අද මං ස්ට්‍රයික් - මෙන්න මගේ ඉල්ලීම් : I am on strike today and here are my demands! අද (මැයි 21 අඟහරුවාදා) මං ස්ට්‍රයික් කරන්න තීරණය කළා.ඒ නිසා හෙට (මැයි 22 බදාදා ට) කලින් ප්ලෑන් කරගෙන හිටපු විදියට ඒරොප්පේ කතන්දරයක් පල කෙරෙන්නේ නෑ.හැබැයි මගේ ස්ට්‍රයික් එකේ මූලික ඉල්ලීම විදුලි පරිභෝජන ගාස්තු සඳහා සහනාධාරයක් දීලා විදුලි ගාස්තු අඩු කරන්න කියන එක නම් නෙමෙයි.සහනාධාරයක් ලබා දී විදුලි බිල අඩු කරනු!මගේ ඉල්ලීම් මෙන්න මේවායි.1. විදුලි බල උත්පාදන වියදම අඩු කරනු!2. විදුලි ...

හිතේ හැටියට බියර් බොන්න ඕනෑ නම්, සසර වසන තුරු නිවන් දකින් තුරු ජර්මනියේ ඉපදෙමු! - Amber, amber everywhere! බොන එක නරක වැඩක්. කතා දෙකක් නෑ. ඕනැම බේබද්දෙක් එකඟවෙයි ඒකට.පස් පව් කියන ඒවා පහම මනින්නේ එකම ස්කේල් එකෙන් නම්, සුරාමේරය පස් පවෙන් සීයෙට විස්සක්. හැබැයි මේක පස් පව් ලයිස්තුවේ අන්තිම එක. පානාතිපාතා, අදින්නාදානා ස්කේල් එකෙන් මනින්න නිකං බෑ, බෑ වගේ කියලාත් හිතෙනවා.මං නං දන්නේ නෑ, හැබැයි සමහර විට අභිධර්මේ තියෙනවා ඇති පස්පව් මනින්න වේටඩ් ස්කේල් එකක් තියෙනවාද නැද්ද කියලා.කොහොම ...

බුද්ධාගං සංස්ථාව විවේචනය කිරීමට මූලික අයිතිය ඇත්තේ කාටද? - Self-critisism Vs criticising others මේ කතන්දරේ මට මතක් වුනේ මං පෙරේදා දාපු "බුද්ධාගං කල්ට්වල නෝනා මහත්තුරු - Me good you bad concept" කියන සටහනට ආපු ප්‍රතිචාර සහ ඒ සටහනේ මං සඳහන් කරපු නිර්-ආගමිකයෝ බ්ලොග් එකේ රිටිගල ජයසේන ලියපු ලිපියට ඇවිත් තිබුණු ප්‍රතිචාර කියවද්දී යි.මෙන්ම මුලින්ම මගේ කතන්දරේ.මේ සිද්ධිය වුනේ මං පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබමින් සිටිය කාලේ. ඒ අවුරුද්දේ අපේ ...

බුද්ධාගං කල්ට්වල නෝනා මහත්තුරු - "Me good you bad" concept කල්ට් (cult) කියන වචනය සාමාන්‍යයෙන් භාවිතා වෙන්නේ එක්කෝ සාමාන්‍ය ප්‍රවාහයේ ආගමක වෙනස් විදියට කටයුතු කරන පිරිස් හෝ නැත්තම් වෙනස්ම ඇදහිලි තියෙන සුළුතර ආගමික කොටස් හඳුන්වන්නයි. ලංකාවේත් කාලෙන් කාලෙට බුද්ධාගමේ වගේම ක්‍රීස්තියානි ආගමේත් මේ වගේ කල්ට් මතුවෙනවා.ඔය වගේ සමහර කල්ට්වලට බැඳෙන අය වැඩියෙන්ම උනන්දුවෙන්නේ ලෝකෝත්තර වශයෙන් රිටර්න්ස් ලැබෙන මෙගා පරිමානයේ පිං අතේ වැඩ කරන්නයි. ඒ විතරක් නොවෙයි, ඒ එක්කම ඒ අය ...

