ලියන්නට බොහෝ දේ ඇතත් ඒ සියල්ල එකම මාතෘකාවකට ගොනු කරගන්න අපහසුයි... කම්මැලිකමත් කළකිරීමත් තවත් පුංචි පුංචි හේතුත් නිසා හිතේ එකතුවෙන සිතිවිලි පිටාර ගලන්න ඉඩ නොදුන්න නිසා හිත බරයි...ඒ හින්දා ආයෙමත් හිත ඇතුලෙ දෝරෙගලන සිතිවිලි ගොන්න පිටාර ගලන්න ඉඩ දෙන්න මට හිතිලා...බොහෝ දේ දිහා පිටින් ඉඳන් බලද්දි අපි දකින්නෙ මායාවක්...කියවන්න කිසිම දෙයක් නැතිව ඉන්දැදි මට බ්ලොග්ස් පෙනුනෙ නිමා නොවෙන කතාවක් ...
අපේ සම්බන්ධෙ? --ඒකට සම්බන්ධයක් කියන්න පුළුවන්ද? -- මම දන්නෙ නැහැ-- --ඒත් ඒකට කියන්න වෙන නමක් මට නැහැ-- අපි ? --අපි කියන්නෙ ඔහුයි මමයි-- අපි මුලින්ම මුණ ගැහුණෙ කවද්ද? --මට නං මතක නැහැ-- ඔහුට... මතක ද මම දන්නෙ නැහැ... ඔහුත් මාත් ඒ ගැන කතා කරල නැති නිසා... මම ගැන මුලින්ම උනන්දු උණේ නං ඔහු.., කිසිම සැකයක් නෑ... ඔහු තමයි... ඔහු ...
කල්ප කාලයක් නොකී කතාවක් එකම ඇසිල්ලක ඔබට කියන්නට හෙටත් උදෑසන මා හමුවෙනවද දෙනෝ දහක් ඇස් නෑ නෑ තනිවම ලෝකය නැවතුනු එකම ඇසිල්ලක ඔබේ දෑත් තුළ මොහොතක් ඉන්නට මැදියම් රෑ සිහිනෙක ඔබ එනවද කාටත් නොපෙනන මගෙ ඇසිපිය යට මගතොට රැඳි නෙත් දහක් කතාවෙන අසම්මතේ පෙම්වතුන් නොවෙන්නට හදවත දොරගුලු වසාදමන්නද මොහොතක් කලියෙන් ඔබ එහි සිරකර ...
මේ කියන දවස්වල අපේ ගෙදර නිත්‍ය සාමාජිකයො හතර දෙනෙක්... අම්මයි තාත්තයි බල්ලයි පූසයි... "කුක්" කියන්නෙ තමන්ට බවත්, "දුප්" කියන්නෙ තමන් ඇරුණුකොට අනිත් බල්ලන්ට බවත් කුක් දැනගෙන හිටියෙ... පූස් නං ඕනෙ වුණ වෙලාවට උම්බලකඩයි පොලුයි බතුයි ඉල්ලගෙන කන එක තමන්ගෙ අයිතිවාසිකමක් කියල හිතාගෙන හිටියෙ... ඒ ඇරෙන්න පූස්ට වගකීම් තිබුණෙ නෑ... හැබැයි කුක් ට එහෙම නෙවෙයි... වගකීමුත් තිබුණා. අම්ම හරි තාත්ත ...
සතියට දවස් පහක් දවසකට පැය තුනක් හතරක් බස් එකේ ගත කරන මට බස් ගැන, බස් කොන්දොස්තර කොළුව ගැන කතා කරන්න නැත්නං තමයි පුදුමේ... මගීන්ට කරදරයක් නැති කොන්දොස්තරවරු, මහාම කරදරයක් හිසරදයක් වුණ කොන්දොස්තරවරු වගෙම මගීන් එක්ක බොහොම සාමකාමීව සන්තෝසෙන් ගමන යන කොන්දොස්තරවරුත් අප්‍රමාණයි... ඒ එදා කොන්දොස්තර කොළුවම තමයි... බස් එක ස්ටෑන්ඩ් එකේ... බස් එකට නගින්න මම දොර ළඟ... දොර හරස් ...
