමින් වනයෙහි වාසය කරන්නෙමි. 3. ´´සති පඨානයන්ද, ඉන්ද්‍රියයන්ද, බල ධර්මයද දියුනු කරමින් බොජ්ජංගද වඩමින් වනයෙහි වාසය කරන්නෙමි. … Continue reading → ...

1. ´´ඒ මම දවසට තුන් වරක් උදෑසනද මද්දහනද සවසද උපවාස කාලයෙහි ගයාවෙහි දියට බැස්සෙමි. 2. පෙර නොදන්නා කාලයෙහි මා විසින් යම් පාප කර්මයක් කරණ ලද්දේද එය දැන් මෙහි පා කර හරිමි. පෙර මෙබඳු දෘෂ්ටියක් විය. 3. ´´ධර්මයෙන් හා වැදගත් පදයන්ගෙන් … Continue reading → ...

1. ´´බුදු රජතෙම ඒකාන්තයෙන් මගේ යහපත පිණිස නෙරංජරානදිය වෙත ගියේය. මම යමෙකුගේ ධර්මය අසා වැරදි විශ්වාසය අත්හලේද ඒ බුදුන් වහන්සේය. ´´ 2. ´´අන්ධයෙකු මෙන් වූයේ පෘථග්ජනයෙක්වූයේ මෙය සුද්ධියයයි සිතමින් උස්පහත් යාග කෙළෙමි. මම  එහි ගිනි දෙවියා පිදීමි. 3. ´´අන්ධයෙකු මෙන් … Continue reading → ...

1. ´´මව මට අවවාද නමැති කෙවිටක් ඉල්ලකරන්නේද, යහපත් ය. මව විසින් අවවාද කරණ ලද මම යමෙකුගේ වචන අසා, 2. ´´පටන් ගන්නා ලද වීර්ය ඇත්තේ රහත්වූයේ උතුම් බුද්ධත්වයට පැමිණියෙමි.  ත්‍රිවිද්‍යා දත් නිවන් ප්‍රත්‍යක්ෂ කරණලද දීමට සුදුසු රහත් කෙනෙක්මි. 3. ´´මාර සේනාව … Continue reading → ...

1. ´´නිවැරදි වර්ෂයන්ගෙන් යම් ධර්මයක් මට ලැබේවායි බලාපොරොත්තුවන උපාධ්‍යාය තෙමේ අමෘත මහා නිර්වාණය බලාපොරොත්තුවෙන් මට අනුකම්පා කළේය. මා විසින් කළයුතු වැඩ අවසන්කරණ ලදී. 2. ´´උපද්‍රව නැති ධර්මයට පැමිණියෙමි. තෙමේම ප්‍රත්‍යක්ෂ කරණලදී. ඔබගේ සමීපයෙහි පිරිසිදු නුවණ ඇත්තේ සැක නැත්තේ ප්‍රකාශ කරමි. … Continue reading → ...

1. ´´තම යහපතද අනුන්ගේ යහපතද බලාපොරොත්තුවන පුරුෂතෙම තමා නොයෙදිය යුතු දෙයෙහි යෙදෙන්නේද හිත සැපයට නොපැමිණෙන්නේය. එය මගේ අවාසනාවකැයි සිතයි. 2. ´´රාග නමැති දුකට පැමිණි සංසාර නමැති රට වනසා නොදමා භාවනා නමැති දෙවැන්නා නැතිව තනිවම අත්හරින්නේද, එය පාපයක් වන්නේය. නිවන් මෝරවන … Continue reading → ...

1.´´මහණතෙම සොහොනට ගොස් සොහොනෙහි හැරදමන ලද පණුවන් වටවී කන ස්ත්‍රියකු දුටුයේය. 2. ´´යම් හෙයකින් නින්දිතවූ මළහු දැක ඇතැම් කෙනෙක් පිළිකුල් කරත්ද, මට කාම ආශාව  පහළවිය. අශුචි වැගිරෙන ශරීරයෙහි අන්ධයෙකු මෙන් වීමි. 3. ´´බතක් පැසෙන කාලයටත් අඩු කාලයක් ඒ ස්ථානයෙන් බැහැරවූයෙමි. … Continue reading → ...

1.  ජෙන්ත ථෙරගාථා :- ´´ ගිහි සැපත් හැරපියා පැවිදිවනු ඒකාන්තයෙන් දුෂ්කරය.ගෘහයෝ දුකසේ විසිය යුත්තාහ.පැවිදිව පිරිය යුතු ධර්මය ගැඹුරුය. භෝගයෝ දුකසේලැබිය යුත්තාහ.මේ බුදුසසුන්හි ලත් පරිදි පසයෙන් අපගේ දිවිපැවතුමද දුකය.නිරතුරු අනිත්‍ය භාවය සිතන්නට යුතුමය.´´ ආයුෂ්මත් ජෙන්ත තෙරණු්වෝ මේ ගාථාව වදාළහ. 2.  වච්ඡගොත්ත … Continue reading → ...

