ජනෙල් තිරය මෑත් කරපු හින්දා කාමරේට මම ඇතුළුවෙනකොට තිබුණාට වැඩියෙන් එළියක් වැටෙන්න ඇති… ඉන්පස්සේ කාමරේ තිබුණු එකම පුටුව සොල්දාදුවාගේ ඇඳ සමීපයට ඇදගත්ත මම හරිබරි ගැහුණේ ඔහුගේ කතාව අහන්න…ඔහු තවමත් හිටි ඉරියව්වෙන්ම සිවිලිම දිහා බලාගෙන…“මේ මැරෙන්න වැටිලා ඉන්න ආබාධිතයෙකුගෙන් මොනවද දැන් ඔච්චර දැනගන්න තියෙන්නේ..?” බර හුස්මක් පහළට හෙලපු ඔහු මා දිහා නොබලාම ඇහුවා….“හැමදෙයක්ම…! යුද්දේ ගැන හොඳම කතාව තියෙන්නේ ඔයා ගාව කියලයි ...

  අලුයම මා අවදිකරමින් නාදවෙන දුරකථනය පවසන කරුණු දෙකකි... එක්කෝ මේ ලංකාවෙන් හදිසි ඇමතුමකි... නැතිනම් කාල වෙනස ගැන අවබෝධයක් ඇති මාහට නිතර අමතන සමීපතමයෙකු නොවේ... "මචං මම අමීර්..." කාරණය දෙවැන්නයි... "හලෝ මචං කොහොමද...?" එකිනෙකාගේ සුවදුක් විචාරීමෙන් අනතුරුව ඌ තකහනියක් මා ඇමතූ උවමනාව හෙළිකරයි... "මචං උඹට පුළුවන්නම් ලොකු උදව්වක්... මම සියපාරක් හිතලා වෙන කරන්න දෙයක් නැතිම තැන මේ කතාකළේ..." ඌ ඉල්ලන්නේ ...

75. ලේ... හුඟක් ලේ... ලේ... හුඟක් ලේ... සේදෙයි වතුර පහරකින්... සබන් පෙණ අහුරකින්... ජාතියක් ආගමක් තිබූ... රකින්නට...දිවි හිමියෙන් තිබූ ඉතිහාසයක් ... කකියමින් ගතපුරා... මොහොතකට පෙර දිවූ... ලේ... හුඟක් ලේ... සේදෙයි වතුර පහරකින්... සබන් පෙණ අහුරකින්... තවකෙකුගෙ සුරතකින්... ජාතියක් ආගමක් ඇති... රකින්නට...දිවි හිමියෙන් ඌටත් ඉතිහාසයක්... ලේ... හුඟක් ලේ... හඬක් නොනඟා ගලයි... රොඩු වැලිද හා මුසුව... කුණු කාණුවට සෙමින්... අමතකව යන මතකයක්... පමණක්ම ඉතිරිකර... සලකුණක් ...

74. අපිට පිස්සු ඕයි !!! මේල් එක ආවේ එකපාරම...අයියේ "අපිට පිස්සු ඕයි" කියලා...චේන් පොස්ට් දානවා ලියපන් කියලා...මන් ඇහුවා සිරාවටම තොපිට පිස්සුද කියලා ඕයි...මට බෑ මගේ බ්ලොග් එක කැත වෙනවා..මිනිස්සු හිතයි මට පිස්සු කියලා ඕයි...මල පැනලා මූ කිව්වනේ...මම දන්නවා තමුසෙගෙ අවුල මොකද්ද කියලා ඕයි...කියපන් බලන්න මොකද්ද අවුල ඇහුවම...මූ කියනවා... තමුසේ හැමවෙලේම හෙන සීරියස් කියලා ඕයි...මට කොච්චර හිනා ගියාද කිව්වොත්...තව පොඩ්ඩෙන් මම පිටේ නැගලා හිටිය...කස්තුරි මුවාගෙන් බිමට ...

