101. කෝපි මතක… කැෆේ කොෆී ඩේ කියන්නේ කෝපි එකක් හිස්වෙන පමාවට, දෙන්නෙක්ගේ අනාගතය අලුතෙන් ලියන්න පුළුවන් මායාකාරී කෝපි හලක්… ඇය හිටියේ බීන් බෑග් සෝෆාවක ගිලිලා, මගේ පැත්තට නැඹුරුවෙලා…ඇපල් සෝඩා වීදුරුවේ බිත්තියෙන් ගිලිහිලා ඉහළට ඇදෙන මුරණ්ඩු පෙන බුබුළු දිහා බලාගෙන… මම, ඒ පසෙකින් බිත්තියටම සවිකරපු සිමෙන්ති ආසනයක සැහැල්ලුවෙන් දිගෑදිලා… “නොගැලපෙන දේ ගොඩයි…!” ඇය කියන්නේ විවෘතව, මගේ ඇස් දිහා බලාගෙන… “මොනවද ඒ..?” මම අහන්නේ ...

100. ආදිල් හදිසි හමුවකට දිවයායුතුව තිබුණ හින්දා, මෝටර් රථය වෙනදා නවත්තන අභ්‍යන්තර රථගාලේ නවත්වනවා වෙනුවට මහමඟ නවත්තපු මම, පාකින් සඥා දල්වා ආයතනයට දුවගියේ ලියකියවිලි කිහිපයක් රැගෙන එන අටියෙන්… නැවත පැමිණෙන පමාවට කොහේදෝ සිට වතුර බාල්දියකුත් ඔසවාගෙන ආව සද්දන්ත මිනිහෙක් නිවි සැනසිල්ලේ මෝටර් රථය හෝදනවා දුටුව මට යක්ෂාරූඩ වුනා… “මනුස්සයෝ මට ප්‍රමාද වෙනවා…!” මම කෑගැහුවා… “පාංච් මිනිට්ස් මුදීර්… පාංච් මිනිට්ස්…” තමන් කරමින් ...

99. මම බලපු චිත්‍රපටි කාලය දිගේ ආපස්සට ඔරලෝසු කටු අහුලගෙන ගියොත් මේ මම මව් රටින් පිටවෙලා ගෙවන පහළොස්වෙනි අවුරුද්ද…මේ අතර කාලයේ මගෙත් එක්ක ඉර එලිය බෙදාගත්තු ජාතීන් ගණන මේ යැයි මට නිනව්වක් නෑ… උපන් ජාතිය අනුව මිනිහෙකුගේ ගතිගුණ මේ විදියයි තීරණය කිරීම වැරදියි තමයි…. ඒත් උඩු හුළඟටත් උඩින් ඉඳන් බැලුවොත් මුළු ලෝකෙම නිල්පාටට පේනවා වගේ, හිතෙන් සමීප නොවී මිනිස්සු දිහා බැලුවොත් වෙනස් ජාතීන්ට ...

98. සුපැතුම්! සුමුදු පිනිමත පුරුදු උණුසුමඋදා හිරු පතුරන වෙලේඅලුත් දවසක පුරුදු හාදුවසෙනෙහසින් තැවරුනි උදේසත් වසක් ගෙවුණත්, තවත්නුඹ දුටුව මුල් දිනයෙම වගේකෝල ඇස් අතරින් අදත්ආදරයදෝ ඒ දිලිසුණේකාලයාගෙන් සොරාගමු අපිඅපව හමුවුණු මුල් දිනේගෙවුණු හැමදින යළිත් එලෙසමතව වරක් විඳිමුද ප්‍රියේවෙහෙස නොබලා තවත් වටයක්දුවයමුද අපි හිරු වටේදෑත පටලන් මමත් එන්නම්තනි නොතනියට වගෙ නුඹේපුරා සව්දිය ඉතින් සමරමුනුඹ උපන් දිනයම නොවේගෙවුණු වසරෙත් දෝරෙ ගැලුනුඹ ආදරය මිහිරාවියේ……ප.ලි. : ...