ඉතාලියේ රෝම නගරයේ අරුම පුදුම දසුනක් - A Roman Circus Act ඉතාලියේ දී දැක්ක කෝච්චි ගැනයි, පුංචි පුංචි කාර් ගැනයි ලියපු එකේ මේ අද කියන්න යන කතන්දර දෙක නොකිව්වොත් හොඳ නෑ කියලා හිතුණා.පුංචි කාලේ හයේ පන්තියේදී ද කොහෙද සමාජ අධ්‍යයනය විෂයට පුරාණ ශිෂ්ඨාචාර ගැන කතා කරද්දී අපි ඉගෙන ගත්තා මතකයි රෝමය ගැන.රෝමය ගොඩ නැගුවේ රොමියුලස් සහ රීමස් කියන සහෝදරයෝ දෙන්නාලු. ඒ දෙන්නගෙන් රොමියුලස් ගේ නම තමයි රෝමෙට දාලා තියෙන්නේ. ජනප්‍රවාදයේ හැටියට ...

කොයි කෙල්ලට ද වැඩියෙන් හිත යන්නේ? - A question of taste! මං හිතාගෙන හිටියේ දැන් සති තුනක විතර කාලයක් තිස්සේ ලියපු විදියට අදත් මගේ ඒරොප්පේ අත්දැකීමක් ලියලා දාන්නයි.ඒත් පාන්දරින් නැගිටලා සේරටම කලින් මං පෙරේදා දාපු ඒරොප්පේ කෝච්චි කතන්දරේට ඊයේ රෑ ඇවිත් තිබුණු කමෙන්ටු ටික අනුමත කරලා ඊට පස්සේ බ්ලොග් රීඩරයට ගියාම තමයි ඔය උඩින් දාලා තියෙන ස්ක්‍රීන් ඩම්ප් එක ඇස ගැටුනේ.ගෑල්ළමයි දෙන්නෙක් ලියන බ්ලොග් දෙකක් එක ලඟින් පළවෙලා තිබුණා.මගේ හිත ගියේ ...

ඒරොප්පේ කෝච්චි නේ හලෝ කෝච්චි - Train-spotting in Europe කියලා වැඩක් නෑ! අන්න බඩු, ඒරොප්පේ කෝච්චි තමයි හලෝ කෝච්චි!බොරු නං අර හැලපකාරයාගෙන් අහලා බලන්න.මං පහුගිය අප්‍රියෙල් මාසේ අන්තිම සති දෙකේ විතර ඒරොප්පේ යට හරියේ ඉඳලා මැදක් විතර වෙනකං ගියා කෝච්චියෙන්. ඒ කියන්නේ රෝමා වල ඉඳලා ෆිරැන්සිවලට, ආපහු රෝමෙට, පස්සේ වැනීසියාවලට, එතනින් මිලානෝ හරහා සූරිච්වලට, එතනින් ෆ්‍රෑන්ක්ෆර්ට්වලට. ෆ්‍රෑන්ක්ෆර්ට් ඉන්න අතරේ හයිඩල්බර්ග් වලට පොඩි ට්‍රිප් එකකුත් ගියා.ඔය සේරම එකතු වුණාම සුළු ...

ඉතාලියේ පුංචි පුංචි කාර් - Small is beautiful? මේ කතන්දර බ්ලොග් එක 2011 දී කියවපු අයට මතක ඇති මං ලියපු රතු කොරොල්ලා කාර් එකේ කතන්දරේ. ඒ අයටත්, ඒ දවස්වල බ්ලොග් නොකියවපු අයටත් මෙන්න ඒ කතන්දරේ මුල් කොටසට පාර.http://kathandara.blogspot.com/2011/06/kathandara-karaya-buys-car.html(ඒ කතන්දරේ දිගටම කියවල අහවර වෙලා ආපහු එන්න හොඳේ?)ඉතින් ඒ රතු කාරෙක විකුණලා සති තුනකින් විතර මං සෑහෙන්න කට්ටක් කාලා හොයා ගත්තා නිසාන් මාච් කියන පොඩි සයිස් එකේ කාර් කට්ටක්.ආණ්ඩුවේ රස්සා ...

