බොදු බල සේනාව වේවැල්වලින් සන්නද්ධ වීමට තීරණය කර තිබේ. බුදු තෙමඟුල සැමරෙන වෙසක් සමයේ බොදු බල සේනාවේ අය වේවැල් අරගෙන වීදි සරනු ඇති බව දන්වා තිබේ. ඒ උත්සව පවත්වන සමාජය වෙනුවෙන් සමාජ ශෝධක භූමිකාවක් ලෙස පෙන්වමිනි. මේ වේවැල් සෙල්ලම අලුත් දෙයක් නොවේ. වෙසක් කාලයට විකිණෙන භාණ්ඩ අතර වේවැල් ද තිබේ යයි සිතමි. 1992දී පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශය විසින් වෙසක් උත්සවය ...

මීට වසර හතළිහකට පමණ පෙර, කුඩා දරුවකු ලෙස මගේ මාමාගේ විවාහ මංගල්‍යය දුටුවෙමි.  ඒ කාලයේ හැටියට හොඳ මට්ටමේ මඟුල් ගෙයක් වූ එහි හරක් මස් කන්නට දුන්නේ ය. ඒ කාලයේ සාමාන්‍ය මඟුල් ගෙදරක දුන්නේ මාළු ය. මට මතක පරිදි මම මුල් වරට කුකුළු මස් කෑවේ හැත්තෑව දශකයේ අගභාගයේදී ය. ඒ දවස්වල බොහෝ ගෙවල්වල කුකුළන් සිටිමුත්, ඒ ගෙදරම අය උන්ව මරාගෙන කෑමක් ...

මැයි 21 වර්ජනයට අපි සහභාගි වෙමු. එහෙත්, අප‍ට ඒ පිළිබඳව අපට තිබෙන ප්‍රශ්න කීපයක් 'පළමුව මරණය - දෙවනුව මව්බිම' හෙවත් මැයි 21දා‍ වර්ජනය නම්  ලිපියෙහි දැක්වීමු.  අප දකින ආකාරයට මේ වර්ජනයට ජනතාවගෙන් යම් මට්ටමක හොඳ ප්‍රතිචාර බලාපොරොත්තු විය හැකි ය. එසේ සිදු වන්නේ එය කැඳවූ වෘත්තීය සමිතිවල ශක්තිය නිසා නොව ‍රටේ ජනතාවට මේ ආණ්ඩුව එපා වී තිබෙන නිසා ය.   මෙම ...

මැයි 21දින වැඩ වර්ජනයක් කැඳවා තිබේ. කැඳවා තිබේ යයි කීවේ ඒ වර්ජනය වෙනුවෙන් තීන්දු ගැනීමට මා හෝ මගේ වෘත්තීය සමිතියේ නායකත්වය හෝ සහභාගි නොවූ නිසා ය.  පෙනෙන විධියට මේ වනාහි ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයේ කැඳවීමකි. ඔවුන්ගේ භාෂාවෙන් කියන විධියට කුරුට්ටන්ගේ කැඩී යාමෙන් පසුව ඇති වී තිබෙන තත්වය තුළ මෙහෙම ගියොත් කැඳත් නැතිව යන්නට පෙර කළ කැඳවීමකි. රැවුලත් කැඳත් දෙකම බේරා ...

ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයකු ද වන කරුණාරත්න පරණවිතාන බුද්ධිමතෙකි. මම ඔහුගේ දේශපාලනය අගය නො කරමි. එහෙත්, ඔහුගේ බුද්ධිමය මැදිහත්වීම් ප්‍රිය කරමි. කැනඩාවේ තානාපතිවරයා වන ඔහු මෑතදී සිංහල බ්ලොග් අඩවියක් ආරම්භ කළේ ය. එය ඔබගේ අවධානයට යොමු විය යුතු එකකි. කියවන්න: සතරදිගන්තය ඔහු විසින් ලියන ලද දර්ශනයේ දිළිඳුබව සහ දිළිඳුබවේ දර්ශනය  නම් ලිපියෙහි ඔහු මෙසේ සඳහන් කරයි.  ජාතිකවාදය දාර්ශනික වශයෙන් ඉතා ...

