ආදරය ගැන මා ලියූ අ‍ටුවාටීකා නිමක් නැත. ආලය පිලිබඳ මල් වියේ ලියූ ඇතැම් දෑ දැන් මුවගට සිනහවක් ගෙනෙයි. එහෙත් එහි අවලාදයක්, අපහාසයක් , මදිකමක් හෝ ලැජ්ජාවක් මට නොවේ. මා ලියූ හැම අකුරකම මගෙන් ලොකු අර්ධයක් අඩංගුව තිබූ බව නොරහසකි. අනෙක් අර්ධයෙහි මා ස්පර්ශ කළ කුඩා ලෝකයෙහි ඇසූ දු‍ටු බිඳිති සිදුවීම් අඩංගු වෙයි. ඒ මගේ ලිවිල්ලේ හැටිය. මනංකල්පිතයන් ලිවීමේ සමතුන් අනගි ...

[291] අහිකුණ්ඨික හීන කතන්දර 'අපි නිකං අහිකුණ්ඨිකයෝ වගේ නේ?' එක් වරම කල්පනාවෙන් මිදුනු ඇය කිව්වේ මගේ කතන්දරයක් අහගෙන ඉඳලා අවසානයේදී..'ඇයි?' උත්තරේ දැන දැනම මම ඇහුවේ ඇගේ අමුතු බස් හැසිරවීම ප්‍රිය නිසාමයි. ' ඇයි අනේ... ඔයා චුට්ටක් අවුරුද්දක් හමාරක් පිරෙද්දි ඉන්න තැන් මාරු කරනවා. මම රස්සා මාරු කරනවා... දෙන්නා තර‍ඟෙට මාරු කරනවා... හහ් හා හා' ඇය මුකුත්ම ගානක් නැතිවා වාගේ ඔහේ කියාගෙන ගියා... හිතට තව ...

[290] දයාබර මාලතී.. ~ දයාබර මාලතී.. මට අද එකපාරම ඔයාව ඔලුවට ආවා.. අහම්බෙන්මත් නෙවී.. චූටි සිඟිත්තෙක් වඩාගෙන හිනැහෙන ඔයාගෙ පින්බර මූණ ෆෙස්බුක් ස්ටේටස් වල උදෙන්ම දු‍ටුව නිසා. ඔයා හොඳින්ද මාලතී? හිනාවෙනවා නේද මාලති ඔයා දැන් ? ඒ පින්තූරෙ නම් ඔයා හරි වෙනස් . ඒ කාලෙ හිටිය දඩබ්බර හිතුවක්කාරි නෙවී. පොඩ්ඩක් විතර මහත , හරි ගාම්භීර , හැඟුම්බර අලුත් අම්මෙකුගේ ගතිය හරි නුහුරුයි මට ...

[289] හෘද ව්‍යායාමක සටහන්...(Notes on a Heart Exercise) නොසිතූ විරූ වේගයෙන් දැඩි උණුසුම් ගෙන්දගම් මිශ්‍රිත මද්දහන දැඩි ශීතයකට පරිවර්තනය වෙයි. එහෙත් ශීතලෙන් හදවත ගල් නොවෙයි. ඒ වෙනුවට රස්නයෙන් ප්‍රසාරණයව තිබූ හදවත යලිත් සංකෝචනය වී සිය පියවි නිරෝගී හැඩය ගනී. හාට් එක්සසයිස් කිරීමේ මේ එක්තරා ආකාරයකි. අමිහිරි නීරස ජීවිතයකට එතැනින් මිදී පැය කිහිපයකට ගෙවන සුන්දරතාවය සිතනවාටත් වඩා වේදනාවක් වනු ඇත. මන්ද සුන්දරත්වය විඳි හදවතට, එය මතක හදවතට, අමිහිරද දැඩි ...

[288] කපුටෙක් හෝ වවුලෙක් නොවූ මම .... ජීවිතය වරින් වර එක් එක් දිශාවන්ට ආනත වන්නේ නොසිතූ අයුරෙනි. රතු අහසේ රටා වියන ගොම්මන් හැන්දෑකරෙහි අහස පෙනෙන බැල්කනියට වී මම ගීත වලට සවන් දෙමින් සිටිමි. එක්තරා කාර්ය බහුල කාල සීමාවක් අවසනදී යම් නිදහසක් ලැබී ඇති බව සැබෑවකි. එහෙත් හිස්බවක්ද සිත වෙලා ගනියි. නිවසේ කුඩා රූපවාහිනිය තුලින් අභීත දියණිය ඇසෙන්නේ මේ වෙලාවටය. ජීවිතයේ සැඳෑ සමය ගෙවන මාපියන්ට රූප පෙට්ටිය රේඩියෝව ...

