උඹෙයි මගෙයි යාළුකම ඇතිවුනේ කොහොමද කියන එක දන්නෙ උඹත් මමත් විතරක් වුනාට ඒක තාමත් කවුරුත් නොදන්නෙ උඹෙත් මගෙත් යාළුකම අප්‍රසිද්ධ නිසා වෙන්නැති. අපි ඉස්කෝලෙදි මුණගැහිච්ච යාළුවො නෙමෙයි. මොරටුවෙදි මරදානෙදි ටොරිංටන් වගේ කිසිම තැනකදි උඹත් මාත් මුණගැහිල නෑ. අවුරුදු තුනක් පරණ අපේ යාළුකං මේ විදියට එළියට ඇදෙන්නෙ, උඹත් "අටවක පුත්තු" ඇතුළෙදි ලියනගේ අමරකීර්ති දමයන්තගෙ ඔළුව ඇතුළෙ මවපු අඩහඳයා වගේමදෝ කියලා මට ...
පෙම් දළු අගිසි හිත් කොණින් දිදුලන කලටඑහි වර වඩන හිරුටදකොල ඇබින්දක හිත් කවි ලියනවිකල් වුනු කුරුල්ලා අමතකද?වින්ද සැප කඳ සිතින් මගහැරඋඹ ගිහින් මට ගන්ඩ බැරි දුරකොලය මත බත් කන්ද මහමෙරපිච්චියන් බත් යටින් ගින්දරතෙරක් හොර කරත් හිත වටගියත් පෙම බැදන් හිත මටහංගපන් උඩින් පිටතටඉන්ඩවෙයි නැතොත් අකලට ...
වැහි වළාකුළු බොරව ගියබොරව ගිය මුත් නොවසිනනොවසින මුත් කඳුළු වැසි මතමත මතින් ප්‍රේමයකි දළුලනනුඹත් මා ප්‍රේමයෙන් වෙලෙමින්ගතෙහි ඉඳුරන් සනහනු පිණිසඑක්ව ගිය මහ ගිනි දවාලක්නුඹට මතකද සොඳුරියප්‍රේමයේ සුපහසින් දළුලානුඹත් මා බැඳි අත්පසුරින් වෙලිලාරවුම් තල මත ඇඟිලි ඉරි අඳිමින්අපට හස නැඟුනු සැටි මතකද සොඳුරියදැන් මා නුඹට, 'උඹ'පසක් කරමින් නුඹත් මටගෙවෙන්නේ සංක්‍රාන්තියක්මද?මමත් නුඹ මෙන් සිතමි සොඳුරිය... ...
නින්ද නොගිය හද ගත නිදි කඩන සඳකැන්ද නොගිය දුක හිත වට දුවන ලෙදවින්ද සෙනෙහසට පිරි දෙහදකින් වටයන්ද සුරපුරට ඝන කඳු රුපුන් මැදපීලි තුනක රැඳි අප ජීවිත අතරේඔබ මම පීලි දෙකකය හද බැඳි අතුරේතෙවැනි පීල්ලේ සහකරුවන් විතරේපෙම යට කර නුඹ හට පවසමි 'මිතුරේ'විසල් හදක බර මුළු සිරුරටම බෙදාතුරු මල් පිරි සැලෙන හැඟුමක සුවය බදාඅනඟ රජ අපට මල් හී සැරය විදාඑක් කළෙහිය ...
උන්න හැටියට සසර නොමදැනවින්ද සැපකඳ සිතින් මදිවදකන්ද උඩ අප වින්ද පෙම් සඳසබඳ දැන් මා කෙසේ විඳිමිද?අරුනෝදයේ හිඳ පෙමින් බරවෙනසියළු දේ අනියතැයි දනිමිනදරුමළුන් එහෙ මෙහේ දුවමිනඅපේ සිත් සැනහුවා මතකද?තඩි ගවුමකිය උපන් දිනයටනෙත සුසුම්ලයි සිතින් හඬමිනසිත් සියළු දේ මිටට මොලවන්මැරෙන්නත් කම්මැලියි පෙම්වත ...