මැයි 15දා ලක් ඉතිහාසයේ වැදගත් දවසකි. හෙට විදුලි බිල වැඩි කිරීමට එරෙහි මහන උද්ඝෝෂණයක් කොළඹදී පැවැත්වේ. එය බොරැල්ලේ සිට ‍කොළඹ කොටුවට පා ගමනකි.  වෘත්තීය සමිති, බහුජන සංවිධාන, රාජ්‍ය ‍නොවන ආයතන හා දේශපාලන පක්ෂ ආදීහු විශාල පිරිසක් මේ පාගමනට එක් වී තිබේ.  මෙහි විශේෂත්වය වන්නේ එය කැඳවනු ලැබුවේ දේශපාලන පක්ෂවලට සම්බන්ධ නැති පොදු විපක්ෂය විසින් වීමයි. මෙම විරෝධය කැඳවූ විදුලි බිල ...

(පනිරෙන්ඩාවේ කුඩු අමීන් විසිනි) උගන්ඩාව අපි ඔබට ආදරෙයි අපේ ජනපතිත් ඔබට ආදරෙයි ඔබ ඔහු කැන්දූ හන්දා කැන්දා  පිළිගත් හන්දා බෝට්ටුවෙන් අපි ගියත් රටින් රට අපේ මැතිඳු ඒ ලෙස කොහි යන්නද උගන්ඩාව ඔබ හින්දා රට සවාරියක් ලැබුණා අනේ අපට හරි සතුටුයි අපට මාර ජොලියි ආසියාවෙ අපි ආශ්චර්යයයි අප්‍රිකාවෙ ඔබ ආශ්චර්යයයි ඉන්දියානුවන් පැන්නූ උගන්ඩාව වාගේ අපටත් දවසක  එහෙන් ආ එවුන්  ...

වස්සානයට අත වනලා ඉමු මග බලන් උද්‍යානයක කෙළවරට වී ඔබ ඈතින් ඉඳන් ඉන්න මගෙ රත්තරං. මං ගාවින්ම උණුහුම නොදී හාදු දෙන වැස්සේ දේදුන්න අස්සේ අපි පා වෙමුද තුරුළටම වී ඔබේ ඇස් අස්සේ මං මාව දැක්කේ සංසාරයම මම නුඹගෙ වී තව ඈතින් ඉඳන් ඉන්නවද රත්තරං සංසාරයම මම නුඹගෙ වී තව ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන් සංසාරයම මෙය මට නොදී වස්සානයට අත වනලා ...

මහජන උපයෝගිතා කොමිෂම විසින් අනුමත කර ඇති නව සංශෝධනය අනුව, අපේ ගෙදර විදුලි බිල වැඩි වන ආකාරය අධ්‍යයනය කර බැලීමි. කලින් යෝජනා වූ විදුලි බිල වැඩි වීම අනුව අපේ ගෙදර විදුලි බිල රු. 1000කින් පමණ වැඩි වීමට නියමිත අන්දම මෙම ලිපියෙන් පෙන්වා දුන්නෙමි. අලුත් සංශෝධනය අනුව විදුලි බිල වැඩි වන්නේ මෙසේය: ඒකක 31-60 දක්‌වා ඒකකයක්‌ රුපියල් 4.70 බැගින් ගණනය කරනු ...

මවිසින් පවත්වාගෙන යනු ලබන ඉංග්‍රීසි බ්ලොගයේ ඵළ වූ ලිපියකට එරෙහිව DMCA හෙවත් (Digital Millennium Copyright Act) පැමිණිල්ලක් ලැබී ඇති බව හා ඒ අනුව එම පෝස්ටුව ප්‍රකාශයට පත් කරන ලද (published) තත්වය වෙනස් කොට කෙටුම්පත් (draft) තත්වයට පත් කළ බව මට මෙම බ්ලොග් අඩවිය  පවත්වාගෙන යනු ලබන බ්ලොගර් සමාගම විසින් දැනුම් දී තිබේ. ලිපිය පළ කර ඇත්තේ 2010 මැයි 30දා ය. ...

