මේ සටහන ලියවෙන්නේ ඉවවහා ගිය ප්‍රීතියකින්ද ඒ හා සමානම වූ දුකක්ද මුසුවූ හැඟීමකිනි.ප්‍රීති වන්නට කාරණය..අදින් වසර විස්සකට පමණ ඉහත දිනයක මා සිටියේ ශිෂ්‍යත්ව විභාගයකට සුදානම් වෙමින්ය. ශිෂ්‍යත්වයට තවත් ඇත්තේ සතියකටත් අඩු කාලයක්ය. වැරදීමකින් රූපවාහිණිය ක්‍රියාත්මක් කල මාගේ නෙත ගැටුනේ සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ වදින ආකාරයයි. ඒ රොමේෂ් කළුවිතාරණ ක්‍රීඩා කල පළමු තරඟය වූ අතර විශිෂ්ඨ ඉනිමක් ...

අමරසිරි පීරිස් මහත්තයා කියන "මිනිසා..." සින්දුව අහල ඇතිනේ. ලස්සන සින්දුව නේද? ඉතින් ඔය සින්දුව අහන් ඉන්දැද්දි පුතාට කාලෙකට ඉස්සර අහපු චූටි කතාවක් මතක් වුනාලු. මේක බොහොම පරණ එකක්. ඇත්තටම සිද්ධ වුන එකක් කියලයි අහල තියෙන්නේ. සමහර විට අහලත් ඇති. අහල නැති අයත් ඇතිනේ. ඔන්න ඔහේ ඕපූ කියලා කියන්ට හිතුවා.. :)අහල තියේද මේං මේ කවිය,වනෙත් ගිජිඳාය සිටියොත්                වැනසේයළිඳෙත් පනිඳාය බැස්සොත් ඌ       

තොරන් බැඳල රබන් ගහල ආයෙත් බ්ලොග් ලියන්ට පටන් ගන්නව කියල ඇඩ් දැම්මට බ්ලෝගේ මොකුත් දාන්ට බැරි වෙන තරමට අධික බිසී වුනා.. බොරුවක් අහරෙ මේ කියනව නෙවෙයි හරිය..  ආය ඉතින් බොරුවක් එහෙම නම් මේ කියවන කාට හරි හෙනයක් වදින්ට ඕන ඕං..ආහ්.. හදිස්සියේම ගමේ යන්ට සිද්ධ වුනා... ලංකාවට ගොඩ බැස්සත් හරි ගමේ ගියාමයි... ගම කිව්වට ඉතින් පුත්තලම් බූරුවෝ තුන් හතර දෙනෙක්ගේ වයසට ...

මම මේ ආපහු බ්ලොග් එක ලියන්ට කියලා.. ඉතින් අපිට පුකද කියලා කියන්ට එපා.. මම පවුනේ... :) මාස හයක් හතක් විතර බ්ලොගේ මොනවත් වැටුනේ නෑ..කාරණේ මමතුමා පරණ රස්සාවට යන්ට කියලා අලුත් රස්සාවක් කරන්ට හිත හදා ගත්තා.. අන්තිමට ඩුබායි වලට බායි කියලා සියරට ඇවිත් මුළ සිට සරලව අළුත් රස්සාවක් කරන්ට ඉගෙන ගනිමින් සිටිනවා.... ඉතින් මම හරියට බිසී වුනා... :)කොහොම කොහොම හරි වෙලාව ...

පුතාගේ මූඩ් එව්වා එක මේ දවස්වල මෙලෝ රහක් නැත.හරියට කියනවානම් පතෝල වගේය. ලියා ඩ්‍රාෆ්ට් කර ඇති පෝස්ටුද දහයක් පහලවක්ම ඇති මුත් ඒවාද ෆබ්ලිස් නොකරම ඔහේ වේලෙන්ට තබා ඇත.ඒවා මොඩිෆයි එකක් නොකර බ්ලොග් අවකාශයට අත හැරීම කියවන ඔබතුමාලාගෙ තුමීලාගෙ වටිනා කියන කාලයට පාඩුවකි.(කලින් ෆබ්ලිස් කොරාපු ඒවාගෙනුත් වුනු අහවල් සෙතක් නැති බව ඇත්තය.) මේවා ඊටත් එහා අමු චාටර්ය.හැමදාම බ්ලොග් රෝලේ අප්ඩේට් වෙන ...

