තාත්තා වේවැල් බොකු ගැසුන පුටුවේ හිර වී සිටියි. ඔවුන් දෙදෙනාම ඉස්තෝප්පු කාමරයට පැමිණ සිටිති. පුටුව අසලින් හිටගෙන තාත්තාගේ අතක් අල්ලා ගෙන සිටින බව දැක ඇය අත හිමිහිට ඉවත් කළාය. ඔහු පුටුවෙන් නැඟිටින්න උත්සාහයක් ගත්තේ නැත. මුහුණට එබී බලද්දී ඔහු කුමක් දෝ කියන්නට උත්සාහ කර එය අත්හැර දැමුවේය. ලීලා කකුල දිහා බැලුවේ නූපුරය එහි නැති බව දැන දැන ය. ඇය ...
විටින් විට වචනයක් දෙකක් හුවමාරු වුව ද ඔවුන් අතර කතාබහ අඩුවෙන් ද වැඩ වැඩියෙන් ද සිද්ධ විය. පාන්දර තුනට පමණ උඩුමහලේ වූ යුවතිය තරප්පු පෙළ බැස්සේය. “කෝපි ටිකක් රත් කළා .. හපන්න දෙයක් නම් නෑ,” ඇය මුහුණ සඟවා ගනිමින් කීවාය. තරබාරු කාන්තාව ඇයගේ සැමියාට ඉඟි කළාය. ඔහු කරවටේ ඔතාගෙන තිබි සාටකයක් ගැලවූයේය. එහි කොණක වූයේ ලොකු ගුලියකි. ගැට ලිහා ...
උඩු මහලට ගිය තරුණයා සමඟ එක් වූ තරුණිය ඔවුන් වෙතින් අහන ප්‍රශ්න වලට උත්තර දෙන ආකාරය ඔවුනට යාන්තමෙන් ඇසිණ. දොරක් වැසෙන හඬකින් පසුව තරුණයාගේ අඩි තරප්පු පෙළේ පහළට එන අන්දම දෝංකාරය දුනි. “හැමදාම අහන ප්‍රශ්න තමයි,” ඔහු දන්වා සිටියේය. “ඇයි මේ රූ වැඩ කරන්නෙ අහනවා, මම කිව්වා දවස පුරාම මට පැය හතරක් ඈත තියෙන කම්හල් රැකියාව කරන්නයි මේ ගේ ...
අඳුරු බිම් මාලයක පස් ගොඩක් මැද්දේ තාත්තා සහ ලීලා හිටගෙන. “ලිනා, මහන්සි නම් උඩට ගිහින් පොඩි විවේකයක් ගන්න,” කණට කොඳුරා රහසින් පැවසූ අයෙක් ලීලාගේ අතේ වූ බාල්දිය ඉවත් කළේය. බාල්දියක් ඔසවා ගෙන සිටිනවා යැයි ලීලා දැක්කේ එවිට. “… මහත්තයාටත් දැන් මහන්සි ඇති, දුවත් එක්ක ම විවේකයක් ගත්තොත් නේද?” පියාට අනෙක් පැත්තෙන් වූ අයෙක් ගැඹුරු එහෙත් හඬ බාල කරන ලද ...
“මොකද වුනේ බේබි?” “මේක .. මේක අර ඉස්තෝප්පු කාමරේ වගේ,” ලීලා නූපුරය කොණකින් උස්සා පෙන්වීය, “මට මිදුලෙන් හම්බ වුනෙ.” මෙහෙකාරිය වටහා ගත් ලෙසින් හිස වනයි. “තාත්තා මිදුලෙ ඇවිද්දෙ මේක හොයන්න.” ඇය ලීලා වෙතින් දෑස් ඉවත් නොකරම චීත්තය බුරුල් කොට නැවතත් තදින් ගැට ගසා ගත්තීය. “ඒත් ඉස්තෝප්පු කාමරේ ඇතුලට ගෙනිච්චොත් ආයේ එළියට ගේන්න බෑ. කාමරේ ඇතුලෙ පෙට්ටියක මුදු මාල වළලු ...