අගමැති දි.මු. ජයරත්න විසින් මැයි 08 දින පාර්ලිමේන්තුවේදී පැහැදිලි කරන ලද පරිදි, කොළඹ හිටපු උප නගරාධිපති අසාද් සාලි අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ඉන්දියාවේ විකටන් වෙබ් අඩවියට කරන ලද ප්‍රකාශයකින් දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය මගින් විග්‍රහ කර ඇති පරිදි වැරදි වන "ලංකාණ්ඩුවට විරුද්ධත්වය දැක්වීමේ හැඟීම් ඇවිස්සීම හෝ ඇවිස්සීමට තැත්කිරීම, වැසියන් අතර අසන්තෝෂය හෝ විරුද්ධත්වය ඇති කිරීම හෝ පන්ති අතර සතුරු වූ ...

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රන්ජන් රාමනායක සිනමා තිරයේදී බොල් වීරයකු හා අදක්ෂ නළුවකු වන මුත්, දීර්ඝ කාලයක සි‍ට මැදපෙරදිග ශ්‍රමිකයන්ගේ හිමිකම් වෙනුවෙන් කරන පෙනී සිටීම නිසා ඔහු සිය දේශපාලන ජීවිත‍යට වටිනාකමක් එකතු කරගෙන තිබේ. දුප්පත්කම නිසා අඩු වයසින් මැදපෙරදිග ගොස් සිටියදී පැටලුණ මිනීමැරුම් චෝදනාවකින් වරදකරු වී එරට රජය විසින් හිස ගසා මරා දමන ලද රිසානා නෆීක්ගේ ජීවිතය බේරා ගැනීමට කටයුතු ...

ලාභ ලැබීම පරම අරමුණ කරගත් ධනවාදය තුළ විද්‍යාවේ හා තාක්ෂණයේ සංවර්ධනය විනාශය ඉලක්ක කරගන්නා ආකාරය පිළිබඳ නිදසුනක් ලෙස ලිබරේටර් තුවක්කුව නම් කළ හැකිය. එය අන්තර්ජාලය හරහා බාගත කරගෙන 3ඩී මුද්‍රණ යන්ත්‍රයක් භාවිතා කර කොටස් වශයෙන් මුද්‍රණය කර, සවි කරගෙන මිනිසකු මැරීම සඳහා භාවිතා කළ හැකි ආකාරයට සංවර්ධනය කරමින් තිබෙන තුවක්කුවකි. 3ඩී මුද්‍රණය හා තුවක්කුවක් මුද්‍රණය කිරීම දක්වා එය වර්ධනය වූ ...

යුද්ධය අවසන් වූ පසු යාපනයේ අධි ආරක්ෂක කලාප යාපනය ආරක්‌ෂක සේනා මූලස්‌ථානය විසින් අධිආරක්‌ෂිත කලාප ලෙස නම් කර දශක ගණනාවක සිට ජනතාවගේ පෞද්ගලික ගම්බිම් මත පවත්වාගෙන යන ඉඩම් හෙක්‌ටයාර 6381 ක්‌ වන්දි ගෙවා හමුදා කටයුතු වෙනුවෙන් නැවත 'නීත්‍යානුකූලව' පවරා ගැනීම සඳහා දැනුම් දෙමින් නිවේදන යාපනයේ අධි ආරක්ෂක කලාප ඇති ප්‍රදේශවල ගස් ගල්වල අලවා ඇති බව යාපනයෙන් ලැබෙන වාර්තා පවසයි. "මෙම ...

අසාද් සාලි අසාද් සාලි අත්අඩංගුවේය. මුස්ලිම් තරුණයන් අවි අත‍ට ගත යුතු බව කී බව ඔහුට ඇති චෝදනාවයි.  දැන් රහස් පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කරන්නේ ඔහු මුස්ලිම් සන්නද්ධ කණ්ඩායම් සමග සම්බන්ධ ද කියායි. ඔහු 'ඔව්' කියන තෙක් ප්‍රශ්න කළ යුතුය. 'ඔව්' කිව්වත්, නැතත්, ඔහු හිරේ යා යුතුය. මන්ද, ඔහු රාජපක්ෂව සිට රාජ ‍විපක්ෂ වූ අයෙකි. රාජ විපක්ෂ වන්නට ඉන්න සෙසු අය බියපත් ...

