දෙව්ලොවෙන් ආ සොඳුරු රුවැතිය..හිරුත් බැසගොස්අඳුරු වූ හිස්අහස් තලයමඑලි කරන්නටදෙව් ලොවෙන් ආරුවැති කුමරියමගේ ලඟයිඅද මටත් නොදැනිම...දෙව් ලොවේ සහසකුත් සැප විඳකඳුළු නොම දැකඑකදු දිනයෙකපුරුදු දිවි හැරමෙලොව විසුමටසිත්වුනේ ඇයිනොදනිති ඇය...ඇගේ මව් පියසොයුරු පරපුරඇය සොයා විත්රැගෙන යනු ඇතඑවිට ආයෙමලොවම කළුවරවේවි මාගේපෙරම වාගේ...එතෙක් ඒ ගැනනොසිත තුටුවීහිඳිමු ආලෙන් වෙලී එක්වීකුරිරු ලෝකයසිතින් පහකොටමොහොතකට අපලොවේ තනිවී... ...
අමතක කලාට මම නුඹව , අමතක වෙලා නැහැ මට තවමසහසකුත් කල්පනා මැද,දහසකුත් සිතිවිලි වලින් තෙරපී,තෙහෙට්ටුවෙන් අකර්මන්‍ය වු,මගේ ඔත්පල සිත,තවමත් සොයන්නේ ඔබේ රුවයි....අමතක කළා යැයි,පාරම් බෑවාට,තුන්හිතින් එළවලා ගොඩක් කල් කීවාට,විටින් විට එබී එබී ,සිතට දුක් ගිනි දිදී,ආත්මෙට වධ දිදී,මගේ ජීවිතේ එක්ක,සෙල්ලම් කරන්නට තරම්,ඇයි ද මතකය නපුරු ඔබගේ....ඔහුගේ දෑතේ වෙලී,පෙම් බසින් උදම් වී,ඔබ තුටින් ඉන්නා බව දැන දැනත්,දෑස් පියවෙන හැම මොහොතකම,මගේ තුරුලට ...
බොඳවෙන සිහින...හද සොවින් ,තැවි තැවී ,නෙතු පියන් ,තෙමි තෙමී ,මුව වදන් ,ගොළු වෙවී ,පැතු සිහින ,බොඳ වෙතී...ප.ලි. - සිහින ජීවිත , ජීවත් කරවයි...ඒ සිහින බොඳ වූ විට?
~~ නිමක් නැති කතාවක් - පිටු අංක 06 ~~නිමක් නැති කතාවක් - > පිටු අංක 1 මෙතනින් කියවන්න < -නිමක් නැති කතාවක් - > පිටු අංක 2 මෙතනින් කියවන්න < -නිමක් නැති කතාවක් - > පිටු අංක 3 මෙතනින් කියවන්න < - නිමක් නැති කතාවක් - > පිටු අංක 4 මෙතනින් කියවන්න < - නිමක් නැති කතාවක් - > පිටු ...
නොකරපු වරද..... කොච්චර අමතක කළත් ,අමතක කරන්නම බැරි එකම දේ ,මට ආයෙමත් වද දෙනවා... අමතක කළා කියලා හිතාගෙන හිටියට ,එහෙම වෙලා නැහැ කියලා මම අද දැනගත්තා...ඇස් වලට කඳුළු පුරවන්න ,මුළු ඇඟම හිරිවට්ටන්න,තාමත් ඒ වචන වලට පුළුවනි කියලා අද තේරුම්ගත්තා... කොහොම තේරුම් කරන්නද!!! කාට තේරුම් කරන්නද!!! නොකරපු වරදකට,වරදකරුවෙක් කරන්නෙපා කියලා,කාට කෑ ගහන්නද මම??ඔයාට ඇහෙනවනං,ඒ දේ කරන්නෙපා මට,කවමදාවත්....ජීවිතේ කරපු එකම එක ...
