දුරස් වී ගී කාලය නිම වී නැවත ඇවිදින් බැලු කල් නුබ පෙනෙන්නට නෑ වාගෙයි දුර ගිහින්වද නොදැනෙයි...ආයෙත් අසනි වැස්සේ තෙමෙන්න ආරධනා කරනවා හිතාදර යාලුවෝ හැමෝන්ටම.. කාලයේ වැලි තලාවේ වැළලිලා නොගිය ඔය ගොල්ලන්ගේ ආදරේ හොයාගෙන නෑවිදින් ඉන්න අසනිට බැරි වුනා..ආයෙත් අපි ලියමු... ඒ දේවල් කතා කරමු.. අපි අපි වෙනුවෙන් සතුට සොයගෙන යමු..ප.ලිඅසනි ලියන්න ආවේ නැත්තේ ඇයි කියලා හොයපු යලූවෝ හැමෝන්ටම ...
නුබේ දුක සැප මගේ සිතු මට නුබත් පිටුපා ගියා නම් ලොවේ කිසිවක් තව තියේවිද වෙනස් නොම වන නියාවෙන්... නෙතින් වරුෂා ගලා යන විට නුබත් තව මා පෙලයි නම් කුමට අඩමිද තවත් මන් දුර නුබෙන් නැති තැන දයාවක්... හඳින් වැගිරෙන් කදුලු බිදුවක් නෙතග අගටම විත් නමුත් අදින් පසු මා කදුළු සඟවමි නොවටිනා බව දැන ගතිම්...ප.ලි අසනි කතාවක් කියන්න අරන් ඒක ...
අසනි මොකද්ද බොල මේ කඩා බිදන් ඇවිත් කියන්න හදන්නේ...කතාවක් පටන් අරන් තාම දෙවෙනි කෑල්ල ලිව්වෙත් නෑ...අපිත් යකෝ විභාග ලිව්වා මෙහෙම පාඩම් කරේ නෑ...ඔහොම හිතපු ඈයොන්ට කියන්න තියෙන්නේ මෙච්චරයි...අසනි විභග හැට හුටා මාරක් කරන්න අරන් එරිලා ඉන්නේ...(කලට වෙලාවට වැඩ නොකිරීමේ ප්රති විපාක තමා ඔය... හි හී...මොන පෙර වදන්ද කතාවට බහින්නම්කෝ... අපේ යාලුවෝ දන්නවනේ අපේ අම්මා චීචර් කෙනෙක්නේ...ගජ රාමෙට ඔසරිය අදලා....බෑග් මළු ...
එක තප්පරේකටවත් මගෙන් ඇස් අහකට නොගෙන මන් දිහාම බලන් උන්න නිසල උබ විතරයි සසල මගේ හිත ලග අවසානේදි නතර වුනේ සංසාරේ තනි රකින්න.....
"අශේන් චුට්ටක් මන් කියන දේ අහන්න..ඇයි ඔයාට බැරි එක සැරයක් සමාව දෙන්න, ඒ අසරණීට ඔයා ඇරෙන්න එයාට කවුරුත් නෑ අශේන්…ඒක මට වැඩිය හොදටම දන්නවනේ ළමයෝ..""මට බෑ මලිති ඒකිට සමාව දෙන්න..පරම්පරාවෙම මූනෙ දැලි ගෑව..මැරුනු අම්මා තාත්තා ගැනවත් මේකි හිතුවද..""මට තේරෙන් නෑ අශේන්..මන් දන්න එකම දේ තමයි ඔයා ඔයාගෙ ජීවිතේට ලොකු පසුතැවීමක් හදා ගන්න මේ අර අදින්නෙ..""අනේ මලිති දන් නැති මගුල් වලට ...
කොයි වෙලෙත් ඔන් එකේ තියෙන කසි කබල් පෝන් කට්ට එක සැරේම වැඩ නැතුවම... පාන්දර 3 ත් පහු වෙද්දි ගජ රාමෙට ගොර අදින උබ කාමරේ නැති වෙනකොට... මිස් ගහලා,මජාස් යවලා වටේ පිටේ යාලුවන්ව වද දීලා අහැරවලා... ඉන්ටනෙට්ටුවෙයි අහස් කව්ළුවෙයි දන්න කියන පරම්පරාවෙම කට්ටිය එක්ක උබව හොයද්දි... මට හිතුනේ සදහටම උබ මට නැති වුනා කියලා හිත කිව්වා කවුරු හෝ ඇවිත් උබව ...