[287] එ'පුර ඉවුරේ හිඳ ... ! එක්තරා කාලයක මම සිහිනයක් දකිමින් සිටියෙමි. එය සිහිනලන්තයක් හෝ සිනහාලන්තයක් යයි කීම වරදක් නැති... එක්තරා සවසක... බොහෝ නිහඬ හවසක.... කිසිදු සද්දයක් නැතිව ලතාවට පැද්දෙන දිය ‍රැළි .... නගර ආලෝකයෙන් ඒකාලෝක වුනු දිය මතුපිටෙහි ඇ‍ඳෙන උස් ගොඩනැගිලි ප්‍රතිබිම්බ... බොහෝ නුවරුන් සිය දිවා දාහයෙන් සහ කලබලයෙන් පීඩා විඳි සිතත් ගතත් සනහා ගනු වස් රොක් වන නගර මධ්‍යයේ තැනුනු උයනක්.. නිහඬ... නිසංසල... සුන්දර... ...

[---] අපිට පිස්සු OOOOOOOOOOයි ! දිලා.... ජීවිතේ හැම වෙලාවෙම චෙස් ගේම් එකක් ප්ලේ කරනවා වගේ හිතන්න එපා... -දෙබසක්-අ ද දවස විශේෂයි.... පි රිසිදුවට ලස්සනට ඇජෙන්ඩා එකකට තිබ්බ සංසාරේට ක්කෙටම අද වෙනස් වෙනව...පි රිත් මණ්ඩපයක් වගේ රිද්මෙකටස් වර ඇමිණුන සංසාරෙට සු පුරුදු නිහඬබව බිඳින්නට හිතුනා මට !ඕ නේ උන වෙනස කලේ මම මෙහෙම ... යි යනෙන් වචන නැති නිසා නිකම්ම කියන්නම් අපිට පිස්සු OOOOOOOOOOයි ! ඇජෙන්ඩා ...

[286] බහුරූපේක්ෂක ගැහැණු පරම්පරාව... සෘජු දඟකාර බැල්මක්... දෙවියන්ගේ ප්‍රතිමාවක අඩු මොනවාද ?ගැහැණියට නිසි අර්ථ දැක්වීමක් නැති එකමත් හොඳය. සංවරියකගේ අවිහිංසක බැල්මක් එක් ඉරිසියා ගිනි පුපුරකින් ගිනි කන්දක්වී හාත්පස දවාලිය හැකිය..එකමිතියක් නැති ගැහැණියක හරියට බහුරූපේක්ෂකයක් වැනියයි මා කීවේ එහෙයිනි. ගැහැණියට ඇත්තේ ඩුවලිටියකි. පිරිමින්ගේ පෘතග්ජන හදවත් ඔකඳ වන්නේ අඳුරු , සොඳුරු , වියරු එමෙන්ම නුහුරු මේ කී විවිධ ගැහැණු අරුමැසියන් කෙරෙහිය.මේ තරම් ප්‍රතිපත්ති විරහිත වෙනස්වන සුලු ...

[285] නොවිසඳුනු සංකා සහ නොදුටු වර්ණ බොහෝ විසිතුරු සොඳුරු දැයින් පිරීගත් මම නමැති පොදියෙන් එක එක අරුමැසි කල්පනාවන් හැඟුම් සහ දැඟලීම් මම එක එක පිටතට ගෙන තබා නුඹ හැඩ බලන අයුරු ප්‍රීතියෙන් බලා සිටින්නෙමි. තවත් බොහෝ සොඳුරු අන්තයන්ගේ රුව නොදු‍ටු හෝ ඇති බවක් නොදන්නා නුඹට මම යනු එක් එක් දිනයන්හි එක් එක් අරුමැසියන්ගෙන් නුඹේ සිත නිලංකාර කරන සිත පුදුම කරන නාටකයකි. 'life is a box of ...

