කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය (http://www1.kalaya.org/) Latest Posts Most Popular Posts
මා නොදත් කුමන්ත්‍රණය දැන සිටි අය කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය මා නොදත් කුමන්ත්‍රණය දැන සිටි අය මට විවිධ අය කියනවා විමල් වීරවංශ හා සේන තෝරදෙණිය ඊනියා කුමන්ත්‍රණය ගැන ලියා ඇති පොත් කියවන්න කියා. සමහර විට ඔවුන්ට අවශ්‍ය ඒ දෙදෙනාගේ දැනුමෙන් මා පෝෂණය කරන්න වෙන්න පුළුවන්. ඒ දෙදෙනා ම ගුණදාස අමරසේකරන්ගේ ද සම්භාවනාවට පත් වූ වාමවාදී ජාතිකවාදීන්. මා ඔවුන් මෙන් උගතකුවත් බුද්ධිමතකුවත් නො වෙයි. මා මාක්ස්වාදය සම්පූර්ණයෙන් ම ප්රතික්ෂෙප කරන්නෙක්. ...
පරගලය කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය පරගලයමා කියන්නේ හිතලු පමණයි.මට තොරතුරු සපයන්නන් නැහැ.ඊනියා අරගලය පරගලයක් (පර+අරගලය)ලෙස හැඳින්වීම තොරතුරු සමග තහවුරු වෙලා.එපමණයි.
කථානායකගේ වගකීම කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය කථානායකගේ වගකීම සරත් හේවගේ ද පෙන්නා දී ඇති පරිදි මේ වනතුරු පාස්කු පුරාණය ලිපියට හා හා දමා නැහැ. ඉන් පැහැදිලි වන කරුණක් තියෙනවා. මෙරට තියෙන ක්‍රිස්තියානි ආධිපත්‍යය. ක්‍රිස්තියානි සංස්කෘතියට වැදගත් ලිපියක් පළ වුණා ම එය විහිළුවට ලක් කෙරෙන්නේ නැහැ. එහෙත් සිංහල බෞද්ධ සංස්කෘතියට යම් ආකාරයකින් හරි අදාළ වෙන දෙයක් පළ කරා ම පඬි නැට්ටන් ජෙප්පන් සෙප්පන් හා තවත් අය, ...
පාස්කු පුරාණය කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය පාස්කු පුරාණය මෛත්‍රිපාල සිරිසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැය පහක ප්‍රකාශයක් ලබා දීල. ඒකෙ මොනවද තියෙන්නෙ කියන එක රටවැසියන් දන්නෙ නැහැ. ඒ ගැන පොලීසිය විමර්ෂණය කරල නීතිපතිගෙන් උපදෙස් අරන් රටට කියන්න ඕන මොනවා ද කියන එක අධිකරණයට නඩුවක් ගොනු කරනවා ද ආදිය පස්සෙ තීරණය කරන බවයි පේන්න තියෙන්නෙ. කියන්න තරම් දෙයක් නැහැ කියලත් නඩුවක් නැහැ කියලත් තීරණය වෙන්න පුළුවන්. එහෙම ...
බලපෑම් කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය බලපෑම්තමන්ට ජනාධිපති වන ලෙස බලපෑම් කළවිදෙස් තානාපතිවරු/නියෝජිතයන්තමන්ට ජනාධිපති වන ලෙස බලපෑම් කළවිදෙස් තානාපතිවරු/නියෝජිතයන්නම් කිරීම කථානායකවරයාගේ යුතුකමක්.රටවැසියන් ඒ දැන ගත යුතුයි.රටවැසියන් ඒ දැන ගත යුතුයි.රටවැරටවැසියන් ඒ දැන ගත යුතුයි.සියන් ඒ දැන ගත යුතුයි.නම් කිරීම කථානායකවරයාගේ යුතුකමක්.රටවැසියන් ඒ දැන ගත යුතුයි. ...
