වසර පහක් වූ ගුරු ජීවිතේ අන්තර් ජාලය සමඟ කල කී දෑ බොහෝයි. නමුත් කවදාවත් ඒ සියල්ල අහිමි වේ යැයි නොසිතූ නිසා පුද්ගලිකව වෙබ් අඩවියක් පවත්වා ගැනීම කෙරෙහි අවධානයක් තිබුනේ නෑ. ඕත තවදුරටත් වලංගු නොවන තත්ව උද්ගත වූ නිසා මං අළුත් ලිපිනයකට ගියා. මේක මගේම තැන නිසා මෙතනින් එහාට වගකීම් මම මටම වෙයි කියා හිතනවා. විද්‍යුත් තැපෑලෙන් මගේ ලිපි ංල්ලා තිබුන ...
ඉතිහාසය එඩිට් කරමින් නැවත ලියමි. අළුත් කතාවක් පටන් ගත්තෙමු.
තරුණ ගුරුවරයකුගේ සටහන්(A young teacher’s thoughts).
පලමු වතාවට මේ ගැන ලියන්නේ. ලංකිවේ තොරතුරු තාක්ෂණය දියුණු කරන්ඩ කරන්න පුළුවන් දේවල් අපි කරලා තියෙනවා. ඒවා කරද්දී අපි මුහුණ දුන්න දේ ඉතාම කටුකයි සහ වේදනාත්මකයි. නමුත් හැම කන්දක්ම නැග්ගම පල්ලම් නෑ. ලෝකාන්තය වගේ තැනුත් තිබෙනවා. අපි ලංකාවේ තොරතුරු තාක්ෂණයට කල දේ දහවෙනි දශම ස්ථානයට කිට්ටු දෙයක් වගේ මගේ හිතේ. ඒත් අපටත් තියෙනවා කතාවක්. ඒකතාව අපි ලිව්ව වාර අනන්තයි. නමුත් ...
අද බ්ලොග් එකේ ලිවීමට අවමංගල (කට්ටියකට මංගල) දැන්වීම් එකක් ලැබී තියෙනවා. මෙන්න එම දැන්වීම කෙටියෙන්. ශ්‍රී ලංකාවේ පාසල් අතරින් වඩාත් කාලීන සහ සමාජයට ගැලපෙන අධ්‍යාපන රටාවකට හැඩගැසුනු විද්‍යුත් ගම්මාන ව්‍යාපෘති අතරින් පළමු පෙලේ සිටි batuwangala.org ඩොමේන් නාමය දැරෑ අවසන් වරට හිටිස් එක්ලක්ෂ පනස් දහස පන්නා සිටි වූද, දිනපතා පන්සීයක් පමණ හිට්ස් තිබුනා වූද,ළංකාවේ සාසලක් සතු එකම ජලවිදුලි බලාගාරය ගැන ලොවටම ...
මේ ලියන්නට යන්නේ කවදාවත් ලියන්නට කැමැත්තෙන් සිටි දේවල් නොවේ. නමුත් මෙව්වා ඉතිහාසයට එක්වනු ඇත. වෙබ් අවකාශයේ සිංහල අන්තර්ගතයන් බෝහෝ නැති අවධියකදී පටන් ගත් අපේ ගමනේ නොකියා සිටින කතා එමටය. ඒ අනාගතයේ බිහිවන ඉතිහාසය කියවන ඩිජිටල් ළමයි කාගේ හෝ ගුණ වෙනුවට අදාල අයගේ මව් ගුණ වැයිමට වස්තුබීජ මං ඉතිරි කිරීමට අකමැති නිසාය. ඒ නිසා ආ ගමනේ කිව හැකි කතා ටිකක් සහ ...
තොරතුරු තාක්ෂණයේ තවත් එක සත්‍ය කතාවක අවසාන් දිග හැරීම
තරුණ ගුරුවරයකුගේ සටහන්(A young teacher’s thoughts).මාසයක් විතර තිස්සේ අපි කරපු වැඩේ ඉවරයක් දැක්කා අපි පහුගිය පෙබරවාරි 26 වෙනිදා. මේ වැඩේ පටන් ගත්ත වෙලේ ඉඳං මගෙත් එක්ක හිටිය සියළුම දෙනාට අනේක වාරයක් ස්තූතියි.මාරයා අයියා නම් මාරම මාරයි. මේ වැඩේ ඉවර වෙනකොට අපිට අපේ පරිගණක විද්‍යාගාරය නැති උන එක ගැන නම් ගොඩක් දුකයි. ඒත් ළමයින්ගේ තොරතුරු තාක්ෂණ දැනුම ගොඩ දාන්ඩ මට තියෙන උවමනාව නැති නමුත් මට වඩා ...