97. පතිනි “අපෝ කෙලින් කපන්න එපා… බෝරිං නේ..? හැඩයක් හිටින්න කපන්න..!” “හැඩයක්..!?” “ඔව්..මෙහෙම මෙහෙම…” මැදඟිල්ලත් දබරැඟිල්ලත් විහිදාගත් නිත්‍යා අභිනයෙන් දක්වමින් පැවසීය… “කෙලින් කැපුවාම කොහොමද බෝරිං වෙන්නේ…?” හැඩකරමින් සිටි සැරසිල්ලෙන් පිහිය ඉවතට ගත් ඇගේ අවිවාහක නැඟණිය සෞම්‍යා ඇසුවේ අමනාපයෙන් මෙනි… “ඒ ඉතින් හැමෝම කරන විදියනේ… මටනම් බෝරිං…” තම මෑණියන්ගේ අතින් තවත් උප්පමා හැන්දක් මුවට දමාගනු රිසින් ඇසිල්ලක් පමාවූ නිත්‍යා ඉන් අනතුරුව පැවසීය… ...

96. ඇමතුමක දුරින් මම... තිත්ත රස හාදුවක්, විස්කි උණුසුම රැඳුන...බරක් නොම ගෙනෙයි නම්, කඳුල නුපුරුදු හිතට...ඇතොත් ඉඩ සුසුමකට, හිමිදිරියෙ ගතු කියන..පිස්සු කෙල්ලේ ඉතින්, ඇමතුමක දුරින් මම... පරණ නොම්මරයමයි, මකන්නට නැතුව ඇති...ඒ නැතත් ඇඟිලිතුඩු වලටවත් පුරුදු ඇති...වැරදියි තමයි ඒත්, අපිට ඇයි හරි වැරදි...හෙට උදේ වෙරිමතට හිතපුරා බනිමු අපි... කතාවක් කියන්නම් හුරු පුරුදු චරිත නැති...වෙලාවක් තිබුණොතින් කවියකුත් ලියමු අපි...අපිට අපි අයිති නැති වුනත් තනිකමක් නැති..’මම ...

95. දූවිලි…   “ආ මෙන්න…” තුහින වැස්සෙන් බේරෙන්න දෙකට නැමීගෙන දුවගෙන එන ඉබ්බාට වාහනේ ඇතුළට රිංගන්න පහසුවෙන්න මම කෝපි කෝප්ප දෙක ඉස්සෙල්ලාම ඇතුළට ගත්තා… “මේක මගේ එක…” හීතලට මගේ ඇති අධි සංවේදීතාවය ගැන ශාපකරන ඌ, ඊළඟට වාහනයේ හීටරය අඩුකරලා මගෙන් එක කෝපි කෝප්පයක් උදුරගන්නවා… “ඇයි ඒ උඹට වෙනම එකක්…?” “ඒක ෆ්ලේවර්ඩ්…” “මොකද්ද ෆ්ලේවර් එක…?” “හුජ්ජ ෆ්ලේවර්… කට වහගෙන ඕක බීපන්…” ඌ ...

94. මිනීමරුවා I “ප්‍රෙග්නන්ට්… !? එහෙම කොහොමද වෙන්නේ…?” දෙපා අඩපණව යනවාක් මෙන් දැනුණ හෙයින් සෝෆාවට ඇදවැටුණු මම කෑගැසීමි… “මම ඔයාට කිව්වා ගිය මාසේ දවසක ඔෆිස් එකේදී, මගේ පිල්ස් ඉවරයි කියලා… ඔයා ඇහුවේ නෑ…” ඇය නැඟිට කෝපි මැෂිම වෙත ඇවිද ගියාය… “Ready to Serve” එහි කොළ පැහැයෙන් නිවෙමින් දැල්වෙයි… “මමයි නිතුයි දැන් මාස ගානක ඉඳන් බබෙක්ට ට්‍රයි කරනවා... හරියන්නේ නෑ… මෙතන එක දශමයක් ...