73. අමාවකට පසු...   මෝටර් රථයෙන් බැසගත් අප්පා තම බඳ පටිය සකසමින් ළමා නිවාසය දෙසට ඇවිද යන අයුරු බාලචන්ද්‍රන් නිහඬව බලා සිටියේය… අප්පා පසුපසින් ඇදෙන ආරක්ෂක නිලධාරින් අත ඇති බෑග් මළුවල ඇත්තේ ටොෆි චොක්ලට් සහ ඇඳුම් පැළඳුම් බව බාලචන්ද්‍රන් දනී… තවත් සුළු මොහොතකින් වක්කඩ කැඩුවාක් සේ කෑගසමින් අප්පා දෙසට දිව එන ළමුන් රංචුව ඔහු වටකරගනු ඇත… ඉන්පසුව සතුටින් කෑමොරදෙමින් තෑගි බෙදාගැනීමට ඔවුහු ...

72. හුදකලාව | Loneliness   සිතක පෙති එක එක මිලින වී ගිලිහුණු බව යලිත් නොපිපෙන බව කියන්නට කෙනෙකුත් නැති මතක අහුරක රුව රේණු මැද උපදින බව සිනහ අමතක බව අසන්නට කෙනෙකුත් නැති හෙටක එක හීනෙක සුවඳක් ව පැටලෙන බව කඳුළු  අතුරන බව දකින්නට කෙනෙකුත් නැති ~මලිති විජේසේකර   ප.ලි. : සති ගනනක දුරගමනක් ගිහින් ගෙදර ආවම දැක්කේ විසිත්තකාමරේ තිබුණු රෝස මලක් පරවෙලා… වීසිකරන්න ...

71. Some Must Watch 2012 වසරේ තිරගත වුනු චිත්‍රපටි අතරින් මට තවමත් බලන්නට නොහැකිවුනු නමුත් නැරඹිය යුතු චිත්‍රපටි ලෙස watch list එකට එකතු කරගත් චිත්‍රපටි... Compiled by චිත්‍රපටි පිස්සෝ Google Group Join Us at : https://groups.google.com/d/forum/chithrapatipisso ...

69. නික්මයෑම…   “Here… keep the change…” “Thank you sir…” ජැක්කා විසින් දිඟු කල රුපියල් සියය ගෝපාල් ලබාගන්නේ තුති පුදමිනි… “So then Gopal..! අපි ණයත් නෑ… බයත් නෑ… OK..?” ජැක්කා බර කරමින් පවසද්දී එහි අරුත වටහාගත නොහී ගෝපාල් අසරණ ලෙස සිනාසෙයි… “Say it… Say it…” '”මුකද්ද..?” ජැක්කා වද කරද්දී අහිංසක ගෝපාල් තමන් පසුගිය කාලය පුරාවට අපගෙන් ඉගෙනගත් සිංහල ස්වල්පයෙන් තම ජාමේ ...

68. චිත්‍රපටි පිස්සෝ සහ පිටසක්වල ජීවීන් හදිසියෙන් තැබෙන මේ කෙටි සටහන කරුණු දෙකක් වෙනුවෙන්…   එක :  මා ඊයේ නැරඹූ වීඩියෝවක්, තවමත් එය ඇස නොගැටුනු කෙනෙක් වේ නම් ඔවුන් හා බෙදාගැනීමේ අරමුණින්…   ඒන්ෂන්ට් ඒලියන්ස් කියන වාර්තා චිත්‍රපට සීරීස් එක බලන්න ගත්ත වෙලේ ඉඳන් මට ලොකු අවුලක් තිබුණා... පෘථිවියේ ජීවය ඇතිකරන්න පිටසක්වල ජීවීන් මූලික වුනායැයි ඔවුන් නඟන තර්කය ගැන ලොකු ආරෝවක් නැති උනත්, ලෝකය පුරා විසිරිලා ...

67. ජීවිතේ ගැටගහන මන්තර… එක අතකින් ජීවිතය කියන්නේ  ‘අත්දැකීම්’ සහ ‘බලාපොරොත්තු’ කියන පාට තවරමින්, කෙනෙක් ඉපිද මියෙන කාලය පුරාවට අඳින සිත්තමක්… සමහරු ලස්සනට ඒක ඇඳලා ඉවරකරනවා… තවත් සමහරු හරි කැතට…. ඉතිරි අය ඉවර කරන්නේ බාගෙට… මම මේ සිත්තම අඳින්න පටන් ගත්තේ ගොඩක් පහුවෙලා… හරියටම කිව්වොත් අනෙක් අය අඳින විදිය බලාගෙන…. ජීවිතේ නානාප්‍රකාර අභියෝග එල්ල වෙද්දී හැමදෙනාම වාගේ  තම තමන්ටම ආවේනික ක්‍රම වලට ඒවාට මූණදීලා ...