පා පුවරුවක ගමන් කරන එක ජීවිතේ ඇතුළෙදි සාමාන්‍යය දෙයක් වෙලා. ඒ ජීවිතේ ගැට්ට වෙන්න පුලුවන්. මම මැරෙන්න බය මිනිහෙක් වුනත්, ෆුට් බෝඩ් එකේ බය මට තවමත් දැනිලා නැහැ. මිනිස්සුන්ව වේගෙන් පහුවෙන හැටි, ඒ පහුවෙන මනුස්සයෝ කණ්ඩායම් ඇතුළේ ඉන්න ගෑනුන්ව බලන්න මගේ බෙල්ල බස් එකේ වේගෙට ප්‍රතිලෝමව සමානුපාතිකව ආපස්සට ගිය වේගේ.. උන්ගේ මූන බලලා මගේ මූනේ හිනාවක් ඇඳිච්ච හැටි. ඒ හිනාව ...
පොරොන්දු ගොඩ ඇති මහ උත්තමයෙකිපසෙකින් සොමි දෙන විපක්ෂ නයුවෙකිගල පිට උඩ ඇති මහා වරායකිහයිවේ සොමියට තරලය පිටවෙතිදැයට කරුවලකි.. හැම්බොට එළියකි..ජෙනා ඇතුලෙ ඇති.. කරුණ ඇවිද යති..ජැක්සන් පිණැති.. ගුණ ගී වයති..කිරිත් වතුර වෙති.. හංසයෝ පල් වෙති..හිරුණි ආවොතින් අපි ගොඩ ගියා වෙතීප්‍රේමචන්ද්‍ර ටැටුවට අත හැඩට ඇතීකරූට උඩින් පබා ආපු රටක නිතීකොටට හැඳි කතට තත්වය නැටි වනතීපෙට්‍රල් නං මොකද, හයිවේ සොමිය මදෑහොරකං අපිට මොක, ...
උල්කාපාතයක්...අහසේ ගිනි අරංඅළු වෙලා පොලොවට වැටෙනාඋල්කාපාතයක්...ඉන්ද්‍රචාපගෙ අලුත් සින්දුව කන ගාව දෙදරනවා. මම කන්නාඩිය ඉස්සරාට ගියා. මගේ බෙල්ලේ දකුණු පැත්තෙ ජපන් අකුරක පච්චයක්. දකුණු ඇහි බැම හිල් කරගෙන ගිය අශ්ව ලාඩමක හැඩේ කරාබුවක්. හෙට ගැන නිශ්චිත බළාපොරොත්තුවක් හිතේ තියෙද්දිත් මට මේ මගුල් කරගන්න හිත ඉඩ දුන්නේ ඇයි කියන එක මම තාමත් හිතනවා. ඇඟ පුරාම දාඩිය. මම ඒ දාඩිය සුවඳ අස්සේ තිබ්බ ...
එදා අපි හිඳහිටිය විලසටජෝඩු ඇත අදපෙමින් බැඳෙමිනඑදා අපි සිටිගල් රවුම උඩතවම හිඩැසක්ඉතිරි වී ඇතඅප විහිළු කලපෙම් ජෝඩු වෙතවිහිළු කරනටඑකෙක් අද නැතසිලි බෑග්කටපුරෝලා දෙනවෙරළු මලු අදමග බලං ඇතනරුම ලෙක්චරජොබ නිමාවීඑන තුරා අපඋන් බලං ඇතඉතිං සොඳුරියවෙහෙස දිවියටඅවැසි සුපහසතුටින් විඳිනටයමුද ආපහුඅලුත් දවසකවෙලී ඉන්නටපෙම් පුරය වෙත ...
**********************************************2010 නොවැම්බර් 18බස් රියක් තුල/ කොළඹඋදෑසනඌ මා පසුපසින් එලවා එමින් සිටියේය. මා තවමත් පෙර නැග්ග බසයේ එල්ලීගෙන උගෙන් පැන යන අතරතුරය. ත්‍රී රෝද රථයට සියල්ල යොදවා අත ඉතිරි කරගත්තේ රුපියල් 50ක් පමණි. එය මා හට බසයට ප්‍රවේෂ පතක්ද ගෙන සාමකාමී මරණයක් ලඟා කරගැනීමටද ප්‍රමාණවත්ය. අවසන් වරට උගේ බිරිඳ පැවසූ දෙය තවමත් මගේ දෙසවනේ රැව්දෙයි. "උඹ පර බල්ලෙක්.. උඹලා දෙන්නම එකයි.." ...
