අද ඉස්කෝලේ ළමයිව එන්නත් කිරීමට කණ්ඩායමක් ආවා. ටිකක් වයසක දොස්තර නෝනා කෙනෙකුත් මේ කණ්ඩායමත් එක්ක ආවා . දැන් ගුරුවරු කීප දෙනෙක් මේ දොස්තර නෝනා ගැන කතා කරන්න පටන් ගත්තා. ' අනේ හරීඊ ඊ ඊ හොඳ ඩොක්ටර්... කිසිම ආඩම්බරයක් නැ." ඔන්න ඊට පස්සේ ගුරුවරු දෙන්නෙක් ආඩම්බර අයට බනින්න පටන් ගත්තා. මිනිස්සු අහංකාර වෙන්න හොඳ නැ උඩට යනකොට , ඉගෙන ගන්න කොට ...
I get hurt the pain remains but I don’t hate You get hurt and you hate the hatred visible in many forms…
අද හැමදාම බලන බ්ලොග් ටික හැර නොබලපු බ්ලොග් කීපයක් බලන්න හිතුන. බ්ලොගීගේ ඩයරියේ ජින්ජර් ගේ කතාවක් කියවන කොට මගේ ජිල්ල ගැන මතකය හා තවත් මතකයන් ඔලුවට අවා. ජිල්ල කියන්නේ මම දන්න මල්ලි කෙනෙක් ගේ නමක්. ඒ මල්ලි මීට කාලෙකට කලින් පොඩි ළමයෙක්. . ඒ මල්ලි පොඩි කලේ එයාගේ ඇස දෙක ජිල් බෝල වගේලු ඉතින් එයාට පොඩි කලේ ඉඳල ජිල්ල ...
අපේ ඉස්කෝලේ එක එක වර්ගයේ ටීචර් ල ඉන්නවා. තරුණ අය, තරුණ ද නැද්ද කියල හරියටම කියන්න බැරි අය, තරුණ නැති අය , තමන් වයසයි කියල හිතන අය, බැඳපු අය නොබැඳපු අය සාමයෙන් සමාදානයෙන් ඉන්න අය, අනුන්ගේ ගේ වැරදීම හොයන අය හොඳ විවාහ ජිවිත ගත කරන අය, ඒ එක්කම තව තව අනියම් සම්භන්දතාත් පවත්වන අය.... මෙකි නොකී හැමෝම මෙතන ඉන්නවා. මේ ...
You are there somewhere …deep in my heart in a tiny universeunidentified restricted.And…impossible to definewho you are to me..But still !you are therevisible… but invisible.. butvisible ….to you ..to me ..and to you and me ..
It shacked my soul (?? )brought me joyand my heart gonna burstwith full of happiness and excitementI felt it started from the middle of my heart and spreading toward head and toesYes I felt it I’m trying to figure it outhave u ever tried to detail it’s very much decent, very much mannish, very much smart and handsome, bit professional ...
මිට දවස් දෙක තුනකට කලින් හදිසියේම පේරා කැම්පස් එකට ගියා. ඒ වෙලාවේ දැක්ක කැම්පස් ළමයින්ගේ උද්ගොෂන්යක්. ලවුඩ්ස්පිකර් දා ගෙන ළමයි කෑ ගගහ යනවා. එයාල කොයි පැත්තට යනවද කියල වත් බලන්නේ නැතිව මම එතනින් යන්න ගියා මගේ වැඩේ කර ගන්න. මම කැම්පස් යන කාලේ කිසිම දවසක ස්ට්‍රයික් එකකට එකතු උනේ නෑ.උද්ඝෝෂණයකට එකතු උනේ නෑ. අනිත් අය ස්ට්‍රයික් කරත් මම ලෙක්ච(ර්)ස් ...
මේ කතාව මට මිට අවුරුදු 12 ට විතර කලින් වුන සිද්ධියක්.... මම ඒ දවස් වල එක පාඨමාලාවක් කරන්න කොළඹ ක්ලාස් ගියා. ක්ලාස් තිබුනේ සති අන්තයේ. ඉතින් සාමාන්යෙන් කරන්නේ සති අන්තේ කොළඹ ගත කරලා සඳුදා උදේ ගෙදර එන එක. සමහර දවසට ඉරිදට ක්ලාස් එකෙන් කලින් පැනල ඉරිදා හවස ගෙදර එන වෙලාවලුත් තියනවා . එහෙම එන දවසට නම් ගෙදර එද්දී හොඳටම ...
ඔබ නොකියන මා නොදන්නවා යයි ඔබ සිතන "සත්‍යය" මම දනිමි මම නොඅසමි ඔබෙන් "එය ඇත්ත ද ? " නුඹ ම රැවටුන දෙන් රවටන්නෝ රැවටෙත් යනු සැබෑවක් ම ය
පසුගිය කාලයේ ටික දවසක් මම 6 පන්තියට, "සිවික්" කියල කෙටියෙන් කියන පුරවැසි අධ්‍යාපනය කියන විෂය කලා. ඒකෙ තියනවා 'මම කවරෙක්ද' කියල පාඩමක් කරන්න. ඉතින් පාඩම පටන් අරන් මම ළමයින්ගෙන් ප්‍රශ්න අහන්න පටන් ගත්තා. මම සාමාන්‍යයෙන් පන්තියේ උගන්න්නකොට ළමයි ව කතා කරවන්නන ප්‍රශ්න අහනවා; මම දේශනයක් දෙනවා වගේ පාඩම කරන්න කැමති නැති නිසා. ඒ නිසා මම එක ...
මට දෙවියන් හමු උනොත් එකමෙක දෙයක් ඉල්ලමි ඒ ජිවිතයට අන් ඩූ බට්න් එකක් ...
