දෙවෙනි ලෝක යුද්ධෙන් පස්සෙ ජර්මනියෙ පාලනය වියවුල් වෙනවා. එකසත් රාජධානිය, එක්සත් ජනපදය, ප්‍රංශය සහ සෝවියට් රුසියාව කියන රටවල් වලට ජර්මනියෙ පාලනය යම් තරමකට අත් වෙනවා. ඒ වුනත් සෝවියට් ආණ්ඩුක්‍රමය සමාජවාදී වීම නිසාම අනෙක් රටවල් එක්ක සෝවියට් රුසියාව එකඟ නොවෙන තැන් ගොඩක් ඇති වෙනවා. ජර්මනියෙ අගනුවර වන බර්ලින් නුවර මේ හේතුව නිසාම නැගෙනහිර සහ බටහිර ජර්මනිය විධියට කොටස් දෙකකට බෙදෙනවා. මේ ...

අපි හැමෝටම පොඩි කාලෙ එක එක පිස්සු තියෙනවනේ. ඒවයින් සමහර පිස්සු කාලෙකදි හොඳ වෙනවා. සමහර ඒව කාලෙන් කාලෙට ආයෙ මතු වෙනවා. තව සමහර ඒව හොඳ වෙන්නෙම නෑ. Chris Cole කියන තරුණයට පොඩි කාලෙ ඉඳන්ම තියෙන්නෙ රොක් සංගීත පිස්සුව. ඔහුගේ ප්‍රියතම සංගීත කණ්ඩායම වෙන Steel Dragon කණ්ඩායමේ ගීත වලටයි ඔහු හොඳටම පිස්සු වැටිල ඉන්නේ. ඔහු ඒ සංගීත කණ්ඩායමේ පින්තූරත් එක්ක තරුණ ...

Jack Lucas කියන්නෙ ගුවන් විදුලි නිවේදකයෙක්. ඔහු ඇත්තටම ගුවන් විදුලියෙන් සමාජයට බලපාන විධියෙ වැඩ දාන වැඩ්ඩෙක්. නමුත් ඔහුගේ වැඩසටහනක් බලපෑමෙන් ඔහුගේ නිරන්තර අසන්නෙක් අතින් ලොකු අපරාධයක් වෙනවා. මේකට මාධ්‍ය විසින් චෝදනා එල්ල කරන්නෙ ජැක්ට. ඒ නිසාම ජැක් තමන් ගැනම කලකිරීමකට පත් වෙනවා. තමන් අතින් වරදක් වුණාය කියන හැඟීම ඔහුව වේදනාවට පත් කරනවා. ඒ නිසාම ඔහු හදන්නෙ සියදිවි හානි කර ගන්න. ...

කේට් පොහොසත් තරුණියක්. අගේ පෙම්වතා දිළිඳු පත්තර වාර්තාකාරයෙක්. විසිවෙනි සියවසේ මුල් අවධියෙ එංගලන්තයෙදි දිග හැරෙන ඔවුන්ගේ ප්‍රේම කතාව ඒ හැටි හොඳ එකක් නෙවෙයි. මුදල් සහ සමාජ තත්ත්වය ඔවුන්ගෙ ප්‍රේමයට හරස් වෙනව. ඒ අතරෙ ඔවුන් අතරට එන තුන්වැන්නෙක් නිසා ඔවුන්ගේ බලාපොරොත්තු අළුත් වෙනව. ප්‍රේමයේ අනිත් පැත්ත වෙන වෛරය, ඉරිසියාව හැම දේමත් එක්ක ඔවුන්ගේ ප්‍රේමය විවිධ පැතිවලට ගලාගෙන යනවා. Helena Bonham Carter ...

Andrew Largeman කියන්නෙ ගමෙන් ඈත් වෙලා නගරයේ ඒ තරම් සාර්ථක නැති නළුවෙක් විධියට වෙන වෙන පාට් ටයිම් වැඩත් කරගෙන ඉන්න තරුණයෙක්. අවුරුදු ගණනාවකට පස්සෙ ඔහුට හදිසියේ ගමට එන්න සිද්ධ වෙන්නෙ ඔහුගෙ අම්මගේ මරණය නිසා. මළගමට පස්සෙ ඔහුට ඔහුගෙ පරණ යාළුවො කීප දෙනෙකුත් හමුවෙනව. ඒත් ඔහු ඉන්නෙ සතුටින් නෙවෙයි. තදින් මනසට වද දෙන කාරණා කීපයක් සහ හිසරදයක් හින්ද ඔහු ඉන්නෙ ටිකක් ...

