මිනෙසෝටා හි ඇමෙරිකන් කෙල්ල බෝනික්කන් වෙළඳසැල ලෝරා ඉන්ග්ලස් වයිල්ඩර් ඇයගේ දියණිය වූ රෝසාට කතන්දර ලිව්වා වගේ ඇමෙරිකාවේ පුංචි ළමයින්ට ඉතිහාසය කියා දෙන තවත් විදියක සාර්ථක උත්සාහයක් අපේ කාලයේ දී නැවතත් සිද්ධ වූවා. ඉතිහාසය අනුව නිමැවෙන “ඇමෙරිකන් කෙල්ල” ජනප්‍රිය බෝනික්කන් බ්‍රෑන්ඩ් එකක්. එහි නිර්මාතෘවරිය ප්ලෙසන්ට් රෝලන්ඩ්. ප්ලෙසන්ට් රෝලන්ඩ් ඇමෙරිකන් ඉතිහාසය පිළිබඳ රසිකාවියක්. යටත් විජිත සමයේ විදියට නිරූපනය වෙන වර්ජීනියාවේ විලියම්ස්බර්ග් නගරය ජනප්‍රිය සංචාරක ස්ථානයක්. රටේ නැගෙනහිර ...

ලෝරා ඉන්ග්ල්ස් වයිල්ඩර් ලෝරා ඉන්ග්ල්ස් වයිල්ඩර් ගැන මතක් කරපු පළමු එක්කෙනාට දැම්ම irony විහිළුව ලියපු විගසින් මකා දැම්මා … මේ සටහන මගහැරිලා ඒක විතරක් කවදා හරි කියවන අය තක්බීරි වේවි!!! ඉතිහාසයට එකතු වූ ඇය ලියා ඇති පොත් අපි අගය කරන්නෙ ඇයි? ඕනෑම පුංචි ළමයෙක්ට ඒවා කියවන්න ආසා හිතෙන විදියට සරල බසින් ලියලා තියෙන නිසා පමණක් නෙමෙයි. එහි කියැවෙන නිදහස් අදහස් පුංචි ළමයි ...

මැඩිසන් වල නේපාල කඩේ මැඩිසන් වල තියෙන මේ නේපාල කඩේට සුදු අප්පුහාමියි මායි ගොඩවැදුනේ අපි විවාහ වෙච්ච අලුත. සුදු අප්පුහාමිගේ කැම්පස් යාළුවෝ බලන්න මේ පැත්තෙන් යද්දී මම මගෙත් කැම්පස් යෙහෙළියක් මැඩිසන් වල ඉන්නවා කිව්වම එයා විශ්වාස කළෙත් නැහැ. ඉඳහිටලා දිරච්ච ලණු දෙන සිරිතක් දෙන්නටම තිබ්බ. කොහොමින් හරි දෙන්නම අපේ යාළුවන් හමුවෙන්න ආපු වෙලාවේ මේ නේපාල කඩේටත් ගොඩ වැදුන. රටට ඇවිත් වැඩි කාලයක් නොගිහින් ...

පාරේ ගෙවල් යනවා දැකලා තියෙනවා ද? පාරේ ගෙවල් ගෙනියන හැටි දැකලා තියෙනවා ද? කම්හලේ හදලා ඉඩමට ගෙනැවිත් දාන මේ වගේ ගෙයක කාමර දෙක තුනක්, කුස්සියක් සහ වැසිකිලියක් දෙකක් ද අඩංගු වීම සාමාන්‍යයක්. සමහර අවස්ථාවල දී ගෙයක කෑලි දෙකක් හැටියට මැදින් වෙන් කරලා වෙන වෙනම අරගෙන යන හැටිත් දකින්න පුලුවන්. “ඕවර්සයිස්” කියලා ලොකුවට පෙනෙන්න ගහපු පුවරුවක් අරගෙන කළින් සහ පස්සෙන් රථ දෙකක් යෑම ඒ මාර්ගයේ අනිත් ...