හඬන්නට අවැසි වුව නොහැකිය හඬන්නට රඳවන්න අවැසි වුව නොහැකිය රඳවන්න ඔබේ ලෝකය සොයා දුර යන්න දුර යන්න සියලු පැතුමන් අපේ සුන් වී ගියාදෙන් දැවී අළු වී ගියාදෙන් ඉතින් ඉවසන්නම් දුකින් සිර කරන්නම් සුසුමන් නැත කිසිදු අමනාප සුබ පතන්නම් හදින් ! ...
කැම්පස් එකේ විභාගේ ට තව තියෙන්නේ සතියක කාලයක්. තාම පාඩම් කරන්න පටන් අරගෙනත් නෑ . එත් ඉතින් හිතට ආපු මේ කතාව කෙටියෙන් ලියල දාන්න හිතුන. මම පොඩි කාලේ ගෙදරදී හවසට පන්සිල් ගැනීම අනිවාර්ය දෙයක් වෙලා තිබුන. ආච්චි පන්සිල් ගන්න වෙලාවට අපිත් බුදු පහන ලඟට එකතු වෙන්න ඕන. එතන පොඩි බුදු පිලිමෙකුයි බුදු හමුදුරුවොන්ගෙයි දෙවියන්ගෙයි පින්තුර වගයකුත් තිබුන ...
ඉස්කෝලේ ළමයි අතර තියන රන්ඩු නම් කෙළවරක් නෑ. හැම දාම පැමිණිලි , මෙයා මට ගැහුව, මෙය මගේ බැග් එක බිම දැම්ම.. මගේ පොත හොරකම් කරලා... අද හවස ගෙදර යනකොට මට ගහනවා කිව්වා... මගේ මේසෙ මෙයා අරගෙන .. මේවා හරිම සුලබ පැමිණිලි. ඒවා විභාග කරන්න ගියාම කව්ද වැරැද්ද කරේ කියල හොයා ගන්න හරිම අමාරුයි. එකටත් එක්ක දෙපැත්තටම ...
ඕනෑම දෙයක් හොඳට සැලසුම් කරලා කල් ඇතුව කරන එක හොඳ දෙයක් ලුනේ. එත් ඉතින් මගේ නම් ගොඩක් වැඩ තියෙන්නේ අන්තිම මොහොතේ තමයි. උදෙන්ම නැගිටින්න ගියත් නැගිටින්නේ අන්තිම මොහොතේ. උදේ 5.45 ට නැගිටින්න ඕන නම් එලාම් එක 5.15 ලට තියල 6 ට ඇහැරෙනවා. කැම්පස් එකේ assignment කරන්නෙත් දෙන්න ඕන දවසට කලින් ද රැයි. කලබලේට ලියල දෙන ...
මසිත් ගත් නොදුටු ඔබගේ සුන්දර වදන් පරදා මසිත් නොගත් ඔබගේ සේයාරුව මහද පැරද වී ද ?
බ්ලොග් එකක් පටන් ගත්තට මොකද ඒකට අලුත් පෝස්ට් දාන එක තමා දැන් තියන ගැටලුව. මගේ යාලුවෙක් නම් මේකට කිව්වේ රයිටර්ස් බ්ලොක් කියල ( හි.. හි.. මම මොන රයිටර් ද .. නිකමට බ්ලොග් එකක් පටන් ගත්ත මොනවා හරි ලිය ගන්න පුළුවන් වෙයිද බලන්න) මේක ලියන්න දෙයක් නැතිකමද ලියල පුරුද්දක් නැති කමද දන්නේ නැ. මොකක් උනත් අද නම් ...
අපි හැමෝටම විවිධාකාරයේ නෑයෝ ඉන්නවනේ , හොඳ නෑයෝ එපා වෙන නෑයෝ, දුප්පත් නෑයෝ, පොහොසත් නෑයෝ, දුර නෑයෝ, ළඟ නෑයෝ, කුහක නෑයෝ, හිතවත් නෑයෝ මේ විදිහට විවධ ආකාරයට වර්ග කරන්න පුළුවන්. අද යාලුවෙක් එක්ක චැට් කරන ගමන් නෑයෝ ගැන කතා උනා ඒ නිසයි මේ පොස්ට් එක දාන්න හිතුනේ. මගේ මේ යාලුවට දවසක් හදිසියේම නෑයෙක් ස්තුති කරාලු, ස්තුති කිරීමට ...
මේ දවස් වල තියන වැස්සට සපත්තු ගැලවීමේ සම්භාවිතාව වැඩියි . මට හරියට ඔය පාවහන් ගැලවීමේ අවස්ථා වලට මුහුණ දෙන්න සිදුවෙලා තියනවා. පාරකදී උනාම නම් මම ඉතින් කරන්නේ ත්‍රී වීල් එකක් නවත්තගෙන යන්න ගිය ගමන නවත්තල අපහු ගෙදර යන එකයි. ඒත් එතින් ත්‍රී විල් එකකින් යන්න බැරි දුරක නම් ඉන්නේ මාර වැඩේ තමා ...
අද හවස හෝ ගාල වැස්ස.. ඉස්කෝලේ ඇරිලා එන්නේ කොහොමද කියල හිතහිතා ඉඳල යන්තන් වැස්ස ටිකක් අඩු වෙන කොට එලියට පැන ගත්ත. ඔයත් එක්ක මේ වැස්සේ යන්න කොච්චර අමාරුද. ඔයාව එක අතකින් අල්ලාගෙන අනිත් අතින් කුඩේ ල්ලගෙන පරිස්සමින් හිමින්හිමින් අඩිය තිය තියා ආවේ. ඒ අතරේ ඉස්කෝලේ ඇරුන කොල්ලෝ කුරුට්ටොන්ට නම් මාර ජොලි, ...