නුඹ වෙතින් නැගිනිහඬකම දැකවිඳගතිමි මමසියලු හැඩ රූඅසන්නට පෙරඑකම වදනක්අවැසි නැති දැන්කිසිත් හඬ මටසියලු හැඩ දැනහැඳින අවසන්නුඹ වෙතින් ආනිහඬකම විඳසෙවණැල්ල - ලෝන්ග්ස්ටන් හියුජ්ස් - Silence ...

සිංහයා මිය ගිය වගඅසා යළි ගල් දොර හැරසිහබා කුමරු තෙමදෙන අසබඩට පැමිණෙයිමහළු සුප්පාදේවියකම්පිතව වැළපෙයිසිහසීවලී කුමරියකඳුළු කැට වගුරයිවැදි රජු අතැර ගියවන බිම තනිව හමුවුණුමනමෙ කුමරිය සිහබාඇඹේනිය වී ඇතවියපත් සිංහ පියතුමදෙණ දෙස සොවින් නෙත් දීසිහබා කුමරු තෙමයළි ගල් ලෙනට පිවිසෙයිදහස් නාටකවලවැදි රජු අතැරි කුමරියසිහබා සමග යළි ගොස්ගල් ලෙනට වැද සැඟවෙයිමහළු සුප්පාදේවිය දෙන ළඟ සොවින් වැළපෙයිසිහබා කුමරු තෙමගල් දොර වසා සැඟවෙයිඇට තුළට ...

මහගොඩක් සිදුරු නොවැආකාසෙ පුරාවටවැහි බින්දු වෑහෙන්නෙඒ නිසයි හැබෑවටඒ වුණත් ඒ සිදුරුහරිම පුංචියි හැබැයිවැහි බිංදු ඔය තරංචූට්ටං ඒ නිසයිසෙවණැල්ල - There Are Holes In The Sky - ස්පයික් මිලිගන් ...

සුනිලේඔව්... ඒ මගේ යාළුවාඋන්නෙ මගෙ පන්තියේගේ තිවුණෙ අපෙ ගමේඕ ලෙවල් පේල් වෙලාඑකට යුද්දෙට ගියේහිටියෙ එක බැරැක්කේඑකම රෙජිමන්ට් එකේෆ්ර න්ට් එකට යවන කොටඑකටමයි අපි ගියේ‍යුද්දෙ සැරටම ගියාසුනිලෙ ඉස්සර වුණාකැප්ටන්ල කියනකොටෆයර් කරගෙන ගියාකතා වෙල උන්නාටඑකට ඉමු බං කියලසුනිලෙ දාල තිබුණකිලිනොච්චි දිහාවටනිවුස් එක ලැබෙනකොටමං හිටියෙ මෙස් එකේපිළිගන්න බැහැ කියලමමයි කලබල කළේකඳුළු වාවන් නැතිවමං එදා අඬන කොටකැප්ටන්ල මට බැන්නයුද්දෙ එහෙමයි කියලඔව්, සුනිලෙ මගේ යාළුවාඋන්නෙ ...

නිවැරදි සහ වෙසෙසිබොහෝ පියවරයන් තැබුපියවරු සියක් දහසින්මොලොව කල'රින්නට ඇතිබිය බියට පත් කළකටොළු පරදා ජය දුටුදුකට පිරිපත පෙන්වූපියවරු බොහෝ වන්නැතිමෙ සැම පිය අතරෙහිඅප දනිමු එක මිනිසෙක්විසූ බව නිවසෙහිමවිහිදුණු බිත්ති අතරෙහිනොකළේය ඔහු විරුකම්සුවිසෙස් ධීර නද ලැබුකළේ පමණකි නිවරදඒ නිවරද ම වූයෙන්ඔහුට අනවැසි සුරුවම්විරුවන්ට දෙන අභිමන්කළේ පමණකි යහපතඒ යහපතම වූයෙන්ජන මන නොදුටුවේ මුත්ඔහු ගුණ අපි දුටිමුවිරු සමරු නොලබන මනුසත් සුවය වින්දෙමුමහා මිනිසත් ...

