දවසක් වෘකහාමිට ලොකු කිකිළියන් දෙන්නෙකු දඩයම් කර ගන්න ලැබිලා මෙහෙම හිතුවා "මම කොච්චර වාසනාවන්තද! මගේ යාලු වලස්හාමිටත් රෑ කෑමට ආරාධනා කරන්න ඕනෑ" මේ අතරේ ගහකට මුවාවෙල හැංගිලා හිටිය හිවල්හාමිට වෘකහාමි කියාපු එක ඇහුණා. ලොකු කිකිළියන් දෙන්නා දැකපු හිවල්හාමිත් වෘකහාමි පස්සෙන්ම ගියා. හිවල්හාමිගේ කටට කෙළ උණන්න පටන් ගත්තා. කොහොම හරි ඒ කිකිළියන් දෙන්නා ඩැහැ ගන්න ඕනෑ හිවල්හාමි ...
චීනයේ යැංසි ගඟට දකුණෙන් පිහිටි කඳුවැටිය පාමුල එක පුංචි ගමක් තියෙනවා. ඒ ගම ඉස්සරහින් ගලා යන කුඩා ඔයේ දංඩි පැටව් එහා මෙහා පීනමින් විනෝද වෙනවා. අප කියන්න යන කතන්දරේ පටන් ගත්තේ, අන්න එතනයි. කලු දංඩියා ඒ කියන්නේ, මාළු රෑනේ නායකයා දවසක් තමන්ගේ සගයන්ට මෙහෙම කිව්වා. "ඉක්මනට මෙහෙ එන්න. මං ඔයාලට හොඳ ආරංචියක් කියන්නම්!" "ඒ මොකක්ද?" "මං අර පේන පුංචි පාලම ...
සිංහල අලුත් අවුරුද්දට කැම්පස් එකෙන් දවස් කීපයක නිවාඩුවක් ලැබිලා තිබුණු නිසා අන්තර්ජාලෙත් එක්ක ඔට්ටු වෙන්න ටිකක් වැඩි කාලයක් ලැබුණා. ඒ විදිහට අන්තර්ජාලේ එක්ක ඔට්ටු වෙවී ඉද්දී ලංකාව සම්බන්ධ පෘතුගීසි, ලන්දේසී සහ ඉංග්‍රීසි ලේඛකයන් කීප දෙනෙක් ලිව්ව කෘති කීපයකම තිබුණු පැරණි සිතුවම් වගයක් සොයාගන්න ලැබුණා. මේ චිත්‍ර අතරේ තිබුණු එක සිතුවමක් පිළිබඳව තමා අද ආගිය කතාවෙන් විශේෂයෙන් කතා කරන්න හිතුවේ. උඩරට ...
ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් පළ කෙරෙන කැඩපත පුවත්පතේ අප්‍රේල් කලාපය වෙනුවෙන් මේ සටහන රචනා කෙරුණු නිසා සටහන "ටිකක්" බරසාර විදිහට ලියා ඇති බව කරුණාවෙන් සළකන්න :D අලුත් අවුරුද්ද විවිධාකාර ජාතීන් විවිධාකාරයෙන් සමරන අතර බහුතරය පිළිගත් ක්‍රමය අනුව ජනවාරි 1 වනදා නව වසරක් ඇරඹෙන අතර එදින උත්සවාකාරයෙන් සමරනු ලැබේ. එනමුත් සිංහලයන් හා හින්දූන් අප්‍රේල් 14 වනදා තම අලුත් අවුරුද්ද ලෙස ...
ඉන්දියාවේ විශේෂයෙන් උතුරු ඉන්දියාවේ ඔයාලා සංචාරය කරලා තියෙනවා නම් නිරුවතින් සිටින පුද්ගල කණ්ඩායමක් දැකලා තියෙන්න පුලුවන්. එහෙමත් නැත්නම් පොත පතින් ඉන්දියාවේ ඉන්න නිරුවත් ආගමික කණ්ඩායමක් ගැන අහලා තියෙන්න පුලුවන්. වර්ධමාන මහාවීර එහෙමත් නැත්නම් නිඝණ්ඨනාථ පුත්ත නමින් හැඳින්වෙන ශාස්තෘවරයාගේ ශ්‍රාවකයන් වෙන ඒ පිරිස හඳුන්වන්නේ ජෛන එහෙමත් නැත්නම් නිඝණ්ඨ යන නමින්. අද ආගිය කතාවෙන් කතා කරන්න බලාපොරොත්තු ...
