දේහයට ගෞරවය දැක්වීමට ලෝකයේ නන්දෙසින් අති විශාල බැතිමතුන් පිරිසක්. අධ්‍යාත්මික නායක සත්‍ය ශ්‍රී සායි බබා අද පෙරවරුවේ අභාවප්‍රාප්ත විය. පුත්තපර්ති ප්‍රදේශයේ ස්ථාපිත සත්‍ය ශ්‍රී සායි විශේෂ රෝහලේදී ප්‍රතිකාර ලබමින් සිටියදී උදෑසන 7.45 ට පමණ අභාවප්‍රාප්ත වී ඇත. හෘද - ස්වශනය අක්‍රියවීම හේතුවෙන් සායි බාබාතුමන් අභාවප්‍රාප්ත වූ බව වෛද්‍ය වාර්තාවලින් සැල වි ඇත. 85 වෙනි වියේ පසු වු සායි බාබාතුමන් ලොව පුරා අති විශාල ...

මිලියන ගණනක දේපල විනාශයි. පසුගියදා නයිජීරියාවේ පැවති මැතිවරණයෙන් ජනාධිපති ගුඩ්ලක් ජොනතන් ජය හිමි කර ගත් බව මැතිවරණ කොමිසම නිවේදනය කිරිමෙන් අනතුරුව මෙම ගැටුම්කාරී තත්වය උද්ගත වී ඇත. මෙසේ ගැටුම් ඇති කිරීමට මූලික වී ඇත්තේ ප්‍රතිවාදී තරගකරු වු මහම්මුදු බුහාරිගේ ආධාරකරුවන්ය. තරඟකරුවන් දෙදෙනා ආගම් දෙකකට අයත් වීම ගැටුම්කාරී තත්වය වැඩි වීමට තවත් හේතුවකි. මේ වන විට ගැටුම් වලින් 120 කට අධික පිරිසක් මිය ...

එංගලන්ත සංචාරයෙන්  මාලිංග ඉවතට. එළඹෙන 26 වෙනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියට සහභාගී විය නොහැකි බව දන්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලසිත් මාලිංග විසින් ලිපියක් එවා ඇත. එහි සඳහන් කර තිබුනේ පාදයේ ආබාධයක් හේතුවෙන් තමාට මෙම තරඟාවලියට සහභාගි විය නොහැකි බවයි. ඒ අනුව ලසිත් මාලිංග එංගලන්ත තරඟාවලියෙන් ඉවත් කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටුව  අද පැවසීය. එහෙයින් නවක වේග ...

තිරිඟු පිටි මිළ 4.10 කින් වැඩි වේ. අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් මිළ රුපියල් 2 කින් ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.  සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ ප්‍රීමා සමාගම විසින් තිරිඟු පිටි කිලෝ 1 ක  මිළ රුපියල් 4.10 කින් ඉහළ දැමීම හේතුවෙන් මෙම තීරණයට එළඹි බවය. ...

ටෙස්ට් ක්‍රිකට් තරඟ 3ක් ඇතුලත් වේ. මැයි මස 26 වෙනිදා ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා එංගලන්ත ක්‍රිකට් තරඟාවලිය සඳහා ක්‍රීඩා කරන ක්‍රිකට් කණ්ඩායම අද ප්‍රකාශයට පත් කෙරිණ. 16 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම ටී.එම්.ඩිල්ෂාන් විසින් මෙහෙයවනු ලබයි. තරඟාවලිය සඳහා නම් කළ ක්‍රීඩකයන් 16 දෙනා මෙසේයි.1. තිලකරත්න ඩිල්ෂාන් (නා‍යක) 2. තරංග පරණවිතාන 3. ලහිරු තිරිමාන්න 4. කුමාර් සංගක්කාර 5. මහේල ජයවර්ධන 6. තිලාන් සමරවීර 7. දිනේෂ් චන්දිමාල් 8. ප්‍රසන්න ජයවර්ධන (කඩුලු රකින්නා) 9. ...

ඊ මේල් 1ක යැවු කත රටෙන්ම සමාව ගනී. එක්සත් ජනපද ජනාධිපති බැරැක් ඔබාමා මහතා චිම්පන්සියෙකු ලෙස දක්වා ඇති ඊ මේල් පණිවිඩයක් පසුගියදා එතුමාට ලැබී ඇති බව විදෙස් ආරංචි මාර්ග මගින් වාර්තා වේ. මෙම ඊ මේල් පණිවිඩය ඔබාමා මහතාට යවා ඇත්තේ කැලිෆෝනියාවේ රිපබ්ලිකන් පාක්ෂිකාවක 74 හැවිරිදි මර්ලින් ඩැවන්පෝට් නැමති කාන්තාවක් විසිනි. තිදෙනෙකුගෙන් යුත් චිම්පන්සි පවුලක රූපයකට චිම්පන්සි පැටියාගේ මුහුණ වෙනුවට ඔබාමා මහතාගේ මුහුණ ආදේශ කර සකස් කර ඇති ...