මේ ඉරු දිනය අඳුරුයනිදි නොමැති හෝරා අතර මම හිඳිමිදයාබරිත සෙවණැල්ල අසන්නකිසිවකුත් නොමැති තැන මම හිඳිමිසුමුදු සුදුවන් කුසුමකිසිවිට නැගෙනු නැතඅඳුරු කළ පිළියෙන් වැසුණුදුක් සුසුම් හෝ පැමිණ නුඹ කැටුව නොයනු ඇතයළි හැරී ඔබ වෙතට එන සිතක්සුරඟනන් වෙතට යළි නොඑනු ඇතඔබ වෙතට මා පැමිණි පමණින්මඔවුන් සැම උරණ වූවාවත් ද?ඉරු දිනය අඳුරු ය,සෙවණැල්ල සමගින්ම රැඳෙන්නටසිතමි මමමගේ හද පමණක්ම මා සමග තබාගෙනඅවසාන පැය තෙක්ම මෙහි ...

නුඹගේම කුරිරු සහ තිත්ත බොරුවෙන් ලියාඉතිහාස පිටු අතර නුඹ මාව රඳවාවි අඳුරු කළුවර තැනක යදම් බැඳ සඟවාවිඑහෙත් දැනගත යුතුයදුහුවිල්ල ලෙසට මා නැගෙන බව යළි යළිත්මා වෙතැති දිරිය දැක ඔබ තදින් සැලුණේ ද?මා දකින විට මුවෙහිඅඳුර නැග එනු මන් ද?ඔව් ඉතින්... මා ඇවිද ගියේ හිස නොබා පෙරටම දිගටමගේ ගෙයි හරි මැදින් නිධන් ලැබුණෙකු ලෙසින්සඳ ගෙනෙන හිරු ගෙනෙනලොව නගන කිරණක්වසයුර වෙරළට ...

යතුරු ලා හිමිදිරිය ළිං පතුලකට ලන්නහරි හෙමින් බැස යන්න, මා දයාබරිත සඳහරි හෙමින්...අමතකව ගියා දෙන් හිරුට අද නැග එන්න හරි හෙමින් බැස යන්න, මා දයාබරිත සඳහරි හෙමින්...(ඇෆ්ගනිස්ථාන විවාහ මංගලෝත්සවවලදී ගැයෙන ගීයක ඡායානුවාදයකි) ...

විදාහල පියාපත් සළා ගගනතට වැදනැගී යයි ඒ නිදහස් සියොත්යළි වැරෙන්, මහ සැරෙන්මිහිකත දෙසට බා විත්රිදී හිරු රැස් පහස වෙතයළි යළිත් පියඹයිඑනමුත් මේ කූඩුවේ කුරුල්ලාබැඳී පා, එතී පත් ගැට ගැසීහෙමි හෙමින්,මැදිරි දොරගුලු තුළින්ලොව දෙසට නෙත දීකූජනය අරඹයිමේ කූඩුවේ කුරුල්ලාසැලෙන කම්පිත නදින්ගයයි යම් අරුමැති දෙයක්වැද සැරෙන්, නද නැගෙත්දුරු බිම කිඳ හා වනබිම සිසාරාඒ නිදහසේ ගීයයිනිදහසින් පියා විදි කුරුලු තෙමනෙත යොමන්, විමසමින්ලේ ...

සියල්ල නිශ්චිතව අවසන් ව පැවතිණසුපුරුදු ලෙසම බිත්ති නිසසල වියඇසින් දුටු හූනා වෙනත් සිවිලිමක විය කිළිටි වු කවුළු තිර මොබ මදුරු ගුමුවක් පමණිදුහුවිලි පිරි ගෙබිම මතඑක් පැල්ලමක් පමණිමළ කැරපොතු සිරුරපසෙක වියමිය යනු දුටු දෙනෙත දක්නට නොමැති වියඅනතුරුව ආ එකම නාශක දියරයකි!බිඳු කිහිපයකිතනි විදුමකිකිසිත් නොකියන බිත්ති මතයළිත් ආ හූනා ද නිහඬ යමදුරු කැළ අහරට ගොසිනිකවුළු තිර යළි නිසල යදුහුවිලි ද සුළඟට ගොස්අලුත් ...

වදන් යනු හැඟවුම් ද අසම්පූර්ණව සැදුණු,පූර්ණ ද හැඟවුමෙන් නිසි අරුත් ගොනු කෙරුණු..?නොදන්නෙමි තවම මමමමත් මගෙ බසත් දෙකලෝක දෙකකැයි සිතෙයි...එහෙයින්ම මම වදන් නොපවසමි, නිහඬ වෙමිඅරුත් නිසි නොම දෙවනමගේ බස, හද බසටපාලමක් නොම තනන නිසාවෙන් නිසි ලෙසටවදනකුදු නොදොඩන්නඔබ වැරදියැයි කියනු ඇත එවිටනැගෙන නද තත් සරින්මියුරු යැයි කියති උන්මත භේද, විතර්කන මට අවැසි නැත කිසිත්ඔබෙ වදන් ඔබ ගන්නමගෙ වදන් මම ගනිමිඉදින් කල‘රිමු යෙහෙන්පිටස්තරයෝ ...