අහිමි සෙනෙහස කෙටි නවකතාව , කෙටි චිත්‍රපටයක...... මගේ බ්ලොග් එකේ මුලින්ම ලියවුනු කෙටි නවකතාව , "අහිමි සෙනෙහස" පදනම කරගෙන මීට අවුරුද්දකට විතර උඩදී , කෙටි චිත්‍රපටයක් නිර්මාණය කරන්න මමයි , මගේ යාළුවො 4 දෙනෙකුයි එකතුවුනා.කතාව පොඩ්ඩක් වෙනස් කරලා , හිතන්නත් යමක් ඉතුරු කරලා , හැකි පමණින් වැඩේ කළා... කට්ටියටම අද ඒ කෙටි චිත්‍රපටය බලන්න දෙන්නයි මගේ ලෑස්තිය...ඒ විතරක් නෙවෙයි , ...
~~ නිමක් නැති කතාවක්... පිටු අංක 05 ~~නිමක් නැති කතාවක් - > පිටු අංක 1 මෙතනින් කියවන්න < -නිමක් නැති කතාවක් - > පිටු අංක 2 මෙතනින් කියවන්න < -නිමක් නැති කතාවක් - > පිටු අංක 3 මෙතනින් කියවන්න < -නිමක් නැති කතාවක් - > පිටු අංක 4 මෙතනින් කියවන්න < -උදේ පාන්දරම අපේ පංති භාර මැඩම් ඇවිත් අපේ පංතියට ...
ඈ මට ලියූ පද පෙලක්....පින්න මල් කැකුළු මතසැලෙන පිණි පොද වෙලා,කඳු සිරස සිප හමනසුළං රැල්ලක් වෙලා,ගිනි ගැනුණු කතරකටඋදක සිසිලස වෙලා,ලෙලෙන මල් යාය සේනුඹේ දිවි සරසලා....පතා ආ ජීවිතයඔය දෑතේ රඳවලා,සදාකල් සිටින්නටආදරෙන් එක්වෙලා,තරු පිපුණු රෑ අහසේසඳක් සේ ලංවෙලා,අවසරද රැඳෙන්නටඋණුහුමේ දැවටිලා.....****** ...
එදා ආගන්තුක ඈ , අද මගේ තරහකාරිය.... දිනෙක ඈ,ආගන්තුකයෙක්,නොදුටු නොහඳුනන රුවක්,සතියකින් ඈ,සමීප මිතුරියක්,දන්නා හඳුනනා චරිතයක්,සමසකට පසුව,හොඳම මිතුරිය,දිනක්වත් නොදැක ඉන්නට බැරි,වසරකට පසු,පෙම්වතිය ඈ මගේ,පපුතුරට තුරුල වී උණුහුම විඳින,පසුව ඈ,පොලිස්කාරිනිය මගේ,සැකයේ වෛරයේ ප්‍රතිමුර්තිය,අද ඈ,මගේ තරහකාරිය,මුහුණවත් නොබලන , දුටු තැන මඟ හරින,.... හෙට???******* ...
~~ ආදරේ විකිණුවා ~~සල්ලි දීලා ගන්න බැරිමගේ ආදරේඔයාගේ අප්පච්චිගේසල්ලි ඉස්සරහාඅසරණ වෙද්දීහිනාවෙවී බලං ඉන්නබැරි හන්දදකඳුළු පුරෝගෙනබොරුවට ඇඬුවේ??ඒ කඳුළුවලලියවිලා තිබුනේඅපේ ආදරේට වඩාඔයාට ඔයාගේසල්ලි ලොකුයි කියලාමම කවදාවත්හිතුවේ නැහැඔයාට මාව ඈත් කරන්නමෙච්චරටම ඕනි වෙයි කියලාඒත්සල්ලි පුරෝගෙන ආපුවාහනවලින් බැහැපුඋදවිය ගෙනාපුයෝජනා ඉස්සරහාඔයා අපේ"ආදරේ විකුණුවා".........මතක තියාගන්නකවදාහරි ඔයාටසල්ලියි කඳුළුයි විතරක් ඉතිරිවෙයිඅන්න එදාටඔයාට ආයෙමත්මාව ඕන වෙයිඒත්එදාට ඔයාපරක්කු වැඩියි.... ...