“ඇයි දිය කරන් බොන්නෙ නැත්තෙ?” අල්ලට සීනි ඩිංගක් හලා ගෙන එය දිව ගාමින් මෙහෙකාරිය තේ කෝප්පය බොයි. “මෙහෙම බිව්වම රහ වැඩියි බේබි.” “තේ වල ද? සීනි වල ද?” “දෙකේම බේබි,” ඇය කියන්නේ සිනාවකිනි. “කෝ අම්මා,” ලීලා ඇසුවේ රහසින්. “නෝනා නාගන්න ගියා ද කොහෙද,” මෙහෙකාරිය වත්තේ ලිඳ පැත්තට ඔළුවෙන් ඉඟි කළාය. ගේ ඇතුලට වත්තන් කරගෙන ආ තාත්තාගේ මඩ පැල්ලම් වැටුණු ...
මඩ වතුරේ දිළිසෙන්නේ නා නා වර්ණ ඇබිත්තන් මැණික් ගල් ඇල්ලූ රත්තරනින් නිම කළ නූපුරයකි. ගෙට ගොඩ වෙන්නට පෙර කකුල් හෝදන්නට තිබූ වතුර බාල්දියෙන් ලීලා එය සෝදා ගත්තාය. අල්ලේ තබාගෙන එය කෙසේ පළඳින්නක් දැයි ඇය කල්පනා කරන්නට වූවාය. “ලීලා තාත්තා එනවා ඔන්න පඩිය නඟිද්දී පොඩ්ඩක් බලන්න,” හති දමමින් තාත්තා පසුපස තවමත් දුවන අම්මා කියයි. එහෙත් තාත්තා ගෙට ගොඩවෙන්නට පඩිය නැඟ්ඟේ ...
හදිසියේ කඩා වැටුණු ධාරානිපාතයෙන් බස් රථයෙන් බැසි ලීලාත් මෙහෙකාරියත් ඇඳුම් ඇඟට ඇලෙන ලෙසින් තෙත බරිතව තෙමී ගියහ. කාලයකට පස්සේ ගෙදරින් බැහැරක ගිය නිසාවෙන් ඇති වූ ගමනේ විඩාවත්, පුස්තකාලයේ ක්ලාන්ත වී වැටීමේ සිද්ධියත් දෙකෙන් ම කරකියා ගත නොහැකි ලෙසකින් සිතින් ගතින් දෙකෙන් ම හෙම්බත් වී සිටි ලීලා සහ මෙහෙකාරිය එකිනෙකා දිහා බලා අද දවස විශ්වාස කරන්න පුලුවන් දැයි වචන නැතිව ...
“එංගලන්තෙ කවෙන්ට් ගාඩන්, ඒ කියන්නෙ රෝයල් ඔපෙරා හවුස් ගැන ..” “ඒ ගැන පොත් ගොඩක ලියැවිලා තියෙනවා. ඒක ගැනම ලියපු පොත් තියෙනවා.” “නැහැ, තැන ගැන නෙමෙයි. ඒකෙ ඇතුලේ වෙච්ච කතාන්දරයක්.” මිස් සුරම්‍යා ඇයගේ වදන් වලට උවමනාවෙන් සවන් දෙන්නේ නැවතත් තොලේ කොණක් හපමින්. “රතු කොණ්ඩයක් තියෙන ලස්සනම ලස්සන ලේඩි කෙනෙක් ඇතුල් වෙනවා ඒ රඟහලේ ඔපෙරා දර්ශනයක් පටන් ගන්න ඔන්න මෙන්න තියෙද්දී. ...
“ඔය ළමයා, ඔය බඩු මළු උස්සන් ඉන්න ළමයා, ඕවා අරන් එන්න බෑ පුස්තකාලේ ඇතුලට.” ලීලා වටපිට බැලුවාය. “ඔව්, ඔය ළමයට තමයි කියන්නෙ,” මැදිවියේ කාන්තාවක් ඇය දිහා සැර පරුෂ දෙනෙත් එල්ල කරගෙන සිටින්නීය. ලීලාට තම අත්වල එල්ලෙන බඩු මළු ඇතිබව මතක් වුනේ එවිටයි. පුස්තකාලය අයිනේ කාණු ගැට්ටක වාඩි වී සිටින කාන්තාවන් කිහිප දෙනෙක් දැක, හති දමමින් දුව ආ මෙහෙකාරියටත් එතැනින් ...