ඇත්තටම සංසන්දනය කියන්නෙ මොකටද? අපේ ගතිගුණ හරි දේපල හරි වෙනත් මොනවම හරි දෙයක් තවත් කෙනෙකුට තියෙන දේවල් එක්ක මැනල බලල සන්තෝස වීම හෝ කම්පා වීමට..? සංසන්දනය මම අකමැතිම දෙයක්... මාව මේ ලෝකෙ වෙන කිසීම කෙනෙක් එක්ක සංසන්දනය කරනවට මම අකමැතියි... හොඳ හෝ නරක වෙනුවෙන්... නමුත් බොහොමයක් දෙනාට සංසන්දනය නොකර ඉන්න අපහසුයි, ඒ වගෙම බොහෝම දෙනෙක් සැසඳෙන්න අකමැතියි... මම ලෝකෙ ...
කූඩුවෙන් කුරුළු පැටව් ඉගිල්ලිලා යනව වගේ තවත් බැච් එකක් සරසවියෙන් මිදිල එළියට යනව... උන් ලොකු මිනිස්සු වෙලා මේ ලෝකෙට එකතු වෙන එක ගැන දැනෙන සතුට මැද්දෙම අපෙන් ඈතට යන එක ගැන දුකකුත් හිතට දැනෙනව...සරසවියට, දරුවන්ට හිත කොයිතරම් බැඳිල ද කියල දැනෙන්න මේ වගේ වෙලාවල් එන එකත් හොඳයි... අනිත් අතින් ජීවිතේ ඒකාකාරී වෙනවට බොහොම අප්‍රිය කරන මට මේ ජීවිතේ ඒකාකාරී ...
පොළව තෙමාගෙන, ගහකොළ අඹරවගෙන මහ වැස්ස වහිනව... කොච්චර වැඩ තිබුණත් ඒව අමතක කරල දාල දොඩමළු වෙන හිතේ ඇතිවෙන කතාබහ අකුරු කරන්න මට හිත් වෙනව... සියුම් ආකාරයේ පළිගැනීමක් වින්දනය කිරීම වටා ලියවුන මගේ කලින් බ්ලොග් පෝස්ට් එකට ගොඩාක් දෙනා කිව්වෙ පළිගැනීම කෘරයි කියල... "පළිගැනීම කියන්නෙ ඊතලය විසින් දුනුවායාම විනාශ කරන ආයුධයක් බව මම කියෙව්වෙ ඈත අතීතෙ දවසක ක්ලියෝපැට්‍රා නවකතාව කියවද්දි", ...
වැව් දිය තලය රඟ නගයි නිල් කඳු වළලු නිසසලයි විලෝ රිකිලි අතරින් සඳ පුරා'න ආවා පාළු අහස්කුස පාමුල තනි තරු කැටයක් වුණ මට... අමාවකේ සඳ වී නුඹ... අඳුර ගෙනාවා මං හැඬුවා... නුඹ දුටුවෙත් නෑ... රිදී දිය මතට අහසින් ගලාන ආ තරු එළියක අහස දෑලවර හිමිකම් සරි කර ආවා අද ඒ අහස මා සතුයි... මන්දාකිණිය මට හිමියි... අමාවකේ දුන්නු දුකම ...
හෝඩියෙ තැන තැන තනියම උන් අකුරූ එක එක අහුලා කවිපදවල ඇමිනූ රැයේ දවාලේ දොඩමළු වී උන්නූ කවිහිත හෙව්වා දවසක් දා අකුරූ ඉස්පිලි පාපිලි කොම්බුව හා යාළු කවිහිත හොයන්න එක් වී ආවාලූ හැන්දෑ යාමෙක සැඟවෙද්දී අරුණූ නැතිවුණු කවිහිත කොම්බුව දුටුවාලූ ඇහුවා හේතුව කවිහිත ගොළු ගැහුණූ ත යන්න නි යන්න දැන් තනියක් නෑලූ ඉස්පිලි පාපිලි අඳුනන්නත් බෑ ලූ නිදිමත කවිහිත ඈනුම් ...