පියවරුන් ගැන ලියැවුණුබොහෝ පදවැල් දුටුවෙමිඑකව් සෙවනැලි තුළනුඹ සුවඳ නොදිටිමිසහස් ගව් දුර සිටමා පෙළන දොම්නස්විමසූ නුඹ වෙතින්දුකක්දැයි අසනු බැරි විය...මා තුරුණු විය මුත්නුඹ මා සුවය සෙවු මුත් වියපත් නුඹ ගතෙහිරෝ දුක් දකිනු බැරි විය....මම මහල්ලෙක් වී නුඹ තුරුණු සමතෙක්වුණු අපූරුව දැකසැමවිටම උන්නෙමිසිත් තුරුණු නුඹ ගතවියපත්ව යනු නොදිටිමිනුඹ නික්ම ගිය බවපිළිගන්න මම මැලි වෙමිකිසිවක් ම නැති තරමටහඬක් නොඇසෙන තරමටශුන්‍ය පරිසරයක නුඹේ ...

සින්ඩරෙල්ලා...ඒ මගේ නම හෙම වුණා නම්ඔබට කුමරා වෙන්න තිබුණාරනින් ගෙත්තම් ඇඳුම් ලාගෙනමැදුරු දොරටුව දුටුව පමණින්දෙනෙත් හමුවුණු අසුරු සැණකින්පෙමින් මුසපත් වෙන්න තිබුණාසින්ඩරෙල්ලා...ඒ මගේ නම හෙම වුණා නම්එක්ව මියුරැති ගීත ගයමින්රිදී සඳ දිය දහර අභියසඅපට රැඟුමක් රඟනු තිබුණාඔබ දෑත් මත රැඳී සතුටින්රැඟුමතර ඉගිලෙන්න තිබුණාසින්ඩරෙල්ලා...ඒ මගේ නම හෙම වුණා නම්දිදුල රන් හා වජ්‍ර රථ ගෙනසුරඟ වත දිනු කුමරු ලෙස විත්නුඹට මා ජයගන්න ...

සැමවිටම නැග එයිමතුළින්ම කටහඬක්විලාපයක්ව....මා නම කියා අඬගසනකටහඬ කියයි මට සැමවිටමමා වරද කර ඇතිබවඑහෙත්,මා පමණක්ද වැරදිකරු?වසන්නට තැත් දරමිකටහඬ මතුළ වනමෙසියල් විලාප හඬමා වෙතට කැන්දනනමුත් හඬ නිතර මා වෙත යසිහින තුළ වුව සුලභ යමතුළ වන හඬ රහසෙකිකිසිවිට නොම පෙනෙනඑහෙත් රහසින්ම මවිමසයිඅගාධයෙකින් මෙන් නැගෙයිසෙවණැල්ල: ටෝරි වේ - A Silenced Scream ...

යුද්දෙ මොන තරං නං අරුම පුදුම ද?මොන තරං අපූරු දඵලදායකද ඇත්තට?මහ බර පාන්දරසයිරන් සද්දෙ ඇවිදින්රට හතර පැත්තටගිලන්රථ පිට වෙන එකසෙල්ලං කෙලියක් ය?වෙඩි වැදිල මළ උන්ටපෙට්ටි හම්බෙන්නෙත්කකුල් නැති වුණු උන්ටකිහිලි කරු එන්නෙත්යුද්දෙ වැඩ කෙරුවොත්!පුංචි දරු පැටවු ටිකකම්මැලි වෙන්නෙ නෑඋන් උණත් හිතනව ප්‍රශ්න මහ පෙළක් නෙ!කඳුළු නම් වැඩියක් යැමොකෝ මේ මහ පොළව උතුරන්න අඬන්ට දනියං කාලෙකට නං ඒක මොන සතුටද්ද?කොටිම්ම කිව්වොතිංදෙයියොත් ...

