බුදු දහම නිදහස් චින්තනය අගය කරන දර්ශනයක්.විශ්වාසයෙන් යුතුව ඇදහීමකට වඩා කරුණු නුවණින් විමසා බැලීමට මඟ පෙන්වන්නක්.නමුත් බෞද්ධ වූ පමණින් සෑම කෙනෙක්ම මේ නිදහස් චින්තනයට හුරුවක් නැහැ. සාම්ප්‍රදායිකව එන දෙය ඒ ලෙසටම බාරගන්න අය වැඩියි, තමන් විසින්ම නුවණින් විමසා බලන්න පෙළඹෙන අයට වඩා.සිදුහත් චරිතය සහ බුද්ධ චරිතය හැදෑරීම කෙනෙකුට විශාල බුද්ධිමය ආස්වාදයක්,ජීවිත අවබෝධයක්, ආදර්ශයක් ගෙනදෙන කාර්යයක්.නමුත් පොත් පත්වල ඇති මේ චරිත ...
විශ්ව විද්‍යාල කියන්නේ නායකයන් බිහිවෙන්නට හොඳ තෝතැන්නක්.තරුණ වයසේ සිටින, දහස් ගණනක් ඒකරාශී වී සිටින තැනක නායකයෙක් ලෙස මතුවන්නටත්, තම සහෝදර සගයන් අතරේ පිළිගත් නායකයෙක් වන්නටත් කෙනෙකුට හොඳ පෞර්ෂයක් තිබිය යුතු වෙනවා. විශ්ව විද්‍යාලවල දේශපාලනය යන්න බොහෝවිට විවේචනයට ලක්වන්නක් වුණත් බොහෝ සිසුන් තම නායකත්ව ගුණාංග ඔප මට්ටම් කරගන්නේ මේ ක්‍රියාකාරකම් හරහා.ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරය තුළින් ඉහළ නායකත්ව කුසලතා ඇති නායකයන් බොහෝ ගණනක් ...
රියැලිටි ප්‍රෝග්‍රෑම්ස් බලන එක නැවතිලා තිබුණත් පසුගිය සෙනසුරාදා පැවැත්වුණු දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 4 අවසන් තරඟය අහම්බයෙන් වගේ බලන්නට ලැබුණා.මාතලන් ලිපියක් ලියා තිබුණා ඒ අවසන් තරඟය ගැන. දෙරණින් බිහිවූ/බිහිවන "සිහින තරු" වලට මොකද වෙන්නේ? ස්වකීය අනන්‍යතාවයන් ගොඩ නඟා ගත් කෙනෙක් දකින්නට නැහැ.මොන විවේචන තිබුණා වුණත් සිරස සුපර් ස්ටාර් ගායකයන් කීප දෙනෙක් යම් මට්ටමකින් හෝ තමන්ගේ අනන්‍යතාවන් ගොඩ නඟා ගන්නට ...
අරවින්ද කියන නම ඇහෙන කොට මට මතකයට එන චරිත දෙකක් තියෙනවා. එක්කෙනෙක් "අරා" හෙවත් අරවින්ද ද සිල්වා;සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයා. අනෙත් කෙනා විරාගයේ අරවින්ද.. නවකථාවක චරිතයක් උනත්,අරවින්ද ද සිල්වා තරම්ම නොවුනා වුනත්, විරාගයේ අරවින්ද කිව්වාම ලාංකේය සමාජයේ බොහෝ දෙනෙක් ඔහුව හඳුනනවා.විරාගය ලියවෙන්නේ 1956 දී. එය සිංහලෙන් බිහිවූ විශිෂ්ඨතම නවකථාවක් බව බොහෝ දෙනෙක් පිළිගන්නවා.-------------------------------"ඇතුළු හදටම ඇරුණු සිත් ඇත්තකු වූ අරවින්ද ස්වයං විවේචනයෙන් ...