93. ගායකයෙක්… මේ ගායකයෙක් ගැන කතාවකි… මීට වසර ගණනකට පෙර මා හොඳින් දන්නා, ඔබ නොදන්නා ගායකයෙක් වීය… ඒ ඔහුගේ පළමු ගීත ඇල්බමය නිර්මාණය කිරීම වෙනුවෙන් ඔහු වෙහෙසෙමින් සිටි සමයයි… කොහේදෝ රස්තියාදුවේ යන දිනයක මම අහම්බෙන් ඔහුගේ දුප්පත් නිවසට ගොඩ වැදුනෙමි… “නියමයි උඹ ආව එක… වැඩක් නැත්තම් යමුද අහවල් තැනට, අහවල් කෙනාව හම්බුවෙන්න..?” ඔහු පැවසූයේ පුද්ගලික ටියුෂන් පන්ති වලට නම්දැරූ නගරයකි… මට ...

92. ෆිෆා ලෝක කුසලානය 2014 සිත්ගත් තැන් “Tha Greatest Show on Earth” කියන ගරු නාමයෙන් හඳුන්වන පාපන්දු ලෝක කුසලානයේ 2014 වසරේ සැණකෙළිය මීට පැය ගණනකට පෙර අවසන් වුනා… අවසන් තරඟය ගැන කෙස් පැලෙන විචාර අන්තර්ජාලේ පුරාවට පිරිලා ඉතිරිලා මොනිටර් එකෙන් කීබෝඩ් එකටත් ඉහිරිලා යන වෙලාවේ ඒ ගැන නොලියා ලෝක කුසලානයේ මම දුටු රසබර මතක ටිකක් එක පෝස්ට් එකකට එකතු කරන්න හිතුවා… අවසන් තරඟය ගැන සිංහලෙන් ලියවුනු ...

රෝස්මේරි සිගින්ස්… ඔබ බොහෝ දෙනෙකුට ඇය අමුත්තියක් නොවෙන්න පුළුවන්… අන්තර්ජාලේ රස්තියාදුවලදීත්, වරක් හෝ දෙවරක් රූපවාහිනීයේ ට්‍රේලර් එකකදීත් මම ඇයව අහලා දැකලා තිබුණත් වැඩි විස්තරයක් දැනගෙන හිටියේ නෑ… ඒත් අද විවේකී හැන්දෑවේ නරඹන්නට යෙදුන වීඩියෝවකින් ඇය මට මුණගැහුනා… නැවත අමතක නොවෙන්නම… ඔබ ඇයගැන තවමත් අසා නැතිනම් රෝස් ඇමෙරිකානු ජාතික කාන්තාවක්… ඔබට මට වගේම ඇයටත් එදිනෙදා ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙන එක ...

90. හඳුනාගත්තෙකු හඳුනාගැනීම… මේ  කතාව මම කියන්න පටන්ගන්නේ  අහස සූරාගෙන යායට එසවුනු ගොඩනැඟිලි ඇති දියුණු නගරයක, එක්තර සාප්පු සංකීර්ණයක් ඇතුළේ  වෙන හුදකලා සිදුවීමකින්… අනාගතයේදී ජනප්‍රියම ෆැෂන් එකක් වෙන බුරිය මැදට වෙන්නට කලිසම ඇඳපු, ප්‍රසන්න පෙනුමක්  ඇති මැදිවියට ආසන්න වයසක මනුස්සයෙක් වුනු තියඩෝර් අපේ කතානායකයා… තමන් යන්නට ගිය ගමනත් මඳකට පමාකරලා  ඔහු මේ බලාගෙන ඉන්නේ තමාට ඉදිරියෙන් ඇති,  සෙමින් වෙනස්වෙන ඩිජිටල් වෙළඳ පුවරුවක් ...