දහනවවන සියවස අවසන් වන්නට තවත් වසර දහයක් දොළහක් පමණ ඉතිරිව තිබුණා. ලොරි මූණු මහමගින් සමුගෙන තිබුණත් එතැන හිමිකරගෙන තිබුණේ බස් ලෙසින් හැඳින්වූ වෑන්... මහපාරට තාර දමා තිබුණත් ඒ තාර දැමුමට සාක්කි දුන්නේ පලින් පල ඉතිරිව තිබුණ නටබුන්... ලොකු නා ගහ පසුකර පොඩි නා ගහත් පසු කර ඈ සෙමෙන් ඉදිරියට එමින් හිටියා... නිතොරවම ඇදහැලෙන පොද වැස්ස ඒ වෙලාවෙත් ඇදහැලුනා... වෙහෙස ...
මම ඉස්සෙල්ලම වැන්දෙ කාටද කියල මට මතක නැහැ... අම්ම තාත්තට, ඉස්කෝලෙ ගුරුවරුන්ට, පන්සලේ හාමුදුරුවන්ට, ඒ ඇරුනම ඔය අම්මයි තාත්තයි "වඳින්න පුතේ" කියල කියන ඕනෙම වැඩිහිටියෙක්ට මම පුංචි කාලෙ මමත් වඳින්න ඇති... වැඳීම ගැන මගේ අතීත මතකයෙ තියෙන එකම දේ අළුත් අවුරුද්දට වැඳීම ගැන ... මොකද ඒක හොඳ ආදායම් මාර්ගයක් අපේ පුංචි කාලෙ තිබුන, අවුරුදු දවසට අම්මටයි තාත්තටයි වඳින්න මමයි ...
"ලෝකය මහා පුදුම තැනකි... නැත්තෝ කෑමට යමක් සොයා සැතපුම් ගණන් ඇවිදින අතර ඇත්තෝ කෑම දිරවීමට සැතපුම් ගණන් ඇවිදිති..." මේක කියෙව්වෙ කොතනදිද කියල මතක නැති ඒත් ළඟදි දවසක කියවන්න ලැබුණ කතාවක්... මේක ආයෙම මතක් වුණේ අද උදේ පාන්දර එකසසයිස් කරන්න කියල හිතාගෙන පිට්ටනියෙ ඇවිදිද්දි...පිට්ටනියෙ ඇවිදීම ශාරීරික වගෙම මානසික සහනයක්... තණකොළ පෑගි පෑගි ඇවිදීම හිතට අපූරු සහනයක් ගෙනාව... පයට වගේම... තණකොළ ...
ගම්මානෙ සමහර මිනිස්සුන්ට පටබැඳි නම් තිබුණත් කවුරුවත් ඒව වයසට ගිය මිනිස්සු වෙනුවෙන් පාවිච්චි කළෙ නෑ... පටබැඳි නම් වයසක මිනිස්සු වෙනුවෙන් පාවිච්චි කරන එක අශීලාචාරකමක් විදියටත් සැලකුනා... ඒත්, ඉඳහිට ඒ වගේ පටබැඳි නමක් හොර රහසෙ පාවිච්චි නොවුණාමත් නෙවෙයි... සමහර විටක වැඩිහිටියන් අතරෙ පවා... නියම විදියට නමක් නොකියවීම පටබැඳි නම හොර රහසෙම කියවුනා... එහෙම පාවිච්චි වුන පටබැඳි නමක් "යකා" …"යකා" කපු ...
ඉඩෝරෙට අහුවෙච්ච මහපොළව තෙමාගෙන අකාලෙට නිකිණි වැස්ස වහිනවා... වහං වෙන්න බැරි වුණ බට්ටිත්තෙක් අත්තෙන් අත්තට පනිනව... කුසීත හැඟීමකින් වෙලුනු අහස පසුබිම කරගත්තු ගස් කොළං හුළඟෙ කැරකෙනව... හිතිවිලි එකිනෙක පැටලිලා හිතේ ඇඳිල මැකිල යනව... "අකලට වට මහ වරුසාවක් සේ..." කියල ගයපු ඇගේ ගී හඬ මුව තුලම ගොළු වෙලා... ජීවිතේ අත්වාරුව වුන ඔහු ලොව හැර ගියාට පස්සේ... සිරිමා බෝ හාමුදුරුවො වැඳලා ...
