වස්සානයේ දවසක සවස මාවත මතට පිනි බිදැති වස්සන බඩගිනි සුළග... අර පෙනෙන කවුලුවෙන් සපැමිණ ඉකිලන පහන්සිල නිවායනු ඇත... අනතුරුව නිහඩ බව බිදෙනු ඇත.... කලුවර දොඩමලුවනු ඇත..... ළද ඉසියුමැලි ඔබේ අත්තල.. රළු දෑතක ගිලී යනු ඇත... දෙහදක් මිහිදුම තුල දියව එක් හදක් නිමවනු ඇත... ...
වදුරුමහතා අලිපේරගසමත හිද දිගමදිග වලිගය තවත්අත්තක පරිස්සම්කරතියාගෙන... මාදෙසබලා සුබඋදෑසනකැයි කියන... අළුපාට කබායට කලුපැහැ මුහුණ හොදින්ගැලපෙත... වදුරුමැතිණිය පැටවාතුරුලු කරගෙන වහවහා පැන එන මගුල්මුදුව රැදි සුරත මදෙසහරවා හිදගෙන... පෙරබත බුදින්නට ඔහුටඇරයුම් කරන... ...
තනිකම කුරුල්ලෙක් වී විත් ගීතයක් ගයයි සවනත... ඒ ගීයේ මිහිරි බව මට පමනක් දැනෙන... අහස් කුස, වැහිබිදු කවක් කොට නොතෙත් බිම මත ලියවත තනිකමේ කව... අතින් අතගෙන ඇවිදින රැහැයි යුවලක් වයයි ප්‍රේමයේ වීණාව... විදුලි රේඛා අහස්කුස නුඹේ රුව සිතුවම් කරන කලු සුදු ආලයක මතක පොත දිගහැරෙන... ඉදින් නුඹ නැතුවද රැය තවම තරුණය සිත තවම සසලය.. ...
සද එකෝමත් එක දවසක මඩ කඩිත්තකට පැන විහිදුවා මඩපැහැ සද එලිය... තිත්තයෙක් පියාඹාගොස් තරුවක කණට කර මඩ පැහැ රහස පවසත... නැහැය හකුලා තරුව "මොන බොරුදැයි කියන..." සද, තද දම් පැහැයෙන් රෝස තොල් පාට ගන්වන දෙතොල් මතුයෙහි සියුම් කඩතොලු මැකෙත... ...
ජේත්තුකාර කුරුල්ලෙක් කොණ්ඩය උඩට කර බැද කවුලුවෙන් හොරෙන් විත් මගෙ කැදල්ලට වැද.... සිනාසී කිචි බිචි ගාන ලාම්පුවේ වයරයට වී හිද, "සුදූ මම ආදරේ යැයි"කියන. මදස විලියෙන් බලන…. හොටෙන් ඇන කෙසෙල් කැබලිති ගෙනයන…. සවස් යම, කවුලුවෙන් එපිට හිද පියඹ සවනතට කර රහසක් කොදුරන... හොටට හොට තබා කෙසෙල් කැබලිති කවන... දෙවර්ණ ඉදුදුන්න මට ඔච්චමට සිනාසෙන වැහි බින්දු එක දෙකක් බිම වැටෙන... ...
තවමත් නියගලා මල් පිපේ වැට මත්තෙහි..... අප හමුවූ, නමුදු නොහැදිනි, ඒ මග දිග දුහුවිල්ලෙහි සැගව ගිය පිය සටහන් තවම ඇත...
සමහරක් කවි සොදුරු වුවපන්හිද සොදුරු නැතකවියකට පෙම් කලා වුව පන්හිදට පෙම් කල යුතු නැත
හදිසියේ ඔබසැලසුම් ගත අහඹුවක්ව සැපැමිණවදන් දෙකකින් හදවතේ යතුර තනවාමල කෑ හදවත විවර කොටමග බලා ඉන්නට ආදරේ ඇස් තනා දීනැවත නොපැමිණ....
මහගෙදරනාගහ පාමුල ඉදගෙනහිස් අහස දෙස නෙත් හෙලාගෙන...නාමල් සුවදපින්සල් තුඩට අරගෙනහිත් කැන්වසය මත අදිනසිතුවම...බොද කලනිල් මහනෙල් මල් සුවද...