කණ්ඩායමේ උප නායකායා පත් කිරිම කල් යයි. ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් කුමාර් සංගක්කාර ඉවත් වීමෙන් අනතුරුව තිලකරත්න ඩිල්ෂාන්ගේ නම නායකත්වය සඳහා යෝජනා වී තිබුණි. එය සැලකිල්ලට ගෙන ක්‍රීඩා ඇමතිවරයා විසින් ඩිල්ෂාන්ට කණ්ඩායමේ නායකත්වය දැරීමට අනුමැතිය අද ලබා දී ඇත. ඒ අනුව ඉදිරි එංගලන්ත සංචාරයේදී ටී. එම්. දිල්ෂාන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරන බව ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා පවසුවේය. මීට ...

ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සිව් වැනි තැන. ජාත්‍යන්තර ටයිම් සඟරාව මගින් වාර්ෂිකව ලෝකයේ විශිෂ්ඨතම පුද්ගලයින් තේරීමේ සමීක්ෂණය අරම්භ කර ඇති බව වාර්තා වේ. මෙහිදී ලෝකයේ විශිෂ්ටතම පුද්ගලයින් 100 දෙනා තෝරා පත් කර ගන්නා අතර මෙම තේරීම සිදු කරන්නේ ජනමත සමීක්ෂණයක් මගිනි. මේ වන විට ප්‍රකාශ වී ඇති ඡන්දවලට අනුව ඡන්ද 147,055 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතා සිව් වන ස්ථානයේ පසු වෙයි. මෙවර ...

ඊෂා සර්වානි මාධ්‍ය වෙත කරුණු දැක්වීම ප්‍රතික්ෂේප කරයි.ඉන්දීය සුපිරි වේග පන්දු යවන ක්‍රිකට් ක්‍රීඩක සහීර් ඛාන්, නවක බොලිවුඩ් රංගන ශිල්පිණියක වන ඊෂා සර්වානි සමඟ විවාහ ගිවිස ගැනීමට සැරසෙන බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි. 26 වෙනි වියේහී පසුවන ඊෂා නවක රංගන ශිල්පිණියක් මෙන්ම දක්ෂ නර්තන ශිල්පිණියක්ද වේ. සහීර් සහ ඊෂා දීර්ඝ කාලයක් මිතුරන් ලෙස සිටි බවද වාර්තා වේ. කෙසේ වුවද මේ වන ...

සමුද්‍ර දුෂණ වැළැක්වීමේ අධිකාරියේ හා නාවික හමුදාවේද සහය. නැගෙනහිර සිට දකුණ දක්වා මුහුදු තීරයේ විකිරණ පරීක්ෂාව සිදු කිරීම සඳහා මුහුදු ජල සාම්පල් ලැබාගැනිම ආරම්භ කර ඇතැයි පරමාණුක බලශක්ති අධිකාරිය ප්‍රකාශ කරයි. ෆුකුෂීමා න්‍යෂ්ටික බලාගාරයේ පිපිරීම්වලින් විකිරණශීලී ද්‍රව්‍ය මුහුදට එක් වීම මෙම පරීක්ෂණ සිදු කිරීමට හේතු පාදක වී ඇත. මාධ්‍ය හමුවේ අදහස් දැක්වු සභාපති අචාර්ය විමලධර්ම අබේවික්‍රම මහතා සදහන් කර සිටියේ සමුද්‍ර දුෂණ වැළැක්වීමේ ...

බොක්ස් ජෙලි ෆිෂ්ගේ විෂෙන් මිනිසුන් 60 ක් මරන්න පුළුවන්. කරදිය ජලයේ වෙසෙන විසකුරු සත්වයෙක් වන බොක්ස් ජෙලි ෆිෂ් ඉතා අලංකාර මත්ස්‍ය විශේෂයකි. කුඩයක හැඩයකින් යුත් මෙම මත්ස්‍යා ඕස්ට්‍රේලියාව, වියට්නාමය, පිලිපීනය, නිව්ගිනියා රටවල වෙරළ ආසන්නයේ ජීවත් වේ. මුහුදු බඹරා යන නමින්ද හදුන්වන මෙම මත්ස්‍යා තුළ මිනිසුන් 60 ක් පමණ මරා දැමීමේ හැකියාව ඇත. සෙ. මි. 15 ක් පමණ දිගැති ග්‍රාහිකා උපයෝගී කර ගනිමින් ...