89. පළිගැනීම සහ සමාවදීම අතර ඇති වෙනස කොතෙක්ද? කැපිටල් ෆනිශ්මන්ට් එහෙමත් නැතිනම් මරණ දඬුවම කියන්නේ ශිෂ්ට මිනිසුන් අතරේ ගැඹුරින් සංවාදයට ලක්වෙන මාතෘකාවක්… සමහරු ඊට විරුද්ධ වෙද්දී තවත් සමහරු එය කොන්දේසි සහිතව සාධාරණිකරණය කරනවා… ඈත අතීතයේදී ලෝකය පුරාම සෑම සමාජයකම පාහේ ක්‍රියාත්මක වුණු මේ දඬුවම, ආගම් මඟින් බුද්ධිය නිෂ්ක්‍රීය කළ සමාජ කිහිපයක හැරෙන්නට වර්තමානයේ දියුණු  මිනිසා කෙමෙන් අතහරිමින් සිටින්නක්… විකිපීඩියාව පවසන පරිදි දැනට මරණ දඬුවම ක්‍රියාකාරීව යොදාගන්නේ රටවල් ...

88.Drinking Alone විතක් පිරුණු සුරාවයි…ඝනදුරු හුදකලාවයි…නුඹ කටහඩ තවම රැඳුනු…යාරා ගඟ ගලා යයි…නුඹ නැතිවුන සොව අසමින්…ඉඳහිට මගෙ හිත හදමින්…අද එළිවෙනතුරු බොන්නේ…සඳයි මමයි හෙවනැල්ලයි…සඳ ටිකිලා බොන්නෙ නැතිලු…හෙවනැල්ලට මූඩ් නැතිලු…යාරා ගඟ කිඳුරියකට…ආයේ නොබොන බව කීවලු…අඩුවක් නැති සුසුම් වලට…වැඩියක් නෑ බෝතලයක්…නුඹ ගියදා කුමට තවත්…“වැඩිය නොබොන” පොරොන්දුවත්…ගඟ සපයයි සංගීතය…සඳ ගයනා දුක් ගීයට…ලෝකය නම් රඟ මඬළක…බමන මතින් නටමි මමත්…මම නටනා තාලයටම…හෙවනැල්ලේ නටන් උඹත්…Inspired by : Drinking Alone under ...

Date : 08th March 2014 | Time : 01:25 Local time | Place : 35000ft above Gulf of Thailand කපිතාන් අහ්මඩ් ෂා තවත් වරක් තම රේඩාර් තිරය දෙස බැලීය… තිරය හරි මැදින් දෙකට බෙදමින් දම්පැහැති සරල රේඛාවකින් බෙයිජින් බලා දිවෙන ගුවන් මාර්ගය දිස්වෙයි… රෝල්ස් රොයිස් එන්ජින් දෙකකින් සන්නද්ධ MH370 දරණ බෝයින් 777 යානය දශමයකුදු තම ගමන් පථය වෙනස් නොකර අඳුර ...

86. මම බලපු චිත්‍රපටි–Wadjda පසුගිය දිනෙක නැරඹූ චිත්‍රපටියක් විසින් පහුරු ගාන්නට යෙදුණ මතක පොසිලයකුත්, කලකින් යාවත්කාලීන නොවුන බ්ලොග් අඩවිය තරහාකර ගැනීමට ඇති අකමැත්තත් යන සිතුවිලි දෙකම එක්ව පෝර යෙදූ සටහනක් මේ… චිත්‍රපටිය සටහනේ අග හරියට, පරිස්සමට පැටලුම් ලිහාගත් අතීත මතකය මුලින්ම… ඒ බැංගලෝරයේ පුද්ගලික අධ්‍යාපන ආයතනයක කෙටි පාඨමාලාවක අවසාන සති කිහිපය… පාඨමාලා අවසාන ව්‍යාපෘතියේ එකිනෙකාගේ හඳුනාගත් දක්ෂතා මත දෙදෙනා හෝ තුන්දෙනා බැගින් ව්‍යාපෘති භාර ...