රටේ කොඩිය සහ ප්‍රාන්තයේ කොඩිය ෆෙඩරල් ආණ්ඩුවක් වුනාට ඇමෙරිකාව ජනරජ ව්‍යවස්ථාවක් එක්ක හැදිලා තියෙන්නෙ. ප්‍රාන්ත වලට දී ඇති ස්වාධීනත්වය ඉතා සුවිශේෂී වූවක්. මහජන ස්ථාන වල දී රටේ කොඩිය දකින්නට ලැබෙද්දී ඒ සමඟ දකින්න ලැබෙන ප්‍රාන්තයේ කොඩිය වරදින්නෙ නැහැ. හැම ප්‍රාන්තයකටම කොයි අතුරු පාරකින් හෝ කොයි කොණකින් ඇතුල් වුනත් වහාම දැනගන්න හැකියාව ලැබෙන විදියට නාම පුවරුවක් ගහලා තියෙනවා. අධිවේගී මාර්ග වලින් ප්‍රාන්තයට ඇතුල් වෙද්දී දැවැන්ත ...

අද කොහෙද යන්නෙ? උදේ කෑම මේසයට වාඩි වෙච්ච ඥාතීන් වෙතින් ගමනේ දී දැක බලාගත යුතු තැන් බොහොමයක් ගැන විස්තර ලැබුණ. කෑම වලට වඩා පත්තර වලින් මේසෙ පිරිලා තියෙන්නෙ වයස 90 ක් පිරුණු ආච්චි අම්මා තරුණ කාලේ පුවත්පත් කලාවේදිනියක් නිසයි. ටොරනාඩෝ එකක් ඇවිත් ඔක්ලෝහෝමා පළාතක් විනාශ කරල ගිහින්. උතුරු පැත්තෙන් ගමන යන්න තෝරාගත්තු එකෙන් ටොරනාඩෝ කලාපයන් පොඩ්ඩක් මඟහැරෙනවා. ඉන්දියානා ප්‍රාන්තයේ පටන් ගෙන කොහෙන් ...

පළමු දවසෙ පින්තූර දුවයි මායි ගමන පටන් ගත්තෙ උදේ හයට විතර ඉර පායද්දී. අධිවේගී මාර්ග වල වැඩි සෙනඟක් හිටියෙ නැහැ. මේරිලැන්ඩ්, පෙන්සිල්වේනියා, බටහිර වර්ජීනියා පහුකරගෙන ඇවිත් ඔහායෝ වල දී ලංකාවෙන් ළඟක දී ආපු කෙනෙකුවත් බලන්න ගියා. අද ගමනෙ අවසානය, රාත්‍රී නමය වෙද්දී, ඒත් ඉර සම්පූර්ණයෙන් බහින්න කළියෙන් පිවිසුනේ ඉන්දියෑනා ප්‍රාන්තයේ ඉන්දියෑනාපොලිස් නගරයට. යන්න හිතාගෙන හිටපු මාර්ගයෙන් පොඩ්ඩක් පිට පැන්නට හෙට ඉඳලා ආයේ ...

එන්න මාත් එක්ක දුර ගමනක් යන්න අත්ලාන්තික් මුහුදු වෙරළබඩ සිට ඇමෙරිකාවේ පැසිෆික් මුහුදු වෙරළබඩ දක්වා “රෝඩ් ට්‍රිප්” එකක් යන්නයි සූදානම. යන්නට අදහස් කරන මාර්ගයේ සිතියමක් තමයි දකුණත තියෙන්නෙ. ගමනෙ දුර සැතපුම් 2,877 නැත්නම් කිලෝමීටර් 4630 ක් කියලයි ගූගල් සිතියම් කියන්නෙ. කපුටෙක් කොළඹ සිට පිලිපීනයට කෙළින්ම පියාඹලා ගියොත් දුර සැතපුම් 2835 ක් නැත්නම් කිලෝමීටර් 4562 ක් වගේ ගාණක්. ගමනක් යන්න පටන් ගත්තම අතරමඟ වෙන පැති වලින් ...

