¿ඔයා ගෙදර යනවා?

තමීරගේ තීරය
ස්පාඤ්ඤ කියන්නෙ ලෝකෙ තියෙන ලස්සනම භාෂාවක්. ස්පාඤ්ඤ භාෂා පාවිච්චි වෙනව අපවර්තිත ප්‍රශ්නාර්ථ ලකුණු සහ ප්‍රාර්ථනා ලකුණු. මේකට හේතුව සාමාන්‍ය ස්පාඤ්ඤ වාක්‍යයක් දුටු ගමන් ඒක ප්‍රශ්නයක් ද නැද්ද කියල කියන්න බැරි කම. උදාහරණයක් විදියට,  Hablas espanol = ඔබ ස්පාඤ්ඤ කතා කරනවා ¿Hablas espanol? = ඔබ ස්පාඤ්ඤ කතා කරනවද?  වාක්‍යයෙ මුල තියෙන අපවර්තිත (inverted) ප්‍රශ්නාර්ථ ලකුණින් මේ ඊළඟට තියෙන වාක්‍යය ප්‍රශ්නයක් බව කියවන්නාට දැනුම් දෙනව. ...

ගූගල් ක්‍රෝම් සඳහා සිංග්‍රීසි

තමීරගේ තීරය
සිංග්‍රීසි කියන්නෙ අළුත් ගූගල් ක්‍රෝම් එක්ස්ටෙන්ෂන් එකක්. කලින් තිබුණු සිංග්‍රීසි යුනිකෝඩ් පරිවර්තකයෙන් වගේම මේකෙනුත් කරන්නෙ සිංග්‍රීසියෙන් අපි ටයිප් කරන වචන සිංහල යුනිකෝඩ්වලට හරවන එක. අළුත් එක්ස්ටෙන්ෂන් එකට ලිනක්ස්, වින්ඩෝස්, මැක් ඕන මෙහෙයුම් පද්ධතියක ක්‍රෝම් එක්ක වැඩකරන්න පුළුවන්. මේ තියෙන්නෙ ස්ක්‍රීන්ෂොට් එකක්: ක්‍රෝම් API එකෙන් clipboard එක පාවිච්චි කරන්න දෙන්නෙ නැති නිසා සිංහල අකුරු ටික කොපි කරගන්න Select ඔබල Ctrl+C වගේ විධානයකින් ...

තමීර සමග පිළිසඳරක්

තමීරගේ තීරය
තමීර සේනානායක නමැති කඩවසම් බ්ලොග්කරුවා ගැන ඔබට අමුතුවෙන් විස්තර කළයුතු නැහැ. අද අපේ පිළිසඳර තමීර එක්ක. තමීර මොකද මේ දවස්වල, බ්ලොග්කරණය අමතක වෙලාද? අපෝ නැහැ, ළඟදි මේ පොඩි එක්සෑම් එකක් එනව. ඒකට පාඩම් කරන නිසා පොඩ්ඩකට බ්ලොග් ලිවිල්ලෙන් ඈත් වුණා. ඉවරවුණ ගමන් ආයි එනව. හැබැයි ඉංග්‍රීසි බ්ලොග් එකේ නම් නිතරම ලියනව නේද? ඔව්, ඒක ඉතින් මයික්‍රොබ්ලොග් එකනෙ. පොඩ්ඩ පොඩ්ඩ ඉඳල හිටල ...

අළුත් අවුරුද්දෙ වැදගත් වැඩකට අතගහන්න කැමතිද?

තමීරගේ තීරය
Wikinews කියන්නෙ විකිපීඩියා වගේම ඕන කෙනෙකුට දායක වෙන්න පුළුවන් පුවත් අඩවියක්. දැනට භාෂා ගණනාවකින් මේ අඩවිය තිබුණත් සිංහල භාෂාවෙන් wikinews එකක් නැහැ. මේ නිසා අපේ බුධාජීව මලයගෙ අදහසකට අනුව සිංහලෙන් 'විකිපුවත්' නමින් wikinews සිංහල සංස්කරණයක් එළි දක්වන්නයි ලෑස්තිය. මේ ලිපිනයෙන් දැනට හදාගෙන යන විකිපුවත් අඩවියට පිවිසෙන්න පුළුවන්. නමුත් si.wikinews.org නමින් අඩවිය පටන්ගන්න අනුමැතිය ලැබෙන්න කලින් විකිපුවත් පරීක්ෂණ කීපයක් සමත් වෙන්න ...