මම විශ්වය ගවේෂණය කරන්නට සිතුවෙමි...පය ගසා සිටින මහ පොළව ගැන හරිහැටි නොදැන ඉන් එහා දේ සෙවීම නිරර්ථක බැව් මට දැනුනි...ඉනික්බිතිව මම ලෝකය ගැන සොයන්නට වුනෙමි...උපන් දූපත ගැන නොදැන ඉන් එහා වූ මහා දේවල් සෙවීමේ පලක් නැති බැව් වැටහුන විට මම එයද අත් හලෙමි....මේ සෙවීම්-අත් හැරීම්,සෙවීම්-අත් හැරීම් අවසන මා නතර වන්නේ මුලු විශ්වයෙන්ම මා හොඳින්ම දන්නවායැයි සිතූ තැනය....ඒ මා ලඟය...මමය මාය මගෙය ...

සිංදු කියන අජිත්... හ්ම්ම් අර බස් අජිත්නේ...අජිත් කියන නම තියෙන ගායකයෙක් ගැන කිව්වම මතක් වෙන්නේ අජිත් මුතුකුමාරණ මහත්තයානේ... නෑ නෑ එයා ගැන නෙවෙයි...ආ.. එහෙනම් අර අජිත් බන්ඩාරද... දැන්නම් මිනිහ සිංදු කියනවද දන්නෙත් නෑ... නෑ නෑ ඒ අජිතුත් මේ අජිතුත් හැර තවත් සිංදු කියන අජිතෙක් ගැන තමයි  මේ...අහල තියෙනවාද අජිත් කුමාරසිරි කියලා කෙනෙක් ගැන...සමනල්ලු, මල්, යොවුන් ආදරෙ, කරුණාව,අහිමි පෙම ගැන කොච්චර ...

“Champions aren’t made in gyms. Champions are made from something they have deep inside them a desire, a dream, a vision. They have to have the skill and the will. But the will must be stronger than the skill.” - Muhammad aliවීරයන් බිහිවන්නේ පුහුණු කඳවුරුවලින් නොවේ...වීරයන් බිහි වන්නේ ඔවුන්ගේ දිනන්නට ඇති දැඩි ආශාවෙනි...ඔවුන් දකිනා සිහිනයන්ගෙනි......දිනන්නට තනාගන්නා මාවතෙනි...ඒ සියල්ල හැකියාව හා ...

ඇත්ත කියන්නේ ඇත්තම ඇත්තද...එහෙමත් නැත්නම් අපි ඇත්ත කියල හිතාගන්නේ අපිට කැමති විදිහට වෙනස් කරගන්ට පුලුවන් දෙයක්ද...හෆොයි පුතත් ඉඳල ඉඳල වොලී බැස්ටියන්ගේ බාප්ප වගෙ ටෝක්ස් දෙන්ට පටන් ගෙන වද්ද... නෑ නෑ එහෙමට එකක් නෙවෙයි... පහුගිය මාසයක් එක හමාරක් තිස්සේ පුතාගේ චූචි මොලේට වද දුන්න චූචිම චූචි ප්‍රශ්නයක් තමයි ඔය ඇත්ත කියන්නේ මොකක්ද කියන එක...ඔය ගැන හොයාගෙන හොයාගෙන යද්දි පුතාට ගූගලෙ ගැහුවම ...

මේ කියන්ට යන කතාව නම් අතිශයින්ම බලු කතාවක්... බලු කියෙන්නේ ඕං බලුම බලු කතාවක්... ඉතින් එහෙම කිව්වම බලු කතාවලට අකමැති දරුවෝ හැමෝම කියවීම මෙතැනින් නවත්තයි කියලා පුතා විසින් උපකල්පනය කරනු ලබනවා... හරිය...  ආහ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා... මේ බලු කතාව පුතාට මතක් වුනේ දුමීගේ බලු කතා සීරිස් එක කියෙව්වට පස්සේ කියලත් කියන්ට ඕන... හැබැයි ඒ ඔරිජිනල් බලු කතා වගෙ පුතාගේ ...