පාප්වරු තුන් දෙනෙක් මේ දවස්වල XVI වෙනි බෙනඩික් පාප්තුමා ධූරයෙන් සමුගැනීම වගේම ෆ්‍රැන්සිස් පාප්තුමා ධූරයට පත්වීම වගේ කරුණු කාරණා කතාවෙන නිසා ඒ ගමන්ම මේ කතාවත් කියලා දාන්න තමා හිතුවේ. XVI වෙනි බෙනඩික් පාප්තුමා තවමත් ජීවමාන සිටින නිසා මේ කාලේ පාප්වරු දෙන්නෙක් ඉන්නවා කියලා ඕන්නම් කියන්න පුලුවන්. ඒත් බෙනඩික් පාප්තුමා නිල වශයෙන්ම ඉල්ලා අස්වෙලා තියෙන නිසා එහෙම එකකුත් කියන්න බැහැ. ඒත් ...
මෙන්න චුට්ටි "හලාල්" කතාවක්... කැම්පස් එකේ අපිත් එක්ක ඉගෙන ගන්න ගෑණු ළමයෙක් මට හවස මැසේජ් එක්ක එව්වා. ඒකේ තියෙන්නේ මේන් මෙහෙම කතාවක් "ආයුබෝවන්, අවුරුදු කාලෙට නෝ ලිමිටි, ෆැෂන් බග්, ග්ලිට්ස්, පාල්ලු [?] කූල් ප්ලැනට් වෙනුවට අපේකම වෙනුවෙන් අපේ ඒවාට යන්න. කැන්ඩි, ඒ.එස්.බී,සී.අයි.බී,ලේඩි ජේ, ෂේඩ්, සුපුල්, හවුස් ඔෆ් ෆැෂන්, තිලකවර්ධන... අපේකම වෙනුවෙන් සැබෑ සිංහලයෙක් ලෙස මෙය තවත් 10 දෙනෙකුට ...
අපි සමහර අයගේ ජීවිතේ මුල ගැන දන්නවා ඒත් මැද අග ගැන දන්නේ නැහැ, තවත් සමහරුන්ගේ මැද දන්නවා මුල අග ගැන දන්නේ නැහැ, තවත් සමහරුන්ගේ අග දන්නවා මුල මැද ගැන දන්නේ නැහැ. මේ විදිහට කතාව පටන් ගත්තේ මේ ළඟදී දවසක මම කියෙව්ව පොතක හිටිය පුද්ගලයෙක් ගැන කරුණු හොයන්න ගිහින් ඒ පුද්ගලයා ගැන සාමාන්‍ය විස්තරයක් වගේම ඒ පුද්ගලයාගේ අවසාන කාලය ගැන විස්තරයක් ...
ලංකා වංසකතා සාහිත්‍යය ඇතුළේ අපිට මුලින්ම හමුවන වීර කාන්තාව වෙන්නේ විහාර මහා දේවිය. දියණියක්, බිරිඳක්, මවක් වගේම යුද උපදේශකවරියක් විදිහට එතුමිය අනභිභවනීය කාර්යයක් කරපු බව අවිවාදිතයි. විහාර මහා දේවිය සම්බන්ධව කතා කරද්දී එතුමිය උපත ලබපු කල්‍යාණි ප්‍රදේශය එහෙමත් නැත්නම් කැලණිය සම්බන්ධව මුලින්ම කතා කරන්න ඕනේ. දෙවනපෑතිස් රජතුමා අනුරාධපුරයේ රාජ්‍ය කරන කාලයේදී රජතුමාගේ සොයුරෙක් වුණු උත්තිය ...
චිත්‍රපටියක් සඳහා හරි එහෙමත් නැත්නම් ටෙලි නාට්‍යයක් සඳහා හරි සකස් කරන තේමා වාදනය කියන්නේ හරිම සිත් ඇදගන්නා සුළු එකක්. සමහර වෙලාවට ඒ චිත්‍රපටියට හරි ටෙලි නාට්‍යයටත් වඩා ජනප්‍රියත්වයක් තේමා වාදනය හිමි කරගන්න අවස්ථා නැත්තේමත් නැහැ. කාලෙක ඉදන් මගේ තිබුණු විනෝදාංශයක් තමා මේ වගේ තේමා වාදන රස විඳින එක. ඉතින් මට හිතුණා ඒවා ගැන පොඩි කතාවක් ඇති කරන්න. තව එකක් කියන්න ...