[284] සැළලිහිණි  ! මම අත්තටු මඳක් විදහා ලොකු හුස්මක් ගනිමින් සිටියෙමි. වෛවර්ණ අත්තටු මත පතිත වන හිරු කදම්බයකින්,විවිධ වර්ණ මතුව එයි.. . සිත කුරුලු පිහාටුවක් මෙන් පාව යයි. තෙවසරක්! ජීවිතයේ බොහෝ ඇරඹුම් ඇමිණුම් හැඬුම් සිනහවන් අතරෙහි තෙවසරක්! එය දිගු කලක් ! ඉගිල්ලෙන්නට දන්නා සැළලිණියක වනු වෙනුවට , බිම පමණක් තරබාරු ගමනින් ඇවිදින තාර නෑම්බියක වූවා නම් අගනේ යැයි සිතට දැනුනු වාර අපමණය. අහසෙහි ...

[283] දැලින් මිදුනු ඈ ! ඇයව මා දකින්නේ මීට වසර ගණනාවකට ඉහතය. අතිශය සුන්දර මුව කමලත් , එහි රැඳුනු අවිහිංසක සිනහවත් , උපතින් ගෙන ආ නොතිත් බුද්ධිමය හැකියාවත් , මගේ ඇස් ඉදිරියේ මවා තිබුනේ අනාගත සුවච කීකරු බිරිඳකි. මුහුණ විනා මොළය විනා ඒ අරුම පුදුම පෞරුෂය මා එදා දකින්නට උත්සුක නොවීමි. කාලයත් සමග ගුරු සිසු සබඳතාද වැසී යයි. එතැන්දී යලිත් මට ඈ හමුවන්නේ වසර ...

[282] අඳ ඇස් ! ~ අඳ ඇස් සඳ මත ඇඟිලි තුඩකින් රූ අඳිනු බැරීසිඳ ලූ තුරෙක උස නැත හිණිමගක සරීඅඳ දෑසකට උණුසුම විඳ නිදන හැරී ඇඳ දිය හැකිද , සොඳ අහසින් පෙරෙන ඉරී ? . 2013-01-07

[281] තෘප්තිමත් වූ 2013ක්  උදෙසා. ... පසුගිය ජනවාරි 1 දා මා කියූ සේම , මම ජීවිත තෑග්ග ඔබා නොබලා ලිහා බෑලුවෙමි. එහි බොහෝ හුරුබුහුටි තෑගි බෝග එකිනෙක හැංගී ඇති බව මම පසක් කළෙමි. මෙතෙක් හිත නොනැමුණු නව අදහස් උණා ආවේ අලුත් පාරකට මග ලකුණු පෙන්වමිනි. පෙර සේම , හෝ ඊටත් වඩා මම ප්‍රමිතියෙන් තොර කෙල්ලක වීමි. ජීවිතය මුහුකුරා යද්දී මට පෙනෙන පාට වෙනස් වූයේය. මට ...

[280] නොහික්මුණු කමට සිතුවිලි ඔන්චිල්ලාවක පැද්දෙනවා නොහික්මුණු හිත.. ඇවිත් ආයිත් පොළොවට ... බලා යනවා ඉඳහිට දුක සැප .. නිතර බිමට නාවට .. කිසිත් අමනාප නම් නැත... සන් කරන තෙක් වෑහි බීරුම , නැග ඉඳින් වළාවක් පිට .. අහස කළු වී එන කොට, සමුදී බැස වලා යහනින ...... කල්තියා ආවොත් පොළොවට , එදා හුන් බිල සොයනු හැකි වෙත... ඉඳහිට වැහි පොදටත් තෙමෙන දිරාගිය විල්ලුද ...

[279] නිදි නැති රාත්‍රීන් නින්ද නොයාම මල වදයකි. විටෙක හිතෙන්නේ එය ලෙඩක් යයි කියාය. එසේ සිතීමේ අතුරු ඵලය නම් , සිත විසින් බෙහෙත් ඉල්ලීමයි. බෙහෙත් බිව්වොත් එය තවත් ලෙඩකි. එතනින් එහාට බෙහෙතින් මිස නින්ද එන්නේ නැත. ඒ නිස්කාරනේ තිබූ නින්ද නැති කරගන්නා මගකි. සිත නොසන්සුන් වූ විට දෙකට දෙවාරනේ නොහිතූ විටෙක නින්ද ලඟා වීමත්, සිත සන්සුන් වූවිට නින්ද පලායාමත් එක්තරා අයුරකින් විද්‍යාවට පටහැණිය. මාසම්බන්ධයෙන් ...

