අග බිසවට විරුද්ධව දෝෂාභියෝගයක් .මේ ඉන්නෙ අපේ කැකිල්ලේ මහා රාජෝත්තමයන් වහන්සේ. පේනවනෙ ඇඟ පුරා, බඩ පුරා. ..... පුරා මොළේ තියෙන බව කැකිල්ලේ රාජෝත්තමයට දවසක් බොහොම නුවණක්කාර අදහසක් පහළ වුණා. "දැන් ඉන්න අග බිසව ලස්සන මදි. හරී මෝඩයි. නපුරුයි. ඒක නිසා අලුත් අග බිසවක් සරණ පාවා ගන්න කල වයස හරි දැන්" ඔන්න ඔහෙම හිතපු කැකිල්ලේ රාජෝත්තමයා තමන්ගෙ අදහස රාජ සභාවට දැන්නුවා. "අවසර දේවයන් වහන්ස . ...

ජෛව පාලනය 1-ජවනිකාවA\: මේකනං හැබෑම පුදුමයක්.B\: ලෝක විනාශය වෙන බවට පෙරනිමිත්තක්.C\: නෑ නෑ සක්විති රජකෙනෙක් පහළ වෙන බවට පෙරනිමිත්තක්.D\: මොකක්ද මොකක්ද ඔය කියන පුදුමෙ.A\: මෝල් ගහක දලු ඇවිල්ලලු.D\: කෝ කෝ යමු බලන්න.B\: එහෙම ආවට ගියාට බලන්න බැරිලු.C\: කලින් දිනයක් වෙන් කර ගන්න ඕනෙලු.A\: දහදාහයිලු ටිකට්.D\: කමක් නෑ යමු ඒ ගාණටත් වටිනවා.2-ජවනිකාවX\: අනේ මහත්තයෝ අද මෝල්ගහ පෙන්නන්න විදිහක් නෑ.D\: එහෙම කොහොමද ?A\: ...

හඳට හාවෙක් ආපු හැටි ( විශ්මලන්ත ජන ප්‍රවාදයක් ) ඔන්න එකමත් එක නලාවක හා උන්නැහේ කෙනෙක් උන්නා. ( ඔව් ඔව් නලාවක තමයි. කැලෑවක නෙවෙයි. මේක ඇවිල්ලා විශ්මලන්තයනෙ ). ඒ හාවට ගවුවක් දිග නැට්ටක් තිබ්බා. ( ඔව් ඔව් ගවුවක් . කිලෝමීටරයක් නෙවෙයි ) .මේ ඉන්නෙ ඒ හාවා. පේනව නේද නැස්ටෙ දිග :-oඔය හාවගෙ නැස්ටෙ අග්ගිස්සෙ හිටියා කිනිතුල්ලෙක් . පේනව නේද කිනිතුල්ලගෙ සයිස් එක.ඔය කිනිතුල්ලා හැම පැය 23යි විනාඩි 54යි තත්පර ...

ඤායියා .මම පොඩි පැටියා කාලෙ පූසට කිවුවෙ ඤායියා කියලලු. හැබැයි අපේ ගෙවල් ලඟ ඉන්න අංකල් කෙනෙක් ඤායියා කිවුවෙ මටලු :) . ඉතින් ඒ අංකල් අපේ ගෙදර ගාව පාරෙ යනකොට සමහර වෙලාවට අහනවලු කෝ ඤායියා කියල. ඒ අහන්නෙ මම ඉන්නවද කියල. ඉතින් එතකොට ගෙදර අය මට කතා කරල කියනවලු මෙන්න අංකල් අහනව ඤායියා කෝ කියල කියල.ඉතින් මම දුවගෙන දුවගෙන ඇවිල්ලා , ඇඳන් ...

සමනලයා ... .සමබර මනසින් නoවමු ලස්සන යාමයක් ...ලොවේ ඉතා සාර්ථක වූ පුද්ගලයන්ට පවා මානසික රෝග වැළඳී ඇත.දරුණු මානසික රෝග සමඟ ජීවත් වන පුද්ගලයන් සාර්ථක ජයග්‍රහණ අත් කරගෙන ඇත. ( ඔක්තෝබර් 10 දිනට යෙදෙන ලෝක මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රදර්ශනය කර තිබූ පෝස්ටරයකින් උපුටා ගන්නා ලදී ) _______________________ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය දැනුම ප්‍රවර්ධනය කිරීමට දායක වීමට කැමතිනම් අමතන්න : ...