There is an opportunity for a student to join for a MPhil Degree in the Faculty of Engineering, University of Ruhuna, Hapugala, Galle. The subject area is Environmental Engineering. In detail, the research would be on Plant biology of several invasive species. A student who has a B.Sc. with a biological or agricultural background will be preferred (others will ...
ආන්දෝලනාත්මක මාතෘකා ගැන කතා කරන එක මම මගහරින්නෙ හිතාමතාම... වෙලාවකට මට හිතෙනව ඒක වරදක් ද කියලත්... අනිත් අතින් ඒව කතා කරන්න ගිහිල්ල ඒවට උත්තර දෙන්නත්, හිත රිදවගන්නත් මගෙ කැමැත්තක් නෑ... ආයෙම මට මෙහෙමත් හිතෙනව, ආන්දෝලනාත්මක මාතෘකා ගැන එකේක තැන කමෙන්ට් කර කර ලිය ලිය කාලෙ ගත කරනවට වඩා තමන්ගෙ තරමට, තමන්ට පුළුවන් ප්‍රමාණෙන් ඒවට උත්තරයක් හොයාගන්න ගත කරන එක ...
හිම මිදිච්ච සීත කාලෙ මැද හරියෙ දවසක දවීදොව් හිම යානෙක නැගිල ගම්මානයට එමින් හිටියෙ...දවීදොව් හිටියෙ සන්තෝසෙන්... සමූහ ගොවිපොලක් හදන හීනෙ දවීදොව්ගෙ හිත පුරාම තිබුනෙ... තමන්ගෙ අරමුණ වෙනුවෙන් දවීදොව් කැපවුණා... මකාර්, අන්ද්‍රෙයි, යාකව්, ශිචුකාර් සීයා ඇතුළුව ගම්මානෙ නොයෙක් තරාතිරමෙ නොයෙක් අදහස් දරපු මුරණ්ඩු මිනිස්සු, යටහත් පහත් මිනිස්සු, දුප්පත් මිනිස්සු මේ ඔක්කොම එකතු කරගෙන මේ ගමන යන්න දවීදොව් හැබෑවටම මහන්සි වුණා... ...
බොහෝම ඈත අතීතෙ දවසක පුංචි එකී මුලින්ම ලොකූ විභාග ශාලාවකට ගිය දවසෙ ... දුරින් දුරින් ඩෙස් තියල හදපු විභාග ශාලාව බොහොම ගාම්භීර විදියට පුංචි එකී දිහා බලාගෙන හිටියෙ... වතුර බෝතලේකුයි, පැන්සල් පෙට්ටියකුයි ඈ ළඟ තිබුණ...පුංචි එකී පැන්සල් පෙට්ටිය පපුවට තුරුල් කරගෙන හිටියෙ... ඒක ඈ ළඟ තිබුන ලොකුම වස්තුවක්... විභාගෙ නිසා ඒක එළියට අරගෙන අතේ තියාගෙන හිටියට වෙන වෙලාවට ඒක ...
කොන්දොස්තර කොළුවා... ඔහුට කොන්දොස්තර කොළුවා කිව්වෙ අමනාපෙකට එහෙම නෙවෙයි... -- අමනාපයක් තිබුණ තමයි, ඒත් ඒකට කොන්දොස්තර කොළුව කියල තේරුමක් නෑ -- කොන්දොස්තර මහත්තය කියල කියන්න බැරි නිසත් නෙවෙයි -- කොන්දොස්තර මහත්තය කිව්වම මගේ හිතේ මැවෙන්නෙ කණ්නාඩි කුට්ටමක් දාගෙන ටිකට් කඩන ලංගම කොන්දොස්තර මහත්තයෙක්ව -- මම ඔහුට කොන්දොස්තර මහත්තය කිව්වම, හිතේ ඇඳෙන රූපය ගැලපෙන්නෙ නෑ... ඒ නිසා මට ඔහුට කියන්න ...