~~ නිමක් නැති කතාවක්.... පිටු අංක 04 ~~නිමක් නැති කතාවක් - > පිටු අංක 1 මෙතනින් කියවන්න < -නිමක් නැති කතාවක් - > පිටු අංක 2 මෙතනින් කියවන්න < -නිමක් නැති කතාවක් - > පිටු අංක 3 මෙතනින් කියවන්න < - "ඔයානං ඉස්සර හිටපු ෂමිරුමයි!!! පොඩ්ඩක් මහත් වෙලා,උස ගිහිල්ලා... එච්චරමයි වෙනස... දඟ පාටයි තාමත්!!!""ඔයා මාව දැක්ක වගේනේ කතාව""ඔව්..! , ෆොටෝස් ...
~~ නිමක් නැති කතාවක්... ~~[ ... අතරතුර තවත් අතුරු කතාවක්... ] නිමක් නැති කතාවක් ලියන මට නොහිතපු වෙලාවක මුහුණ දෙන්න සිද්ධ වුනු සිද්ධියක් ගැනයි කියන්න හදන්නේ.ඊයේ අළුත් අවුරුදු සැමරුම් අතරේම මම කලබලේට වගේ "නිමක් නැති කතාවක්... පිටු අංක 3" කොටස ලියලා දාලා මහා රෑ වෙනකං සිංදු අහ අහා , මූණු පොතේ පිටු පෙරලා පෙරළා ඉන්නකොට හදිසියේම මට දුරකථන ඇමතුමක් ...
~~ නිමක් නැති කතාවක්... පිටු අංක 03 ~~නිමක් නැති කතාවක් - > පිටු අංක 1 මෙතනින් කියවන්න < -නිමක් නැති කතාවක් - > පිටු අංක 2 මෙතනින් කියවන්න < -"3 වසරේ අන්තිම වාරයේ පංතියේ පළවෙනියා..."මම දැනගෙන හිටියා ඒ මම කියලා.මම වැඩට දස්සයි කියලා හැමෝම කියනවා.අපේ අම්මල යන හැමතැනකදිම මගේ දස්සතා ගැන පම්පෝරිය තමයි ඉතින්.මටනං ඉතිං විසේසයක් නෑ,මගේ පාඩුවේ වැඩ ටික ...
මගේ අලුත් අවුරුදු පැතුම...සාමය දසත පැතිරුණු මේ අවුරුද්දේවියවුල් ආරවුල් ක්‍රෝධය වියැකෙන්නේසිත් තුල ආදරය සෙනෙහස ලියලන්නේසතුටු සිනා මල් මුව අග පිබිදෙන්නේසිංහල දෙමළ මුස්ලිම් වෙනසක් නැහැනේඅප හැම එකම බැම්මෙනි එක්වී අත්තේමිනිසත් කමයි හැමතැන මුල්තැන ගන්නේඑක රට,එක කොඩිය යට අප අද ඉන්නේවෙඩි හඬ,වෙඩි බෙහෙත් ගඳ අද නැහැ ඇත්තේහැම සිත් වලින් මර බිය පහ වී ඇත්තේතැන තැන මිනිස් ඝාතන නැහැ සිදු වන්නේරණවිරු සොයුරන්ට අප ...
විභාග අඳෝනාව !!![ නිමිත්ත : විශ්ව විද්‍යාලයේ Semester 3 අවසන් විභාග කාල සටහන ලැබේ!]කෝස්වර්ක් ගොඩගැහිලා,පාඩම් වැඩ මග ඇරිලා,ඇස් ළඟටම මම එරිලා,සිතෙනවා යන්නට පැනලා...මිඩ් එග්සෑම් ඉවර වූනා,කිවුවට එහෙමම නොවූනා,හයියෝ මට මතක් වුනා,කැල්කියුලස් ඉතුරු වුනා...විෂයන් 11 යි බොලේ,නෝට් ලියමි මෙදා සැරේ,පොත් ගත්තත් බරට බරේ,සතියයි ඒවා කෙරුනේ...සති හයකින් අවසානේ,තියෙනවා තුන් වෙනි සෙමියේ,වැඩ නොකලත් මෙදා සැරේ,කරනවා මම ලබන සැරේ !!!හිතුවත් හැමදා මෙලෙසා,කවදද කෙරුනේ එලෙසා,නිසා ...