ජර්මනියේ දී මුණ ගැහුණු ඉන්දියානු ටැක්සිකාරයා - Still in Germany ජර්මනියේ සිට ගෙදර බලා එන දවසේත් අන්තිම මොහොත දක්වා අපි ෆ්‍රැන්ක්ෆර්ට් නගරයේ වීදි සංචාරයේ යෙදුණා.ජර්මානුකාරයෙක්ව කනෙක්ට්-ෆෝ ගේම් එකකින් පරදවන්නට මට ඉඩ ලැබුණේ ඒ අතරතුරේ දී යි.ආපසු එන ගුවන් යානය පිටත්වෙන්නේ රාත්‍රීයේයි. නමුත් අපි උදේම බෑග් පැක් කරලා, හෝටලයෙන් බිල් ගෙවලා, බෑග් ටික ස්ටෝරු කාමරයක තියලායි නගරය බලන්න පිටත් වුනේ.ඉතිං අපිට තිබුනේ, නගරයෙන් ටැක්සියක් අරගෙන හෝටලයට ගොස් වහාම බෑග් ටික පටවාගෙන ...

යුධ අපරාධකාරයා ගේ රඟපෑම අවසාන වෙයි? - War criminal acting will end one day! ජර්මනියේ දී මං දැක්ක දුම් බොන තැන් ගැනයි, ජර්මානුකාරයින්ව පරද්දපු හැටි ගැනයි, තන්ඩූරි චිකන් එක්ක බාස්මතී බත් කාපු හැටි ගැනයි කතන්දර ලියන අතරේ එක්තරා ජර්මානු ප්‍රවෘත්තියක් මගේ ඇස ගැටුණා.කාටද මතක අනූවේ දශකයේ විතර මං හිතන්නේ අයිටීඑන් එකේ ගියා ඩෙරික් (Derrik) කියලා ජර්මානු රහස් පරීක්‍ෂක කතා මාලාවක්.මං මේ සීරීස් එක ඒ දවස්වල හරිම ආශාවෙන් බැලුවේ ඒ කතාවල තිබුණු අපූරුබව නිසයි. මේ ...

ෆ්‍රෑන්ක්ෆර්ට් හි දී ජර්මන්කාරයින්ව පැරද්දූ කතන්දරකාරයා - Kathandarakaraya conquers Frankfurt දැන් දින දෙක තුනකට උඩදී දවසක ජර්මනියේ ෆ්‍රෑන්ක්ෆර්ට් නගරයේ මහ වීදිය වන සෙයිල් හි දී ජර්මානුකාරයින් එක්ක සටනක් දීලා දිනන්න කතන්දරකාරයාට පුළුවන් වුනා.මේක මේ තුවක්කු වලින්, කඩුවලින් කරන් ද්වන්ධ සටනක් නොවෙයි. ඒත් පොඩි පහේ සටනක්. ඔපරේෂන්වලට වඩා ස්ට්‍රැටජි වැදගත් වෙන සටනක්.ඔය උඩින් ඡායාරූපයේ තියෙන්නේ ඒ ගෙම් එකට ගන්නා රාමුව සහ ඉත්තෝ ටිකයි. මේකේ නම "කනෙක්ට් ෆෝ".නොදන්න අයට කියනවා නම් මේක ...

දින එකොළහකට පසු බත් කටක් කෑවෙමි - Oh, what a feeling රටවල් දෙක තුනක පොඩි පහේ සංචාරයක යෙදෙන්න හිතාගෙන ගෙදරින් පිටවුනේ අප්‍රියෙල් මාසේ දහතුන්වෙනිදා හවස. එදා දවල්ට ගෙදර දී බත් කෑවට පස්සේ කන්ඩ ලැබුනෙම එක එක ජාතියේ කඩෙයි-අප්පම් විතරයි. බත් ඇටයක් කියලා ඇහට දැක්කේ කොහෙදෝ රෙස්ටෝරන්ටුවක දී කතන්දරහාමිනේ සල්ලි-සල්ලි කියලා බලන්නේ නැතුව ඕඩර් කරපු රිසටෝ එක විතරයි. ඒත් ඒ බත් ඇටවල පෙනුම දැක්කාම ඒකෙන් රහ බලන්න වත් හිතුනේ නෑ.මට උදේට බත් ...