85. කෝම්පිට්ටු   “කෝම්පිට්ටු ඉදීයන් කෝම්පිට්ටු ඉදීයන් රෑට බතට අපට කන්න කෝම්පිට්ටු ඉදීයන්” පොල්කට්ටට තව එකකින්... තුනක් තට්ටු කරපු සැණින්... ඉදුනා බත් අපූරුවට... ඊයේ වගේ මතකයි මට... කුස්සියේ හැලිවලං වලට... මොන කෙංගෙඩියක් වෙලාද... කෝම්පිට්ටු වගේ නොවෙයි... රෑට බතට ඔහුට කන්න... වැලිබත් නොඉදෙනා හැඩයි... පොල්කටු අං දෙක දමාපු ... පොල්පිති හරකෙක් පදින්න... වලංකටුව හරි කොටුවට... විසිකරලා උජාරුවට... තනි අන්ඩෙන් පෙර වාගේ... බට්ටා පනින්නට ...

84. අපේ නොවෙන අපේම දේවල්…   විවේකී සති අන්තයේ ඕපාදූප මොනවාදැයි දැනගනු රිසියෙන් මුහුණුපොතට පිවිසුනෙමි… සමනල සංධ්වනිය චිත්‍රපටය නැරඹූ මිතුරු මිතුරියන්ගේ උදාන වාක්‍යය වලින් එහි බිත්ති පිරී තිබේ… මා එම චිත්‍රපටිය තවමත් නරඹා නොමැතිවීම ගැන මට ඇතිවූයේ ලැජ්ජාව මුසු පසුතැවීමකි… පරිගණකය වසාදැමූ මම හනිකට සිනමාශාලාව වෙත දුවන්නට වීමී… වායුසමනය කල සිනමාශාලාවේ සුවපහසුව අසුන්ගත් මම අමතක වෙන්නට කලියෙන් හනිකට දුරකථනය ගෙන “වොචින් සමනල සංධ්වනිය…. පීලින් ...

83. මැහැල්ල සහ බල්ලා… මැහැල්ල,  මීට සුලු මොහොතකට පෙර අඳුරු වීදියේදී ඇයට මුණගැසුනු බල්ලා දෙස බැලුවාය… උගේ බොර පැහැ නෙත්, ඇගේ ඇතුළට ගිලීගිය දෙනෙත් හා පළමු වරට ගැටිනි… ඌ මස් කටුවට ගිජුකමෙන් නොඉවසිල්ලෙන් හති හලයි… මේ නම් නොවක් සා ගින්නෙන් පෙළෙන බල්ලෙකි, මැහැල්ලට සිතිනි… තමා සතු මස් දියවී ගිය කටුව මේ සා විශාල දඩ බල්ලෙකුගේ සාගින්න නිවන්නට ප්‍රමාණවත් වේදැයි මොහොතකට ඇය සැක කලාය… ...

82. බලාපොරොත්තුව… හිතුමතේ ජීවිතේ, ගිහින් එන්නම් කියලා කිව්වේ නැතත්... උඹ ගිය හැම සැරේකම... ගියාටත් වඩා සතුටින්... ආපහු දුවගෙන එන බව... මම දැනගෙන හිටියා... උඹ ඒ විදියටම ආවා... ජීවිතාන්තෙටම හිරගෙදර හිටිය උඹෙන් උන්ට ගන්න බැරිවුණ එකම දේත් ඒක... ජීවිතය... අන්තිමේ උන් දින බලලා හරියටම ඒකම උඹෙන් උදුරගත්ත හැටි... නඩුවක් අහන්නැතුවම.... මේ කූරු වලින් එහාපැත්තේ... විසල් හිර කූඩුවේ...දැන් උන් උඹව හිරකරයි... දරුණු අපරාධකාරයොත් ...

Previous Page