Dreamgrils කියන්නෙ තවත් එක සංගීතමය චිත්‍රපටියක් විතරක් නෙවෙයි. දක්ෂයින් කීපදෙනෙක්ම වැඩ පෙන්නන චිත්‍රපටියක්. විශේෂයෙන්ම ඇමරිකන් අයිඩල් වැඩසටහනේ තුන්වෙනි වාරයේ අවසන් වටයෙදි ඒකෙන් හැලුන Jennifer Hudsonගෙ ගායනය සහ අපූරු රංගනය චිත්‍රපටිය පුරාම දැණෙනවා. ඊට අමතරව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැති Eddie Murphy මේ චිත්‍රපටියෙ සුවිශේෂ රංගනයක යෙදෙනවා. ඔහු විශිෂ්ඨ ගායකයෙක් කියලත් මේ චිත්‍රපටියෙන් අපට පේනවා. ...

අවුරුදු 20ක් පුරා ඔහු කරන්නෙ නිරීක්ෂණ. ඒ නිරීක්ෂණත්, ඒවයින් එළඹෙන නිගමනත් ඔහු සටහන් කරගන්නවා. ඔහුට යමක් තේරෙන්න ගන්නවා. හැමෝම ලෝකය ගැන විශ්වාස කරන විධියෙ අවුලක් තියෙන බව ඔහුට පේන්න ගන්නවා. ඔහු Charles Darwin. පරිණාමවාදය විධියට අද සත්ත්වයන්ගේ ඉතිහාස කතාව විධියට ලෝකයම පිළිගන්න සංකල්පය මුලින්ම ලෝකයට ඉදිරිපත් කරන්නෙ ඔහු. හැමෝම හිතන්නෙ ලෝකය මැව්වෙ දෙවියන්වහන්සෙ කියල. නමුත් ඇත්ත ලෝකයේ සිද්ධ වෙන ...

Rhoda Williams කවදාවත් හිතන්නෙ නෑ තමන් අතින් ඒ අනතුර සිද්ධ වෙයි කියල. නමුත් ඒක වෙන්නෙ නොහිතපු වෙලාවක. ඒ වෙලාවෙ වේගයෙන් රිය පදවමින් ඉන්න අතරෙ රේඩියෝවෙ කිව්වෙ පෘථිවියට පේන්න අරගෙන තිබුණ අළුත් පෘථිවිය ගැන. ඔව්... ඒක පුදුම හිතෙන දෙයක්. අපි ඉන්න පෘථිවිය වගේම තවත් එකක්. හඳකුත් එක්ක. ඒ වෙලාවෙ අහසෙ පේන්න තිබුණ අළුත් පෘථිවිය දිහා බලාගෙන එලවන්න ගිහින් සිදුවුණ අනතුරේ ප්‍රතිඵලය ...

Jim Carrey කියන නම ඇහුන ගමන් අපට මතක් වෙන්නෙ විකට නළුවෙක් වුණත් ඔහු ඇත්තටම ගැඹුරු චරිත නිරූපණය කරන්න පුළුවන්කමක් තියෙන නළුවෙක්. ඒ වගේම ඔහු දක්ෂ හඬකැවීම් ශිල්පියෙක්. අද කියන්න යන Mr. Popper's Penguins චිත්‍රපටිය මේ අවුරුද්දෙදි නිකුත් වුණ ඔහුගේ සුපුරුදු විකට රංගනයෙන් යුතු චිත්‍රපටියක්. මේක සුපුරුදු විධියටම මහා ලොකු කතාවක් නෙවෙයි. නමුත් හොඳට හිනාවෙන්න පුළුවන් කතාවක්. චිත්‍රපටිවලට කැමති පුංචි ළමයි ...

James Cameron කියන අපූරු අධ්‍යක්ෂවරයව අපි මුලින්ම හොඳට අඳුනගන්නෙ Titanic චිත්‍රපටියෙන්. නමුත් Aliens සහ Terminator වගේ චිත්‍රපටිත් ඔහුගේ අධ්‍යක්ෂණයෙන් බිහි වුණ නිර්මාණ. මෑතකදි Avatar චිත්‍රපටියෙන් ඔහු ආයෙත් වැඩ පෙන්නුවා. මේ සේරම දිහා බලද්දි පේ‍න කාරණයක් තමයි ඔහු දෘෂ්‍ය ප්‍රයෝග භාවිතයෙන් වැඩ අරන් තියෙන බව. ඔහුම කියල තියෙන විධියට Avatar චිත්‍රපටිය හදන්න පුළුවන් මට්ටමට තාක්ෂණය දියුණු වෙනකල් ඒ පිටපත ...