බිත්ති දිගේ ඇවිදින ඉබ්බෝ ගැන කතාවක් කිව්වා මතකද...? අන්න ඒ කතාවේ ප්‍රධාන වෙච්චි ගංගා හිටපු අච්චු කන්තෝරුවෙ හිටියා ගංගටම ගැලපෙන චරිතයක්... නම සුනිල් කියල කියමුකෝ... ඇත්ත නම නම් ඒක නෙවෙයි... පුතා ඇත්ත නම නොකියන්නේ සුනිල්ට තියෙන බයකට එහෙම නෙවෙයි ඕං... දුක හිතිල ඇඬුවොත් එහෙම කියලා හරිය... :Dඉස්සෙල්ලාම කියන්ට ඕන සුනිල් ඇවිල්ලා හරිම හිත හොඳ බුවා... හැබැයි පොඩි අවුලකට තියෙන්නේ පොඩි කේස් එකටත් ශුද්ධ ...

අද කියන්න යන්නේ නෝටිම නෝටි, පවු පිරෙන, චාටර් කතාවක් හරිය... ඒ වගෙ කතාවලට අකමැතිනම් බලන්ට එපා ඈ...ඇයි පුතා වෙනදා ෂෝයි කතාද කියන්නේ... නෑ ඉතින් පූර්ව දැනුම් දීම් කරන එක හොඳයිනේ... නේද..?සමහර විට මේක අහල තියෙන උදවියත් ඇති... ඕං... සමහරක් උදවිය දැනුම් තේරුම් එන කාලෙදි තමන්ගේ උප්පැන්න සහතිකේ තියෙන ආගම අතහැරල වෙනත් ආගම් වලට සම්බන්ධ වෙනවනෙ.. ඒ වගෙ අනන්තවත් සිද්ධි අහල ඇතිනේ... හොඳම ...

මේ ඒ ලෙවල් කාලෙනෙ.. මේ වෙද්දිනම් විභාගෙ සෑහෙන දුරට ඉවරවෙලා ඇත්තේ..... වෙන්ඩ ඉංජිනියර් වෙන්ඩ ඩොක්ටර් වගෙ හිටපු නංගිලා මල්ලිලා අතරින් හරියට වැඩ කරපු ළමයිනම් සතුටෙන් ඇති ඇට්ටි හැලෙන්ට ගේම දුන්නා කියලා.... පුරුදු විදිහටම හරියට වැඩ නොකරපු නංගිලා මල්ලිලා නම් තමන්ගේ තත්වෙ තේරුම් අරන් වෙන්ඩ ටීඕ හරි වෙන්ඩ නර්ස් හරි වගෙ හිත හදාගෙන ඇති මේ වෙද්දි..... පුතත් ඒ ලෙවල් ලියන්ට කලින් නම් හිටියේ වෙන්ඩ ඉංජිනියර් මෙන්ටලිටි ...

හරියටම සතියක් ගියා ඕං පුතා අන්තිම පෝස්ට් එක දාලා... බ්ලොග් එක පටන් ගනිද්දි පුතා ප්ලෑන් කරගෙන හිටියේ අඩුම ගානේ සතියකට පොස්ට් දෙකක්වත් දානව කියල තමයි... ඒ ප්ලෑන් එක වෙනස් වුනා ගිය සතියේ පුතාගෙ පොඩි එන්ජින් ට්‍රබල් එකක් ආපු හින්දා... දැන්නම් තත්වෙ යථා තත්වෙට පත් වෙලා තියෙන්නේ.... ඉතින් ඕං පුතාට මතක් වුනාලු  පුතාගේ යාළුවෙක් වෙන චන්දිබූත්ගෙ එන්ජින් ට්‍රබල් එකකදි වෙච්ච සිද්ධියක්... කව්ද අනේ චන්දිබූත් කියන්නේ... ...

අපි ගොඩක් වෙලාවට කතාවක් තවත් කාට හරි කියන්ට ගියාම අමතරෙන් ලුනු ඇඹුල් ටිකක් දානවනෙ.... සොරි වෙන්ට ඕන ඔබතුමී හරි ඔබතුමා හරි එහෙම කරන්නෙ නැත්තම්... හැබැයි මමතුමානම් ටිකක් විතර දානවලු... හරිය.. ඉතින් ඔය ප්‍රධාන සීන් එකේ මෙව්වා එකට හානියක් වෙන්නේ නැත්තම් ටිකක් විතර අතින් දැම්මට අවුලක් නෑ කියල තමයි පුතා හිතන්නේ..... හැබැයි දාන කොට පරිස්සමින් දාන්ට ඕන... එහෙම නැතුව නිකන් තියෙන එකනෙ ...