බ්ලොග්කරුවන්ගේ හමුව සහ තමීරගේ නොපැමිණීම

තමීරගේ තීරය
2010 සිංහල බ්ලොග්කරුවන්ගේ හමුව දෙසැම්බර් 19 වැනිදා කොළඹ නවම් මාවතේ DHPL ගොඩනැගිල්ලේදී පැවැත්වේ. මේ හමුවට යෑම සඳහාම තමීර තම බ්ලොග් එක නැවත ලිවීම ආරම්භ කළ බව පසුගිය බ්ලොග් ලිපියක පළවුවත් එම හමුවට ඇත්තෙන්ම ඔහු සහභාගී නොවන බව නිල නොවන ආරංචි මාර්ගයෙන් දැනගැනීමට හැකි විය. මේ ගැන තමීරගෙන් කළ හේතු විමසීමකදී දැන ගැනීමට ලැබුණේ මේ තොරතුර සත්‍යයක් බවත් එදින ඔහු සහභාගී නොවන්නේ පෞද්ගලික ...

රෙදි හෝදන හැටි

තමීරගේ තීරය
බෝල කූඩුවේ තව ඇඳුමක් එල්ලුවොත් එය බරට කඩාගෙන වැටෙණු ඇත. එහි එතරම්ම ඇඳුම් පිරිලාය. අද හෝදනවා, හෙට හෝදනවා යි කියා හිතාගෙන හිටියත් කෙරෙන්නේ නම් නැත. ඇඳුම් හෝදන එක තරම් කම්මැළි වැඩක් ලෝකයේ නැත. ගෙදර හිටියා නම් අම්මාට කියා හෝදා ගන්නට තිබුණි. අම්මා නැති කලට කණයා පණ්ඩිතයාද මොකක්ද කියා කියමනකුත් ඇත. අම්මා නැති කඩුව කොස් කොටන්නද කියා පරණ අය ඇහුවේ ද කට ...

ගෝල් දේශයේ කතාවක්

තමීරගේ තීරය
ගෝල් දේශයේ තමීර නම් කොල්ලෙක් වාසය කළේය. මේ කොල්ලා හැඩකාරය. මොළකාරය. කටකාරය. හැබැයි ටිකක් ආඩම්බරකාරය. ඔහුට බ්ලොග් එකක් ද තිබුණේය. කාලයක් මේ කොල්ලා යස අගට මේ බ්ලොග් එක ලිය ලිය හිටියේය. මෙහෙම යන විට ගෝල් දේශයට විශාල ඉඩෝරයක් ආවේය. මේ ඉඩෝරය තමීරට බොහොම දරුණුවට බලපෑවේය. බ්ලොග් ලිවීම ද එහෙම්ම නැවතී ගියේය. මෙහෙම කාලයක් ගතවුණේය. දවසක් පාර අයිනේ කජ්ජකට කුරුමාණම් ...

උබුන්ටු ස්ථාපනය කළ පසු...

තමීරගේ තීරය
උබුන්ටු (හෝ වෙනත් ඕනෑම මෙහෙයුම් පද්ධතියක්) පරිගණකයේ අළුතෙන් ස්ථාපනය කළ පසු එය අපට සුවපහසුවන ආකාරයට 'tweak' කරගත යුතුය. එනම් අපේ එදිනෙදා වැඩට පහසුවන ලෙස අළුත් මෘදුකාංග එකතු කිරීම, පද්ධති සැකසුම් වෙනස් කිරීම ආදිය කළ යුතුය. උබුන්ටු සමග පෙරනිමියෙන් විවිධ මෘදුකාංග ගණනාවක් පැමිණියත් අප බොහෝ දෙනාගේ අවශ්‍යතාවලට ඒ ප්‍රමාණය මදිවේ. වින්ඩෝස්වල සිට උබුන්ටුවලට පැමිණෙන බොහෝ නවකයන්ට මෙන්ම  උබුන්ටු එක් සංස්කරණයක සිට නව ...