දැන් හරියට  ආණ්ඩුව කතා කරන්නේ විදුලි බිල අඩු කළා‍ වගේය. ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක කී පරිදි ආණ්ඩුව ජනතාවට බියේ අඩියක් පස්සට ගෙන තිබේ. ජනතාව සටන් කරනවා නම් ඉල්ලීම් දිනා ගන්නට පුළුවන. එහෙනම් විදුලි බිල වැඩි කරලා නැති විය යුතුය. ආණ්ඩුවත් හරියට සමහර වෙළෙන්දන් වගේය. මිළ රු. 100කින් වැඩි කර රු. 10ක වට්ටමක් දෙයි. ඒත්, මිළ රු. 90කින් වැඩි ...

කැලැන්ඩර‍යේ මැය 01 දිනය උදා වී තිබේ. කැලැන්ඩර් දේශපාලනයට මැයි 01 දිනය තවත් සංදර්ශනයකට නිමිත්තක් සපයයි. අපි මැයි පළමු දින මෙසේ සංදර්ශන පවත්වන්නේ ඇයි? යුරෝපා රටවල දුර අතීතයේ සිටම සමරනු ලැබූ මැයි දිනයක් තිබේ. එය ඔවුන්ගේ සංස්කෘතිකාංගයකි. එහෙත්, අප අද සමරන්නේ ඒ මැයි දිනය නොව ජාත්‍යන්තර ශ්‍රම දිනයයි. මෙයට ජාත්‍යන්තර කම්කරු දිනය කියාද කියනු ලැබේ. පැය අටේ වැඩ දිනයක් වෙනුවෙන් ...

වකුගඩු රෝගය විසින් බිලිගන්නා ලද උතුරුමැද පළාතේ ජීවිත සංඛ්‍යාව යුද්ධයට ගොදුරු වූ ජීවිත ගණනට වැඩිය. තවමත් අඛන්ඩවම මිනිස්සු වකුගඩු රෝගයට ගොදුරු වෙති. වකුගඩු රෝගයට ගොදුරු වන අති බහුතරය දිළින්දෝ වෙති. ඔවුන්ට නිසි පිළිසරණක් නැත. දරු පවුල් අනාථය. රෝගයට හේතුද තවමත් අපැහැදිලිය. නිසි පරීක්ෂණ නැත. ඇති හැකි අය ප්‍රදේශයෙන් පළා යති. එහෙත්, බොහෝ දුරට එයට හේතුව විය හැකි වැරදි වානිජ ගොවිතැන් ...

විදුලි බිල වැඩි කිරීමට එරෙහිව ගන්නා ක‍්‍රියාමාර්ග සඳහා ඒකාබද්ධ වන ලෙස විදුලි බිල වැඩි කිරීමට එරෙහි මහජන ව්‍යාපාරය ඉල්ලීමක් කරයි.  එහි නිවේදනයේ මෙසේ දැක්වේ වර්තමාන ආණ්ඩුව ජනතා අදහස් නොතකා, මහජන උපයෝගීතා කොමිෂන් සභාවද බළල් අතක් කරගනිමින් ජනතාවට දැරිය නොහැකි අයුරින් විදුලි බිල නැවත වැඩිකර ඇත. පවතින ජීවන වියදම හමුවේ ජීවත් වීම බරපතල ප‍්‍රශ්ණයක් වී ඇත. සාමාන්‍ය ජනයා මෙම විදුලි බිල ...

දුමින්දගේ මොළේ භාරත ඝාතන නාටක‍ය අවසන් වී ප්‍රධාන දුෂ්ට නළුවා රංග වස්ත්‍ර උනා, අංගරචනා සෝදා දමා‍, වේදිකාවෙන්  බැස අඩියක් ගසන්නට අරලියගහ පොට්එකට යන සඳ ඔහුට ඇලුම් කරන ප්‍රේක්ෂකයෝ ඔහු වට කරගෙන ප්‍රීති ඝෝෂා පැවැත්වූහ.  කිරිබත් පිසූ, රතිඤ්ඤා පත්තු කළ, ඔහු වැළඳ ගන්නට පොර කෑ පිරිසෙන් බහුතරය කොළඹ ලුම්පන් පීඩිත පංතියට අයත් අය වූහ. ආණ්ඩුවට අවශ්‍ය පරිදි කටයුතු කරන තාක් කුඩු ...

Previous Page