"වෙත:-උඩින් යන දෙවියෝ,වලාකුල,අහස...." මම දන්නවාඔය දුවන වලාකුලු මතුපිටදෙවිවරුන් ඉන්න බව..රජවරුන් සේ ගමන් යන බවඉද හිට හොරැහින්පොලව දෙස නෙත් හෙලන බව.... ලියන කවි කියවන බවකවි අතර තම නම සොයන බව....කවි වරන කාලෙට සෝ සුසුම් හෙලන බව...එහෙම කාලෙටපොලොවට හයියෙන් වහින බවඒ වැහි වතුර වලලුණු රසක් තියෙන බව...ලියා දන්වන වග නම්,අහසට, දුකින් වුව... ඉස්සොරෝම කාලෙකවලාකුළු වල ලියුව කවි වලදෙවිවරු උන්නාට.... පොලවෙහි පය ...
වෙදැගිල්ල සුදු රත්තරන් මුදුව සමගින් සතුටින්ය... කම්මුලේ අත තියන් හූල්ලන සුදු වුවන...
හොදම යාලුවෙක් කියලා කියන්නේ ළගින්ම ඉන්න කෙනෙකුට.දුක සැප එක පිගානේ බදාගෙන එකට කන්න කැමති කෙනෙකුට.එහෙම අය හුගක් නෑ.ඉන්නේ බොහොම ටිකයි.නිශානි ඒ අතරින් එක්කෙනෙක්.පුංචි කාලෙ ඉදලම මාත් එක්ක එකට හැදුනු වැඩුනු නිශානි රස්සාවට ගිහින් දැන් අවුරුදු දෙකක් විතර.ගමෙන් වෙන්වෙලා කොළඹ රස්සාව කරන එක කොහොමත් එයාගෙ හිතට ගෙනාවෙ සතුටක් නෙමෙයි.දුකක්.එයාගෙ ජීවිතේ මෙ දවස්වල තනි කලු පාටින් පාට වෙලා.කන්තෝරුවේ මානසික පීඩනය දරාගන්න ...
ජීවිතේ කියන්නේ කතන්දරයක්.අපිට හැමදාම මුණගැහෙන ,හිනාවෙන,කතාකරන හැම මනුස්සයෙක්ම කතන්දර පොතක්.ඒ හැමපොතක්ම තාම හිමිකරුවන් විසින් කියවමින් පවතිනවා.ඒ එක පොතකවත් "නිමි" කියලා තවම කියවිලා නැහැ.හිතේ තියෙන අනියත බයට අහක බලාගෙන සුසාන භූමියක් ලගින් යන වෙලාවක වැරදිලාවත් ඒ දිහා බැලුවොත් කියවලා අවසාන කතන්දර පොත් සමාදානයේ සැතපෙනවා දකින්නට පුලුවන්.සමහර මිනිස්සු කියවන්න හරිම අකමැතියි.තවත් සමහර අය කියවන්න හරිම ලැදියි.ඒත් මේ ලැදියාව ගැන නොසලකා අපි ...
"මට පිස්සු" ඔව් උඹ හරියටම කිව් හැටි හදවත පාරවා හිත සූරලා ගෙන වචන ගලපන උඹේ ඔය අපූරු මුව පොඩිය... ඉස්සර මා කියන වචනයක් පාසාම මට ආදරෙයි කියු... අපූරු මුව පොඩිය... සිප ගත්ත පැයකට වතාවක්... සමහරක් වෙලාවට ඊටත් ටිකක් වැඩිපුර... නාදලු වලට වැඩිය පොඩ්ඩක් සෝසය ඔය දෙතොල්... මගේ ආදර සෝසා.... අරක්කු කාලකුත් දැන් බර වැඩිය දවසේ සොච්චමට බනින්න එපා ඔච්චර සෝසා.. ...