අවුරුද්දක බ්ලොග් කෙරුවාව

තමීරගේ තීරය
මේ මගේ 50 වැනි බ්ලොග් සටහනයි. සිංහලෙන් බ්ලොග් ලිවීම ආරම්භ කළේ මීට අවුරුද්දකුත් දින කිහිපයකට කලිනි. හරියටම කියනවා නම් 2009 මැයි 14 වැනිදායි. සිංහල බ්ලොග්කරණය සහ බ්ලොග් සංසදය ගැන මම දැනගත්තේ පහන්ගේ දින සටහන් සහ ශාකුන්තලගේ සටහන්පොත කියවීමෙනි. මුලින්ම මම කියවූයේ මේ දෙකෙන් කුමන එකදැයි මට මතක නැත. ඒ ගැන පහන් සහ ශාකුන්තල දබර කර නොගනු ඇතැයි බලාපොරොත්තු වෙමි. මුල සිටම සටහන් ...

බ්ලොග් නොකියවීම

තමීරගේ තීරය
බ්ලොග් කියවීමේ පුරුද්ද කාලයක සිට මගෙන් ගිලිහී ගොස් ඇත. කාර්යබහුල බව මෙයට දිය හැකි හොඳම නිදහසට කරුණක් බව දනිමි. නමුත් එවැන්නක් දීමෙන් මුලාවන්නේ මම ම බව ද දනිමි. මම බ්ලොග් කියවීම අඩු කළේ ඇයි? සතියේ දිනවල නම් දවල් කාලයේ ඔපීසිය තුළ කියවිය නොහැකිය. ගෙදර එනවිට රෑ 7.30 පමණ වෙයි. ඉන්පසු chess.com වලට ලොග් වන මම චෙස් ඇදීමත්, ටුවිට් කිරීමත් කරමි. යන්තම් ...

බසයේ තවත් එක් දවසක්

තමීරගේ තීරය
මම මරදානෙන් 176 බසයට නගිමි. ගමනාන්තය කොස්වත්ත හන්දියයි. වාඩිවෙන්නට අසුනක් ලැබුණොත් එය ලොකු දෙයකි. එවිට බෑගයේ තිබෙන පොත ගෙන කියවීමට පටන් ගත හැකිය. නමුත් නගින විටම අසුනක් ලැබෙන්නේ කලාතුරකිනි. බස් රථය ආනන්ද විද්‍යාලය අසල නවත්වයි. මා සිටගෙන සිටින තැන අසුනේ කාන්තාව බැසීමට සැරසෙයි. මා ළඟම සිටගෙන සිටින්නේ කාන්තාවකි. ඇය කෙසේ හෝ හිස්වන අසුනේ වාඩිවීමට උත්සාහ කරයි. සමහරවිට ඇයට වාඩිවීමට මට වඩා අවශ්‍යතාවයක් ...

කෝච්චි තුනක් මිස් වීම හෙවත් මාර දූවරු තිදෙනා

තමීරගේ තීරය
හැමදාම වැඩ ඇරිලා කෝච්චියෙන් ගම්පහට යන්න මම මරදාන් ඉස්ටේසමට එනවා. ඊයෙත් වෙනද වගේ ඉක්මනට ආවෙ හවස හයේ කෝච්චිය අල්ල ගන්න. ඒත් මම දුවගෙන එනකොටම කෝච්චිය ගියා. එතකොටම ආවා කොටුවට යන කෝච්චියක්. ඒකට නැග්ගේ කොටුවට ගියොත් ඊළඟ කෝච්චියේ වාඩිවෙලා ඒමේ සම්භාවිතාවක් තියෙන නිසා. ඒකෙ නැගල කොටුවට ගිහින් බැස්ස විතරයි ඒ ආපු කෝච්චියට මිනිස්සු හෝ ගාල නැග්ගා. බලන කොට මම කොටුවට ඇවිල්ල තියෙන්නේ ...

