ඔවුන් තිදෙන නිවසට පැමිණියහ. අම්මාගේ තනි රකිනු පිණිස දෙදෙනාටම තේ කෝප්ප හදාගෙන මෙහෙකාරිය ඉස්තෝප්පුව වෙත ගමන් කරමින් සිටියාය. ඉස්තෝප්පු කාමරයේ දොර හැරගෙන එළියට ආ ඔවුන් තිදෙන දකිද්දී මෙහෙකාරිය සිතුවිලි කිහිපයක හිරවෙන හැටි ලීලා දුටුවේ සිත සතුටින් පිරී යද්දී. “ඔව්, අපි ගිහිනුත් ආවා,” ඇසුවේ නැති ප්‍රශ්න වලට පිළිතුරැ දෙමින් ලීලා කීවාය. “ඔව්, අපිටත් තේ ඕනෑ,” ඇය මෙහෙකාරිය වෙතින් තේ කෝප්ප ...

“මම … මම ඔබෙන් ක්ෂමාව යදිනවා, මිස්ටර් ගාල්ට්,” අල්ලපු කාමරයෙන් ඔවුනට ඇසිණ. “ඔබ නිවැරදියි. මම පිළිගන්නම් ඔබ නිවැරදියි කියල. ඉතින් මම ඉල්ලා සිටින්නෙ ඔබේ අනුකම්පාව. මගෙ හද පතුලෙන් මට විශ්වාස කරන්නට බැහැ ඔබ මේ ජනතාව ගැන කණගාටුවක් නැති ස්වාර්ථකාමියෙක් කියල. “බලන්න මේ.. මේක පාසැල් දරැවන් දහ දාහක් අත්සන් කරපු කන්නලව්වක් ඔයාට අපි එක්ක එකතු වෙලා ඔවුන්ගේ ජීවිත බේරා දෙන්න ...

ඔවුන් ගැන සොයන්නට කිසිවෙක් ආවේ නැත. “දැන් මොකද කරන්නෙ?” ලීලා වැඩිහිටියන් වෙතින් අසයි. “අපිට කතාබහ කරගන්න වෙන්නැති මෙතැන්ට එන්න ඇත්තෙ,” මිස් සුරම්‍යා යටිතොලේ කොනක් සපමින් සැකයෙන් පවසයි. “ඒ කියන්නෙ අපිට අවශ්‍ය දේ කළින් දැනගන්න හැකියාවක් .. අබරණ වලට නැත්නම් ඉස්තෝප්පු කාමරයට තියෙනවා කියලා ද?” ඒ ලීලා. “අපිව මෙතෙන්ට එව්වෙ කතාබහ කරගන්න නම් .. අපිව මෙහෙයවන වෙන බලයක්?” “නෑ නෑ,” ...

ලීලාත්, තාත්තාත්, මිස් සුරම්‍යාත් එකිනෙකා දිහා බැලූහ. “අපි ඇවිල්ලා තියෙන්නෙ මේ කතාවේ හොඳ හරියකට නෙමෙයි,” ලීලා පහත් ස්වරයෙන් කීවේ තාත්තා නිශ්ශබ්දව ඉන්නැයි කියූ බව නොසලකා හරිමින්. “වැඩි කාලයක් නැති වෙයි වගේ අපටත්,” මිස් සුරම්‍යා කිව්වෙත් හෙමින්. “මිස් ආවේ අපිත් එක්ක ද?” තාත්තා ඇසුවේ ඔවුන් දෙදෙනාටත් වඩා අඩු හඬකින්. “ඔව්, මම ලීලා පොත් අරන් යන්න එන පුස්තකාලේ වැඩ කරන්නෙ.” “අපේ ...

ඔවුන් තිදෙන ඉන්නේ සිරකාමරයක යැයි හඳුනාගන්නට අපහසු නොවිණ. තමන් තවත් අපූරු ගමනක පැමිණ ඇතැයි වටහා ගත් තාත්තාගේ මුහුණේ සිනාවක් පැතිර ගියත් ලීලා සමඟ සිටින මිස් සුරම්‍යා දැක තාත්තාගේ දෑස් විසල් විය. ඔහු යමක් කියන්නට යද්දී අහල කාමරයක දොරක් හැරී වැසෙන හඬ ඔවුනට ඇසිණ. “මම ඔබට එව්ව රහසිගත වාර්තා ඔබ කියෙව්ව ද?” පිරිමි කටහඬක් කෙඳිරිගාන ස්වරයකින් අසයි. අහල කාමරයේ කතාබහට ...