වහින බිංදු වැස්සේ ඔරු පාරු පාවුනේ මගේ හිතට ආලයේ සෙවනැල්ල ලං උනේ වස්සාන සීතයේ එක කුඩයේ ලං උනේ පාට තැවරූ ආදරේ දේ දුන්න පෑයුවේ පාසල් වියේ කැන්දු බැඳි ආදරේ මගේ නොකියාම හොර රහසේ අද ඇයිද හැංගුනේ...පාසල් කාලේ ආදරේ කියන්නෙ කාටත් පොදු දෙයක්නේ ...සමහර අයගේ ආදර කතාවල් සීමා වෙලා තියෙන්නේ එක හිතකට විතරමයි අදටත්..තවත් සමහර ආදර කතා ලස්සනට ගලාගෙන ගිහින්..එක ...
ඔබ තුමා රහසේම අපෙන් සමු අරගෙන...ඇස් වලට කදුලු උනන තරම් දුකක් අපේ පුංචි හිත් වලට..දැනෙන තරම් ඔබ අපිට සමීපයි.මොකද ඔබගේ නිර්මාණ වලින් රසවත් වුනු ලාංකික දරුවෙක් නැති තරම්.පුංචි කාලේ ටියුශන් පන්තියේ ඉදන් හැල්මේ 5 ට දුවන් ආපු මන් ඒකට සාක්කි දරනවා ටයි මාමේ..ඔබ තරම් අපිව තෙරුම් ගත් කලාකරුවෙක් තවත් ඉන්නවාද කියන්න නම් මන් දන් නෑ..ඒත් ඔබ වන් කෙනෙක් ආයෙත් නොයෙන ...
අරක් ගෙන සිටින භුතයන් සියලු දෙනාගෙන් අවසර....!!!(පසුබිමෙන් උගුර පාදන හඩක් ඇසේ)මකුළු දැලින් ස්වංපෝශිතව සියළු පෙරේත කුම්භාන්ඩයන්ගෙන් අරක්ගෙන ඇති මගේ බ්ලොගේ ආයෙත් ලියන්නයි ඕන් සූජානම...කොහෙන් පටන් ගන්නද කියලා හිතා ගන්න බැරි තරම් අසනිගෙ හිත අපිළිවෙල වෙලා.. බය වෙන්න එපා අනෙ ඔයැයිලා.. අතුරු ආන්තරාවක් නෙමේ.. වැඩ අයියෝ.. (කියහල්ලා පුළුවන්නම් කට උඩට එනකන් හිටියම ඔහොම තමයි කියලා)..වැල්වටාරම් මොටද අනේ...කතාවට බහිමුකෝ...තේමා ගීතයක් වාදනය නොකරම ...
අමතක කරන්න කරන්න පස්සෙන් වහ වැටිලා අතොරක් නැතුව මාව හොයාන හැල්මේ දුවන් එන්නේ ඇයි උබ මොනාද ඉල්ලන්නේ වේදනාවද, කදුලද, හීල්ලුමද, නැත්තම් මරණයද...? ...
වැඩ ගොඩ අස්සේ තකහනියේ ආවේ මේ පැත්තේ, බ්ලොගේ හූල්ලනවා බලන් ඉන්ට බැරුවමයි..නිවාඩු තිබිලත් බෑ නැතුවත් බෑ අප්පා..හරි හරි ඒකෙන් මේකෙන් කමන් නෑ කතාවට බහිමු.. කතාව කිව්වට කතාවක් නෑ අනේ...අපේ කට්ටිය දන්නවනේ.. දුකට සැපට දෙකටම සෙට් වෙන අපේ ලගම හිතවතානේ ජංගමේ.. ඕකට ඉතින් වයිරස් වගේ බෝ විච්ච උනක්නේ මේ "පුංචි පුංචි මැසේජ් කෑලි යවන එක".මේ ඒ වගේ මට ...
හීන කප්පර දුන්නු කදුලැලි ඉහිලුවේ මන් හද දුක් සෝ බරින්... අඩ ගසනු කිම බොද කරනු වස් ජීවිතේ ආයෙත් තුටින්... අතැර ගිය නුබ තනි වුනත් මම එපා මට යළි කිසි දිනක... ...
මුලින්ම ඩෝන් ගාලා කතා පොඩ්ඩ දාන් නැතුන් වැදගත්ම කාරනේ කියන්නම්කෝ... අසනි බඩ අල්ලන් දෙකට නැමිලා..අනිත් ඈයෝ මගේ හිනාවට හිනා වෙන තරම් හිනා වෙන්න දන්නවා වුනාට මොකද...හිනා යන්න කතා කියන්න නම් දන් නෑ...ඒත් සමහර සිද්ධි හිතේ හිර කරන් ඉන්නම බැරි දෝහේ ඔන්න මන් හිතුවා හීනියට වගේ පෝස්ටු වල කොටලා දාන්න.."හිනා වුනා" කියලාඕන් මීට පස්සේ මේ යටතේ ...