Frank Farmer කියන්නෙ පුද්ගල ආරක්ෂකයෙක්. ඒ කියන්නෙ Bodyguard කෙනෙක්. ඔහු Freelancer කෙනෙක් ;-) ඔහුට ආරක්ෂා කරන්න නියම වෙන අළුත්ම පුද්ගලයා කාන්තාවක්. ඇය Rachel Marron නම් ජනප්‍රිය ගායිකාවක් සහ නිළියක්. සුපිරි ජීවිතයක් ගෙවන කෙනෙක්. ඇය මුලදි කොහෙත්ම ‍ෆ්‍රෑන්ක්ගෙ සේවය තමන්ට අවශ්‍ය බව පිළිනොගන්නව වුණාට පසුව ඇයට තේරෙණව ඔහුගෙ සේවය තමන්ට අවශ්‍යයි කියල. මොකද ඇයව පිස්සුවෙන් අගය කරන සහ ඊර්ෂ්‍යා කරන ...

Eddie Murphyට අකමැති චිත්‍රපටි ලෝලියෙක් ඉන්න විධියක් නෑනේ. දක්ෂ විකට රංගන ශිල්පියෙක් වගේම හොඳ හඬකවන්නෙක් විධියටත් සිනමා නිර්මාණ ගණනාවකින් අපි ඔහුව අඳුනගෙන ඉන්නවා. Coming to America කියන චිත්‍රපටිය ඔහුම ලියපු කතාවක් අනුව නිපදවුණු චිත්‍රපටියක්. ටිකක් පරණ වුණාට මේ චිත්‍රපටිය මට හොඳට වැදුණ එකක්. එඩී මර්ෆිගෙ වෙනස්ම රඟපෑමක් දැකගන්න ලැබුණා වගේම ඔහුත් ඔහුගේ මිතුරා සහ සේවකයා විධියට රඟපාන Arsenio Hall ...

ලෝකයේ තාක්ෂණික භාවිතාව සහමුලින්ම වෙනස් කරපු ස්ටීව් ජොබ්ස් මහත්තයා පහුගිය 5 වෙනිද මෙලොවින් සමුගත්තනේ. ඒ වුණත් සෑහෙන්න කාලයක් යනකල් ලෝකය පුරා ඔහුගෙ නම කියවෙන විධියෙ වැඩ ගොඩක් ඔහුට කරන්න පුළුවන් වුණා. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පෙට්ට්යෙන් එලියට බැහැල හිතපු පුද්ගලයෙක් විධියට ඔහුට අපි කවුරුත් ගෞරවාන්විත ආදරයක් දක්වනවා. ඔහු තාක්ෂණය නිතර ඇසුරු කරන ඇතැම් අයගේ වීරයෙක්. මේ කියන්න යන්නෙ ඔහුගේ ජීවිතේ සැලකිය ...

මේ දවස් කීපයෙදිම චිත්‍රපටි බැලිල්ල විතරක්ම කරපු නිසා ලියන්න තිබුණ කම්මැලිකම් එහෙම්මම තිබුණා. :P නමුත් Monsoon Wedding චිත්‍රපටිය ගැන ලිව්වොත් හොඳයි කියල හිතුණා. මේක හින්දි සහ ඉංග්‍රීසි කලවමින් නිපැයවුණ හොඳම චිත්‍රපටියක්. මෑතකදි බලපු මේ වර්ගයෙ චිත්‍රපටි වලින් හොඳට වැදුණ එකක්. මේක හම්බ වුණේ Naseeruddin Shah මහත්තය රඟපාපු එව්ව ගැන හොයන්න ගිහින්. බාගෙන සෑහෙන කාලයක් තිබුණා. චිත්‍රපටියෙ තියෙන්නෙ ...

අද කියන්න යන Vaaranam Aayiram දෙමළ චිත්‍රපටිය පහුගිය දවසක බලන්න ලැබුණ සුපිරි දෙමල චිත්‍රපටියක්. ඒ වගේම මේක සාම්ප්‍රදායික දෙමල චිත්‍රපටියක තියෙන ලක්ෂණ ඉකිමවා ගිය එකක්. මේක ගැන මුල්ම ඔත්තුව හම්බ වෙන්නෙ G+ එකේ කවුරු හරි යාළුවෙක් ෂෙයා කරපු වීඩියෝවකින්. මේකෙ ඉන්න ප්‍රධාන නළුව නිසයි ඇත්තටම චිත්‍රපටිය බාගන්න හිතුවෙ. සූරියා කියන සොල්දාදුව (මේ චරිතය කරන්නෙ සූර්යා සිවකුමාර් කියන නළුව) මෙහෙයුමකට පිටත් ...