ගංගා නම් නදිය මේ ළඟදී දවසක assignment එකකට කරුණු වගයක් හොයන්න library එකට ගිහින් විශ්වකෝෂය පෙරලලා බැලුවා. ඒ වෙලාවේ විශ්වකෝෂයේ "ග" අකුර යටතේ බලද්දී හම්බුණා ඉන්දියාවේ දිගම ගංගාව වෙන ගංගා නම් නදිය ගැන විස්තර. හින්දූන් ඉන්දියාවේ සෑම නිර්මාණයක්ම වගේ දේවප්‍රභ සංකල්පය යටතේ විස්තර කරලා තියෙන නිසා ගංගා නම් නදිය ඇතිවීමත් එයාලා ඒ විදිහට හින්දු දේවප්‍රභ සංකල්පය යටතේම විස්තර කරලා තියෙනවා. ...
exams කාලේ කියන්නේ අපිට [අපිට කිව්වේ අපේ special batch එකේ කොල්ලෝ 4 දෙනාට. තව පොරක් අපිත් එක්ක ඉන්නවා. හැබැයි මිනිහා බොහොම නිෂ්ක්‍රීය චරිතයක්] නම් මහා අපල කාලයක්. Notes complete කරන්න, photocopy degree එක කරන්න, library ගිහින් පොත් හොයන්න, assignments, tutorilas ලියන්න වගේ කුදු මහත් කටයුතු රාශියයි. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ දේ තමා exam එකට පාඩම් කරන්න කියලා ලැබෙන study leave ...
හනුමා, හනුමන්තා කියන්නේ කවුද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. හනුමා වන්නම කියලා දේශීය නර්තන සම්ප්‍රදායේ නර්තන ශෛලියක් තියෙනවා වගේම පෙරහැරවල්වල හනුමන්තා විදිහට රඟපාන අයත් ඉන්නවා. ඒත් නැත්නම් මූණ ඉදිමිලා හරි පිම්බිලා හරි තියෙද්දී හනුමා කියලා කාඩ් එක දාන්නත් කොල්ලෝ පසුබට වෙන්නේ නැහැ. ටිකක් කරුණු කාරණා දන්න උදවිය දන්නවා හනුමා කියන්නේ හින්දූන් ගෞරවයන් වන්දනා කරන වානර සිරුරක් තියෙන දෙවියක් බව ...
බෞද්ධ, හින්දු, කිතුණු පොත් හොය හොය ඉද්දී පහුගිය දවසක මට කියවන්න ලැබුණා මහායාන බුදු දහමේ ප්‍රධානම ග්‍රන්ථයක් විදිහට සැලකෙන සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය. ඒ සූත්‍රය කියවද්දී සිත් ඇදගන්නා සුළු වගේම විශේෂයි කියලා හිතුණු කරුණු ටිකක් බෙදා හදාගන්නයි අද මගේ කල්පනාව. මේ සූත්‍රයත් පටන් ගන්නේ ථේරවාදී බුදු දහමේ සූත්‍ර පටන් ගන්න ආකාරය වෙන "මා විසින් මෙසේ අසන ලදී" කියන වාක්‍යයෙන්. බුදු හාමුදුරුවෝ ...
මීට කලින් දවසක මම ලියපු බුදුන්, ජේසුස්, විෂ්ණු, මහ්දි, දියසේන මේ ඔක්කොම අනාගතයේ පහළ වෙනවද ලිපිය ලියන කාලයේදී අනෙක් ආගම්වලට අයිති පොතපත් එහෙමත් කීපයක්ම කියෙව්වා. ඒවායිනුත් වැඩියෙන් කියෙව්වේ ක්‍රිස්තියානි ආගමට අයිති පොත්පත්. ඒ පොත්පත් අතරින් ශුද්ධ බයිබලයේ නව ගිවිසුමේ තිබුණු කතාවක් නිසා මට බෞද්ධ සාහිත්‍යයේ තිබෙන ජාතක කතාවක් වගේම මහ රහතන් වහන්සේ නමක් සම්බන්ධ කතාවකුත් මතක් වුණා. ඒ කතා කීපය ...