[278] සර්පයෙකුගේ දියණිය ඔස්සේ..... සර්පයකු කෑවාක් සේම තිගැස්මක් ඇති කරන්නට ඉතා කුඩා වැකියක් ඊයේ සමත් වූයේය. ජීවිතය තිගැස්විය හැකි නිර්මාණයකදී මට එහි පැටිකිරියෙන් පලක් නැත. ඇත්තටම කියනවා නම් මේ පොත තවම මා නොකියවූ එකකි. එහෙත් මෙවර මාසාවසාන පඩි පැක්ට්ටුවේ පොත් කෝටාව ඇරෙන තුරු මෙය නොලියා සිටීමට සිත නොදෙයි... "වැස්සකට ගෙදරට ගොඩ වෙනවා වගේ සැරෙන් සැරේ ජීවිතේට ගොඩ වෙන අයට ගොඩක් ආදරේ කරන්න එපා පුතේ.. ...

[277[ සන්සුන් වීමේ ආදීනව දිගු කලකට පසු චිත්ත සන්තානය යම් කිසි සන්සුන් බවක් පල කරන්නේ බ්ලොග් පිටුව වෙත පෙර තිබූ ආලය පෙම සහ බැඳුම යලිත් යාවත්කාලීන කරමිනි...අනාගතයට මෙන්ම අතීතයටද එබී සිටීම දීර්ඝ කාලීන බෙල්ලේ කැක්කුම් වලට හේතුවකැයි අලුත් අවුරුදුදා මම ලියා තැබුවෙමි. කොතෙක් ප්‍රබන්ධයන්හි යෙදූ මුත් , ලියවෙන දාර්ශනික වැකි ප්‍රායෝගිකව 'මේන්න මම කළා' යැයි කීමට ලැබෙන්නේ එහෙමත් වතාවකය.විශාල මාවතක් වැනි ජීවිතය කුඩා අතුරු ...

[276] අස්තිර දෙනෙතක මෙලෙක දැක පමණක එක සැණෙක පැතුමක බියක දුක සැක දෙහදක සු‍රැක.... සිහිනෙක මිසෙක, සසරක මතකෙක නොදැක වදනක හසක සහනෙක දැකියැක ? නොහැක2012-12-13

[275] සත් වසක රැකියා අතීතාවර්ජනය සංසාරේ අපි මාසයක් වහලා දැම්ම ගානයි. බ්ලොග් ලිවිල්ල කෙසේ වෙතත් ලිවිල්ල නම් එපා වෙන්නෙ නැහැ. ඒත් දන්නවද, ජීවිතේ මල්ට ටිකක් දුරට රයිටර්ස් බ්ලොක් වගෙ එකකුයි ටෙක්නිකල් ගෑජට් එපා විල්ලකුයි එක පාර සිද්ද උනා වගෙ මාසයක් හිත හිත දුක් වින්දා. ජීවිතේ මල්ට තියන ලොකුම ලෙඩේ තමා ජීවිතේ වෙනස් වීගෙන යද්දි ඒකට හේතු භූත වෙච්චි කරුණු කාරනා හොයන්නෙම තම ඇතුල් හිතෙන්. ...

[274] මළවුන් ඇවිදින .. මිනිසුන් නිදන .. නොවැම්බරයට ... එය නම් අරුමයක්මැයි...හිස ගසා ගත් කලක බිත්තියකසීරුනු තැනින් ගලයිකුකවි පද එක දෙක...බිත්තියද සසලවහඬයි වැලපෙයිරතු පාට සීරුමක් වෙවුලයිදෙදරුමට අවනතව ....හිත හොඳින් ඇති විටකගැයු මනා කවි පදපොළවත් අහසත් සුලඟත්කොතෙකුත් ලියා වැනුවද .....බිත මත ‍රැඳුනු කෙස් පොදහිස මත ඇඳුනු රතු හුණුහැඬුමට අනුනාද වන තරමටමහ පොළව සිත් පිත් නැත.... ..සිත ප්‍රීතියෙන් පසුවන කල්හි , බොහෝ අය ප්‍රීතිය බෙදා ගැනීමට වෙති... එහෙත් සිත අසරණ ...

Previous Page