පුතා මල ගෙවල්වල නයිට් ගහපු දවස්වල නින්ද යනවට කියපු ප්‍රශ්ණ මතක ඇති කියල උපකල්පනය කරනව ඕං........ ඇත්තද ආ... එහෙමත් එකක් තිබ්බද? අපි දන්නේ නැනේ...  දැනට සතියකට දෙකකට කලින් එහෙම පෝස්ට් දෙකක් විතර දැම්මලු... හරිය.... ප්‍රශ්ණ දාගන්ට කැමතිනම් පල්ලෙහා තියෙන ලින්ක් වලට ගිහිං බලාගන්ට ඕං... 1.ටොයිලට් ප්‍රශ්ණයක්...  2.(බැරි වෙලාවත්) කුකුලෙක් බිත්තරයක් දැම්මොත්... ඉතින් ඔය ප්‍රශ්ණ කතා දෙකට තමා පුතාගේ බ්ලොග් ...

පුතාට ඉඳල හිටලා නොවැලැක්විය හේතු හින්දා අල්ලපු රටෙ කෑම වල රහ බලන්ට සිද්ධ වෙනවා... අල්ලපු රටෙ කෑම වලිනුත් ගොඩක් වෙලාවට ඉතින් බැන බැන හරි කන්ට වෙන්නෙම මලබාරි කෑමම තමයි...  අර දීපාල් සිල්වා කියන ( ගයනවාට වඩා කියනවා කියන එක හරි පුතාට හිතෙන විදිහට..) "ආනන්ද භවන්" සිංදුව තමා පුතාට ඒ වෙලාවට මතකෙට එන්නේ.... "ආනන්ද භවන් එකට වැදී තෝසෙ ගිලිනවාඑලියට ඇවිදින් යාපනෙ ...

0ඇරබියෝ ස්වභාවෙන්ම හිනාවෙන ජාතියේ බුවාල නෙවෙයි.. බුවීලනම් හිනාවෙන ජාතියෙද අඬන ජාතියෙද කියලවත් හිතාගන්ට අමාරුයි පුතාට නම්... මොකද ඇරබි බුවීලා සර්වාංගෙම කවර් කරගෙනනෙ ඉන්නේ... ගොම්මන් වෙලාවක එහෙම ඇරබි බුවියෙක් දැක්කොත් නම් ඩෙෆා නූල් බඳින්ට වෙනවා.... අර සංගීත් වික්‍රමසිංහ සිංදුවකුත් කියන්නෙ "සඳ මුවා වෙලා" කියල ඔය ඇරබි බුවීලා ගැන... හැබැයි මට පොඩි සැකයක් තියෙනවා සංගීත් කොහොමද ඔය සඳ මුවා හරි ගෝණා හරි වුන ...

ඔහුද අප වැනිම සාමාන්‍ය මිනිසෙකි... අප මෙන් ඔහුද සියල්ල හැරදා යායුතු බැව් දැන සිටියේය.. නමුත් අප මෙන් නොව යන්නට සියල්ල සූදානමින් තබා වාරය එනතුරු මඟ බලා සිටියේය...ඔහු විසින්ම යන්නට පෙර මා වැනි සියක් දහසක් පුහුදුන් මිනිසුන් වෙනුවෙන් යා යුතු මඟ පෙන්නා අත්වැලක් තනා දෙන්නට ස්වයං අණක් පනවාගන්නට ඇත... මේ සටහන තබන්නේ මා නොඳුටු ඒ සැබෑ මිනිසාගේ ගුණ ගයන්නට නොව, ඔහු සන්තකව තිබූ දැනුම් සයුරෙන් ...

ඕං කතන්දරකාරයා ඒ පාර කක්කා කතා කියන්ට පටන් අරං.... ඒ මදිවට කියනවා කට්ටිය කක්කා කතා ලියන්ට ගනීද දන්නෙ නෑ කියලා... අපි අහුවෙයි ඕවට... ආය ලියන්නම්කෝ කතා එකට දහයක්.... හිකිස්.... කක්කා කතා කියනකොටම පුතාට ඉස් ඉස්සෙල්ලාම මතක් වෙන්නෙ "කොළඹ සන්නිය" චිත්‍රපටිය... නියම ජෝක් කියන්නේ මොනවද කියලා ඉගෙන ගන්ට පුළුවං ඒක බැලුවනම්... බලපු නැති කෙනෙක් ඉන්නවනම් නිවාඩු තියෙන වෙලාවක මෙතෙන්ට කොටල ගිහින් ...

Previous Page