ජාතික රූපවාහිනියේ මේ දවස්වල විකාශනය වෙන සුජාත දියණි කියන කොරියානු නාට්‍යයේ පෙන්වන්නේ කොරියාවේ රජ කෙනෙක්ගේ රජ වාසළ මුළුතැන්ගෙයි පාලිකාවරියක්ගේ කතාවක්. මේ කතාව බලන උදවිය නම් දන්නවා ඇති මේ මුළුතැන්ගෙයි පාලිකාවන්ගේ වැඩේ රජතුමා, මව් බිසව සහ අග බිසවට විවිධාකාරයේ කෑම වර්ගය හදන එක කියලා. ඒ වගේමයි තානාපතිවරු ආපුවත් මෙයාල පෝෂණ ගුණය තියෙන ඒ වගේමයි රසවත් කෑම පිළියෙල කරන්න ඕනේ. කොහොම නමුත් ...
බලාපොරොත්තු කියන එක ඈත අතීතයේ ඉදන්ම වර්තමානය දක්වාත් ඒ වගේමයි අනාගතය දක්වාත් ඉන්න මිනිස්සුන්ගේ හිත්වල තියෙන දෙයක්. මිනිස්සු එක එක දේවල් ගැන එක එක විදිහට බලාපොරොත්තු ඇති කරගන්නවා. ඒ වගේමයි බලාපොරොත්තු තමා හුඟක් වෙලාවට මිනිස්සුන්ව ජීවත් කරවන්නත් මුල් වෙන්නේ. මේ බලාපොරොත්තුව එහෙමත් නැත්නම් Hope ඇතිවුණු ආකාරය ගැනත් රසවත් ග්‍රීක දේව කතාවක් තියෙනවා. ගින්දර සොරකම් කළ වරදට සියුස් දුන් දඬුවම විඳින ...
බුදු සිරිතත් එක්ක සම්බන්ධ වෙන විවිධ පුද්ගලයෝ වගේම විවිධ ස්ථාන රාශියක් තිබෙනවා. මේ විවිධාකාර පුද්ගලයන් වගේම ස්ථානවලට නම හැදුණු හැටි ගැන යම් යම් බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථවල කතා කරලා තිබෙනවා. හැම ස්ථානයේම හරි හැම පුද්ගලයාගේම හරි නම සකස් වුණු හැටි නැතිවුණත් සාමාන්‍ය ප්‍රමාණයකට ඒ පිළිබඳ විස්තර තිබෙන නිසා බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථ කීපයක්ම කියවද්දී මට හම්බුණු ඒ වගේ දේවල් ටිකක් ගැන කියන්න ...
කපිලවස්තුපුර නටබුන් කලින් සතියක ලියපු අයියලා නංගිලා කසාද බැන්ද හැටි කියන බ්ලොග් සටහනෙන් ශ්‍රේෂ්ඨ රාජ වංශයක් විදිහට සැලකෙන් ශාක්‍ය වංශය ආරම්භ වුණු ආකාරය ගැන කතා කළා මතක ඇති. ඒ වගේ ශ්‍රේෂ්ඨ වංශයක් වුණු ශාක්‍ය වංශයේ අවසානය බොහොම ඛේදනීයයි කියලා මම කිව්වාත් මතක ඇති. ඉතින් අද ආගිය කතාවෙන් කියන්න බලාපොරොත්තු වෙන්නේ ශාක්‍ය රාජ වංශයේ ඛේදනීය අවසානය පිළිබඳව. කෝසල ජනපදය කියන්නේ ...
ගුරු ගෝබින්ද් සිං සීක්වරුන්ගේ ආගම ආරම්භ වුණු හැටි ගැන අපි මේ වෙද්දී සටහන් පහකින් කියෙව්වා. කවුද මේ හර්බජාන් සිං, මන්මෝහන් සිං කියන සිංලා ??? ගුරු අංගද් දේව් ගුරු තනතුර පරම්පරාවට යයි අවුරුදු 8 දී ගුරු හර් ක්‍රිෂන් වසූරියෙන් මියයයි තවත් "ගුරු"වරයෙක්ව වධ දී මරා දැමෙයි මේ ලිපි මාලාවේ අවසන් කොටස තමා අද ලියවෙන්නේ. තමන්ගේ පියා වීරයෙක් වගේ මරණයට මුහුණ ...