මුහුදු නගරයේ පරණ කාර් රැළිය සංචාරක සමය ආරම්භයේ දී පැවැත්වෙන පරණ කාර් රැළියක් මේ සති අන්තයේ දී මෙරිලැන්ඩ් හි මුහුදු නගරයේ පැවැත්වෙයි. සමහර වාහන පැරණි වුවත් සමහර වාහන පැරණි වාහන සේ අලුතින් හදන ලද ඒවාය. පැරණි වාහන රසික රසිකාවියන්ට වාහන නරඹන්නට සහ තමන්ගේ පරණ වාහන ප්‍රදර්ශනයට මේ රැළියේ දී පුළුවන. ඒවාට අවශ්‍ය කොටස් මිල දී ගන්නට හැකි සහ වාහන විකුණා ගන්නට හැකි අවස්ථාවක් ද ...

ඩෙලවෙයාර් මැගී ගොවිපලෙන් ස්ට්‍රෝබෙරි වාරය ආරම්භ කළෙමු මේ වාරයේ ස්ට්‍රෝබෙරි ඉදෙන්න පටන් ගැනීම පොඩ්ඩක් පරක්කු වුනා. වසන්තය එබිකම් කළාට හේමන්තය දාලා යන්න කැමති නොවෙච්ච නිසා. එහෙන් මෙහෙන් රතුපාට වේගන එන ස්ට්‍රෝබෙරි වගාව මහජනතාව වෙනුවෙන් දැන් විවෘතයි. කැමති අයට එතැනින් දෙන පෙට්ටි පිරෙන්න ස්ට්‍රෝබෙරි කඩාගන්න පුළුවන්. ඊට පස්සෙ තරාදියකින් බර මැනලා රාත්තල් ගානට ගෙවනවා. බිමට නැවිලා ස්ට්‍රෝබෙරි කඩන්න අකමැති නම් එතැනින් කඩපු ස්ට්‍රෝබෙරි මිල දී ගන්නත් පුළුවන්. ...

ඇලබැමා හි මිලියනපතිවරයා වහලුන්ගේ මුනුපුරෙකි 1892 දී ඇලබැමා ප්‍රාන්තයෙහි වහල් සේවකයන් ගේ මුනුපුරෙක් ලෙසින් උපදින ආතර් ජෝර්ජ් ගැස්ටන් ඇමෙරිකාවේ ධනවතෙක් වූයේය. ඔහුගේ ජීවිත කතාව දිග හැරුණු ආකාරය මෙසේය. ඔහුගේ පියා රේල්ලුවේ කම්කරුවෙකි. ඔහුගේ මව අරක්කැමියෙකි. කුඩා කාලයේ දී ම පියා මිය ගියේය. මව අරක්කැමි රස්සාව කරන නිවසේ ඔහු බාල කාලයේ දී හැදී වැඩුණි. දහවැනි පංතිය දක්වා පමණක් තාක්ෂණික පුහුණු අධ්‍යාපනයක් ලැබීය. පත්තර විකුණන වැනි ...

හර්ෂි හෝටලය, චොක්ලට් ටවුම, යූඑස්ඒ 1930 දී ඉදි කරන ලද “හොටෙල් හර්ෂි” තියෙන්නෙ පුංචි කන්දක් මුදුනක. වර්තමානයේ දී එය ඇමෙරිකාවේ ජාතික ඵෛතිහාසික ස්ථානයක් හැටියට සැලකේ. මෙය ඉතාලි සහ ස්පාඤ්ඤ ගෘහ නිර්මාණ විලාසිතා ආභාෂයෙන් ගොඩනඟන ලද්දකි. ඇමෙරිකාවේ මහා ආර්ථික අවපාත සමයේ දී හර්ෂි චොක්ලට් කොම්පැණියේ නිර්මාතෘවරයා ඉදිරියේ තෝරා ගැනීමක් විය. පළාතේ ගොඩනැඟිලි ඉදිකිරීම් කටයුතු වල නියැළෙන කම්කරුවන්ගේ රස්සාවල් නැතිවීම නිසා ඔවුනට සුබසාධන ගෙවනවා ද? නැත්නම් ...