පැතුමන් මගේ...සෙනෙහස් සුවය උතුරන නුඹේ හද මඬලසොඳුරු බවින් පිරිපුන් නුඹේ මුව කමලසිත සනසමින් මුමුණන නුඹේ වදන් පෙළභවයෙන් භවය පතනෙමි මට හිමි වන්න...සිහිලැල් සුවඳ විහිදෙන නුඹේ වත කමලේහිනැහී දිලෙන තරුකැට වන් නෙතු සඟලේයහනක සුවය දැනෙනා නුඹේ ලය මඬලේවැතීරී මියෙන්නට පතනෙමි හැම භවයේ... ...
~~ නිමක් නැති කතාවක්... පිටු අංක 02 ~~ [ නිමක් නැති කතාවක් පිටු අංක 01 මෙතනින් කියවන්න ]"දුවන්න ෂමිරු , දුවන්න..."ඉන්ටවල් එකේ අල්ලන සෙල්ලං කරන එක තරං ජොලි වැඩක් තවත් නෑ.අද කරන්නේ හොරා , පොලිස්.අද පිරිමි ළමයි ටික හොරු , ගෑණු ළමයි ටික පොලිස්.අහුවෙන කට්ටියව කූඩුවට ගිහින් දානවා.කූඩුව කිව්වේ ඉතිං ගහක් වටේට බිම ඇඳපු රවුමක්.එතනට අධි ආරක්ෂාව.කෙල්ලෝ දෙතුන් දෙනෙක්ම මුර ...
මගෙම වෙනු මැන....හීන හිරිමල් හිත පුරා යනආදරෙන් සිත නහවලා...ලංවෙලා මගේ ලොවට රහසින් හිමින් නුඹ මට ඉඟි කළා...පාළුවෙන් උන් අඳුරු කාලයසිනහවෙන් නුඹ එලි කළා...නුඹේ සෙනෙහස හිරිවැටුණු මගේසිත් හැඟුම් උණුසුම් කළා....කොහෙන්දෝ විත් අමුතු සුවඳක්,මගේ හද තුල නැවතිලා....සිතම රිදවන වේදනා දුක්,මගෙන් ඈතට පා කළා...පුරුද්දට මෙන් සසර පෙර සේ,මෙදත් ඔබ මා එක්වෙලා...සදාකල් මේ ලෙසින් ඉන්නට,පැතුම් හද තුල පොදි කළා...හිත පුරා රැඳී නුඹේ සුවඳින්,හදවතම කිති ...
එදා , අද සහ ඔබ....එදා,මුව පුරා,සිනා මැව්,සිත තුටින් පිරවූ,ඔබේ රුව,අද,නෙතු පුරා,කඳුළු බිඳු,පුරවා,ඒ සිත ම,හඬවයි....
දුකත් දැන් සතුටක්සසල වුනු සිතදෑස් මානේපතයි නුඹ රුවපුරුදු සෙනෙහෙන්...මග බලයිඑබී එබීපුරුදු රුව 'ඈ' දැන් එතියිසිත සිතා....නොදනිති ඇස්නුඹ නොඑන වගයලිත් මා වෙතකිසිම දිනයක....දැන දැනත්නොඑන වගනිහඬ මහ රෑ ඉකිබිඳුම් දෙන සිතටනොනිඳ දුක් දීසතුටු වෙමි මමපතා මේ ඇස්සදා පියවෙන්නතවත් එක්නිමේෂයකින්....ප.ලි. : මොන දේ කිව්වත් , ඔයා ආපහු එන්නේ නෑ... ඒක මම දන්නවා... ...