සිරීපාදෙ රැකගැනීම කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය සිරීපාදෙ රැකගැනීම මේ සංධාන කාලයයි. මැතිවරණ උණුසුමක් දැනෙන විට විවිධ සංධාන හැදෙනවා. එහෙත් සංධාන හැදෙන්නේ රට ජාතිය ගැන සිතා නො වෙයි. තමන්ට ඡන්ද වැඩි පුර ලබා ගැනීමට. එක්කෝ ජනාධිපති වෙන්න. එහෙමත් නැත්නම් පාර්ලිමේන්තුවට තේරී පත් වීමට. සමහරු සංධානවලට එන්නේ නැහැ. ඒ තමන් ගැන තියෙන අධිතක්සේරුව නිසා. ඇතැම් විට විජාතික බලපෑම් හේතුවෙන් සජිත් රනිල් සංධානයකට එළඹෙන්නත් පුළුවන්. ඒ දෙදෙනා ...
මෛත්‍රිපාලගේ දේශපාලන ඉරණම කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය මෛත්‍රිපාලගේ දේශපාලන ඉරණම මෛත්‍රිපාල ගැන මට ඇත්තේ අනුකම්පාවක්. එසේ කීම ගැන උරණ වන පිරිසක් ඉන්න බව මා දන්නවා. එහෙත් ඔහු අද එළිමහන් සිරකරුවකු වෙලා. ඔහුට විරුද්ධ ව නඩු තීන්දුවක් තියෙනවා. ඔහුට රුපියල් කෝටි ගණනක් ගෙවීමට නියම වුණා. ඔහු ඕනෑම මොහොතක අත් අඩංගුවට ගන්න හැකියාවක් තියෙනවා. ඔහු ජීවත් වන්නේ බියෙන් කියා මට හිතෙනවා. ඔහු දේශපාලනයේ ප්‍රධාන වැරදි දෙකක් කළා. එකක් ...
කථානායකවරයාගේ හෙළිදරවුව කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය කථානායකවරයාගේ හෙළිදරවුව පසුගිය දා පාර්ලිමේන්තුවේ දී කථානායකවරයා ඉතා බරපතළ හෙළිදරවුවක් කළා. තමාට විදේශීය හා දේශීය බලපැම් තිබුණ බවටත් ජනාධිපති ධුරයේ කටයුතු කිරීමටත් කී බව ඔහු කියා සිටියා. මෙය ඉතාමත් බරපතළ ප්‍රකාශයක්. පරගලය හා සම්බන්ධ බටහිර හා ඉන්දීය සැලැස්ම මේ ප්‍රකාශය මගින් ද හෙළිවෙනවා. තමන් ගෝඨාභය එළවූ බවක් කියන පඬි නැට්ටන්ට මේ සියල්ල අතුල් පහරක්. මට තොරතුරු ලැබෙන්නේ නැහැ. ...
පාස්කු උණ කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය පාස්කු උණමෛත්රීපාලට හදිසියේ පාස්කු උණහැදුනේ කා වෙනුවෙන් ද?උණ ගැන්නුවෙ කවුද?
අරුන් එජාපයට යෑම බලාපොරොත්තු නොවූවක් නොවේ කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය අරුන් එජාපයට යෑම බලාපොරොත්තු නොවූවක් නොවේ නැකැත් ගැන මා ලියූ ලිපියේ මට අවධාරණය කිරීමට අවශ්‍ය වූයේ කරුණු දෙකක්. එකක් සිංහල සංස්කෘතියේ විවිධත්වය අනුව අවුරුදු නැකැත් සීට්ටු කිහිපයක් තිබිය හැකි බව. ඒ ඒ අය අවශ්‍යතාව මත ඒ ඒ සීට්ටු තෝරා ගනීවි. ජාතික සමගිය එක් නැකැත් සීට්ටුවක් පමණක් තිබීමෙන් ඇති කරන්න බැහැ. දෙවැනි කරුණ අවුරුද්ද ලබන මොහොත නිර්වචනය පිළිබඳ ප්‍රශ්නයක් පමණක් ...