ඇමෙරිකන් මාක්ස් ගේ ලොව විශාලතම සෙල්ලම් බඩු කම්හල ඔහුව දන්නා හඳුනන අය ලුවි මාක්ස්ව හැඳින්වූයේ එයා හරියට “වයින් කරපු සෙල්ලම් බඩුවක් වගේ,” කියාය. ඔහු අතපය වනමින් කතා බස් කළ ජවයෙන් පිරුණ පුද්ගලයෙකි. ඔහුට වැදුන ලේබල් අතර “ඇමෙරිකාවේ සෙල්ලම් බඩු රජ්ජුරුවෝ,” “සෙල්ලම් බඩු කර්මාන්තයේ උකුස්සා,” “සෙල්ලම් බඩු කර්මාන්තයේ හෙන්රි ෆෝඩ්,” සහ “ටෝයිකුවේරයා,” යනාදිය වූහ. ජර්මන් යුදෙව් දෙමාපියන්ට දාව 1896 දී නිව් යෝර්ක් ප්‍රාන්තයේ බෲක්ලින් හි උපදින ලුවි මාක්ස් ...

වීදුරු සිවිලිම කඩා දමා ඉහළට නැඟ්ග ජැකී රොබින්සන් සුළු ජාතිකයන්ට සහ කාන්තාවන්ට සුදුසුකම් හෝ කුසලතා කොතරම් තිබුණ ද, සමාගම් තනතුරු වල ඉහළට යා නොහැකි, නොපෙනෙන එහෙත් කඩා බිඳ දැමිය නොහැකි වූව නම් ‘වීදුරු සිවිලිම’ යැයි හැඳින්වීමක් ඇත්තේ අර්ථ ශාස්ත්‍රඥයේ ය. දීලා තියෙන දෙයක් ආපහු අරගෙන තමන් තීරණය කරන පිරිසකට පමණක් දෙන්න පුළුවන් ද යන්න නොසලකා විධායක ඕඩර් 10925 න් “වීදුරු සිවිලිම” ඉවත් කරන්නට රෙගුලාසියක් ඇමෙරිකාවේ ස්ථාපිත කළහ. ...

බැස්ටියාට් තෑග්ග -පරණ ලිබරල්වාදයේ ඉහළ සම්මානය ෆ්‍රෙඩරික් බැස්ටියාට් (Frédéric Bastiat) කවුදැයි දැන ගන්නට හැකි වඩාත් ම සුදුසු ක්‍රමය මේ අඩවියේ දකුණත අමුණා ඇති ඔහුගේ “නීතිය” කෘතිය කියැවීමයි. පින්තුරයේ ඉන්නේ 2007 දී “බැස්ටියාට් තෑග්ග” දිනූ අමිත් වර්මා සහ ඔහුගේ බිරිය ජැස්මින් වෙති. 2012 සිට විචාරය පදනම නොහොත් Reason Foundation වෙත වගකීම බාර වෙන “බැස්ටියාට් තෑග්ග” ලෝකය පුරා මාධ්‍යවේදීන් අතරෙන් වැඩියෙන් ම නිදහස් සමාජයක් පැහැදිලි කරන, වැඩියෙන් ...

බැටළු සමක් පොරවා ගත් වෘකයා වූ ෆේබියන් සමාජය 1883 දී එනම් කාල් මාක්ස් සමාජයේ ගෞරවාදරයට පත් නොවී මිය ගිය වසරේ දී එක් සීතල සැන්දෑවක බ්‍රිතාන්‍ය ජාතිකයන් හය දෙනෙක් තම රැකියාව එපා වී සිටි 26 වියැති එඩ්වර්ඩ් ආර්. පීස් සමඟ සතුටු සාමීචියේ යෙදී සිටියහ. කොටස්වෙළඳපොල බ්‍රෝකර් රැකියාව නීරස වූ පීස් එය දුරාචාරයක් යැයි හංවඩු ගහමින් එහිම නිරත වී සිටියෙකි. බුර්ජුවාසී පංතිය නියෝජනය කළ මේ කල්ලිය තරුණ වූහ. මහා ...

