කළු පැහැති ජීප් රියක් අනුරාධ ඉදිරියේම නතර කළේය...එකවිටම රියෙන් බැසගත් හැඩි දැඩි මිනිසුන් කිහිප දෙනෙකු විසින් අනුරාධව වටකර ගන්නා ලදී."උඹව තමා අපි හොය හොයා හිටියේ.. වරෙන් යන්න වල් බල්ලා.."ඇසිපිය ගසන නිමේෂයෙන් අනුරාධව කුදලා වාහනයට දාගත් පිරිස පවනට බඳු වේගයකින් අවන්හල අසලින් ඈත් විය..කිසිවක් සිතාගත නොහැකිව නිරුත්තර වු අනුරාධ මද වේලාවකට පසුව හිමින් සිය හඩ අවදි කරවීය."කවුද උඹලා මොකක්ද මේකේ තේරුම?""නවත්තපන් ...

කාල බෝම්බය තාම පිපිරිලා ගිහින් තිබුණෙ නෑ...ඒ වෙනුවට බස් නැවතුමේ හමුවූ ගැහැණියගෙ ලිපිනය රැගත් කොළකෑල්ල සුරක්ෂිතද කියල බලන්න මම මගේ සාක්කුව අතගානව.."රංජි මල්ලී වගේමයි................"ඒ වචන කිහිපය යළි යළිත් මා මනස තුල දෝංකාර දෙමින් තිබුනු අතර මට නැවතත් සිහි වුනේ අම්මා හීන් හඬින් මිමිණු ඒ කථාවයි.."අපි ඇතුලට ගිහින් කථා කරමු අනූ.."කිමිදී සිටි කලපනා සාගරයෙන් මා මුදවා ගත්  තමරී දෙස මා නෝක්කාඩු ...

තමරිගේ ඇස් දිගු ව්‍යායාමයක...ඉදිරිය දෙස, මා දෙස, නැවත ඉදිරිය දෙසටද ඉන්පසු පැති කණ්ණාඩි දෙසටද ඇගේ ඇස් දිවයයි...“අපි කොහේ හරි නිදහස් තැනකට වෙලා කතා කරමු.”ඈ මොහොතකට පෙර එහෙම කීවාය.ඒ නිසා අපි උන්නේ නිදහස් තැනක් සොයන ගමන්..කතාබහක නිරත වෙන්න නිදහස් තැනක්.. මටත් නිදහසක අවශ්‍යතාවය තදින්ම දැනෙමින් පැවතුණ වෙලාවක් ඒක. එක ජීවිතයකටත් වඩා බර රැගෙන මා පසුපසම හඹාගෙන එන යම්කිසි අශුභදායී දෙයකට තිබුණ ...

"මට මේ ඔය ළමයව දැක පුරුද්දක් දැනුණ නිසා මම මේ බලාන උන්නෙ... ඔය ළමය කොහෙද හැබෑටම..." පුරුද්ද. සංසාරය පුරාවටම සියළු දුක්ඛ දෝමනස්සයන්ද සුඛ විහරණයන්ද කැටුව එන සබැඳියාවන් තනන්නේ මේ පුරුද්දය. දෙනෝදාහක් අතරින් තම දිවිය හා ගැටී පැටලී යන්නටවුන් සොයා දෙන්නේ මේ පුරුද්දය. අම්මාට සියළු සැප අතැර දමා මුඩුක්කුවක මැරෙන්නට වූයේද, අප්පාට එක් ජූලි මාසයක කුණුකානුවකදී දිවිය අතහරින්නට වූයේද, රදාවඩුගෙදර ...

“වරෙන් යන්න,” ඒ ලයනල් ගෙ ගෝරනාඩුව... “කොහෙ යන්නද බං ?” “ඒ ඔක්කොම උඹට කිය කිය මෙතන ඉන්න බෑ.. වරෙන් යන්න..අර යකාගෙ මිනිස්සු උඹ පස්සෙ පන්නනව.. උන් මෙතෙන්ට කඩා වැදෙන්න ඉස්සෙල්ල යමං,” ඇමතුම විසන්ධි වෙලා තිබුණෙ නැති නිසා තමරිත් ඒ ඔක්කොම අහගෙන හිටියෙ... මෙහොතකට කලින් මුණ ගැහෙන්න ඕනෙ වෙලා තිබුන ...

ඇස් පියාගත්තට අනුරාධගෙ රූපය මවාගන්න තමරිට එච්චර ලේසි උනේ නෑ.මීට සය අවුරුද්දකට කලින් තමන්ගෙ හීතල හිත පණ ගහන්න තරම් උණුසුම් තුරුලක් ලබා දුන්න අනූ තමන්ගෙ ජීවිතයෙන් ඈත්වෙන්න ගියෙ කොච්චර පොඩි කාලයක්ද?වරදකාරී හැඟීමක් හදවත තුවාල කරද්දි තමරි වේදනාව දරාගෙන තවත් තදින් දෑස පියාගත්තා. ඒත් ඇයට මැවිල පෙනුනෙ පළවෙනි දවසෙ අනුරාධගෙ සිනාමුසු ගත විතරයි.තමන්ගෙන් ඈත්වෙලා හිටපු කාලය පුරාවටමත් අනුරාධ කියන නම ...