ශ්‍රී සිද්ධාර්ථ ගෞතම….. ලිබර්ටිසිනමා ශාලාව අදුරින් පිරිලා.සම්පූර්ණයෙන්ම වගේ පිරුනු ශාලාවේ හැමඅසුනක්ම බොහොම නිශ්ශබ්දව.සිනමා තිරය සුවිසල්ව දිස්වෙනවා.ලස්සන කුමාරිකාවක් මල් අතුරවපු යහනක සිනාමුවින් සයනය කරනවා. පුංචි ඇත් පැටියෙක් සුදු නෙළුමක් හොඩින් ගෙනැවිත් කුමාරිය දෑතට පත් කරනවා.කුමාරිය සිහිනයෙන් පිඹිදෙනවා. ඒ මහාමායා දේවියයි... "ප්‍රජාපතීමම සිහිනයක් දුටුවා."ඇය කියනවා.... සිහින කියවන්නන් මාලිගාවට කැදවෙනවා..සිහිනයේ අරුතනක්ෂ්ත්‍රකරුවන් මහරජුට පවසනවා. "ශාක්‍යවංශයේ රජකමට සුදුසු සුපින්වත් කුමරෙක්"...රජුගේ සිත සතුටින
http://www.dinamina.lk/epaper/art.asp?id=2013%2F02%2F15%2Fpg13_0&pt=p&hආදරවන්තයින්ගේ දවස ආදරයෙන් සැමරිලා අදට හරියටම එක දවසයි.සමහර වෙලාවට මෙහෙම කියනකොට ආදර හිත් තම තමන්ටම මුමුණාගන්නවා ඇති ආදරවන්තයින්ගේ දවසේ සැමරුම්… ආදරණීය තිළිණ,සමරු සටහන් අතරෙ ලෝකයාට හොරෙන් හුවමාරුවුන ආදරණීය හාදු එහෙමත් ඇති. "මොන විකාරද ආදරේ කරන්න මොන දවස්ද?අපිටනම් හැමදාම ආදරවන්තයින්ගේ දවසක් තමයි.."සමහර ගනන්කාර හිත් එහෙමත් කියනවා ඇති.“ඕවා තනිකරම බිස්නස්කාරයින්ගේ කූටප්‍රයෝග...මේ තරුණ ළමයින්ට ඕවා තේරෙන්න ඉහනිකට පැහෙන්න ඕනෙ...” කොණ්ඩෙ
මමදන්නෙනැතිලුමිනිස්සුත්එක්ක ඉන්න...මලසමයයංඑතකොටමෙච්චර දවස්මමහිටියෙ කාත් එක්කද?මිනිස්සුත්එක්ක නෙමෙයිද?දැන්තිහකටත් කිට්ටුයිවැඩිමඋනොත් ඉන්නෙත් හැටයිමේයන විදිහට ගියොත්...මමත්කැමතියි හැටහතරෙ බලෙන්හරිවිදිහට මිනිස්සුත් එක්ක ඉන්නගෑනුන්ගේඉරිසියාව දිනාගන්න..හංසබෝට්ටු පදින්නෂර්ට්එක යට කරලාඔෆිස්කලිසම් අදින්න...ඒත් එහෙම නොකරමමමඉන්න දන්නේ නෑලු...බටර්ෆැක්ටරියකඅයිතිකාරයොනොවෙන ගෑනුදන්නෙනැහැ ඉන්න...එදාවගේම අදත් එහෙමයි…මමමක්ක කරන්නදබටර්ගාන්න බැරි එකට ජාන වල වැරැද්ද...මමදන්නෙනැතිලුමිනිස්සුත්එක්ක ඉන්න...මටඕනෙ ඉගන ගන්නමිනිස්සුත
“අපෝ...මෙයාගෙ මහත්තයා පව්…” “මොකෝ බැන්දා කියලා ගෙදර උයපු බත් එකක්වත් කන්න ලැබෙන එකක්යැ...හැමදාම කඩෙන්….” “අනිත් දේවලුත් පිටින්ම කරගන්න පටන් ගත්තොත් තමයි වැඩේ...” මේ සියල්ලම විහිලුය.නැත්නම් ඔවුන් කියන්නේ එහෙමය.හිත නරක් කර ගත්තොත් කියන්නේ "අපෝ විහිලුවක්වත් තේරෙන්නේ නෑ"කියලාය. කන්තෝරුවේ අය එහෙමය.විහිලුවෙන් තහලුවෙන් කියන්නට උවමනා දෙය කෙසේ හෝ කියාගනියි. කතන්දර වලට හිත රිදෙන බව ඇත්තය.නමුත් මම හිත නොරිදා ගෙන ඉන්නට උත්සාහ දරමි. ...
මමමට තියෙන්නේ තුනට බෙදුනු හදවතක්.හරියටම තුංමං හන්දියකින් වගේ තුනට බෙදිලා.ලොකු කෑල්ලයි පොඩි කෑලි දෙකයි..අංශක 170 යි 110 යි 80යි.ඇත්ත ,බැලූ බැල්මට අංශක 170 ලොකුයි.ඒක එහෙම තමයි.මොකද අනිත් කොටස් දෙකත් එක්කම බෙදා නොගත්ත ජීවිතේ යම් යම් පරාස අංශක 170 එක්ක බෙදාගෙන තියෙන නිසා.අංශක 170ම පිරිලා තියෙන්නෙ සුන්දරව ජීවත් වීමෙන්.උතසව, සාද ,විහිලු, එකිනෙකා සිප ගැනීම් සහ දුක සැප බෙදා ගැනීමෙන්.80 හරිම ...
අමුතු සෙනසුරාදා කවි ලියන්නට කම්මැලි හිතෙන කතන්දර භාගෙට ලියවෙන කසාදය කටුගාන්නට හිතෙන කොට්ටය හරි පුසුඹ යයි දැනෙන ඇදට ආයෙත්, තව තවත් ආදරේ කරන්නට හිතෙන...