මේස ලාච්චුවේ කොණක තැන්පත් කර තිබූ ලියුම් කවරය ලීලාට අමතක වී ගිය ලද්දක් නොවේ. ඇයගේ උපන් දින වලට, අවුරුදු උත්සව වලට තාත්තා ගෙන් හා නොයෙකුත් ඥාතීන් විසින් තෑගි කරන ලද මුදල් නෝට්ටු වලින් පැරණි ලියුම් කවරය පිරී තිබුණි. එහි මුදල් පාවිච්චියට ගත යුත්තක් ලෙසින් ලීලා සලකා තිබුනේ නැත. ඇය ලාච්චුවේ තිබුණු ලට්ටලොට්ට ඈත් මෑත් කර ලියුම් කවරය අතට ගත්තේ ...
ලීලා නින්දෙන් අවදි වූයේ පුස්තකාලය, පුස්තකාලය යැයි සිත හඬගා කියද්දී. ඇය ඇඳෙන් නොබැස අත දිගුකර බිමට වැටුණු පෑන අහුලා ගෙන කොපි පොත යළි දිග හැරියාය. ඇය එහි අලුතින් ලියාගත් පේලි නැවත නැවතත් කියෙව්වාය. ඇයි ඒ පුස්තකාලයකට යන්න තහනමක්? වංගගිරිය මුදුනේ තිබූ එයත් ඉස්තෝප්පු කාමරය වැනි අපූර්ව හාස්කම් දක්වන තැනක් නිසා ද? එහෙම නම් එහි හාස්කම කුමක් ද? ඒ ගිය ...
“ඇඳෙන් වැටුනේ නෑ මයෙ හිතේ, ඇඳ කියලා හිතාගෙන ඔය බිමට වෙලා නිදි වෙන්නැති.” “ඔව් වැටෙන සද්දයක් ඇහුනෙ නෑ නෝනා.” අම්මාත් මෙහෙකාරියත් කසුකුසුවේ දොඩන්නේ පැදුරක්, ඇතිරිල්ලක් නොමැතිව සිමෙන්ති පොළවේ නිදිගත් තාත්තාව නැඟිට්ටවා ගන්නේ කෙසේ ද කියාය. තමන් ගිය ස්ථානයේ දිගු කාලයක් ගෙවා දැම්මත් ලීලා ආපහු නිවසට ඇවිත් ඉන්නේ පිට වී ගියාට පසු තත්පරයක් හෝ ගෙවී නොගිය ලෙසකටය. දෙමව්පියන්ගේ කාමරය ලීලා ...
කතාබහ නතර කළ දෙදෙනා පන්දම් අතැතිව එළියට ආහ. පන්දම් එළියෙන් පෙනුනේ හිසේ සිට පාද දක්වා ආවරණය වූ දිගු ලෝගු ඇඳගත් දෙදෙනෙකි. පළමුවෙන් පා තැබූ අය වැඩිමහල් බවත් පසුව ගමන් ගත්තා තරුණ වියේ බවත් ඔවුන්ගේ ගමන් විලාසයෙන් ලීලා අනුමාන කළාය. කිසිත් කලබලයක් නැතිව ඔවුන් වංගගිරිය හොඳින් දන්නා අය සේ ගමන් කළහ. පන්දම් එළිය නොපෙනී යනතුරු බලා සිටිය ලීලාට ඔවුන් නොපෙනී ...
බිත්ති වල නටන පන්දම් එළියට ද යා යුතු තැන සොයාගත නොහැකි විය. දෙතුන් වරක් ඉහළට නඟින්න ගත් උත්සාහයන් අත්හැරලා පන්දම් එළිය සමඟින් එහා මෙහා ඇවිද්ද අය පහළට බැස නොපෙනී ගියේය. තමා සිටියේ ඒ අසලම යැයි ද, තවත් ළං වෙන්නට ගත් උත්සාහය නිසා ඈත් වන්නට සිද්ධ වූයේ යැයි ද සිතී ලීලාට දැනුනේ පොඩි තරහක්. වටපිටාව දැඩි සේ සීතලය. දිගු කාලයක් ...