ඇක්ස්පීරියන්ස් දැන් පොඩ්ඩක් තියෙන්නේ

තමීරගේ තීරය
තුන්වෙනි කවිය නෙව මම මේ ලියන්නේ ඇක්ස්පීරියන්ස් දැන් පොඩ්ඩක් තියෙන්නේ ලියලම තමයි දැන් ප්‍රැක්ටිස් කරන්නේ කවි ලිය ලියා ඉන්නටමයි හිතෙන්නේ උබුන්ටුත් අළුත් වෙලුමක් ඇවිත් ඇත කලින් තිබුණු අවුල් ගොඩක් මේකෙ නැත ඕපන් සුසේ දාගන්නත් තිබෙයි හිත අනේ මන්ද තීරණයක් අරං නැත වැඩ ඇරිලා ඇවිදින් ඇඟ හෝදාම විස්සෙන් විස්ස මැච් බලනව හැමදාම ජයවර්ධනත් ගැහුවා සීයක් හේම ඊළඟ මැච් එකෙත් දිය යුතු වෙයි ගේම අදහස තිබේ පෝන් ...

ඔන්න දෙවෙනි කවියත් ලිව්වා

තමීරගේ තීරය
ගත්තා පටන් ලියුමට පොඩි සරල කවී දැන් නම් එකින් එක ලියවෙයි වැරදි වෙවී වැරදුණෙ කවිය පහුගිය බොරුවටම නෙවී කන්නට හිතයි මට හොඳ රතු ඉදුණු ලොවී ලොවි කියලා දැම්මෙ එන්නයි රයිම් එක චින්තිත් දානවනෙ ඔය වගෙ වචනෙ දෙක රයිම් කරන්නට දත යුතු වචන නෙක ඉගෙන ගන්න ඕන වචන එකින් එක මේ දිනවල කොළඹට හරියට වැස්ස කුඩයක් අරන් නොගියොත් වෙන්නේ කොස්ස මං ඉන්නා ගෙදර වහලේ පිටිපස්ස එක දෙක තුන හතර පහ එකසිය විස්ස එනවා ...

මගේ මුල්ම කවිය

තමීරගේ තීරය
බ්ලොග්වල ලියන කවි ගැන කතාබහ යනවා මේ දවස්වල සංසදේ ගොඩක් ඉතින් හිතුණා මටත් ලියන්නට හොඳ කවියක් කවි දාලා ගහනවාලු පොතක් ඒ පොතට දාගන්නට ඕනැ කවියක් ඒකට කවි ලියල ප්‍රැක්ටිස් වෙන්න ඕන මේ අන්තිමට ලියපු පද හතර නම් හරියට රයිම් වෙන්නෙ නැහැ නේද ගණන් ගන්නෙපා මුලදි කවුරුත් ඔහොම තමයි ලියන්ඩෝනැ අද ඉඳල කවි කියවන්ඩෝනැ අනිත් අය ලියන කවිත් දාගන්ඩෝනැ කවි ගැන කුප්පියකුත් අද හෙටම මේ රූපෙ ඉන්නෙ මං නෙවෙයි ඒ ඉන්නෙ මොනවද ලියන වඳුරෙක් හැබැයි අපි පැවත එන්නෙත් ඉතිං වඳුරන්ගෙන් මේ කවියෙ දොස් ...

තමීරගේ පරාජය ගැන ජනතාව දක්වන අදහස්

තමීරගේ තීරය
ඊයේ කවුරුත් නොහිතපු විදියට තමීර මැරතන් දුවන බව ලෝකය දැනගත්තා. කවුරුත් හිතුවෙ අයිස්ලන්තයෙ ගිනි කන්දෙ පිපිරීමටත් වඩා ලොකු කැළඹීමක් ලෝකෙ ඇතිවෙයි කියල. නමුත් මැරතන් එක අහවර වෙද්දි ඒ ලොවම මවිතයට පත්කරමින් තමීර අන්ත පරාජයක් ලබාගත්තා. ගුවන් ගමන් ප්‍රමාදවීමක් තියා සමනලයෙකුටවත් කිසිම හානියක් වෙලා නැහැ. කොටින්ම පෝස්ට් විස්සෙ කඩඉමවත් ඔහුට පහුකරන්න නොහැකි වීම කාගෙත් අවධානයට ලක්වෙලා තියෙනවා. ඊයෙ දාපු පෝස්ට් එකේ තිබුණු ...

