සිතුවිල්ලක් කවියකට රිංගයි හදවත් තතක් හඩවා "සරිගම"ස්වරෙන්... ඒත් තවමත් පියානෝවක් හැඩවෙයි ඒ "සරිගම"නොවෙයි... ඔබ පිපී හිනැහුනිය දවසක අන්න අර සල්ගසේ අත්තක සුලගට නැලවෙමින් රතුපාට කවියක් කියමින් ඔබ පින්සලට නොනැගුනු සිතුවමකි කවි දහක වුව සගවනු නොහැකි කවියකි රතු වයින් බදුනක නුරාදිය උතුරයි සද වතුරෙ කිමිදෙයි රැය තාම නොදොඩයි... නුඹත් ඒ රැයමයි ප්‍රේමයේ අකුරු තුන අගුලු ලා සුරකියි හදිසි හාදුවක් වී මා ...

සකුරා මලක හිරවෙච්චි ප්‍රේමයක් ඇහින්දෙමි අතීතෙක දුරු රට හිද පැමිණි මිතුරු පත් අගිස්සක

අහස බිම බලන් ඉන්නා දවසක තිර දමා නොතිබූ කවුලුවක් අස ෆලූඩා රස කවියක් විසිර තිබුනිය. ඉන් පසුව හැමදාම කැරලි කෙස් කළඹක් රිබන් පටියක එතී කවුලුව අසල සිටියාය. වචන නැති හිනාවක් මග යනෙන අය දුටුවෝය ...

කතා නොකරන හදවත් මතද නිල් කටරොලු මල් පිපෙන දවස් ඇත... වසිලිස්සා එහෙම දවසක ඕකිඩ් මලකින් හිස සරසනවා මදිවට පාට කූරකින් තොල් වටා අදිනවා ඇත.... ලා රෝස තොල් තව රෝස පාටට මායාකාර තෙම විදිනවා ඇත... ඇස් වලින් විදින දෙතොලක රසට තාමත් නමක් නැති එක මැජික් බලයෙන් වසන් කරදෙනු ඇත අදුන් ලූ දෙනුවනක ඇත්ත ආදරේ නැතුවට චෙරි රසැති ප්‍රේමයක් තියෙන්නටත් බැරි නැත... ...

ඔබ නේන දවසට අරලියා ගහ උඩින් හරියටම දකුණු අත පැත්තෙන් තරුවක් දිසෙයි... ඒ තරුව දෙස බලාගෙන සිනාසෙමි දොඩමි ඔබ නිසාවෙන් ලියවුන කවියක් කියමි....

කුස නෙලුම් කොලයක සැගව ප්‍රේමය වැවක දියකරන... පබවත නො එන බව ඉන්තේරුවෙන් දන්න එක අපරාදෙනේ ආලය.... මම වැවට අධිපති ගෙඹිලිය.....

සුළං පහරකගසාගෙන එන රතුපාට හදවතක්අර අතනහදිසියේ නැවතී හිටිතැනමබත්කූරෙකුට කවියක් කියන...

http://dinamina.lk/epaper/art.asp?id=2014%2F05%2F27%2Fpg24_2&pt=p&h# ඉර කාෂ්ඨකේට අහස හරි මැදින් පායලා තියෙනවා.මම ඉර නලල මතුපිටට ගේන දාඩිය බිදිති වලට හිතෙන් ආඩපාලි කියමින් ඇවිදිමින් ඉන්නවා.හදිසියේ ආලෝක පරාවර්තනයකින් මගේ ඇස් නිලංකාර වෙනවා. සැටින් සිවුරු වලින් සැරසුනු සුපින්වත් බව මවා පෙන්වන මහ සගරුවන පේලියට පිණ්ඩපාතේ වඩිනවා.ඒ පෙල පෙරමුණෙන් අරහත් බව පසක් කල බවට විවාදයෙන් වුව පිලිගැනෙනා ආර්ය ස්‍රාවක සගරුවනක් වඩිනවා.එතුමන් බිම බලාගෙන නොවැඩ හාත්පස චමත්කාරය විදිමින් ...

ගෙඹි මහගේ සින්දුවක් මුමුණමින් කුස්සියේ උයනවැති.. ගෙඹි තැන පත්තරේ බලනවැති බලන්නකෝ හාමිනේ "දූ තාම නෑනේයි" කියනවැති... ඉස්ගෙඩිච්චී වතුරෙ උඩපැන නටනවැති ඒ විලෙත් බයිකලර් නෙලුමන් පිපෙනවැති... තලෙලු හදවත් වලට බයිකලර් ආදරේ තනිපාටකින් පේනවැති... ...

සමහර ප්‍රේම කතන්දර හටගන්න පළමුවම මුතු ඇටයක්ව කිසිදා හමුනොවන මුතු බෙල්ලෙකු තුලට ගුලිවෙන...

තව නගරයක තව කෙනෙක් කිරි හීන පුරෝගෙන රෝස පොඩි ගවුමක මල් මහන.... අපේ අහ නිල් පුංචි කලිසමක් ට්‍රයිසිකලයක් පදින... සමහර හීන එකට නැතුවාට වෙන වෙනම හැබෑවෙන...

වලලූ ලූ දෑතක් හිසකෙස් අතර දිවෙන කල ආදරය පත අටට සිදෝගෙන.... තනිකඩ හිතක් උලලේන කවි කියන....

කවුලුවෙන් එපිට වැහි බින්දු කපුරු කැකුලට රිද්දාන දම් පාට ටිකකුත් ඉල්ලාන බිම ඉදී නන්නාදුනන ගාණට.....

http://www.dinamina.lk/epaper/art.asp?id=2014%2F05%2F20%2Fpg24_2&pt=p&hපාලු මකන්න යාලු ඉන්න එක පිනක්.ඒත් වැඩිමනත් යාලු නැති හිත් තියෙන, තනිකම ජීවිතේ කරගත්ත උදවියට පොත් කියන්නේ හොද යාලුවෙක්.තනිකම යන්න පාලු මැකෙන්න විතරක් නෙමෙයි ජීවිතේම වෙනත් මානයකට ගෙනියන්නත් මේ පොත් සමත්.පොතක් අතට ගත්තාම කියවලා ඉවරවෙනකල් පැත්තකින් තියන්න බැරි කුලකයෙන් මමත් කොටසක්.පුංචි දේටත් හිත කලකිරුණු කාලෙක,හැම වැහිකෝඩයක්ම සුලි සුළගක් තරමට හිත අනාථ කරපු කාලෙක මට මුණ ගැහුනා පොතක්.අදටත් ඒ පොත ...

සමහරක් මතකයන් ඒවාට නියමිත තැන්වල ඉබාගාතේ ගිය හිත්වල බොහෝකල් ඉකුත්ව මතකයන් අතුගාන හවසක මකුණුදැල් කොණක හිද කෝල ලෙස සිනාසෙනු ඇත තවමත් සඳ අයාලේයන දවසක....

හිතේ කැලලක් නැති වුව වැරදි නොකලා වුව සමහර ගල් පහර රිදෙනවා බොහොම.... පලමු ගල ගැසුවාට කමක් නැත දෙවනි ගල තෙවැනි ගල ඒවා බොහොම සැර පරුෂ වීදුරු හිත් මැදුරු විසර වැටෙනා හඩ ඇහෙන..... ...

Previous Page