අපි සයිබර් සෙවන සාදා නිම කලා. මේක ගොඩක් ලොකු හොඳවැඩක් කියලා අපි හිතනවා. ඒක අපේ කොල්ලොටිකයි කෙල්ලොටිකයි මුල ඉඳලා දැනං හිටියා. අවසානෙට බිමට සිමෙන්ති දාන දවස් වල රෑ එක හමාර වෙනකං කොල්ලොවැඩ කලා. සමහර වෙලාවට ගෙවල් වලිං දෙමාපියෝ කතා කරලා කෙලින්ම මට බැනපු වෙලාවල් තිබුනා. ඒ හැම වෙලාවටම අපි ඉවසීමෙන් වැඩ කලා. මාරයා අයියා අපි වැඩ කරන තැනට ඇවිත් ගියා. ...
ගොඩක් අලුත් අත්දැකීම්, මනුස්සකම්, තවත් අය වෙනුවෙන් උනුවෙන හදවත් ඇති මිනිසුන් එක්ක අපිට සන්ධ්‍යාගේ නිවසේ වැඩටික 50% විතර දුරට කරලා ඉවර කරන්න පුළුවන් උනා. මේ වෙනකොට ඇත්තටම අපි බිත්ති අඩි 6 විතර උස්සලා ඉවරයි. මේසක් බාස්ලා ටිකක් වැඩ කරන්නේ එක විදියකට නිසා වැඩේ ටිකක් ඇදෙනවා වගේ. ඒත් බිත්ති හයි වෙන්නත් තියන්න ඕන නිසා දවසක් වැඩ කලොත් දවස් දෙකක් එයාලා විවේක ...
දැන් හැමොම දන්නවානේ කතාව. අපි අපේ සන්ධ්‍යට අලුත් ගෙයක් හදලා දෙන්න සයිබර් යාළුවෝ එකතු උනා. අද තමයි පලවෙනි දවස. අපි වැඩ පටන් ගත්තේ උදේම. උදේම ගිහිං ගේ හදන්න වෙලාවක් හදලා දෙන්න කියලා ජෝතීර්වේදියෙක් මුණ ගැහුනා. ඊට පස්සේ කොල්ලෝ ටිකක් හොයලා එක්ක එන්න ගොඩක් වෙලා ගියා. කොහොම හරි සල්ලි දෙනවා කිව්ව නිසා කට්ටිය හොයා ගන්න පුළුවන් උනා. පස්සේදි හවස් වරුවේ අපේ ...
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මනුස්සකම තියෙන මින්සුන් කොතෙක් නම් මේ ගෙන්දගම් පොලවේ සිටීද??? මම සන්ධ්‍යා නිරෝෂනීලාගේ කතාව ලියලා පැය 48ක් ගෙවෙන්න කලිං අපි හිතපු සම්පූර්ණ මුදල අපිට දෙන්න පරිත්‍යාගශීලී උන සියළු දෙනාට මං ගොඩක් ස්තූති වන්ත වෙනවා. විශේෂයෙන්ම මාරයා අයියා ගොඩක් වෙහෙසුනා මේ කාර්ය කරන්න. අපි සියළු දෙනාට සතුටු වෙන්න පුළුවන් විදියට ලබන සතියේ මම මේ කාර්ය පටන් ගන්නවා. සියළුම පියවරයන් සියළු ...
සන්ධ්‍යා නිරෝෂනීලාගේ කතාව 2 මනුෂ්‍යත්වයේ ආශ්චර්යය
තරුණ ගුරුවරයකුගේ සටහන්(A young teacher’s thoughts).අපේ සන්ධ්‍යා නිරෝෂණී ගැන මම ලිව්ව ලිපියට ගොඩක් අය ප්‍රතිචාර දක්වල තිබුනා. ඒ අතරිං අපේ මාර අයිය ඇත්තටම මාරයි. කියන්න වචන නෑ. කෙනෙකුගේ දුක ඉදිරියේ මේ තරම් හිත උනුවන අය අදත් ඕන තරම් ඉන්නවා. ප්‍රශ්නෙකට තියෙන්නේ අපි අතර සබැදිය තියා ගන්න ක්‍රමයක් නැති එක. මාර අයිය කියලා තිබුනා අවශ්‍යතා ලිස්ට් එකට යන වියදමත් කියන්න කියලා. ඉතිං අපේ YK අයියාට කියලා ...
අපේ සන්ධ්‍යා නිරෝෂණී ගැන මම ලිව්ව ලිපියට ගොඩක් අය ප්‍රතිචාර දක්වල තිබුනා. ඒ අතරිං අපේ මාර අයිය ඇත්තටම මාරයි. කියන්න වචන නෑ. කෙනෙකුගේ දුක ඉදිරියේ මේ තරම් හිත උනුවන අය අදත් ඕන තරම් ඉන්නවා. ප්‍රශ්නෙකට තියෙන්නේ අපි අතර සබැදිය තියා ගන්න ක්‍රමයක් නැති එක. මාර අයිය කියලා තිබුනා අවශ්‍යතා ලිස්ට් එකට යන වියදමත් කියන්න කියලා. ඉතිං අපේ YK අයියාට කියලා ...
