අපේ අනාගත පරපුරට ලෝකය දකින්න වෙනහැටි… වර්ථමානයේදි ජීවත්වන අප කරන්නාවූ ක්‍රියාකාරකම් හමුවේ සිදුවන පරිසර විනාශය නිසා අනාගත පරපුරට මේ සුන්දර ලෝකය දකින්නට වන්නේ වාර්තා චිත්‍රපට, ඡායාරූප සහ පොතපතින් පමණක්ම වියහැක. පරිසරය සුරකින්නට ඔබත් අද සිටම සූදානම් වන්න. ඒ ඔබේ දරුවාගේ අනාගතය උදෙසා වන බැවිනි. ...

සබරගමුව සරසවිය ලංකාවේ ප්‍රධානයැයි සම්මත සරසවි ගොන්නට අයත් නොවූවද වර්ථමානයේ සරසවි අතර ඉහලින්ම වැජබෙන සරසවි අතරට කෙටි කලකින් පැමිනි සරසවියකි. ප්‍රධාන යැයි සම්මත සරසවි වලට තරම් පහසුකම් නොමැති වුවද, ඒ සරසවි තරම් රජයේ සැලකිල්ලට ලක් නොවූවද සිසුන්, ආචාර්යය සහ අනද්‍යන කාර්යය මණ්ඩලය කරන්නාවු කැපකිරීම් හමුවේ ලද සම්පත්වලින් ඉහලම ප්‍රතිඵල ලබාගන්නා සරසවියකි. ඒ නිසාම රටේ නමගිය සරසවි වලට අභියෝගයක් වන සරසවියක් ...

ආදරය කියන්නේ මොනවගේ දෙයක්ද? අනේ මන්දා… සමහරු ආදරය නිසා ජීවිත නැති කරගන්නවා සමහරු ආදරය නිසා ජීවිත නැති කරනවා සමහරු ආදරය නිසා ජීවිතය පූජා කරනවා සමහරු ආදරය නිසා ජීවිතය කැපකරනවා සමහරු ආදරය නිසා ජීවිතය විදවනවා ඒතකොට මේ ආදරය කියන්නේ මොනවගේ දෙයක්ද? දන්න කෙනෙක්, අත්විදපු කෙනෙක් ඉන්නවනම් මට කියලා දෙනවද? ...

බටහිර සුපිරි නිලියන් අදින අපේ කෙල්ලන් ලැජ්ජාව නිසා නො අදින ඒ සුන්දරවු රෙද්ද හොලිවුඩයේ නිර්මාණයක් වන, ලොව පුරා ජනප්‍රිය සිනමා නිර්මානයක් වන “අයන් මෑන් 3 – Premiere” චිත්‍රපටය එළිදැක්වීමේ උත්සව අවස්ථාව පසුගියදා පැවති අතර එහි රගපෑ හොලිවුඩ් නිළි බෙලා ‍තෝර්න් ලංකාවේ කෙල්ලන් අද පිලිකුලින් දකින ඇදුමක් වන රෙද්ද සහ හැට්ටයකින් සැරසී රතුපලස මත සිට ඡායාරූප සදහා පෙනීසිටි අකාරය ඉහත දැක්වෙනවා. අපේ කෙල්ලෝ බටහිර ඇදුම් ආයිත්තම් ඇදගෙන යන්තම් විලිවහගෙන බලන අයගේ රාගය, හැගීම් ...

පුදුම කෙලියකි සබරගමුවේ, පාලකයින්ගේ වැරදි වහගන්න සිසුන් හට වැරදි පැටවේ.. මේ අද උදේ පාන්දරම අපේ ගෙදරට ආපු අලුත් අවුරුද්දේ පලමුවෙනි ලියුම. මට කුණුහරුප මතක් වෙන්න කලින් අම්මා ලියුම අරගෙන ගියා. පස්සේ අම්මා එනවා බැනගෙන , මම හිතුවේ මට කියලා. අනේ අපේ අම්මා මට නෙවෙයි බනින්නේ මේ අමන සබරගමු සරසවි පරිපාලනයට. ඇත්ත තමයි. සිසුන්ගේ වැරදක් තියනවානම් ඒ වැරදි කරපු එවුන්ට තරාතිරම නොබලා දඩුවම් දෙන්නඕනි. ඒකේ දෙකක් නැහැ. හැබැයි වරදක් කරලා ...