පෝය දවසේ බුදුන් වහන්සේ ගැන කල්පනා වුණා.එතුමන්ගේ ඉගැන්වීම් තියරටිකලි ගත්තාම ඉතාම ඉහළයි විතරක් නෙමෙයි; බුද්ධ චරිතය හදාරණ කොට අර තියරි ඔක්කෝම ප්‍රැක්ටිකලි ඔප්පු වෙනවා. බුදුන් වහන්සේගේ ඉගැන්වීම් අතරින් මා කැමතිම ඉගැන්වීම තමයි "අටලෝ දහමින් කම්පා නොවන්න" කියන එක.මේක ඉගෙන ගත්තේ පොඩි කාලේ දහම් පාසලෙන් සහ ඉස්කෝලේ බුද්ධාගම පාඩමෙන්. ඒ කාලේනම් මේවා ඉගෙන ගෙන මතකයට ගත්තේ බුද්ධාගම විෂයට ඉහළ ලකුණු ගන්න.නමුත් ...
ප්‍රසන්න ජයකොඩිගේ අලුත් සිනමා පටය පිළිබඳව ප්‍රචාරක පෝස්ටරයක් හදිස්සියේ නෙත ගැටුණි. ඉතින් "සංකාරා" මතකයට ඒම පිළිබඳව අමුතුවෙන් කිව යුතුද? අපූර්ව වූ රසයක් විඳි "සංකාරා" නිර්මාණය කළ ප්‍රසන්න ජයකොඩිගේ චිත්‍රපටයක් නම් නැරඹීමට දෙවරක් සිතිය යුතුද? එනිසාවෙන් අද හවස රීගල් සිනමා හලට ගොඩ වැදුනේ "කර්ම" විඳ ගන්නටය.ප්‍රේක්ෂක සහභාගීත්වය ඉතා ඉහළය."හොඳ සිංහල චිත්‍රපට" නරඹන්නට ඇත්තටම ලංකාවේ විශාල ප්‍රේක්ෂක පිරිසක් සිටිති."සංකාරා" තුළින් ප්‍රසන්න ජයකොඩි ...
ලලිත් ඇතුලත්මුදලි කියන්නේ මේ රටේ හිටපු ප්‍රබල දේශපාලන නායකයෙක්. ඕනෑම දේශපාලඥයෙකුට වාගේම ලලිත් කෙරෙහිත් දේශපාලන විවේචන තිබෙනවා උනත්, සාපේක්ෂව ගත්තාම ඔහු සැබැවින්ම උගත්, බුද්ධිමත්, දක්ෂ, විශිෂ්ට නායකයෙක් කියන එක බොහෝ දෙනා පිළිගන්නා කාරණයක්.ලලිත්ගේ නම බැබළෙන්නේ "මහපොළ" නිසා. සැබෑ උගතෙකු වුණු, උගත්කමේ වටිනාකම හඳුනාගත් දේශපාලන නායකයෙකු ලෙස ලලිත් රටට උගතුන් බිහිකිරීමේ ක්‍රියාවලියට විශිෂ්ට මෙහෙවරක් කරමින් මහපොළ ශිෂ්‍යත්වය ආරම්භ කළා.ඔහු එංගලන්තයේ ...
1983 ජූලි 31 වෙනිදා ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන විසින් ජනතා විමුක්ති පෙරමුණ තහනම් කළා. 87-89 භීෂණ යුගයට අතිගරු ජනාධිපතිතුමාගේ සුරතින් මුල් ගල තිබ්බේ එදා කියලත් කෙනෙකුට කියන්න පුළුවන්. දේශපාලනය අත හරින්න; එහෙම නැත්නම් සැඟවුණු දේශපාලනයක නියැලෙන්න විජේවීරට බල කෙරුණේ එතනදී.විජේවීර වගේ මිනිහෙක්, ඒ වගේ වෙලාවක දේශපාලනය අත හරිනවා කියන්නේ නොවිය හැකි දෙයක්. ඒ අර්ථයෙන් රහසිගත දේශපාලනයක නියැලෙන්නට JVP යට බල කෙරුණු ...