දුම්බීම සහ තුවක්කු - Smoking Guns මෙය ද මා කලින් ලියූ "ඒරොප්පේ ගුවන් තොටකදී ශ්‍රී ලංකන් ගුවන් යානයක් දුටුවෙමි!" කතන්දරය සේම ඉතා කෙටි කතන්දරයකි.එසේම මට ඉතා වැදගත් කරුණු කිහිපයක් ම සිහියට නැංවූවකි.ඊයේ හවස් වරුවේ විදෙස් රටක දුම්රිය පොලක දී අප දුටුවේ දුම් බොන්නන් සඳහා වෙනමම ස්ථානයක් සකසා ඇති බවයි. දුම් බොන අය එතැනට පැමිණ සිගරැට්ටු දල්වාගෙන මහා හදිසියකින් මෙන් විෂ දුම් පෙනහැළි තුලට ඇතුළු කර ගනිති. ...

ඒරොප්පේ ගුවන් තොටකදී ශ්‍රී ලන්කන් ගුවන් යානයක් දුටුවෙමි! රජයේ සේවකයෙකු වූ මගේ තාත්තාට ඒ දිනවල සිය පවුලම සමග දුම්රියෙන් දුර ගමන් යාම සඳහා වසරකට ප්‍රවේශ පත්‍ර, එනම් වොරන්ට්ස්, තුනක් ලැබුණි. ආර්ථිකමය වශයෙන් එහි තිබූ වාසිය ඉතා අඩු වුවද, මේ වොරන්ට්ස් නිසා රජයේ සේවයේ නියුතු දෙමව්පියන් සිටි පවුල්වලට ලැබුණු සැබෑම වාසිය වූයේ තුන්වරක් කෙසේ වෙතත් වසරකට එක් වරක් හෝ දුම්රියෙන් දිග ගමණක් යෑමට අවස්ථාව ලැබීමයි.එපමණක් නොවේ, ඒ වොරන්ට්ස් දෙකක් ...

සිත් සන්තොසින් ගුවනේ දී බැඳි හාද - KK's movie marathon ඔන්න පත්තරකාරයෙක් යනවා පුහුණු වැඩසටහනකට බටහිර ජර්මනියට. ඒ වැඩසටහනට සහභාගීවෙන්න එන ඉන්දියන් ගෑණියෙක් එක්ක මේ පොර සෙට් වෙනවා. සෙට් වෙනවාය කියන්නේ අහවල් එක කරනවා කියන එක නොවෙයි, නිකං ලාමක කේස් එකක්.ඔය කතාව තියෙන්නේ සිත් සන්තොසින් ගුවනේ දී බැඳි හාද කියන නවකතාවේ. ඒක ලියුවේ ගුණදාස ලියනගේ නම් පුවත්පත්කලාවේදියා.ගුණදාස ලියනගේ ගේ මං කැමතිම නවල් එක තමයි දෝන කමලාවතී. ඒ වුනත් මට මේ ...

කතන්දරකාරයා අතුරු දහන් වේ! - Kathandarakaraya missing in action කාරුණික නිවේදනයයි.කතන්දරකාරයා දැන් දින කිහිපයක සිට ආගිය අතක් නැත.මොහු පසුගිය ඉරිදා අබුඩාබි ගුවන් තොටුපලේ සිටි බව සැලවී ඇත.අවසන් රට දකින විට ඇඳ සිටියේ නිල් පැහැති ටී ෂර්ටයක් සහ කළු කලිසමකි. කතන්දර බ්ලොගය පාලුවට ගොස් ඇති බව ලංකා පුවත් සේවය වාර්තා කර ඇත.ස්තුතියි. ...