කෙස් රොද ගෙන ජෙල් තවරා හැඩයෙන් රදනා යන එන ගැටිස්සියන් උසුලු විසුලින් පෙලනා &
කොටින්ම කිව්වොත් කාටවත් කරදරයක් නැති අහිංසක මගේ අවසනාවට මේ මහ වැස්ස පටන් ගන්නේ පන්ති පටන් ගන්න වෙලාවටයි, අරින වෙලාවටයි..ඊට වඩා දුක හිතෙන කතාව කුඩ පොඩ්ඩ ගෙදර දාලා ඇවිත් තියෙන එක...නයි හිටියත් නොදන්න තරමේ අස් කිරිල්ලක් ජීවිතෙට නොදන්න මගේ බෑග් මල්ලේ ඉතින් කුඩේ තිබ්බොත් තිබ්බා..නැත්තන් නෑ තමයි ඉතින්...මුවා වෙන්න ගසකුත් නැති වෙලාවේ කියලා..විශාකා තොමෝ ඇවිදන් ගිය ...
අම්මෝ කාලෙකට පස්සේ තමයි මේ බ්ලොගේ පැත්තේ අව්දින් පෝස්ටුවක් කොටන්න තනන්නේ..වැඩ වැඩ කිව්වම නිමක් නැති වැඩ කන්දරාවකට තමයි පැටලිලා උන්නේ..ලැබුණු පුංචි ඉස්පාසුවේ තමයි මේ ලිපිය කොටන්නේ..ඕන් ඉතින් ආයේ දිගටම ලියන්න තමා මේ ඇරඹුම.. වැඩි කයි කතාන්දර මොටද කියලා කතාවට බහිමුකෝ..ටිකක් අනුවේදණීය හෙළ සිරිතක්ද මන්ද මේ අසනියා හෙලා දකින්න යන්නේ..දෙයියන්පල්ලා හිතේ ආවේගෙටමයි මේ ලියන්නේ ඕන්..අපේ යාලුවන්ට මන් අමුතුවෙන් කියන්න ඕන් නෑනේ… ...
ජර මර ගොඩක් අස්සේ..මේ පැත්තේ දුවන් ආවේ..හනි හනිකට අපේම අපේ පාතීමාලට.. හුසේන්ලට.. අහමඩ්ලට.. "ඉද් මුබාරක්" කියන්න...මෙහෙම සුබ පතන්න කියලා මේ කෙල්ලට කියලා දුන්නේ මීට අවුරුදු දෙකකට විතර එපිටහින් අදරණියයෙක්... කිව්වා හරිද මන්දා ඕන්... දන්න හරුපෙන් කිව්වොත් "අපේ මුස්ලිම් සහෝදර සහෝදරියන්ට අසනිගෙන් රාමසාන් සුබ පැතුම් ඕන් ඔන්න ඈ..."හෙට කටට කෙළ උනන කෑම හම්බෙයි යන බලාපොරොත්තුවෙන් තමා මේ ඉන්නේ.. මිරිස් දාපු මුරුක්කු.. ...
"අම්මාපල්ලා උඹනන් මහ හිතුවක්කාරයි" සත්තම් පා කියලා පුලුවනන් අපේ ඈයේක් ඉන්නවනන් මෙහෙව් පදේ නොහාපු.. ඕන් මට කියන්න ඕනා... මොකෝ අසනි මේ එහෙම කිව්වේ... නෑ අදහන්න වටිනවා අප්පා එහෙම එකෙක් මේ තුන් ලොව ඉන්නවනන්...මොකේ අසනියා ඕක අවුරුදු විසි ගානක් තිස්සේ මන්තරේ වගේ අහනවා නොවෑ... කලකට පස්සේ වෙලකට බැස්සේ කියලා ඩිංගිත්තක් දිග ලිපියක් ලියන්නයි ඕන් සුජානම..ඇත්තටම ළමයි හිතුවක්කාරද....හෝරාගේ අම්මගෙන් පේන අහනැයේ මුන්ගෙන් ...
අද ඉන්නේ රෝහලේ යහනේම සැතපිලාදුව ඈත හින්දාඑන පාර දන් නෑතාත්තේ නුබ මගේජීවිතේ සැමදා ජය ගත්තු වීරයා...දොයි දොයි කියාලානැල වුව හින්දාකුස ගින්නේ නොතියාමට ජීවේ දුන්නාලේ බරට හැඩුනානුබ ලෙඩ වු හින්දාගෙදර එන්න තාත්තේ දු අඩන හින්දා..මේ ගීය නුබගේ දෑසින් දකිත්වා... ...
පෙම් හීන මට දී