ඇමරිකාවේ බොස්ටන් මැරතන් තරගයට බෝම්බ ප්‍රහාරයක්… ලෝක පොලිස්කාරයා ලෝකයේ ත්‍රස්තාවාදය පරදන්නට ගියත්, තමන්ගේ රටේ සිදුවන ත්‍රස්තවාදී ක්‍රියා නවතන්නට තවමත් සමත්වී නොමැත. එසේනම් අප රටේ වසර 30ක ත්‍රස්තවාදය මැඩලීමට එරෙහිව මානවහිමිකම් ගොස් වැඩක් නැත. තවත් ත්‍රස්තාවාදයට පන දිය යුතු නැත. උගත් පාඩම් වලින් නැවතත් මෙවන් විපත් ලොව කිසිතැනක නොම වීමට සැමදෙනාම එක්ව අත්වැල් බැදගත යුතු කාලයකි මේ. මේ විපතට පත් සියළුදෙනා වෙනුවෙන් මෙන්ම අනාගත පරපුර වෙනුවෙන් ...

උත්සාහවන්තයා සහ පරාජිතයා උත්සාහවන්තයා සහ පරාජිතයා අතුරින් ඔබ අයත් වන්නේ මින් කුමන කොටසටද? ඔබ උත්සාහවන්තයෙකු නම් ඔබ කෙදිනකහෝ ජයග්‍රාහකයෙකු වනු නො අනුමානයි.. නමුත් ඔබ කම්මැලියෙකුනම් සෑම විටම ඔබ පරාජිතයෙකු බවත් මතක තබාගන්න. ...

ආදරණීය විශාඛා ගුරුතුමියනි නිවන් සුව අත්වේවා. අකාලයේ අප අතරින් සමුගත් අපේ ආදරණීය විශාඛා ආනන්ද ගුරුතුමියනි, ඔබ අපට කියා දුන් පාඩම් පාසලේදී පමනක් නොව ජීවිතයටද මහගු මගපෙන්වීමක් විය. විටක ඔබ යෙහෙලියක්, සොයුරියක්, ගුරුතුමියක් පමණක් නොව මවක්ද විය. එදා අප පොඩි උන් නිසා දගවැඩ අපමණකට කලෙමු, නමුදු ඔබ ඒවා නවතන්නට සිතුවේ නැත. ඒනිසාම ඔබට ආදරය කල සිසු පරපුරක් ඔබ වටා විය. ඒ සිසුන් තුලින් ඔබ ඔවුන්ගේ දක්ෂතා ...

හිත ඇත්නම් පත කුඩාද? තමන්ට නොලැබුන දේගැන නොසිතා  වඩාත් විශ්වාස වන්තව වැඩ කිරීමට හැකි බවත්, ඒ තුලින් තමන් බලාපොරොත්තුවන ජය ලබන්නට හැකිවගත් මේ මගින් මෙම ක්‍රීඩකයා ලොවටම පෙන්වා දී ඇත. ...

ජීවිතයත් ගහක කොළයක් වගේ…. පුංචිම පුංචි දළුවකින් පටන් අරගෙන ලෝකෙටම පේන්න  ලොකුවෙනකොට කාටද ආස හිතෙන්නෙ නැත්තේ පොඩි එකා ගැන පටන් ගන්නකොට පාට ගහලා තිබුනාට ඒපාට තියෙන්නේ ටිකකාලයයි මෝරනකොට ඒක වෙනස් වෙනවා නේද? තරුණ විසය ඇගට ගහලා විසේකාර වෙන්න කලින් ඒ තිබුන ළමා ගතියට හැමෝම ආසයි හැමදාමත් ආම් බාම් කරන්න අමාරු තරුණ කමට වඩා.. තරුණ කාලය හැමදාටමයි කියලා හිතුවට ඒ සුළු කාලෙදි කාටවත් නැවෙන්න ...

අපි ඇදුම් අදින්නේ විලි වසා ගන්නම නෙවෙයිනේ. එහෙම විලි වසා ගන්නම ඕනිනම් ඇග වැහෙන්නම අදින්න ඕනි, නැතුව බිකිනි වගේ ලිංගික අවයවය විතරක් වැහෙන්න ඇදුම් ඇන්දාට වඩා  හොදයි ඒවත් නැතුව හෙලුවෙන්ම හිටියානම් . එහෙනම් අපි ඇදුම් අදින තවත් කාරනාගොඩාක් තියනවා, ඒ තමන්ගේ සමාජ තත්වය, තමන්ගේ විලාසිතා වලට ඇති කැමැත්ත, තමන් අනිත් අය අතර කැපී පෙනෙන්නට දරන උත්සාහය  වගේ දේවල්. ඒනිසාමනේ අද ඇදුම් ...