ශ්‍රී ලංකාවට බලපෑමක් නෑ. අද ජපානයේ ඊසාන දිග ප්‍රදේශයේ රික්ටර් මාපකයේ ඒකක 7.1 ක ප්‍රබලත්වයකින් යුත් භූමි කම්පාවක් සිදුව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.  භූ කම්පනයෙන් පසු සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් කර ඇති අතර ඒ වන විට ෆුකුෂීමා බලාගාරයේ සේවයෙහි නියුතු පිරිසද එම ස්ථානවලින් ඉවත් කිරීමට රජය කටයුතු කර ඇත. කෙසේ වුවද මෙම භූමි කම්පාවෙන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නොමැති ...

අලුත් අවුරුදු උදාවඅපේ‍්‍රල් මස 14 වෙනි බ්‍රහස්පතින්දා අපර භාග 01.01 ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.පුණ්‍ය කාලයඅපේ‍්‍රල් මස 14 වන බ්‍රහස්පතින්දා පූර්ව භාග 06.37 සිට මෙදින රාත්‍රී 07.25 දක්වා පුණ්‍ය කාලය බැවින් මෙදින පූර්ව භාග 06.37 ට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම ද, මැනවි.ආහාර පිසීමඅපේ‍්‍රල් මස 14 වැනි බ්‍රහස්පතින්දා අපර භාග 01.06 ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් ...

වෙඩි තැබීම සිදු කර ඇත්තේ පාසලේ ආදි සිසුවෙකි. බ්‍රසීලයේ රියෝඩි ජැනීරෝ නගරයේ පාසලකට හදීසියේ කඩාවැදුන පුද්ගලයෙකු එල්ල කල වෙඩි ප්‍රහාරයකින් සිසුන් 12 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ. සිද්ධියෙන් අනතුරුව සැකකාර පුද්ගලයාද වෙඩි තබාගෙන සිය දිවි හානිකරගෙන ඇත.  වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ අවුරුදු 9-15 අතර සිසුන් පිරිසකි. 23 න් හැවිරිදි මෙම තරුණයා විකෘති මානසික තත්ත්වයකින් පසුවූ අයෙකු බව වාර්තා වේ. ...

පළමුව සංගක්කාර, දෙවනුව මහේල, තෙවනුව ක්‍රිකට් තේරීම් කමිටුව අන්තිමට කීර්ති.   ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ප්‍රවාහනය කල බස් රථ රියදුරෙකු වන කීර්ති පීරිස් මහතා සිය රැකියාවෙන් ඉල්ලා අස් වී ඇති බව වාර්තා වේ. එදිරිසිංහ ප‍්‍රවාහන සේවයේ සේවය කළ රියෙදුරෙකු වන කීර්ති මහතා ශී‍්‍ර ලංකා පිල රැගත් බස් රථය වැඩි වාර ගණනක් පදවා ඇත. මේ පිළිබඳ අදහස් දැක්වු කීර්ති මහතා ප්‍රකාශ කර සිටියේ ...

මාලිංග හමු වී වැළඳ ගෙන හාදුවක් දීමට සිහින මවනවා.  ඉන්දීය සුපිරි නිළියක වන අමීෂා පටේල් ලෝක කුසලාන අවසන් තරඟය නැරඹීමෙන් අනතුරුව පැවති පුවත් පත් සාකඡාවකදි ශ්‍රී ලංකා වේග පන්දු යවන ලසිත් මාලිංග ගැන ආදරයක් ඇති වූ බව ප්‍රකාශ කර ඇත. එහිදී ඇය පවසා සිටියේ කෙදිනක හෝ ලසිත් මාලිංග හමු වී වැළඳ ගෙන හාදුවක් දීමට සිහින මවන බවයි. ඔහු ඉතාමත් විනෝදජනක හා විශේෂ ...

IPL 4 Time Table 2011:Apr 8 8PM . Chennai Super Kings vs Kolkata Knight Riders Chennai Apr 9 4PM . Deccan Chargers vs Rajasthan Royals Hyderabad Apr 9 8PM . Kochi v Royal Challengers Bangalore Kochi Apr 10 4PM . Delhi Daredevils vs Mumbai Indians Delhi Apr 10 8PM . Pune Warriors vs ...

ජූනි 23 දා වෙන්දේසියට ඉදිරිපත් කිරීමට නියමිතය. ඩයනා කුමරිය 1985 සිට 1994 කාලය අතරතුරදී භාවිත කළ ගවුම් 14 ක් ජූනි 23 දා වෙන්දේසියට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම වෙන්දේසිය පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත්තේ කැනඩාවේය. 1985 දී ධවල මන්දිර රාත්‍රි භෝජනයකට සහභාගිවීමට හා සුපිරි හොලිවුඩ් නළු ජෝන් ට්‍රැවෝල්ටා සමඟ නර්තනයේ යෙදීමට අඳින ලද නීල වර්ණ වෙල්වට් ඇඳුමද වෙන්දේසියට ඉදිරිපත්  කිරිමට නියමිතය. මෙවර වෙන්දේසියට ඉදිරිපත් ...

Previous Page