අවවාදයයි, තමීරත් මැරතන් දුවයි

තමීරගේ තීරය
කවුරුත් බලාපොරොත්තු නොවුණු විදියට මෙදා සැරේ තමීරත් මිනි බ්ලොග් මැරතන් එක දුවනවා. මැරතන් බ්ලොග් එකට මෙතනින් යන්න මිනි මැරතන් ගැන වැඩිදුර දැනගන්න මෙතනට යන්න මැරතන් එක ගැන ලොව පුරා විවිධ පැතිවලින් ලැබෙන ප්‍රතිචාර: බැරැක් ඔබාමා: ඔව් මාත් මේ ගැන ඇහුවා, අපේ තමීරත් දුවනව කියලයි කියන්නෙ. කෝකටත් කියලා CIA, FBI ඔත්තු සේවා මේ වෙලාවෙ තමීරගෙ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරමින් ඉන්නෙ විමල් වීරවංශ: මේක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්! ...

Book light ආසාව සංසිඳීම

තමීරගේ තීරය
ළඟදි දවසක සූටික්කෙක් අපේ බෝඩිම ළඟ ගහක ඉඳගෙන කෑ ගහනව ඇහුණා "කෝ මේ තමීර, මොකද දැන් තමීරගෙ තීරයෙ වැඩිය ලියන්නෙ නැත්තෙ?" කියලා. එතකොට තමයි මතක් වුණේ කාලෙකින් බ්ලොග් එක පැත්තෙ එන්නත් බැරිවුණා කියලා. ඉංග්‍රීසි බ්ලොග් එකේ දවසක් කියපු විදියට book light එකක් ගන්න ලොකු ආසාවක් අවුරුද්දක විතර ඉඳල හිතේ තිබුණා. ඒ ආසාව ඉටුවුණේ ගිය සතියෙ මගේ මුල්ම eBay ඕඩරේ ගෙදරටම ...

තාමත් අපේ අය ෆයර්ෆොක්ස් පාවිච්චි කරන්නෙ ඇයි?

තමීරගේ තීරය
ෆයර්ෆොක්ස් කියන්නෙ දැනට භාවිතයෙ තියෙන අග්‍රගණ්‍යම වෙබ් බ්‍රව්සරයක්. මේකට තරම් ඇඩෝන ප්‍රමාණයක් දැනට කිසිම බ්‍රව්සරයකට නැහැ. ඒත් ෆයර්ෆොක්ස් දරුණු විදියට මන්දගාමීයි. ටැබ් හත අටක් විවෘත කරගත්තු හැටියෙ බ්‍රව්සරය ස්ටක් වීමේ සම්භාවිතාව පුදුම විදියට වැඩිවෙනව. ඇඩෝන කීපෙකුත් දාල නම් තත්වය තවත් දරුණුයි. නමුත් ගූගල් ක්‍රෝම්වල මේ ගැටලුව නැහැ. දැනට තියෙන වේගවත්ම බ්‍රව්සරය බවට අවිවාදයෙන් පිළිගැනෙනව වගේම මේකට තියෙන ඇඩෝන ප්‍රමාණයත් දවසෙන් දවස වැඩිවෙනව. ...

දළුව කඩා මුල් බැඳගෙන පලයන්න

තමීරගේ තීරය
කිරින්ද කිව්වම ගොඩක් අයට මතක්වෙන්නෙ තිස්ස කිරින්ද. ඒත් දකුණු පළාතෙ තවත් කිරින්දක් තියෙනවා. මේ කිරින්ද අහුවෙන්නෙ මාතර ඉඳල හක්මණ පාරෙ කිලෝමීටර් 16ක් 17ක් විතර යනකොට. මම ඉපදුණු හෙට්ටියාවල ගම තියෙන්නෙ මේ කිරින්දෙ ඉඳල බෙලිඅත්ත පාරෙ කිලෝමීටර් හතරක් ගියපු තැන. අන්දරේ ඉපදුණයි කියන ගැටමාන්න තියෙන්නෙත් මේ කිරින්ද බෙලිඅත්ත පාරෙමයි.මුල්ගිරිගල, එහෙමත් නැත්නම් මුල්කිරිගල, ගැන අහල නැති කෙනෙක් ඉන්න බෑ. මේක හම්බන්තොට ...