The Best Little Whorehouse in Texas කියන චිත්‍රපටිය ගැන මුල්ම ඔත්තුව දුන්නෙ G+ එකේ ටිරෝන්. Dolly Parton ටිකක් ආදි කාලෙ නිලියන් අතරින් මම කැමති කෙනෙක් නිසා මේක හොයාගෙන බලන්න ඕන කියල හිතුණා. මුලින් ටිකක් කම්මැලි වෙයිද මන්දා කියල පොඩ්ඩක් සැක හිතුණත් ටික වෙලාවක් යද්දිම කතාව ගොඩක් රසවත් එකක් බව තේරුණා. චිත්‍රපටිය ගෙතිල තියෙන්නෙ වෛශ්‍යා ශ්‍රමිකයන් සපයන ස්ථානයක් වටෙයි. සරලව කිව්වොත් ...

චිත්‍රපටි ගැන කියනව වගේම චිත්‍රපටි හදන අය ගැනත් කියන්න ඕන කියල හිතුණේ The Pixar Story චිත්‍රපටිය බැලුවට පස්සේ. මේ ගැන මුල්ම ඔත්තුව දුන්නෙ ටෙක්නිකල් හන්දිය බ්ලොග් අඩවියෙන්. ඔවුන්ට මුලින්ම ස්තූතියි ඔත්තුව දුන්නට! මේක pixar සමාගමේ ආරම්භය සහ ඔවුන්ගේ ගමන්මග ගැන කෙරුණු වාර්තා චිත්‍රපටියක්. චිත්‍රපටි බලන කෙනෙක් පික්සාර් සමාගම ගැන නොදැන ඉන්න විධියක් නෑ. අඩු තරමෙ ඔවුන්ගෙ ජනප්‍රිය වීඩියෝ ලෝගෝව වෙන ...

අද කියන්නෙ ටිකක් පරණ හින්දි චිත්‍රපටියක් ගැන. Hum Hain Rahi Pyar Ke. මේක නොබලපු හින්දි චිත්‍රපටි රසිකයෙක් ඉන්න බෑ. ගොඩක් මෑතකදි චිත්‍රපටි බලන්න ගත්තු අය ඇරුණම ඔය ටැලිවිසන් වල පෙන්නන ඒව බලල තියෙන අය මේ චිත්‍රපටිය අනිවා බලල ඇති. මොකද චැනල් කීපයකම මේ චිත්‍රපටිය පෙන්නල තියෙනව. ඒ වගේම ඔය සැටලයිට්, කේබල්, අයිපී වගේ රූපවාහිනී අරගෙන තියෙන අයට ඒවයෙ තියෙන හින්දි ...

හොලිවුඩ් චිත්‍රපටි නිතර බලන කෙනෙක්ට Sean Penn කියන නළුවව මිස් වෙන්න විධියක් නෑ. අද කියන්න යන්නෙ ඔහුගෙ විශිෂ්ඨ රංගනයක් බලාගන්න පුළුවන් Milk චිත්‍රපටිය ගැන. මේක චරිතාපදානයක්. 1970 ගණන්වලදි දේශපාලනයට ආපු ඇමරිකානු සමරිසි ක්‍රියාකාරිකයෙක් වුණ Harvey Milk ගැන තමයි මේ චිත්‍රපටිය. Harvey Milk ඒ වකවානුවෙදි බටහිර රටවලත් පාපයක් විධියට සැලකුණු සමලිංගිකත්වය සහ සමරිසි පුද්ගලයන්ගෙ සමාජ අයිතීන් ගැන කතා කරපු, ...

ඊයෙ කියපු John Q චිත්‍රපටියටත් ඒකෙ ප්‍රධාන නළු Denzel Washington මහත්තයටත් ගොඩක් දෙනා කැමති බව පෙණුනා. අද කියන්න යන Glory චිත්‍රපටියෙත් Denzel Washington තමයි ඉන්නේ. ඇත්තම කිව්වොත් මේ චිත්‍රපටියෙ රංගනය වෙනුවෙන් ඔහුට හොඳම සහය නළුවට හිමි ඇකඩමි සම්මානය ලැබුණා. මේ චිත්‍රපටිය ඩෙන්සිල් ගැන හොයද්දි මාට්ටු වුණ එකක්. කාලයක්ම යන්තරේ ටොරන්ට් ගොනුවෙ තිබුණ එකක්. බැකප් කරන්න කලින් ලියන්න ඕන කියල හිතුණ. ...

Previous Page