1. බෙලට්ඨානික ථෙරගාථා :- ´´ ගිහිබැව් හැරපියා පැවිදිව මහණක්හු විසින් කටයුතු දැය නොනිමි ස්වභාව ඇත්තාවූ නගුලෙන් පොළොව කනනක්හු සෙයන් රඑ පරඑ බසින් අනුන් ගවා තමන් ගුන සාරණ සෙයින් මුව නැමැති කගුල් ඇත්තාවූ උදර පෝෂණයෙහි ඇලී ගත්තාවූ අලසවූ අඥාන තැනැත්නේ කෑමෙන් … Continue reading → ...

1. පරිපුණ්ණක ථෙරගාථා :- ´´ සියල්ල දක්නා සුලුවූ ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරණලද යම් නිර්‍වාණ ධර්‍මයක් වේද, මෙකල මා විසින් යම් නිවන් රසයෙක් වළඳන ලද්දේද, රාජ කාලයෙහි වැළඳූ  සතරස භෝජනය හෝ දිව්‍යාත්මභාවයෙහි වැළඳූ දිව්‍යාහාරය හෝ එසේ සම්භාවිත වූයේ නොවන්නේය.´´ … Continue reading → ...

1. සමිතිගුත්ත ථෙරගාථා :- ´´ මා විසින් මෙයට පෙර අන්‍ය ජාතීන්හි කළ යම් පවෙක් වේද, ඒ පාපය මේ ආත්මභාවයෙහි පමණක් වින්ද යුතුය.ඒ කර්‍මයාගේ විපාකයට අවසර ලත් අන්‍ය ස්කන්ධ ප්‍රබන්ධයෙක් නැත්තේය.´´ ආයුෂ්මත් සමිතිගුත්ත තෙරණුවෝ මේ ගාථාව වදාළහ. 2. කස්සප ථෙරගාථා :- … Continue reading → ...

1.  වච්ඡපාල ථෙරගාථා :- ´´ සියුම් වූ නිපුණ වූ පටිච්චසමුප්පාදාදී අර්ථයන් ලක්ෂනත්‍රයට නගා දක්නා සුඑවූ ප්‍රඥා විෂයෙහි දක්ෂවූ සබ්‍රම්සරුන් කෙරේ යටත් පැවතුම් ඇති සෙව්නා ලද වෘද්ධ ස්වභාව ඇති නොහොත් සෙව්නා ලද වෘද්ධ ශීලීන් ඇත්තාවූ ඒ යෝගාවචරයා විසින් නිවන් දුකසේ ලැබිය … Continue reading → ...

1.  වප්ප ථෙරගාථා :-  ´´ මනා නුවණින් ස්වභාවධර්‍මය අවිපරීත ලෙස දක්නා තැනැත්තේ දර්‍ශන සම්පන්න අන්‍යයාද (ආය්‍ර්‍යයාද) දකියි. ස්වභාවධර්‍මය අවිපරීත ලෙස නොදත් පෘථග්ජන තෙමේ දර්‍ශන විරහිත පෘථග්ජනයාද දර්‍ශන සම්පන්න ආය්‍ර්‍යයාද නොදකියි.´´ ආයුෂ්මත් වප්ප තෙරණුවෝ මේ ගාථාව වදාළහ. 2. වජ්ජිපුත්ත ථෙරගාථා :- … Continue reading → ...

1. ගොධික ථෙරගාථා :- ´´ වැසි වළාව සුන්දර ගීතයක් මෙන් ගර්ජනය කෙරෙමින් වසී. මාගේ සෙවෙනි කළ කුටිය සැප එළවන්නීය. වාත ප්‍රවේශ රහිතය.මාගේ සිත නිවන් අරමුණුකොට යහපත්ව පිහිටියේය. මේයා දැන් කැමැත්තෙහි නම් වසින්න.´´ ආයුෂ්මත් ගොධික තෙරණුවෝ මේ ගාථාව වදාළහ. 2. සුබාහු … Continue reading → ...

1. සිරිවඩ්ඪ ථෙරගාථා:-  ´´  විදුලීහු වෙහාර පර්‍වතයාගේද පාණ්ඩව පර්‍වතයාගේද අතර එල්ල කොට ගෙන හෙන්නාහ. උපමා රහිත වූ අෂ්ටලෝක ධර්‍ම විෂයෙහි අකම්පිතවූ බුදුහුගේ පුතෙක් පර්‍වත දෙකක් අතරට පැමිණියේ ධ්‍යන වඩයි.´´ ආයුෂ්මත් සිරිවඩ්ඪ තෙරණුවෝ මේ ගාථාව වදාළහ. 2.  ඛදිරවනිය රෙවත ථෙර ගාථා … Continue reading → ...

1.  ගහ්වර තීරිය ථෙරගාථා :-  ´´ අරණ්‍ය නම්ලත් ඒ මහා වනයෙහි ඇටමැසි මදුරු  මැස්සන් විසින් පහස්නා ලද්දාවූ ස්මෘති සම්පන්න බුද්ධශ්‍රාවක තෙම යුද පෙරමුණෙහි ඇතෙකු මෙන් ඉවසන්නේය.´´ ආයුෂ්මත් ගහ්වර තීරීය තෙරණුවෝ මේ ගාථාව වදාළහ. 2. සුප්පිය ථෙරගාථා:- ´´  ඇසිල්ලක් පාසා ජාරාවට … Continue reading → ...

Previous Page