ලීලාත් මිස් සුරම්‍යාත් අබරණ පෙට්ටිය හැරගෙන ඒ දිහා බලා සිටිති. තාත්තා බොකු ගැසුණ පුටුවේ හිර වී සිටියි. දිවා ආහාරය ගත් සැනින් වෙනදා නින්දට වැටුනත් අද ඔහු අවදියෙන්. එහෙත් තමන් ඉන්නා ස්ථානය ගැන හෝ එහි සිටින අය ගැන ඔහු කිසිත් අවධානයක් නොදැක්වීය. ඔහුගේ හිස් බැල්ම අරමුණක් නැති ඉලක්කයක් වෙත යොමුව ඇත. “පරණ වුනාට මේවායෙ අමුතු ලස්සනක් තියෙනවා,” මිස් සුරම්‍යා කිසිවක් ...

“අපි හිතේ තියන දේවල් ගැන දොඩවනවා වැඩි නේද?” ඒ ලීලා. “අපි කිව්වෙ ගෑණු අය ද?” මිස් සුරම්‍යා අසන්නීය. ලීලා කිසිවක් නොකියා හිසෙන් එසේ යැයි හැඟෙව්වාය. මිස් සුරම්‍යා ද සිනාවක් පාමින් ඔළුව දෙපැත්තට වනමින් එහෙම නැහැයි කියද්දී ලීලාට සිනා ගියේ ඔවුන් දොඩවන්නේ නැතිව අදහස් හුවමාරු කරගන්නට සමත් වූ නිසයි. මිස් සුරම්‍යා ඇස් බැමි නටවමින් ඔවුන් අතර වූ නිහඬ හුවමාරුව අගයන ...

“වැස්සට පස්සෙ අහුලගන්න දෙයක් ඒ ඉඩමෙ නැතුවා වෙන්නැති.” එහෙම කියූ මෙහෙකාරියට පහදන්නට “ඉස්තෝප්පු කාමරෙන් යන්න එහෙම එකක් ඕනෑ වුනාට …” යැයි මිස් සුරම්‍යා පටන් ගත් වාක්‍යය ඇය අවසන් නොකර යළිත් යටිතොල සපන්නට පටන් ගත්තාය. “අර සී.එස්. ලුවිස් ලියපු නාර්නියාවේ වංශකතා වලින් එකක අල්මාරියක දොරක් ඇරගෙන නේද හතරදෙනාම පිටවෙන්නෙ?” “අන්න හරි, මම මේ උදාහරණයක් කල්පනා කළේ.” “ඉඩමෙන් මහතුන්ගෙ පුතා වෙන ...

“එහෙම තව තැන් තියෙනවා වෙන්නත් ඇති නේද?” අම්මා විමසන්නීය. “මෙතනින් කතන්දරයකට ගිහින් ඒ ඇතුලෙන් තව කතන්දරයකට යන්න තැන් ද?” මිස් සුරම්‍යා අසන්නීය. “නෝනා අහන්නෙ මේ ඉස්තෝප්පු කාමරේ වගේ තැන් වෙන ගම් පළාත් වලත් තියෙනවා ඇති කියල ද?” මෙහෙකාරිය අම්මා වෙතින් විමසයි. අම්මා මෙහෙකාරිය හිසෙන් දක්වමින් ඔළුව වනමින් තමන් අහන්නේ ඒ බව යැයි පෑවාය. “නැති වෙන්න හේතුවක් නැහැනෙ,” කියමින් යටිතොල ...

“කතන්දරයක් ඇතුලෙ කතන්දරයක්?” “එහෙම එව්වා තියෙනවා ද බේබි?” “අරාබි නිසොල්ලාසය එහෙම එකක් නේද?” “ඔව් ඇන්ටි, ඇයි මහාභාරතය, රාමායනය. ඒවයෙත් කතන්දර ඇතුලෙ තව කතා කියැවෙනවානේ.” “ඉස්තෝප්පු කාමරෙන් ඔය තැන් තැන් වලට යන්න පුළුවන් කිව්වට … මම මේ කියන්නෙ එහෙම යන්න පුළුවන් වුනාට … ඒත් මම හිතන්නෙ නෑ මෙයාට මෙහෙම ඉඳගෙන කන බොන හුස්ම ගන්න ගමන් වෙන තැනකත් ගිහින් ඉන්න පුළුවනැයි ...