66. නැවත හමුවෙනතුරු… බොත්තම් සියල්ල පියවූ ඝනකම් කබායත්, පුපුරු නඟමින් ඇවිලෙන ගිණිමැලයත් අයිස් මිදෙන ශීත සෘතු ගනනාවක් පිටත ගතකර අත්දැකීම් ඇති ඔහුවැනි පළපුරුදු ට්‍රක් රථ රියදුරෙකුට සීතල රැයක් පහන් කරගැනීමට ඉහටත් උඩින්… වෙනදා මෙන් ඒ සියල්ල ඇතත් ඇටමිදුලු හාරාගෙන යන මේ ආගන්තුක සීතල ගතටත් වැඩියෙන් ඔහුට දැනෙන්නට වූයේ සිතටයි… තවත් පියවර කිහිපයක් ගිනිමැලයට ලංවූ ඔහු තම අත්ලවල් එකිනෙක අතුල්ලා ගත්තේ හිස් අහසට සාපකරමින්… ...

මෙතෙක් කතාව… නාසාහි උපදේශක කවුන්සලයේ ප්‍රධානියා වන ආචාර්ය ස්ටීවන් ඩබ්. ස්ක්වයිරස්  මහතා පසුගිය සෙනසුරාදා දිනයේ හිමිදිරියේම සූදානම් වෙමින් සිටියේ තම ලබැඳි මිතුරා නීල් ආම්ස්ට්‍රෝන්ග් මහතාගේ අවමංගල්‍ය උත්සවය සම්බන්ධ කාරණාවක් සඳහා පිටත්ව යෑමේ අදහසින්… මේ අතරේ නිතිඥ සමාගමකින් ඔහුට ලැබෙන විද්‍යුත් පණිවුඩයකින් කියවෙන්නේ නීල් ආම්ස්ට්‍රෝන්ග් මහතා විසින් ඔහුගේ මරණයෙන් පසු ස්ක්වයිරස් මහතාට ලබාදිය යුතුයැයි පවසමින් ඔවුන් වෙත ලිපියක් බාරදී ඇති බවයි… ...

64. සඳ ගමනේ අභිරහස… (විද්‍යා ප්‍රබන්ධයකි) දිනය : 25 – අගෝස්තු – 2012 ස්ථානය :  ආචාර්ය ස්ටීවන් ඩබ්. ස්ක්වයිරස්  මහතාගේ නිවස - වොෂින්ටන් ඩී.සී. වේලාව : පෙ.ව. 6.42   විද්‍යුත් පණිවුඩයක් පැමිණි බව හඟවමින් රාජකාරී ටැබ්ලටය නඳ දුන්නේ මා ටයි ගැටය සකසමින් සිටිනා අතරතුරේදීයි… සාමාන්‍ය දිනයකදී නම් එය මා අතින් විවෘත වනුයේ උදෑසන අහර කිස නිමවීමෙන්ද අනතුරුව නාසා මූලස්ථානයේ පිහිටි උපදේශක කවුන්සිල් ගොඩනැගිල්ලේ පිහිටි මා ...

63. අසා මිනිසෙකු මළ පුවත අද… හඬමි සතුටින් පළමුවර මම… දුටිමි මිය ගිය පුවත අද නුඹ..නැගුනි කඳුලක් දුකට නම් නොව…අසා මිනිසෙකු මළ පුවත අද…හඬමි සතුටින් පළමුවර මම… දුටිමි නුඹ පෙර දිනක අහඹුව … ගැහෙන දෙනෙතින් හඬන නිහඬව…යදිනයුරු දැක මරණයම නුඹ…දැනගතිමි අපි, අපිට නැති බව…අසරණව දිවි ගෙවුම කඳුලකි…මියෙමි එය මට මහත් සැපයකි…අවැසි වුව එය නුඹට හිමි නැති…දිවිය නුඹගේ දෙවිඳු හට හිමි…මරණයේ පණිවුඩය එනකන්…බිරිඳ දියණිය සමඟ සතුටින්…සිටින නුඹ දැක පුංචි තිරයෙන්…සුභ පැතුම්..! ...