ඕනෑම මොහොතක මට පිටව යා හැකඕනෑම දෙසකට, කැමති අන්තයකට දිලෙන තරු කැටයක්ව ගගනතගුරුත්වයෙන් වුව මිදී යා හැක එහෙත් කිම පිටවන්න කාරණ? පැමිණියෙද මා නොදැනමය මෙහි බැවින් මා කල් දමමි පිටවුමහැකිය තව සඳ එළිය විඳුමටඅවැසි මය තරු දෙස බලන්නට කාලයේ කුළු අතර සරමින්තුරු ලතා වන වදුළු දකිමින්සියුම් හසරැල්, වේදනා නෙකපිරුණු මිනිසුන් මුහුණු දකිනෙමිසැම විටම පිරිපත නොඑනු ඇතඑහි ඉමෙහි සතුටද රැඳෙනු ...

මගෙ බල්ලා මළාවත්ත කොණ වැටබොඩ මම ඌව වැළලුවාතවත් ටික දොහකින්එතනටම පස් වෙන්ටහිතානයි උන්නෙ මංඒත් ම‍ට කලියෙන් ලොම් ඇඳුං ඇඳගෙනඌ යන්ට ගිහින් නෙවලොම් ඇඳුම නං මදිය?මහ කැත පුරුදු ‍ටිකතෙත කළු හොම්බ එක්කයිඌ යන්ට ගිහිං ඇත්තෙමම ලොකු භෞතිකවාදියාදිව්‍ය ලෝකයක් ගැන නංහිතන්නෙම නෑ කොහොමත්අහස උඩ ඇති කියලකිසිම මිනිහෙක් එනකංමග බලාගෙන එක දිගටඒත් ම‍ට නං සැක නෑමහ බලු දිව්‍ය ලෝකයක් ඇති!මම එනකං වලිගෙ වන ...

මම පමණිනොහැක කිසිවකුට තනන්නටදෙවැන්නාඡායස්ථ පි‍ටපතකින් මෙන්...නැත මා ඇඟිලි මුද්‍රාවනැත මා හඬන මගෙ කඳුළුහෝ මා නඟන සිනහවමා සිහින... මා තුළම නැ‍‍ඟෙන මියෙනඑනමුදුහැකිය නළුවකුවමා නැටුම නටන්න‍ටමා ගැයුම ගයන්නටමා සෙමින් මුමුණනමා තනුව නඟන්න‍ටහැකිය කැඩපතටමා ඉදිරිපස හිඳප්‍රතිරූප නඟන්න‍ටයළි යළිත්කහ පැහැති ගුරු පැහැතිමා ඇඳුම් සමග ගෙනඑහෙත්කිසිවෙකුට නොහැකඇතුළු වී මා වතටමා ම වන්න‍ටමා හැඟුම හඟින්න‍ටමා දිවුම දුවන්න‍ටමා අසන මියැසි නද අසන්න‍ට...මා මම ම පමණිඇවෑමෙන්මා නඟන හඬ ...

කුරුලකු පිය සළා විත්ශාලාව ඇතුළ‍ටප්‍රොජෙක්ටර ආලෝකය දැකඒ දිග පියෑඹුව...තිරය මත මල් උයන...පෙම් යුවල සතුටින...අසබඩ විසල් රුකසොඳුරු විය නුබ කුස...ඒ දුටු කුරුලු තෙම...වේගයෙන් ඒ වෙතවැද තදින් තිරය මතමහ ලේ විලකි... සැබෑ ලේ...විලාපය ප්‍රේක්ෂක මුව...“මෙය නම් බිහිසුණු ය...අප දකිනු රිසි මේ නොවේ....”සෙවණැල්ල: බ්‍රයන් පැටන් - The Projectionist’s nightmare ...

මෙ‍ම කවිය බිහිසුණු යඑය තැබිය යුතු නැතදරුවන් අත පොවන මානයවැඩිහිටියකුට වුව නුසුදුසු ය... බිහිසුණු ය...යමෙකු ගිල දැමුවොත් මුළුමනින්අතුරු ආබාධ එනු ඇත නොනැවතී‍නන්නාඳුනන බිහිසුණු කවියහමුවුවද මහ මගපොදු ජන අවකාශයකනොපිළිගන්න... නොකියවන්න... උත්සාහ නොකරන්න...බිහිසුණු කවිය ගෙනමුද්‍රා තබා කවරයක සුරැකිවළඟම තක්සලාව වෙත යවන්නඑවිට උගතුන් ලිහනු ඇතකරදර නොවන ලෙසඑම කවිය බිහිසුණු ය...අති සරල කවියක් වුවදිය කරනු ඇත ඔබේ හදවතමිනිස් සිතිවිලි පොදි ගෙනහද සසල ...

Previous Page