නැකතේ කතාව කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය නැකතේ කතාව සිංහල අවුරුදු නැකැත් හෙවත් නකත් ගැන ග්‍රහ යුද්ධයක් ඇති වෙලා. ඒත් අහසෙ නොවෙයි ලංකාවෙ. ඒ ගැන කතා කරන්න ඉස්සෙල්ල නකත් ගැන වචනයක් කියන්න ඕන. අප බොහෝ දේ භාරතයෙන් ලබා ගෙන තියෙනවා. ඒත් සමහර දේ අපේ ම නිර්මාණ නැත්නම් සංස්කරණ එහෙමත් නැත්නම් අභිසංස්කරණ. නකත් හා ශූන්‍යයට සංකේතයක් ලබා දීම අපේ වැඩ හැටියටයි මට හිතෙන්නෙ. ශූන්‍ය ගැන කී දේ ...
මගේ හිතලු හා සුගීශ්වරගේ අත්දැකීම් කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය මගේ හිතලු හා සුගීශ්වරගේ අත්දැකීම් ගෝඨාභය රාජපක්ෂ ගැන මා ලියන්නේ හිතලු බව එක් පඬි නැට්ටකු කියා තිබුණා. මා ගෝඨාභය මුණ ගැසී ඇත්තේ දින දෙක තුනක් පමණයි. වචන සීයක් විතර කතා කර ඇති. මා ලියන්නේ හිතලු බව ඇත්තයි. ඒත් මා කී බොහෝ දේ ගෝඨාභය රාජපක්ෂගේ පුද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාරත් සාකච්ඡා වාර දෙකක දී කියා තිබුණා. හිතලු වැඩ කරනවා ද කියා ...
වඩුන්නාගල පාර්ලිමේන්තුවේ කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය වඩුන්නාගල පාර්ලිමේන්තුවේ දෙමළ වෙල්ලාල මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ අඩව්වක් අල්ලලා. ඔවුන් තමන්ට බෞද්ධ සිද්ධස්ථාන කඩා බිඳ ශිවලිංග සහිත හින්දු කෝවිල් ඉදි කිරීමට ඇති ප්රජාතන්ත්රවාදී අයිතිය නැති කිරීමට විරුද්ධ ව කතානායක ඉදිරියේ විරෝධය දක්වලා. සජිත් ප්‍රේමදාසත් ඒ මන්ත්‍රීවරුන්ට එකතු වෙලා. මා හිතන්නෙ නැහැ ඔහුගේ පියාණන් එවැන්නක් කරාවි කියා. මාලිමාව ඒ ගැන මුනිවත රකින්නේ උතුර දකුණ හොයා ...
ඩොලර් ඉපයීම කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය ඩොලර් ඉපයීම මේ දවස්වල ඩොලරයේ අගය බහිනවා. ඊයේ (මාර්තු 18) ඩොලරය රුපියල 300ට බැහැලා. එය රනිල්ගෙ හරි නන්දලාල්ගෙ හරි නොපෙනෙන ඉන්ද්‍රජිත් කුමාරස්චාමිගෙ හරි හපන්කමක් නම් නො වෙයි. අපි ණය ගෙවන්නෙ නැහැ. එතකොට ඩොලර් සංචිතය ඉහළ යනවා. ඩොලරයේ අගය වැටෙනවා. කවදා හරි ණය ගෙවන්න වෙනවා. ඒක 2027 දී ද ඊට පස්සේ ද කියන එක නොවෙයි ප්රශ්නය. ඒ නොගෙවා ඉන්න කාලෙට ...
අපි අලුත් අදහස් නැති ජාතියක් කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය අපි අලුත් අදහස් නැති ජාතියක් මෙරට ඇත්තේ අලුත් අදහස් නැති කමේ ප්‍රශ්නයක්. බොහෝ දෙනා හිතන්නේ තමන්ට අදහස් තියෙනවා කියා. මා මොටාවට ශිෂ්‍යයකු ලෙස ගියෙ 1963 ජූනි මාසයේ. අවුරුදු හැටකට වැඩියි. මොටාවෙ අලුත් අදහස් තිබුණේ නැහැ. දැනුත් නැහැ. 1960 පමණ කාලයේ සිට මට අවශ්‍ය වුණෙ විද්‍යාඥයකු වෙන්න. විද්‍යාඥයන් කියන්නෙ විද්‍යාව ටිකක් කටගාගත් අය නො වෙයි. මා උපාධියට හැදෑරුවෙ ගණිතය. ඒත් ...