62. සයිබර දිවියට ආයුද කිහිපයක්… මේ අකුරු බ්ලොග් අඩවියේ මෙතෙක් නොලියවුණු ආකාරයේ පෝස්ට් එකක්… මම මෙතෙක්  තාක්ශණය සම්බන්ඬයෙන් කිසිවක් මෙම බ්ලොග් අඩවියේ සටහන් කර නැහැ…  නමුත් පසුගිය දිනක නිවසට ආව මිතුරෙකු මා පරිගණකයේ තිබූ මෘදුකාංගයක් අහම්බයකින් දැක ඒ පිළිබඳව විස්තර අසා දැනගෙන, මා හට නොසෑහෙන්න කල ස්තුතිය මේ සටහන ලියන්නට මා පෙළඹවූවා… පරිගණක තාක්ශණික අංශයේ රැකියාවල නියුතු අයට මේවා අලුත් දේ නොවූවත් සිංහල බ්ලොග් අවකාශයේ ...

61. ග්‍රෑම් හාරසීයක සතුට… අදට වසර පාලොහකට විස්සකට පමණ පෙර දිනෙක හිමිදිරි සීතලට ගුලිවී නිදන සිඟිත්තෙකු වෙත පැමිනෙන නිදිබර ඇස් වලින් යුත් මවක් මා සිතේ සිතුවම් වේ… “පුතු… නැගින්න පැටියෝ… පහයි වෙලාව…” ඈනුමක් අරින කොලු පැංචා කෙඳිරියක් පමණක් නඟා අනෙක් පස හැරී නිදන්නට වෙයි… නමුත් ඒ සුළු මොහොතකට පමණි… නිදිසුව උරුම පරාජිතයන්ටයි… මවගේ දෙවෙනි ඉල්ලීමට අවනතව නිදිගැට කඩමින් නැඟිටින කොලු පැංචා ඇට මිදුලු හාරාගෙන ...

60. අවසන් ඇමතුම…   “මචං අද මාව ඇතුලට දානවා… මොබයිල් එකක් නම් නැති වෙයි…” ලැබුන අවසන් ඇමතුම උඹෙන්… දිනෙක එනබව දැනන් හිටියත්… නොසිතීමි මෙතරම් කලින්… හදිසියෙන්, හරි හුඟක් කෙටියෙන්…   ඒ නිසාමයි බැරිවුනේ… උඹට දැනමුතුකමක් දෙන්නට… උනේ ඒ වෙනුවට අසන්නට… “දැන් මොකද්ද මචං මගෙන් වෙන්න ඕනේ..?”   උඹයි දැනමුතුකම් කියන්නේ… මමයි නිහඬව අසා ඉන්නේ… “මොකුත් නෑ උඹ හොඳින් ඉඳපන්… ගෙදර අයවත් මතක් ...

මියුසික් | Music බස් රේඩියෝ බ්ලොග් සතිය ප්‍රචලිත කිරීම වෙනුවෙන් දින හතක් පුරාවට ආගන්තුක ගීත පෝස්ට් කරන අතරේම ආගන්තුක සංගීත ශිල්පීන් කිහිපදෙනෙක් ගැනත් පෝස්ට් කරන්න හිතුවේ පොඩි ඉල්ලීමකුත් ඉටුකරන්න එක්කයි… මම සජීවී සංගීත ප්‍රසංග අති විශාල ප්‍රමාණයක් නරඹා නැහැ… නමුත් ඒ සුළු ප්‍රසංග කිහිපය අතරේ මා වික්ශිප්ත කල සංගීත ශිල්පියෙක් ඇත්නම් ඔහු ජෙසී කුක්… සැබැවින්ම ඔහු මැජික් කරුවෙක්… ෆ්ලෙමින්කෝ ගිටාරයේ කම්බි අතරේ ඔබ ...

සෙනහස, නිසැකවම එය සුව කරාවි | I'm Gonna Love You Through It මේ බස් රේඩියෝ බ්ලොග් සතිය ප්‍රචලිත කිරීම වෙනුවෙන් පළවෙන පස්වෙනි පෝස්ටුව…   පලවෙනි පෝස්ටුව 1. හාදුවක්! සඳ එළියේ… | Just A Kiss දෙවනි පෝස්ටුව 2. ටිකිලා සහ නුඹ, නිරතුරු මා මත්කරන… | ‍You and Tequila make me crazy තුන්වෙනි පෝස්ටුව 3. මතකයන් ඔබේ… | Remind Me හතරවෙනි පෝස්ටුව 4. ගොවිපලේ සොඳුරිය… | Farmer's Daughterල්   “දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් දැන් ටිකක් ...

Previous Page