සිසි වන වුවන ඉඟ සුඟ .. සිසි වන වුවන ඉඟ සුඟ ගත හැකි..................මිටින නිසි පුළුලු’කුළ රිය සක යුරු තිසර...................තන දිසි රන ලියෙව් රූ සිරි යුත්.....................මෙපුරඟන ඇසි පිය හෙළන පමණින් නොවෙති..........දෙවඟන-සැළලිහිණි සන්දේශය- ඔන්න මට ඇහැක් විදිහට ඇන්දා (පින්තූරය පොඩි වැඩිනම් ඒක උඩ ඔබන්න)[ 13 - Sep - 2012 ]යොමුව : http://status-chanaka.blogspot.com ...

ශ්‍රීමත් නයිට් වරයෙකු වූ වීර සෙබළාගේ කතාව ! ඔන්න එකමත් එක කාලෙක සුදුම සුදු අය ඉන්න රටකුයි (අපි කියමුකො එංගලන්තෙ කියල ) කලුම කලු අය ඉන්න රටකුයි (අපි කියමුකො නයිජීරියාව කියල ) අතරෙ පුංචි රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවක් නිසා (අපි කියමුකො කුමාරිකාවක් නිසා කියල) මහාම මහා යුද්ධයක් ඇති වුණාලු. ඔය යුද්ධය දරුණුවටම ඇවිලිලා ගිහින් සුඩුම සුඩු රටේ සේනාව අන්ත පරාජයකට පත් වෙන තැනකට ආවලු. මේ කියන වෙලාවෙ සුදු සේනාවෙන් ...

12 වාට්ටුවේ රස කතා ඇතුල්වීමගෞතම බුදුරජාණන් වහන්සේඅපේ යුතුකම් !මම හිටපු ඇඳේ අංකයසේලයින් බෝතල් එල්ලන කණුකැනියුලාවක්කැනියුලාවේ දින සළකුණසිසිල් පවන්අමුතු මලක්අඹ බයන්නක්යො භික්ඛවෙ මංඋපට්ඨහෙය්ය සො ගිලානං උපට්ඨහෙය්ය("ගිලනුන්ට උවටැන් කිරීම මට උවටැන් කලාහා සමානය") - බුදු රජාණන් වහන්සේ -more photos - here[ 06 - Sep - 2012 ]යොමුව : http://status-chanaka.blogspot.com ...

මකරෙක්ව අඳින හැටි ! පහුගිය අවුරුදු තුන පුරා එක එක අය එක එක විදිහට මකරු ඇන්දා.( එක එක විදිහට හිතේ ඇඳගන්නත් ඇති ) මේ ඒවායින් කීපයක්. සයිබර් යායේ චූටි මහත්තයා අභියෝගතා චිත්‍ර තරඟයේ 9 වැනි ස්ථානය දිනා ගැනීම වෙනුවෙන් බුද්ධි ඇඳපු මකර අධිරාජයා.පොඩ්ඩිව නරියාගෙන් බේරා ගැනීමේ වීර ක්‍රියාවට ස්තූති කරල සිත්තමී ඇඳපු මකරා. මගේ 25 වෙනි උපන්දිනයට රුවන්තිකා කුමාරි ඇඳපු මකරා. මගේ 26 වෙනි ...

කවි හදන හැටි ? මුල් පදය නුඹ කියන්දෙවෙනි පද මම කියමිඑයින් පසු අනිත් අයගොඩක් පද හැදුවාවෙ Mini කවි වල නොපළ කවියකි. [ 25 - Nov - 2011 ]යොමුව : http://status-chanaka.blogspot.com

හොර පූසෙක් කස තැලුම් කකා .. හොර පූසෙක්, කස තැලුම් කකාදංගෙඩියට ගෙන යන ගමනේතඩි මීයෙක් දැක, මස් රස සිහි කරපුරු පුරු පුරු ගෑවාලු //අනේ මෙහෙම තණ්හාවක්, අනේ මෙහෙම ආශාවක්සත්තුනි ලැබේද ඉන් සැනසීමක්වහු පැටවෙක් පිඹ..ගෙන ආවෝතින්දෙන්නට වේ යැයි සැක සිතලාපිදුරු ගොඩේ හිඳ , තඩි බලු දණ්ඩෙක්බුක් බුක් බුක් ගෑවාලූ //අනේ මෙහෙම තණ්හාවක්, අනේ මෙහෙම ආශාවක්සත්තුනි ලැබේද ඉන් සැනසීමක්ගල් ඉබ්බෙක් ගිරි කුලකින් විසිවීමහ පොළොවට පාවී එද්දීඅහසින් ගිය ඉබි ...