රා බොමු, කවි කියමු! - Vi auguro un felice anno nuovo! සති දෙකක පොඩි නිවාඩුවක් අරගෙන පොඩි පහේ චාරිකාවක් යන්න සැලසුම් කරලා තිබුණත් බ්ලොග් එක පාලුවට යවන්න දුක හිතුණු හින්දා පොඩි කඩල-රටකජු පාරක් දාන්නයි මේ සැට් වෙන්නේ. මේක කයි-කතන්දරයක් කියලා කියන්නත් පුළුවනි.මං ජීවිතේටම රා බීලා තියෙන්නේ එක දවසයි. ඒ කිතුල්ගල අර බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි කියන චිත්‍රපටියේ ලොකේෂන් එකේ දී යි. ඒ දවස්වල ඩේවිඩ් ලීන් ලා ත් රා ගහන්න ඇති ...

කයි කතන්දරවල රහස - Sugar coating poetry පසුගිය අවුරුදු තුනහමාරක කාලය ඇතුලත මං කතන්දර බ්ලොග් එකේ පොඩි පොඩි එක්ස්පරිමන්ට් කරලා තියෙනවා.එයින් සාර්ථක පයිපල ලැබුණු එක අත්හදා බැලීමක් තමයි මේ කයි කතන්දර කියන්නේ.මෙන්න ඒ කයි-කතන්දර ගැන කතන්දරය!සමහරු නොදන්නවා වෙන්න පුළුවනි, නමුත් මං මුලින්ම බ්ලොග් එකක් පටන් ගත්තේ 2005 දීයි. ඒ මං ලියපු ගී පදමාලා දාන්නයි. ඒ දවල්වල ඔය යුනිකෝඩ් ද අරවද මේවද නොතිබුණු නිසා මං කෙරුවේ කපුටා ෆොන්ට් ...

මෝහනය වෙන්නේ මෝඩයෝ ද? Hypnosis and fools කතුවරී ලියනගේ කියන අළුත් බ්ලොග්කාරිය ගේ "මගේ නවකතා" බ්ලොග් එකේ යන "අඳුන් සිහින" කතාවේ කොටස් කිහිපයක් කියෙව්වාට පස්සෙයි මේ කතන්දරේ ලියන්න හිතුනේ."අඳුන් සිහින" නවකතාවේ ප්‍රධාන චරිතය වෙන රිදීමා කියන විශ්ව විද්‍යාල ශිෂ්‍යාවට පොඩ්ඩක් මතක අමතක ලෙඩක් තියෙනවා වගේ පේනවා. ඒකට බේතක් ගන්න එක්කරගෙන යන්නේ නැතුව රිදීමා ගේ යාළුවෝ කරන්නේ එයාව මෝහනය කරන්න සෙට් වෙන එකයි.මෝහනය වුණාට පස්සේ අමතක මතකය මතක් ...

ඇනෝනිමස් පුදුම ආතල් - Get a life mate! වෙබ් එක වනාහී අරුම පුදුම තැනකි. මෙතනට ඇබ්බැහි වුනොත් ඉන් ගැලවීමක් නැත. මේ ගැන මා කලින් ලියු කතන්දරයක් මෙතනින් බලන්න.බ්ලොග් ඇබ්බැහි රෝගය - Blogcoholic Anonymous: http://kathandara.blogspot.com/2012/09/blogcoholic-anonymous.htmlඅපේ පුතා ගේ වයස තවමත් අවුරුදු දොළහක් නැත. ඒත් ඔහු පාසල නිමවී නිවසට එන්නේම කම්පියුටරය ගැන සිහින මවමිනි. මා නෝර්ටන් මාමා ගේ පිහිටෙන් විවිධ සම්බාධක පනවා නොතිබුණා නම් රාත්‍රියේ නින්දට යන තෙක්ම මයින්ක්‍රාෆ්ට් කරමින් ඉන්නට ...

Previous Page