අලුත් අවුරුද්දක අලුත් පාසල් වාරයක් කියන්නේ ළමයින්ට අළුත් අත්දැකීමක්. ඉස්කෝලේ පටන් ගත්තම උදේට කට්ටිය එන්නේ සුදුම සුදු පාටින්. අළුත් සපත්තු, අලුත් පොත් බෑග්, අලුත් පොත්, පොලිතීන් කවර දාපු ලියන පොත් ගොඩක් ළමයින්ට තියෙනවා. අර පාසල් දාහේ ව්‍යාපෘතිය නිසා ලොකු ඉස්කෝලෙට දාන්න දතකාල බැරි උන ළමයි උදේට එක්කං එන අලුතින් දකින දෙමාපියෝ හැමදේම අලුත්. පංති වලට ගියාම හැම ළමයම හිනා වෙලා ...
පහුගිය දෙසැම්බරය ගෙවුනේ පුදුම තරම් කරදර ප්‍රශ්න ගොඩක් එක්ක. වචන වලින් කියන්න බැරි තරම් කරදර බාධක ගොඩක් එක බනිස් ගෙඩිය කාලතෛ් බොන මිනිස්සුන්ගෙන් එල්ල උනා. නමුත් ළමයින් ගේ පැත්තෙන් හිතලා හැමදාම තීරණ ගත්ත මං ප්‍රධාන තීරණ දෙකක් ගත්තා. අරං ආපහු වැඩට බැස්සා. ජීවිතේ එපාම වෙලා හිටපු වෙලේ නෙළුව පොලිස්සියේ ස්ථානාධිපති තුමා හොඳ අවවාදයක් දුන්නා. මිනිස්සු අපිව වට්ටන්න හදන වෙලාවට වැඩ ...
මේක මං ලියපුඑකක් නෙමෙයි. ඒත් බෙදාගන්න වටිනවා කියලා හිතුනා.
Shakespeare…. ”Never Play With The Feelings Of Others Because You May Win The Game But The Risk Is That You Will Surely Lose The Person For A Life Time”. Napoleon…. ”The world suffers a lot. Not because of the violence of bad people, But because of the silence of good people!” Einstein…. ”I am thankful to all those who said ...
අප අතරින් වෙන්ව ගිය ස්ටීව් ජොබ් මහතාට උපහාර පිණිස නැවත පල කරමි…..
තරුණ ගුරුවරයකුගේ සටහන්(A young teacher’s thoughts).ලෝකයේ තිබෙන හොදම විශ්වවිද්‍යාල වලින් එකක් වන ඔබගේ උපාධි ප්‍රධානෝත්සවයට සහභාගී වීමට ලැබීම ගැන මම ආඩම්බර වෙනවා. මම කවදාවත් උපාධියක් ලබාගෙන නෑ. උපාධියකට කිට්ටුවටම පැමිණි පළමු අවස්ථාව මෙයයි. මගේ ඡීවිතයේ කතා තුනක් මම අද ඔබට කියනවා. එච්චරයි. ලොකු දෙයක් නෙවෙයි. කතා තුනක් විතරයි. පළවෙනි එක තිත් යා කිරීම පිළිබදවයි. විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් විදියට පලවෙනි මාස හයෙන් පස්සේ මම ඉගෙනගත්ත විශ්වවිද්‍යාලයෙන් විසි ...
ඉන්දියාවේ හිටපු ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් මහතා සිය පස් වසරක නිල කාලය අවසන් කළේය.ඒ නිමිත්තෙන් ඔහු 2006 දෙසැම්බර් මස හයිද්රාබාද් නගරයේ දී පැවැත්වු දේශනයක සිංහල පරිවර්ථනය. අපේ ශක්තිය සහ ජයග්රධහණය පිළිගැනීමට ඉන්දියානුවන් වන අප මෙතරම් මැලිකමක් දක්වන්නේ ඇයි.අපි ඉතා ශ්රේ2ෂ්ඨ ජාතියක් වෙමු.පුදුමාකාර ජයග්රළහණ රැසක් අප සතුව තිබුණත් ඒවා ඇති බව පිළිගැනීම අපි ප්ර තික්ෂේප කරමු. ඒ ඇයි? අපි ලොව විශාලතම ...
පාසල් වලට දීල තියෙන අන්තර් ජාල සම්භන්ධතා වල වේගය 15KBps. ඒකත් CDMA Broad Band කියලා ලියලා තියෙනවා ඒකේ.(හිනා වෙන්න එපා). මුලින්ම වෙබ් අඩවියක් පටන් ගන්න කොට දකුණු පලාතේ පාසල් දහයකට වත් වෙබ් අඩවි තිබුනේ නෑ. අර කිව්ව ඉන්ටනෙට් කනෙක්ෂන් එකෙන් වෙබ් අඩවිය පාසල් ජාලයට අප්ලොඩ් කරන්න හරියට වරුවක් ගියා මුලින්ම. මට මතකයි index.html කියන එකට untitled document කියලා නම දීල ...
මේක මට ලැබුන මේල් එකක්. විචීට ගොඩක් තෑන්ක්ස්.