කලින් ලිපිය මා ලිව්වේ විජය කුමාරතුංගයන්ගේ ගීත ගැන. විශේෂයෙන්ම ඔහුගේ "වේදනා" නම් වූ සුවිශේෂි කැසට් පටය ගැන. මේ ගැන රාජ්ගේ නවාතැන ලියන රාජ් සහෝදරයාත් ලිපියක් ලියා තිබුනා මගේ ලිපිය ගැනත් සඳහන් කරමින්. ඒ වෙනුවෙන් රාජ් ට මගේ ස්තූතිය.විජය කුමාරතුංග කියන්නේ සුවිශේෂි චරිතයක්. නළුවෙක්, ගායකයෙක්, දේශපාලඥයෙක් විතරක් නෙමෙයි සැබෑ මිනිස්කම්වලින් පිරි සුන්දර මිනිසෙක් ලෙසත්. ඒ මිනිස්කම හුදු මාධ්‍ය ප්‍රතිරූපයක් නොවෙන බව ...
දවසක් ගොම්මන් වෙලාවේ...මං අහුවුණා නා කපන වරුසාවකට...දර කෝටු ටිකකුත් ඉනේ තියන්...ළිඳක් ගාව තනිවුණු අම්මා කෙනෙක් මං දැක්කා..ඇගේ මූණේ තිබුණා මහා දුක්බර ගතියක්.....මොනවද ඈ හිතන්නේ...මේ ඈ හිතන දේවල් වෙන්න ඇති කියලා මට හිතිච්ච හැටි...වියූ පැදුර ගෙයි මිදුලේ....ළිඳ ගාවයි වතුර කළේ...තවම කැළේ දර උකුළේ...වහිනවා වැහී...පුතා ගෙයි නිදී....පැල තෙමෙනවා ඇතී...අහස ගුගුරුවා....වහිනවා වැහී.... ගීතය මෙතනින්.එය අපූරු කටහඬක්. අතිශයින් විරල මෙන්ම පෞර්ෂයෙන් පිරුණක්; එහි අයිතිකරු ...
උන්මාද වූ ප්‍රේමාදරේ....සමනල වසන්ත යව්වනයේ.....සංසාරයේ සුභ ප්‍රාර්ථනා...ඉඳුනිල් දෙනයන සටහන් වේ......සංගීතා වීරරත්න රඟන්නී ඔහු සමඟිනි. දමයන්ති ජයසූරිය ගයන්නී ද ඔහු සමඟිනි."සප්ත කන්‍යා" චිත්‍රපටයේ අතිශය ජනප්‍රිය වූ මේ ගීය සිය ආකර්ශනීය රංගනයෙන් හා හැඟීම්බර කටහඬෙන් රස ගැන්වූයේ ඔහුයි. එච්.ඩී.ප්‍රේමරත්නගේ "සප්ත කන්‍යා" 90 දශකයේ ලාංකේය සිනමාවේ ආකර්ශනීයම චිත්‍රපටයක්.එහි අනෙක් ගීතය, රූකාන්ත ගයන "සුවඳ දැනී දැනී දැනෙනවා" හි ජනප්‍රියතාව ද අදට ද අඩුවී නැහැ. ...
වර්ෂය 1992........එය රණසිංහ ප්‍රේමදාස විසින් මේ රට පාලනය කළ යුගයයි. තමන් "වන් මෑන් ෂෝ" පාලකයෙක් බව ප්‍රසිද්ධියේ පැවසූ ප්‍රේමදාස අනෙකුත් සියළු මැති ඇමැත්තන් නිකමුන් ලෙස තබාගෙන ඒකාධිපති, අත්තනෝමතික සහ මර්දනකාරී පාලනයක් පවත්වාගෙන ගියේය.ජේවීපී භීෂණය අවසන් වී තිබුනද, රාජ්‍ය භීෂණය නැවතී නොතිබුණි.ආණ්ඩුවට විරුද්ධව කට ඇරීමට පවා මිනිසුන් බියවූහ. නිල නොලත් රාජ්‍ය මැර හමුදාවලින් පැහැර ගැනීමට හෝ ඝාතනයට ලක්වීම විරෝධය පෑම්වලට ...