පුරාතන රෝමයේ පොදු ජනතාව නොහොත් plebeian නමින් හැඳින්වූවන් හිටිහැටියේ වැඩ වර්ජනය කරන්නට පුරුදු වෙලා හිටිය. රෝම සමාජයේ පංති තුන: රෝම කුලීනයන් නොහොත් patrician, ඉඩම් හිමි පොදු ජනතාව, වහල් සේවකයන්. නීති ගෙනෙන්නට බලය තිබි කුලීන පංතියට වඩා ජනගහණයේ වැඩි කොටස වූයේ පොදු ජනතාවයි. ආහාර සහ අනෙකුත් භාණ්ඩ සහ සේවා සපයන නිෂ්පාදන කර්මාන්ත වල යෙදී සිටියේ ඔවුන්. ඒ නිසා තමන්ට අවාසිදායක ...

ආපසු හැරී බැලීම වෙනුවට තවත් ඉදිරිය දිහා බැලීම ආපසු හැරී බැලීම (Looking Backward) නමින් සමාජවාදී උතෝපියාවක සිහිනයක් ගැන ප්‍රබන්ධයක් ලියන්නේ ඇමෙරිකාවේ එඩ්වර්ඩ් බෙලමි විසින් 1887 දී ය. පොත ඉක්මණින් ජනප්‍රිය විය. ‘බෙලමි සමාජ’ 162 කට වඩා සංඛ්‍යාවක් පොතේ අදහස් වෙනුවෙන් පෙනී සිටින්නට සැනෙකින් බිහිවුණි. ඒ සමඟින් පුද්ගලික දේපල ජනසතු කිරීම වෙනුවෙන් ඉදිරිපත් වූ දේශපාලන ව්‍යාපාරය ජාතිකවාදය (දේශානුරාගය නොවේ) යනුවෙන් පැතිර ගියේය. පොතේ අදහස් අගයමින් නිර්මාණ තවත් ගණනාවක් ...

මාක්ස් සහ ඒංගල්ස් ධනවාදයට ලේබල් ඇලෙව්ව හැටි පුද්ගලික අයිතියෙන් යුතු නිෂ්පාදන සාධක වලින් පාරිභෝගික කැමැත්ත තෘප්තිමත් කර ලාබයක් උපයා ගැනීම ඉලක්ක කරගත් අවදානමක වෙහෙසීම ධනවාදී ක්‍රමයයි. මූල්‍ය, ප්‍රාග්ධනය (capital) යන්න අයිතිකරුවා ධනවාදියා නොහොත් capitalist යනුවෙන් හැඳින්වීම 17 වැනි සියවසේ මැද දී දකින්නට ලැබුණි. කැපිටාලේ යන පශ්චාත් යුගයේ ලතින් වචනයකින් හැදෙන කැපිටල් යන්නේ මූලාරම්භය ලෙසත්, කැපිටාලේ යන්න හරකා බාන අයිතියෙන් වූවන් හඳුන්වන වචනයක් ලෙසත්, සැලකේ. 12 වැනි ...

ඩෙලවෙයාර් හි පීච් ගස් පිරිමදින ට්‍රැක්ටරය හොඳ ඵලදාවක පොරොන්දුවක් දෙන වසන්තයේ පිපුණ පීච් මල් දැක්කෙමි. ඉහළ සහ පහළ පින්තූර වල ඇත්තේ 1867 දී ආරම්භ කරන ලද ඩෙලවෙයාර් ගොවි පරම්පරාවකට අයිති පීච් වත්තයි. වසන්තයේ දී පිපෙන මල් වලට ඉඩකඩ සැලසීම සඳහා මේ පටි එල්ලන ලද ට්‍රැක්ටරය කරන්නේ හේමන්තයේ දී බිමට පතිත නොවූ වියළි කොල හා මිය ගිය අතු රිකිලි පිරිමැදීමෙන් බිමට හෙළීමයි. එය ට්‍රැක්ටරයෙන් කරද්දී මිනිස් ...

Previous Page