"අන්නාසේ... අන්නාසේ... කොස්ස නහන්න විස්සට තියට... විස්සට තියට"හේ අන්නාසි වෙලෙන්දෙකි. ගාලු වුවදොර පිටියේ වෙලදාම් කරන්න්නෙකි. ඔහුගේ ලොකු පුතා ඉස්සො වඩේ විකුණයි. මා ඔහු ඇසෙන මානයේ ඔහු පිලිබඳ නිරීක්ෂණයෙන් උනිමි. ලොකු පුතා විටින් විට ගොස් මොහුගෙන් කැරට් අලයක්, ළුණු ගෙඩියක් රැගෙන යයි. පසුව දැනගත් පරිදි ඒ ආරක්ෂාව පිණිසය. මහජනාරක්ෂාවට සිටින ඇත්තන් ඉස්සො වඩේ වෙලෙන්දන්ගේ කරට් අලයට, ළුණු ගෙඩියට බලහත්කාරයෙන් විදින බැවින් ...
මෙය මින් සති කිහිපයකට පෙර පැවති කෙටි කථා තරඟයකට ලියන ලද්දකි. පෙර කියවා ඇත්තෝ සමාවෙත්වා. මෙය එම කෙටි කථා තරඟයේ, අග සිට ජනප්‍රියම ස්ථාන පහ තුල සිටි සේම මුල සිට හොඳම තුන් වෙනි කතාව ලෙස තේරී පත්වුනි. මින් පෙර කියවූ සහ අඩු පාඩු සඳහන් කලවුනට ස්තූතිය!අත්ලවල් එකට වදින දෙස ඔහු මොහොතක් බලා සිටියේය. ඒ ශබ්දයට ඔහු ආශා කල අතර එය ...
අම්මාගේ සිත් සතුට වෙනුවෙන් බෙල්ලේ එල්ලාගෙන සිටි සුරය, මා ගලවා දැමීමි. බසයෙන් බසින විට එය බෙල්ලේ නොතිබූ බව මම ඇයට කිවූ අතර, එය බොරුවක් බව දැන දැනත් "තදට බැඳගන්න තිබුනනේ" යැයි කියා ඇය නිහඬ විය. සුරය මට හිසරදයක් විය. ඒ අනෙකක් නිසා නොව එය බැඳ තිබූ නූලේ වටප්‍රමානය වටා දුවමින් පවතින බැවිනි. කැමරාව බෙල්ලේ එල්ලා සිටින අතර, එය කැමරා පටියට ...
මේක පොඩි කතාවක්. හරියටම කිව්වොත් ටැබ්ලොයිඩ් වල කවරයේ කතාව කියලා ඉස්සරහා පිටුවේ පින්තූරය විස්තර කිරීමක්. මේ ටොපියේ කවරයේ කතාව. ඒකට ටොපියේ කවරය බලලා ඉන්න වෙනවා මුලින්.මේ මම ටික කාලෙකට කලින් යොදාගත්තු කවරයක්. පැත්තෙන් ඉන්නේ වෙනස් විදිහක ගෑනියෙකුයි මිනිහෙකුයි. මෙතන රූපේ වෙනස් විදිහට තියෙන්නේ හිතන විදිහ ඇඳලා පෙන්නන්න බැරි නිසා. මට ඕන උනේ වෙනස් විදිහකට හිතන ...
අද දින මේ වාහිණිය ඇවිල්ලා මේ ගමේ සජීවීව කරන මේ පොහෝ දින ධර්ම සාකච්ඡාව ශ්‍රවනය කරන්න ආපු පිංවතුන්ව පිංවතියන්ව අපි බැති සිතින් පිලිගන්නවා. එසේනම් මා නමස්කාර පූර්වකව මයික්‍රෆෝනය භාර කරනවා අති පූජ්‍ය බඹරැන්දේ සුමනසාර නාහිමිපානන්ට අප ඔබ සැම තිසරණ සහිත පංච සීලයේ පිහිටුවීමට.ස්.. සා.. ධූ... උපාසකම්මා දන්නවද අද හුඟක් උන් මෙතන ටැක් ගැහිලා ඉන්නේ බණකට දහමකට ආසාවකට නෙමෙයි. ටීවී එකේ ...