මහත්තයා නෝනට ඔය අටමගල් උම්බලකඩ කෑල්ල දෙද්දිම ඒකේ ඔය නොම්බරේ දාලා තිබුනේ.නෝනගේ කලින් තිබ්බ ඕවැයින් එක නැති කරෙත් මහත්තයම තමයි.මම මහත්තයා හිතින් ගහපු පැලෑන ගැන නං දන්නේ නෑ.කොහොම උනත් නෝනා අර කොලුවට කියන්න පරෙස්සං වෙන්නයි කියලා.නෝනගේ අප්පා උනාය, බෝධිසත්තයා වගේ හිටිය ලොකු නොනටත් ආංබාං කරන්න බැරි වෙච්චි. . . අපි හැමෝම දන්නවා නෙව නෝනෙ මහත්තයගේ හැටි! මම එහෙනං යන්නං! ...

"හලෝ" තමරීට සිය දෙසවන් අදහාගත නොහැකිවිය. පුරා සය වසකටත් වඩා ඇසුන පසුගිය අවුරුද්ද මුළුල්ලේම ‍නෑසුන ඒ හඞ දහසක් අතුරින් වෙන්ව හඳුනාගත හැකිවූ ඒ හඬ, මින් දිනකට පෙර නැවත ඇසුන ඒ හඬ. "අනුරාධ" "මල්ෂී" ...

දෑතේ ම නිය එකිනෙක වද්දමින් තමරී සෝපාවේ සිටියේ කල්පනා කාරීවය. හෝටලයේ සිට තම නවාතැන බලා එත්දී අනුරාධව මුණගැසුනේත්, නිමේෂයකට පසු තුවාල වූ සෝමේ ව දකින්න ලැබීමත් නිසා තරුණිය තිගැස්සී සිටියා ය. සැබෙවින් ම ඈ තැතිගෙන සිටියා කිවහොත් නිවැරදි ය. මකුලු දැල ක ට හසුවූ සමනලියක බඳු වූ මේ තරුණිය තම ජීවිතයට ඉතා සමීප සම්බන්ධතා පවත්වන අයව පවා මේ දැලේ ගොදුරු ...

මල්ලී මල්ලී නැගිටින්න.., මොකෝ මේ බංකුව උඩට වෙලා.., අන්න දොස්තර මහත්තයා හොයනවා ලෙඩාව බාරදුන්න කෙනාව. මම කවුන්ටරය වෙත දිවගියෙමි. ඔව් ලෙඩෙක්ව අරං ආවද...? නෑ මිස්. දැං ටිකකට ඉස්සර වෙලා ඩොක්ටර් කෙනෙක් ලෙඩෙක්ගේ භාර කාරයෙක් ව හෙව්වද? ආහ් ඔව් ...

අතීතයේ අඳුරු අහුමුලු පීරමින් සොයද්දී එක තැනක ඉඳන් තව තැනකට සීරුවෙන් අඩිය තියමින් යන ගමන් ලයනල් කියපු "උඹ තාත්ත කියන්නෙ උඹලගෙ තාත්තට නෙවෙයි." කියලා කියපු දේට සම්බන්ධයක් තියෙන දෙයක් ගැන පුංචි මතකයක් . . . මතකයේ නොරැඳෙන ...

"මම බයවුන තරමක්" "සිවා මොකද බං මේ මහ රෑ.." මම ඇහුවෙ සිවා බයකරපු බය කිරිල්ලට තාම පපුව ඩිග් ඩිග් ගාන එක දැන් නැවතෙයි දැන් නැවතෙයි කියල හිතන ගමන්.. "මචං හදිසියක්.. මේ අටම‍ගලෙ තව කිලෝමීටරයක් යන්න ඩීසල් නෑ.." "ඉතිං.." ...

ඈතට යන රුව එකවරම නැවතිණ. ඒ පාර මාරුවීම සඳහා බව අනුමාන කරන්න ට මට වැඩිවෙලා ගියේ නැත. මේ රුව පාර මාරුවෙන්නේ එහා පැත්තේ තිබෙන රථයට නැඟීම ට බව ඉවෙන් මෙන් දැනුන නිසා මම පාර වම් පැත්තට ඒ රුව ඈත දීම පැනගතිමි. පපුව ගැහෙන සද්දෙ ට හදවත් කැඩී විසිවෙන තරමට වේගවත් වුව.., මගේ අවිදුර දෘෂ්ටික බව ...