පරණ හිංදි ෆිල්ම් වල සුලභ කථා තේමාවක් තමයි තම පියා මැරූ දුෂ්ටයාගෙන් පළිගැනීමට සටන් වදින වීරයාගේ කථාව. ඒ උනත් වීරයෙක් වෙනුවට වීරවරියක් ඉන්න කථානම් මට බලන්න ලැබිලා නැහැ. ඒත් ලංකාවේ දේශපාලනයේ වර්තමානයේ රඟ දැක්වෙන හිරුණිකා-දුමින්ද කථාන්දරෙන් ඒ අඩුව යම් තරමකට මඟ හැරෙන බවක් පේන්න තියෙනවා. ධන බලය, මැර බලය, දේශපාලන බලය හැම එකක්ම තියෙන දුමින්ද සිල්වාට දුෂ්ටයාගේ චරිතය සඳහා හැම ...
"ප්‍රේමදාස මහත්තයා" ගැන මට දැනෙන්නේ එක්තරා විදිහක අනුකම්පාවක්. ඔහු දේශපාලන ගමන අරඹන්න ඇත්තේ මොන තරම් බලාපොරොත්තු තියාගෙන වෙන්න ඇත්ද? ඔහුගේ වැනි පසුබිමකින් ආව කෙනෙක් රටේ ඉහළම තැනට පත්වීමේ ඉලක්කයක් තියාගන්නවා කියන එකම කොයි තරම් ධෛර්යවන්ත සිහිනයක්ද?ඒ වගේම එයා තමන් තනතුරින් ඉහළ නැඟීම ගැන විතරක් සිහින මැව්වේ නැහැ.මේ රට දියුණු කරන්න, දුප්පත්, අහිංසක මිනිස්සුන්ට ඇත්තටම සේවයක් කරන්න ඔහු සිහින මැව්වා. ඒ ...
ශෘංගාරය සහ කාන්තා නිරුවත ජීවිතයේ සුන්දර විඳීමක්. ඉදින් සිනමාව මේ විඳීමෙන් බැහැර වන්නේ කෙලෙසද? ගැටළුව මතුවන්නේ සංස්කෘතික සීමා ඇතුලේය. විශේෂයෙන්ම පෙරදිග, ආසියානු සිනමාවේදී මේ ගැටළුවක්ව මතුවෙයි.විශේෂයෙන්ම මේ නිරූපනයට එක්වන නිරූපිකාවට/නිළියට සමාජීය විවේචන වලට මුහුණ දීමට සෑහෙන මට්ටමක ධෛර්යක් අවශ්‍ය වෙයි.බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නිළියක් වීමේ සිහිනයෙන් සිය නිරුවත පෙන්වීමට නොපැකිළෙන නිරූපිකාවන් බොහෝය.පසු කලෙක අතිශය ජනප්‍රිය තලයන්ට පැමිණි බොහෝ නිළියන් ක්ෂේත්‍රයට පිවිසි ...
මේ කථාව ඇරඹෙන්නේ "පුංචි බබා" ගෙන්...ඒ 1968 වසර. ඒ කාලයේ වේදිකා නාට්‍යවල රඟපාන සුන්දර යුවතියක් හිටියා. ඇය "අකල් වැස්ස" නම් වේදිකා නාට්‍යයේ රංගනය වෙනුවෙන් "හොඳම වේදිකා නාට්‍ය නිළිය" සම්මානය ලබා තිබුනා."පුංචි බබා" නම් තමන්ගේ අලුත් චිත්‍රපටයට නවක නිළියක් සොයමින් සිටි තිස්ස ලියනසූරිය නම් චිත්‍රපට අධ්‍යක්ෂවරයා විසි එක් වියැති මේ තරුණියට අවස්ථාවක් දෙන්නට තීරණයක් ගන්නවා.මේ තීරණයේ ප්‍රථිඵලයක් විදිහට පරම්පරා ගණනක සුවහසක් ...
