මහීට වෙන ඇබැද්දි ඉතින් ඉවරයක් නෑ... කොහෙන් කියලා මම මේ පේලි පටන් ගන්ඩද මන්දා.....මහීගෙ ආදරවන්තයා මහීව ලොකුම ලොකු ප්රශ්නාර්තෙක අතරමං කරලා....මහී දැන් ඒ ගැන හිතන්නෙ නෑ... හිතන්ඩ බැරි තරම් මහීට මාන්සිලු....මහී ජීවිතේ එල්ලිලා ඉන්නවා.. ටටා කියන්නෙ නම් නැති වෙයි... ඒත් මහී දැන් සමතලා වෙලා හතරම ගාතෙ වැටිල ඉන්නේ..... මේ වැටුන එක ආයෙ ගොඩ ගන්නෙ කෝමදැයි මහීට තාම තේරුමක් නම් නෑ... ...
මම හිතනවා මම කට වහගෙන හිටිය ඇති කියලා... හිතේ දේවල් එලියට නොදා හිටියත් ඇති කියලා... ලියන්න හිත හයිය තියන වෙලාවෙ මේක නොලියුවොත් මම මහීට ලොකු ආසාධාරණයක් කරනවා වෙන්න ඕනෙ.මම ලියන විදිය හැමදාම එක වගෙ වෙන එකක් නෑ. අද ලියන භාෂාවෙන්.. හෙට කියන භාෂාවෙන්... අනිද්දා ඇඬෙන භාෂාවෙන් වුනත් වෙන්නට පුලුවන්.. ඒත් ලියන්නෙ එකම කතාව . මුල මැද අග ගලපන්න මම කොහෙත්ම ...