ආයෙමත් මට සමාවෙන්න.. අහම්බෙන් දැක්ක රුවක් ගැන කියල ඉසිඹුවක් නොලබාම මම මගේ හිත එක්ක ගණුදෙනුවක ට ඔබව අල්ල ගත්තා ට.., මේ කතාව එකම අංශයක ට ගොණුවෙලා ගලාගෙන යනවා. ඒක දරන්නට අමාරු විත්තියත් මම දන්නවා. ඒත් මගේ කථාව ඔබව පටලනවා නම්.. මකුණු දැලකට අහුවුනු පොඩි මෙරුවෙක් වගේ පැටළුනු මගේ ජිවිතේ ඇතුලේ ඔබ පිළිවෙල කථාවක් බලාපොරොත්තු වෙනවා නම්.. ...

"අයිඩෙන්ටිය...?""ඔව් නැතුව වෙන රෙද්දක් මම තමුසෙගෙන් ඉල්ලුවා ඇහුනේ නෑනේ...?""මේ... මේ...,""මොකෝ තටමන්නේ තමුසේගේ නම කියනවා බලන්න..,""නදියවන්""න...නදියවන්...?""ඔව්..""සාජන් මහත්තයා..., සාජන් මහත්තයා.., මූ දෙමලෙක්ය කියන්නේ...!"කොස්තාපල්ගේ කෑ ගෑමත් සමඟම ජීප් රියෙන් බැස ආවේ උත්තුංග දේහධාරී රේඩියෝ මැසෙන්ජරයක් අතින් ගත් පුද්ගලයෙකි. "අයිසේ මේ පී.සී..., ඔය යකාව අත ඇරලා දාලා එනවා යන්න හිල්ටන් එක ගාව ඇක්සිඩන්ට් එකක් වෙලා ලු..,""අදට විතරක් තො බේරුනැයි කියලා හිතා ගනු...,පල යන්න කිව්වෙ ...

අමරදේවයන් මේ මුමුණන කෙඳිරිලි සංගීතය මගේ හදවත පුළුස්සන්නේ ලෝදියෙන් උණුකළ ඊයම් වක් කරනවා මෙනි. ලෝකයාගෙන් අපහාස නින්දා විදී මගේ ජිවිතයට සිනාවෙන්නට එක්වරක් හෝ වරමක් ලබාදුන්නේ ඒ අතීත මතක සටහනයි. තමරි මල්ෂිකා නම් වූ ඇයව මට අහම්බෙන් මුණ ගැසුණේ නුවර ගුණසේන පොත් සැලෙනි.සාමාන්‍ය පෙළ විභාගය අවසන් කළ විගස ලයනල්ගෙන් ඉල්ලා ගත් කළු කලිසමෙනුත් බැජ් එක ගැලවූ පාසැල් ...

සමාවන්න මා පටන් ගත් කතාව දිගටම කීම පමාවීම ගැන. ජීවිතේ හැටි එහෙමය. කතාව ගලා යන්නේ අපට ඕනෑ හැටියට නොවේ. ජීවිතය දොළ පහරක් බඳුය. ඊළඟ මොහොත වංගුවක් සේම දිය ඇල්ලක්ද විය හැකිය.සුජීව ප්‍රසන්න ආරච්චිගේ දුර්වල නව කතාවක වස්තුබීජය බඳු වංශවත් සිංහල යුවතියක් අතේ සතේ නැති දෙමළ කම්කරුවකු හා එක්වීම තුළ බිහිවූ කලල රූපය පස් හැවිරිදිව පිළේ වාඩිවී සිටියේය. පස් හැවිරිදි දරුවකුට ...

කෙළිලොල් සිනහවක්, හුරතල් දාංගලයක් සහ පිරුණු සිහින් ශරීරයක් හිමි ඇයව කාගේත් අවධානයට ලක්වන්නේ නිතැතින්මය. අට දෙනෙකුගෙන් යුත් පවුලේ බඩපිස්සා වූ ස්වර්ණා මැණික් බණ්ඩාර පුංචි සන්දියේ සිටම ඉගෙනීමට උපන් හපන් දැක්වපු අයෙක් විය. තම අධ්‍යාපන කටයුතු දැඩි අධිෂ්ඨානයකින් යුතුව කළ ඇය, පවුලේ ගෞරවය ආරක්ෂා කිරීමට බැඳී සිටි අයවලුන්ගෙන් පෙරමුණ ගන්නියක් විය. එහෙත් අභිරහස් ලෙස මෙලොවින් සමුගත් තම මෑණියන්ගේ වියෝවෙන් පසු, ලෝකයට ...

"හිතට ආපු දේත් එක්ක සමකරන්න වටපිටාවෙන් උදාහරණ හොයාගන්න බැරි තරමට වටපිටාවේ උදාහරණ පිරිලා. මම මේ කියන්නට යන්නේ මහාලොකු සමාජ විද්‍යාවක් නෙවෙයි. නමුත් මගේ කතාව ඇතුලේ සම්බන්ධවෙලා ඉන්න ඉදිරියට සම්බන්ධ වෙන ජීවිත ගැන කියන්නට වෙන පරිකතා ප්‍රමාණය මත තමා මගේ ජීවිතය මරණයකින් කෙළවර වෙනවද.., එයට තව දශක කිහිපයක් හුස්ම ගන්න අවසර දෙනවද කියන එක තීරණය වෙන්නේ.."මම ...

Previous Page