“එහෙනම් ඉතින් මහත්තයා කොහෙ හරි ගිහින් තාම ඇවිල්ලා නැතෙයි?” තාත්තා දිහා බලාගත් ගැහැණුන් තිදෙනාම වදනින් නඟන්නට පසුබට වූව තේ කෝප්පය දිහා බලා සිටින මෙහෙකාර ගැහැණියගේ මුවින් පිටවිණ. “එහෙම නම්?” ඒ අම්මා. ඇය බියගත් දෑසින් මිස් සුරම්‍යා ගෙන් විමසන්නීය. “මෙතන අපිත් එක්ක ඉන්න ගමන්ම අන්කල් එහෙම ගමනක් ගිහින් එහෙත් නැවතිලා ඉන්නවා කියලා මම හිතන්නෙ නෑ ඇන්ටි,” මිස් සුරම්‍යා යටි තොල ...

ඉස්තෝප්පු පඩියක හිඳගත් මෙහෙකාරිය උණු තේ කෝප්පය බිම තබා ඔවුන් වෙත හැරුනේ නෝංජල් හිනාවකින්. “මම වැහි දවසක නිකමට ගියා ඔය කාමරේට. ඒකෙ තියනවා මාල වළලු දාලා තියෙන පෙට්ටියක්. ඒකක් දාගත්තම වෙන තැනකට යැවෙනවා. යන්නෙ කොහෙද කියලා යන්න කලින් කියන්න විදියක් නැහැ. ඒ වගේම ඔය කාමරේට ගෙනියන කිසි දෙයක් ආපහු එළියට ගේන්නත් බැහැ. තාත්තට අසනීප වෙන්න කළින් හොඳටෝම වැහපු දවසකට ...

මුළුතැන්ගෙය පැත්තෙන් ගලා ආ හැඳිගාද්දී පැතිරෙන වැලි තලප සුවඳෙන් ලීලා අවදි වූවාය. මහත්තා කැමති දෙයක් කාලෙකින් හදා දෙන්න බැරි වුනා යැයි එදා ටවුමේ සිට ගෙදර එද්දී කියූ මෙහෙකාරිය ඔවුන්ගේ හංදිය අසල බස් රථයෙන් බහිද්දී සැනෙකින් දිව ගියේ සියදෝරිස්ගේ කඩේ ඇතුලට. එළියට ඇවිත් අල්ලේ වූ තලගුලි කැරලි දෙකක් ඇය සතුටින් පිරී ගිය සිනාවකින් ලීලා වෙත පෑවාය. “මේවට සල්ලි ඉතුරු කරගත්තා ...

මිගබස් ඉදිරියේ නොසැලී සිටි ලීලා දයාව හමුවේ හඬා වැටුනාය. හිංසාව ඉදිරියේ ආත්මානුකම්පාව යටපත් වී ඇතිවන්නේ ගල් හිතක් ද? කරුණාව ඉදිරියේ දැඩි සිතක් වුව ද චංචල වෙනවා ද? එහෙමත් නැත්නම් කෙමෙන් කෙමෙන් පොදි ගැසුන වේදනාව තව දුරටත් දරා සිටිනු බැරි තරමට විශාල වූ පසු කඩාගෙන එළියට පනිනවා ද? ඇයට රිසි සේ හඬන්නට හැර පුස්තකාලාධිපති හනිකට අවසන් කළ යුතු ලෙසකින් යම් ...

පුස්තකාලයට ඇතුල්වෙන ලීලාව මුලින්ම දැක්කේ මිස් ප්‍රියදර්ශනී. “මේ අර කලන්තෙ දාලා වැටිච්ච ළමයා නේද? තනියෙම ද ආවේ?” ඇය ලීලා දෙස රකුසු බැල්මක් හෙළා ඇසුවේ අහළ පහළ හැමෝටම ඇහෙන්න. ඉක්මන් ගමණින් ගිය ලීලා එය ඇසී තිගැස්සී නැවතුනේ හැමෝම ඇය දිහා හැරී බලද්දී. පුස්කාලයේ දී වැඩි සද්ද බද්ද එපා යැයි අනුන්ට කියනා අයම මෙසේ මහ හඬින් කතා කරන්නේ ඇයි? ප්‍රියදර්ශනී මිස් ...