මිනිසුන් අතරමං කිරීම. පලමු සහ සුවිශේෂම කාරණය, මෙය අන් මිනිසුන් අසරණ කිරීමක් නොවන බව. ඔබේ දැනීම උදෙසා, ඔබ අන්‍යන් තේරුම් ගැනීම උදෙසා ආත්මාර්ථය පෙරටු කොටගෙන අන්‍යන් අතරමං කිරීම. මේ තුල ඔබටත් සුවිශේෂ ආරක්ෂාවක් නෑ. මෙය සිදු කිරීමට ඔබද ඔබගේ චිත්ත වංකගිරිය තුල ජීවත් විය යුතුයි. එසේ නැති වුවහොත් වංකගිරිය නිර්මාණය කරන ඔබේ සැබෑ ජීවිතයේ බොහෝමයක් දේ බිලිදීමට සිදු වෙනවා.එනිසා මෙය ඔබ ...
ලිපියට පෙර ලියමි: මේකට අදහස් හෝ උපදෙස් වැඩක් නෑ. විමසන්න ප්‍රශ්නයක් කියවන උඹලාට ඉතුරුත් නෑ. මේක ලියන්නේ එක සමනලයෙකුට වෙඩි තැබීමේ පරම අභිලාෂයෙන් පමණයි! මේක මෙච්චර සරලව ලියන්න හේතුවත් මේක වදින්න ඕන ගොබ්බ සමනලයට මේක නොතේරේවි කියලා හිතලයි.තැනක් තිබ්බා බ්ලොග් කියලා.එතන කියවන මිනිස්සුත් ලියන මිනිස්සුත් හිටියා.ඔය අතරේ හිටපු එක ලියන්නෙක් කලක් තිස්සේ ඉඳන් ලියපු කෙනෙක්.දවසක් මේ ලියන්නා තමන්ට හිතිච්ච දේ ...
සදා තෙදැති ගත හෙටටම වෙහෙස වුනේපතා සුවහසම මා සහ මවුන් වෙනුවෙනේවිටෙක උපදෙස්ද විටෙක රැවුම් රවමිනේතාත්තා හට අදට පනහක් සපිරවුනේදුරදිග සිතා මොනයම් කීවද කොතෙකුත්නොඅසයි නම් මෙමා තව කීවද සැරෙනුත්කෙදිනක හෝ ඔබ මා සිතුවිලි සමමුත්කෙසේ එකඟ වෙද මුරණ්ඩු ලෙයෙහි අරුත්රෑ තුරු මා එනතෙක්ම ඇහැ ඇරන් සිටිමිනේකිසිත් නොම කියා ඇයි ඔබ නින්දට යැවුනේමුවගට සිනා රැල්ලක් නොවැ ඇඳී තිබුනේ"අති විශේෂ" සුවඳ දැණුනා නොවෙද පියාණනේමගේ ...
සුදු යට සායේ රතු ලේ පාරක්. ගෙදරට දුවගෙන ඇවිත් ගවුම ගලවලා හෙටට අඳින්න අවුවට දාපු නිසලි යට සාය දිහා බලද්දි තමුන්ටම පොඩි ලැජ්ජාවක් දැණුනා. ගවුමටත් පාර වැදිලා ඇද්ද? තව කවුරුවත් දකින්නැද්ද? නිසලිගේ හිත ඇතුලේ තිබිච්ච ප්‍රශ්න වුනා. රෑට කෑම කනකනුත් ඇයට කල්පනා කරන්න ඒ ප්‍රශ්නය ප්‍රමානවත් වුනා. සායෙන් ලේ පාර හේදිලා ගියත්, ලේ පාර නිසලිගේ හිතෙන් හේදිලා ගියේ නෑ. ඒ ...
රසමසවුළු නැති මින් බත් පතට සරූනිසි සැලකුම් නැති ගෙරවිලි රැවිලි පිරූචන්ද්‍රෝ නුඹ වෙතට මගෙ පෙම මහත් සරූඇතිමුත් යනෙමි බිඳි සිත මගෙ හදනු බොරූතිලක්! තිලක් මේ කතාවේ කථා නායකයා. තිලක් මේ කවිය ලියනව අන්තිමේ බාර් එකෙන් අතට ලැබිච්ච බිලේ. තිලක් පොරක්. තිලක් අඳින්නෙක්. රූප අඳින්නෙක්. ඉඳල හිටලා කවිත් ලියවෙන. වයලින් වාදකයෙක්. රැකියා නාමයට ක්ලාක් කෙනෙක්. තිලක් වෛද්‍ය විද්‍යාලෙ දෙවෙනි වසරට වෙනකං ...