හසංගිට ඔබේ උදවු අවශ්‍යම මොහොතයි මේ.. හසන්ගි…. ඇය මට හම්බ උනේ Microsoft Student Champs කණ්ඩායමේ සාමාජිකාවක් විදිහට. කොළඹ විශ්වවිද්‍යාලයේ 3 වන වසරේ ඉගෙනුම ලබන හසංගිට පිට්‍යුටරි ග්‍රන්ථියේ ඉදිමීමක් නිසා මාසයක් ඇතුලත ශල්‍යකර්මයකට මුහුන දෙන්න සිද්ධවෙලා.එය ඉතා ඉක්මනින්ම කලයුතු බව වෛද්‍යවරුන් පවසා ඇති අතර දැනට ගණන් බලා ඇති ආකාරයට මේ සදහා රු ලක්ෂ 10 ක් පමණ වැයවේ.. අපි සමහර වෙලාවට සල්ලි හේතුවක් නැති දේවල් වලට වියදම් ...

මට කෙල්ලෙක් හම්බවුනානේ….. (18 +) ඕං ඕං ඉතින් වැරදියටම හිතන්න පටන්ගත්තා.. මට කෙල්ලෙක් හම්බවුනා කිව්වාම ඔයාලා හිතුවද මම ගැබ්බර වෙලා කියලා. ම්ම්… බාගේ වෙලාවට මගේ කෙල්ලත් එක්ක ඉන්න වෙලාවට නම් එහෙම හිතෙනවා තමයි මොකද ඉතින් එයාගේ වැඩේම හුරතල් වෙන එකනේ. මේ මම කියන්න හදන්නේ වෙන කතාවක්. පහුගිය 14 වැලන්ටයින් සමරපු ඔයාලට හිතට ගන්න තියන කතාවක්. මේ සිදුවීම ගැන ඔයාලට හිතෙන දේත් මට කියන්නකෝ.. ආදරය කියනදේ ...

ශ්‍රී ලංකා ක්‍රිකට්, මැතිව්ස්, චන්දිමාල් සහ සනත් අම්මේ තඩි ප්‍රොජෙක්ට් එකක් ඉවර වෙලා හුස්මක් ගන්නවත් ලැබුනේ නැහැ තවත් තඩි ප්‍රොජෙක්ට් එකක් කරන්න ලැබුනා. වැඩේ පටන් ගන්න කලින් පෝස්ට් එකක් දාන්න හිතුවා. මොකද ගොඩ දවසකින් ලියන්නත් බැරිඋනානේ.. වැලන්ටයින් දවසේ උන රස කතා ගොඩාක් තියනවා කියන්න, ඒක ඊලග සැරේ ලියන්නම්. එතකොට අද කියන්න යන්නේ මොකක්ද? ඔයාල ඉතින් ක්‍රිකට් ගැන හොදට දන්නවානේ, ආය අමුතුවෙන් අපේ කොල්ලොන්ගෙ දක්ශතා ගැන කතා කරන්න ...

ප‍ටු අදහස් නම් පවුරින් ලෝකය කැබැලි වලට නොබෙදී ඥානය නිවහල් වී බියෙන් තොරව හිස කෙලින් තබාගෙන සිටිනට හැකි කොහිදෝ ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ සත්‍යය පතුලින් ගලනා පිරිසුදු වචන කොහිද ඇත්තේ ගතානුගතිකව පැවතෙන සිරිතේ මරු කතරට වැදිලා නිර්මල ජල ධාරාව තර්කයේ සිඳී ගිලී නොගියේ ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට මාගේ දේශය අවදි කරනු මැන ...

ඉවසීම, හැකියාව සහ වෙනස් ඇස වෙනස් ඇසකින්, වෙනස් කෝණයකින් ලොව දකින මිනිසුන් ලොවට අමුතු අමුතුදේ එක්කරති. ඔබත් වෙනස් ඇසකින් ලොව දකින්නට සූදානම්ද? එසේ නම්, තමන්ගේ හැකියාව, නිර්මාණශීලීත්වය සමගින් ඉවසීම පුරුදු කරගන්න. එවිට ඔබත් සියුම් නිර්මාණ කරන්නට වාසනාවන්තයෙකු වේවි. ...

මීට අවුරුද 2කට විතර කලින් මම අන්තර්ජාලයේ සැරිසරත්දි තමයි සිංහල බ්ලොග්1 මුලින්ම මාට්‍ටු උනේ. ඒ මාරයා අයියාගේ බ්ලොග්1. ඒක මම හරි ආසාවෙන් කියව්වා, ඒ මාර්ගයෙන් තව බ්ලොග් කිහිපයක්ම කියවන්න පුරුදුවුනා. පස්සේ මමත් හිතුවා මමත් මොන අටමගලක් හරි ලියන්න ඕනි කියලා. අන්න එහෙම තමයි මම අසම්මතය ලියන්න සෙට්වුනේ. ඒ අටමගල ලියන්න පටන් අරගත්ත දවසේ ඉදලා තවත් බරගානක් බ්ලොග් කරුවෝ මට අන්තර්ජාලයෙන් ...

Previous Page