“බේබි, බේබි, අනේ පොඩ්ඩක් ඉන්න මාත් එනවා.” ගෙදරට අඳින කඩමාල්ලට වැඩි වෙනසක් නොවූ චීත්තයක් ඉනවටා පටලවා ගනිමින් මෙහෙකාරිය ලීලා පසුපසින් දිව එයි. “බස් එකට සල්ලි විතරයි මං ගෙනාවේ, කඩේ යන්න සල්ලි නෑ,” ලීලා කිව්වෙ ඇය එනතෙක් නතර නොවී. ඇය හතිලමින් ලීලා සමඟ ගමනට එක්වූයේ කිසිත් නොකියා. ඇයගේ අතේ වූ පන්කොළ මල්ලේ බරින් ඇය පැත්තකට ඇළ වී අඩි තබන හැටි ...

“තේකට මොනා ද දැම්මෙ?” කට බෙරි කරමින් ලීලා විමසුවාය. “බේබිලැයි තාත්ත තමයි ගෙනැත් දුන්නෙ මේ බෙහෙත් අනෝදා,” මෙහෙකාරිය හිස් කිරිපිටි ටින් එකක් ඇර එහි ඇතුලත වූ වියළි කොළ පෙන්වයි. “නිදිමත කඩන්න හොඳයි කියලා ඉඳ හිටලා මට කියලා මේකෙන් ටිකක් දාලා තේකක් හදලා ඉල්ලනවා .. ඉස්සර.” ලීලා මෙහෙකාරිය දිහා බලාගෙන සිටියේ ඇය වැදගත් යමක් කියූ බව වැටහී ගිය නිසයි. තාත්තා ...

“බේබිලැයි මහතුන් මාමා ඇවිත් අන්න,” මෙහෙකාරිය ලීලාව තදින් සොලවයි. ඔළුව ඇතුලේ පැතිරෙන දෝංකාරයක් මෙන් ඇහෙන මෙහෙකාරියගේ කටහඬ ඇය අවදි කළත් නිදිමත කඩා ඇස් විවෘත කිරීම ලීලාට වෙහෙසකි. “අන්න නෝනට ඒවා මේවා කියනවා මොකක්ද ඉඩමක් ගැන,” මෙවර මෙහෙකාරිය ලීලාගේ කකුලෙන් අදියි. කකුල් දෙක ඇඳෙන් බිමට තබා නින්දේ සිටින ඇයව සිටුවා නැඟිටවන්නට අසාර්ථක උත්සාහයක නියැළෙයි. “ගිහින් පොඩ්ඩක් බැලුවා නම් බේබි,” ඇය ...

ලීලා සිය නිවසේ ඉස්තෝප්පු කාමරයට පිවිස සිටියාය. මිස් සුරම්‍යා ඉස්තෝප්පු කාමරයේ දොරට ඉස්තෝප්පුවේ සිට සෙමෙන් තට්ටු කරයි. “ලීලා, ලීලා .. ඔයා ඇතුලෙ ද? ඔයා ආපහු ආව ද?” ඇය රහසින් අසයි. ලීලා කාමරයේ දොර හැරගෙන ඉස්තෝප්පුවට ආවේ ගේ ඇතුලතට ඇස් යොමු කරමින්. අම්මා හෝ මෙහෙකාරිය පෙනෙන මානයක නැත. ගස් කොළන් සියල්ල අඳුරින් නැහැවී තද කොළ පැහැයකින් පෙනෙයි. හිරු එළිය සම්පූර්ණයෙන්ම ...

සභාවේ සියළු සිත් ළගන්නා ආකාරයෙන් නිර්මාණය අවසන් විය. කොණ්ඩයේ තැනින් තැන මැණික් ගල් දිළිසෙන කොණ්ඩ විලාසිතාවකින් වූ සිහින් කාන්තාව වේදිකාවෙන් සමුගත්තේ හිමිහිට පටන් ගත් අත්පොළසන් නාදය දෙගුණ දෙගුණ වී යද්දී. වේදිකාව මත දිගහැරුණු රසවත් කවි හා කථනයන් වෙනත් කිවිඳියන් සහ රචකයන් අතින් බිහි වූ නිර්මාණයන් වූහ. තමන් දන්නේ නැති වුනාට ප්‍රේක්ෂකයන් අතර බොහොමයක් ඒවා සියල්ල මීට කළින් කියවා හෝ ...

Previous Page