ඔවුන්ගේ කතාබහ නැවතිය ද දෙන්නා ගෙන් එක් අයෙක් වත් කාමරයෙන් පිටතට ආවේ නැත. වෙව්ලමින් දැල්වෙන පහන් එළිය එන කාමරය පැත්තට යනු පිණිස ලීලා හෙමින් ඇදුනේ එහි ඇතුලට යන අදහසකින් නොවේ. තමා සිටි කාමරයෙන් පිටතට පැමිණි ඇය යාන්තමින් ආලෝක වූ වටපිටාව දැක පුදුමයට පත් වූවාය. ඇය සිටි කාමරය, ඉහළින් හා පහළින් තට්ටු ඇති ගොඩනැඟිල්ලක මැද වූවකි. කාමරයෙන් කාමරයට යා හැකි ...
දොරක් කෙඳිරිගාමින් ඇරෙන හඬක් ලීලාට ඇසුණි. අඩි සද්දය තමා සිටි පැත්තට එනවා යැයි ලීලා සිතුවේ එය තමා සිටි කාමරයේ බිත්තියේ දෝංකාරය වූ නිසා යැයි ඇයට පැහැදිලි විය. ඇවිද ගිය අය තමා වෙතින් ඈතකට ගිහින්. ගලා ආ මඳ එළියෙන් ඇය ඉදිරියෙන් වූ මකුළු දැල් පිරි මේසය දිහා බැලුවාය. එය නිමැවී ඇත්තේ ඉතා ප්‍රාථමික ආකාරයෙන් යැයි ඇයට සිතිණ. මේක මොනවා ගබඩා ...
අම්මා කුඩා දැරියක් මෙන් මෙසේ හඬනවා ලීලා කිසිකලෙක දැක නැත. ලීලාගේ ඇස්වල කඳුළු පිරුනේ නැත. ඇය බලා සිටියේ අම්මාගේ ඉකිගැසිල්ල නැවතෙන තුරු. අම්මා තුල ඇති බිය සැක යාන්තමකට හෝ අඩු කරන්නට උවමනා වුවත් එය කරන්නේ කෙසේදැයි ලීලා නොදත්තාය. “මහත්තයා නැඟිටලා වගේ ඇහෙනවා නෝනා,” මෙහෙකාරිය ඉස්තෝප්පුව අතුගාන්න කොස්සකුත් රැගෙන ඇවිත්. අම්මා පුටුවෙන් නැඟිට්ටේ සුසුම් ලමින්. ඇය ගේ ඇතුලට ගියේ එතරම් ...
“මට බැහැ මහතුන් අයියෙ. වැඳලා කිව්වත් කරන්න බැරි වැඩක්.” “නංගි ළඟට මේ වෙලාවෙ ඇවිත් කරදර කරන්නෙ කැමැත්තකින් නෙමෙයි.” “මම නොදන්නවායැ.” “මට වෙන යන්න අතක් නැහැ.” “අපේ කැමැත්ත විතරක් මදිනෙ. අනිත් කට්ටිය …” “මයෙ කැමැත්තයි මල්ලිගෙ කැමැත්තයි තිබුනාම ඇති .. ඒ කියන්නෙ දැන් මේ නංගිගෙ කැමැත්ත …” “අනිත් කට්ටිය ඇවිත් සද්දෙ දාලා ගියා පහුගිය දොහක.” “මම ඉන්න නරකාදිය ගැන එයාල ...
තමා ගිල දැමූ බත් පිඟානේ වූයේ මොනවා දැයි කිසිවෙක් හෝ ඇහුවා නම් විස්තර කියන්නට ලීලාට නොහැකිය. රාත්‍රී අන්ධකාරය මුළු පරිසරයම වෙලා ගනිමින් පැතිර යද්දී ලීලාට දැනුනේ දැඩි වෙහෙසකි. ඇය නැවතත් තම නිදන කාමරයට වැදුනේ පොතේ ඉතිරිය කුමන ලෙසකින් ගලා යන්නේ දැයි සොයන්නට කැමැත්ත හා අකමැත්ත දෙකම පිරි සිතකිනි. ඉස්තෝප්පු කාමරයේ ගොඩ ගැසී ඇති පොත් අතර ප්‍රබන්ධ කොතරම් සංඛ්‍යාවක් ඇත්තේ ...