සරුංගලේ  ? නුඹෙ හිත මම අරං............ගියාඒක මඟදි හුලඟෙ.............ගියා හෙට නුඹහට දෙන්න........කියාඅලුත් හිතක් ගෙනෙමි.....මෙමාMini කවි වල නොපළ කවියකි [ 17 - Nov- 2011 ]යොමුව : http://status-chanaka.blogspot.com

මෙම සටහන ලිවීමට උපදෙස් ගැනීම සඳහා දිල්ශාරා වීරසිංහ සොයුරිය සමඟ කළ පෞද්ගලික සංවාදයක් copy paste කර save වෙනුවට අත්වැරදීමක් නිසා publish බොත්තම එබීම නිසා එය ඔබේ feed readers වලට පැමිණ තිබිය හැකිය . ඒ ගැන සමා වන ලෙසත් වැරදි වැටහීම් ඇති කර නොගන්නා ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිමි=================================================.අදින් දවස් 2කට කලින් නොවැම්බර් 13 ඉරිදා. මහ කම්මැලි දවසක්. කරන්න කිසිම වැඩක් නෑ. ...

ආචාර වෙඩිමුර 25 .අද 2011 නොවැම්බර් 11. අද පෙරවරු 11.11 ට 11:11:11:11:11:11 වෙනවා. හැම අවුරුද්දෙම 11.11.11 (නොවැම්බර් 11 පෙරවරු 11.11 ට ) ට ගාලු මුවදොර පිටිය කිට්ටුව නැවක ඉඳන් නාවික හමුදාව කාලතුවක්කු ආචර වෙඩිමුර 25ක් තියනවා.සාමාන්‍යයෙන් පුද්ගලයෙක් වෙනුවෙන් පූර්ණ රාජ්‍ය ගෞරවයකදි තියන්නෙ කාලතුවක්කු වෙඩිමුර 21 යි ( 21 - Gun Salute ). ඒත් 11.11.11 ට 25ක් තියනවා. ඒ කා වෙනුවෙන්ද දන්නවද ?...................සිංහල දෙමළ ...

බලු රාලට සනීප නෑ චූටි දෝණි පොඩි කාලෙ ඉඳන්ම දෝණිගෙ තනි නොතනියට හිටිය, චූටි දෝණි ගෙදර නැති වෙලාවට චූටි දෝණිගේ චූටි බෝලෙ පෙරල පෙරලා මිදුලෙ හිටිය පුංචි බලුරාලට සනීප නැති වෙලා.පුංචි බලු රාලට ඇවිදගෙන යන්න සනීප මදි නිසා අම්මි අද බලු රාලව වඩාගෙන බලු දොස්තර මාමා ගාවට එක්ක යාවි.චූටි දෝණි දැන් ටිකක් ලොකු නිසා අදට විතරක් අම්මිගේ අත අල්ලගෙන පයින් යන්න පුලුවන්.දොස්තර මාමා බලු ...

ජාතික කුකුළා දිල් අක්කා අහුලන්නෙ අතීතයෙන්. අතීතයෙන් අහුල අහුල ඉද්දි එයාට රජ කාලෙ හිටපු රජ කුකුළෙක්ව ඇහිලිලා තිබ්බා . අතීතයේ විතරක් නෙවෙයි වර්තමානෙත් කුකුළන්ට අපේ රටේ හොඳ වැදගත් තැනක් තියෙනවා. අපේ රටේ ජාතික කුකුළා වලි කුකුළෙක් ( ජාතික කුකුළා නෙවෙයි ජාතික කුරුල්ලා තමයි. ඒ වුණාට එකමත් එක බබෙක් පොඩි කාලෙ හැම කුරුල්ලටම කීවෙ කුකුළා කියල . "පුතේ අර ඉන්නෙ ...

Previous Page