ෂාරුක්, ඉන්දියාවේ පමණක් නොව ආසියාවේද, ලෝකයේද ආකර්ශනය දිනාගත් මිනිසෙක්...සැබෑ දක්ෂයෙක්..අපේ කාලයේ Bollywood Super Star ඔහුයි. ඔහු සිනමාවට පිවිසෙන්නේ 1992 දී Deewana චිත්‍රපටයෙන්.ඔහුගේ පළමු චිත්‍රපටයෙන්ම ඔහු "හොඳම නැඟී එන නළුවා" සඳහා ෆිල්ම්ෆෙයා(Filmfare) සම්මානය දිනා ගන්නවා. ඉන්පසුව ඔහු යොමුවෙනවා දුෂ්ටයාගේ චරිතය රඟපෑමේ අභියෝගයට..ඒ Darr(1993) සහ Baazigar(1993) චිත්‍රපටවල. ඒ අභියෝගය ඔහු ජයගන්නේ Baazigar චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ඔහුගේ පළමු "හොඳම නළුවා" (Filmfare)සම්මානය දිනා ...
හැත්තෑව දශකයේ සිංහල සිනමාව අතිශයින් සුන්දරයි.එම යුගයේ සිංහල සිනමාවේ තාරකාවිය..දඟකාර, සුන්දර, සුරූපි මාලිනිය....සැබෑ පෞර්ෂයෙන් පිරිපුන් ආකර්ශනීය පෙම්වතා ; අයුක්තියට, අසාධාරණයට එරෙහිවන වීරයා..ගාමිණි ..(මේ දෙදෙනාගේම වාසගම "ෆොන්සේකා" වූයේ කවර නම් අහම්බයකින්ද :-) ).ඔවුන් දෙදෙනා එක්ව මැවූ සිනමා සෞන්දර්ය "ගාමිණි-මාලිනි යුගය" ලෙසින් සිංහල සිනමා රසිකයාගේ මතකයේ සදා බැබළෙනවා.විනෝදාත්මක සිනමාව පමණක්ද? ඇයි "නිධානයේ" විලී අබේනායක සහ අයිරින්..නිධානයකට බැඳි ලොබින් සිය අහිංසක බිරිඳ මරාදමන ...
ජිනීවා සමුළුව පිලිබඳව විවිධ සංවාද, මත ගැටුම් මේ දිනවල දැකගන්න පුළුවන්..ඒවායේ අදහස් නිරීක්ෂණයේදී පෙනෙන දෙයක් තමයි මේ පිලිබඳව ස්ථාවරයන් කීපයක් සිටින ලාංකිකයන් ඉන්න බව...ඒවා දළ වශයෙන් පහත පරිදි වර්ග කරන්න පුළුවන්.1 වන ස්ථාවරය:- " යුද්ධය ජයග්‍රහණය කරදුන්නේ ජනපතිතුමා සහ රණවිරුවන්ය.එය ජයග්‍රහණය කළේ අනේක විධ දුෂ්කරතා මැද, විදෙස් බලපෑම් වලට හිස නොනමාය.දැන් අමෙරිකාව ප්‍රමුඛ බලවතුන් සැරසෙන්නේ එහි වාඩුව ගැනීමටය. කුඩා රටක් ...
පසුගිය සති දෙකක පමණ සිදුවීම් නිරීක්ෂණය කල විට වුවද දේශපාලන බලය හමුවේ රටේ නීතිය, යුක්තිය සහ සාධරණය වල් වැදී අවනීතිය රජවී ඇති අයුරු පැහැදිලි වෙයි.ආණ්ඩු පක්ෂයේම කොළොන්නාව නගර සභා සභාපතිවරයා ඝාතනයට පැමිණි සුදු වෑන් කරුවන් ජනතා මැදිහත් වීමකින් අල්ලා ගැනීම (ජනතාව රාත්‍රිය වන තුරුම පොලීසිය අසළ රැකවළේ සිටි අතර ඔවුන් පාන්දර 2 ට පමණ ඉවත් වී ගිය පසු අත් අඩංගුවට ...