යථාර්ථය කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය යථාර්ථයලිඳ ළඟ කතා වතුර පයිප්පය ළඟ කතාමෙටා මොටා කතාපඬි නැට්ටන්ට හා ඇතැම් ජාතිකවාදීන්ටඊනියා භූ දේශපාලන යථාර්ථයලිබියාව වැනි රටවලට මිසලංකාවට නොවෙයි. ...
බටහිර හා ඉන්දීය සැලැස්ම කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය බටහිර හා ඉන්දීය සැලැස්ම ගෝඨාභය රාජපක්ෂ මහතා ලියා පළ කළ කුමන්ත්‍රණය කෘතිය මා කියවූයේ සිංහලෙන්. එය සමහර විට ඉංගිරිසි කෘතියේ පරිවර්තනය වෙන්න පුළුවන්. කෙසේ නමුත් සිංහල පිටපත කඩිමුඩියේ කළ එකක් බව පැහැදිලියි. මෙය කෘතිය සම්බන්ධ කෙටි සටහනක් පමණයි. මෙහි ඇති අදහස් පසුව විටින් විට ඉඩ ලැබෙන පරිදි විස්තර කෙරෙනු ඇති. පොතෙහි අවශ්‍ය කරුණු කෙටියෙන් නමුත් සෑහෙන ප්‍රමාණයකට විස්තර ...
ඉන්දීය විරෝධය හා සංඝාඥාව කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය ඉන්දීය විරෝධය හා සංඝාඥාව පළමුව පෞද්ගලික කරුණක්. මෙරට මහාචාර්යවරුන්ගේ තත්වය පිළිබඳ සාකච්ඡාවක් මෙටාවෙ කෙරෙනවා. ඇතැමකු එයට මාත් ඇද ගන්න හදනවා. මට සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය ධුරයක් නොලැබුණ බව මගේ පත්‍රිකාවලට උපුටා දැක්වීම් (citations) ඇත්තේ 27ක් බව සඳහන් කරනවා. මේ කිසිවකින් වැඩක් නැහැ. මා අදක්ෂයකු බව මා දන්නවා. උපුටා දැක්වීම් 27ක් තිබීමත් පුදුමයක්. මා ලියන පත්‍රිකා අනෙක් අයට වැඩක් ...
සිංහල බෞද්ධ අවිචාරය කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය සිංහල බෞද්ධ අවිචාරය ගෝඨාභය රාජපක්ෂ එළවා දැමූ කුමන්ත්‍රණය පොත කියවූ මට හැඟී ගිය කරුණ වූයේ සිංහල බෞද්ධ උගතුන් කෙතරම් අවිචාරවත් පිරිසක් ද යන්නයි. බටහිරයන්ගේ හා ඉන්දීයයන්ගේ රාජපක්ෂලා එලවා දැමීමේ සිංහල බෞද්ධ විරෝධී සැලසුම ගැන මා කීවේ පරගලය පටන්ගෙන දින කිහිපයකින්. මා ඒ බව කියන්නේ මා මොන තරම් හපනෙක් දැයි කියා පෑමට නොවෙයි. මගේ හිතළුව පොතෙන් තහවුරු වී තියෙනවා. සිංහල ...
එට්කා හා ඉන්දීය ආධිපත්‍යය කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය එට්කා හා ඉන්දීය ආධිපත්‍යය "අද ඉන්ධන ඖෂධ ඇතුළු භාණ්ඩ වෙළඳපොලේ ඇත්තේ ණය නොගෙවා සිටින නිසා බවද හෙතෙම පැවසීය. යම් හෙයකින් විදේශ ණය ගෙවීමේ නැකත වැරදුනහොත් රට ඉබේම වාෂ්ප වී යනු ඇති බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය." මේ මා කියන දෙයක් නොවෙයි. විපක්ෂයේ අයකු කියන දෙයක් ද නොවෙයි. රජයේ පරිණත ඇමතිවරයකු වූ බන්දුල ගුණවර්ධනයන්ගේ මසූරන් වටින කියමනක්. ඔහු විවිධ ...