F...k SL Railways!

Random අදහස්
Fuck all of those who were responsible for yesterdays strike and made me and many thousands sweat in the bloody buses.Fuck them all who had the idea to strike on a day when a cricket world cup semis were held.Fuck you all who stole my and many others time!ඔබත් මේ අපහසුතාවයට පත්වූවා නම් ඔබේ කෝපය මෙහි මුදා හරින්න. ...

ඇන්ජලීන්

Random අදහස්
ටික කාලෙකින් තමයි ලියන්නෙ. ලියනව කිව්වට නිමිත්තක් තියෙන්නත් ඕනැනෙ. ඔය කියන නිමිත්ත පහළවුනේ මගේ හිතවත් තිවංක ලියපු ගුණදාස කපුගේ නම් වූ සොඳුරු මිනිසා නම් වූ ලිපිය කියවීමෙන් පසුවයි.ලංකාවේ ගායකයින් අතරින් සුපැහැදිලි ව ස්වර වල පිහිටා ගායනා කල හැක්කේ කීදෙනෙකුටද. ඒ අතලොස්ස අතරින් ඇන්ජලීන් ගුණතිලක ඉදිරියෙන්ම ඉන්නා ගායිකාවකි.ඇය ගායනය කරන විට හැම විටම නිවැරදි සෘතියේ පිහිටයි, කිසි විටෙක ඉන් පිට නොපනියි. ...

එයාලගෙ විප්ලවය.

Random අදහස්
මේක මට ලියන්න හිතුනෙ නදී ලියල තිබුන ලිපියක් කියවපුවමයි.88 - 89 කාලෙ හරි පුදුම කාලයනෙ. ඒක තේරෙන්නෙ දැන්. ඒ දවස් වල තිබුන බරපතල කම අපිට තේරුනේ තවත් අචුරුදු ගානකට පස්සෙ කිව්වොත් හරි. ඔය කාලෙ ගැන බොහොම අය බොහොම දේවල් ලියල තියනවනෙ. ඔය කාලෙ ගැන ගොඩක් අයට කියන්න තරම් හොඳක් නැති තරම්. ඒත් ඉතින් මතක් කරල හිනාවෙන්න පුලුවන් දේවලුත් සිද්ද නොවුනෙත් ...

මගේ ලේ විකිනෙන හැටි

Random අදහස්
දැක්කම ටිකක් හිත ගැස්සෙන subject එකක තමයි මේක. ඒත් මේක මටම සිද්ද වෙච්ච නිසා නොලියත් බෑ.පසුගිය දවසක මගේ ලඟම යාලුවෙක්ගෙ අම්ම කෙනෙකුට හදිසියේ  හදවත් by pass සැත්කමක් කරන්න සිද්ද උනා. මේක කලේ IT වලට ලොකු සම්බන්ධයක් තියෙන කොළඹ ප්‍රධාන පෙලේ පෞද්ගලික රෝහලක. මේවගෙ අය කිරීම් සම්බන්ධයෙන් වෙනම ලිපියක් ලියන්න ඕනෙ. ඒක නිසා ඒ ගැන ලියන්නෙ නෑ.සැත්කමට රුධිරය පයිට් 4 ක් ...

කාන්තාවන්ට පමණයි!

Random අදහස්
මගේ මිතුරියකට ලඟදි මුහුන දෙන්න සිද්ද වෙච්ච දෙයක් නිසාම මේක ලියන්න හිතුනෙ.ලඟදි එයා ගිහින් අලුත් ඇඳුමක් ගන්න. 2010  2011 ත් ලැබුවනෙ ලඟදි. මෙයා ‍තෝරල තොරල අරගෙන තියෙන්නෙ ටිකක් කර පලල ඇඳුමක්. ජනවාරි 1වෙනිදම බොහොම උජාරුවට මේකත් ඇඳගෙන බස් එකට නැගල වැඩට එන්න කියල. බස් එකේ වාඩිවෙන්න ආසනේකුත් හම්බ වෙලා. ටික වෙලාවකින් බස් එකට සෙනඟ පිරිල. මෙයා ලඟින් කොල්ලෙකුත් හිටගෙන ඉඳල. ටික ...

සමහර දේවල්

Random අදහස්
සමහර දේවල් අපිට වෙනස් කරන්න බෑ. ඒ බව දැන දැනත් සමහර දේවල් ගැන අපි බලාපොරොත්තු තියා ගෙන ඉන්නවා.සමහර දේවල් අපි හිතේ හංගගෙන ඉන්නව. හිතේ තියාගෙන වද විඳිනවා.සමහර දේවල් ගැන අපි හිත හදාගන්න බලනවා. ඒත් කවදාවත් හිත හදා ගන්න බෑ.සමහර දේවල්වලට අපි ගොඩක් සංවේදීයි. එත් එක අපි ඒක පෙන්නනෙ නෑ.සමහර දේවල් ගැන හිතනකොට දුකයි. එත් ඒ දුක තමයි සතුටත්. ...

World කියල සිංහලෙන් ලියන්නෙ කොහොමද?

Random අදහස්
ඔන්න මම වැඩි දෙනෙක්ගෙ ඉලීම පරිදි භාෂාව වෙනස් කලා.භාෂාව ගැන කතා කරනකොට අපි සිංහල කියල කතා කරන්නෙ ඉංග්‍රීසිත් එක්ක කලවම් කරපු අමුතු භාෂාවක්නෙ. අපි හැමෝම අඩු වැඩි  වශයෙන් ඒ ව‍රැද්ද කරනව...... කාටවත් ඒකෙන් ගැලවීමක් නැති පාටයි.ඒ වගේම ඉංග්‍රීසි භාෂාවෙන් ණයට ගත්ත වචන සිංහල භෂාවෙ මොනතරම් තියනවද. ඒත් මේ වච්න සිංහලෙන් ලියන්න ගියාපුවම තමයි දත කට පූට්‍ටු වෙන්නෙ.ලඟදි මගෙන් ළමයෙක් අහනවා ...

මහ දවල් Robbery

Random අදහස්
පසුගිය දවසක මා කොල්ලුපිටියේ ලිබර්ටි වටරවුම බස් නැවතුම්පොලින් 101 පිටකො‍ටුව මොර‍ටුව බසයකට නැග්ගේ බම්බලපිටියේ පිහිටි යුනිටි ප්ලාසාවට යාමටය. මා බසයට ගොඩවනවාත් සමඟ තවත් ගැහැනු ළමුන් තිදෙනෙක් එයට ගොඩ උනෝය.ඔවුන් කොන්දොස්තර "අයියාගෙන්" බම්බලපිටිය හන්දියට කීයක් ගන්නවාදැයි ඇසුවා මට මතකය. ඔවුන් කොන්දොස්තර "අයියාට" රුපියල් 30ක් දෙනවාද ම බලාගෙනය. කොන්දොස්තර "අයියා" ඔවුන්ට ඉතිරි කීයක්වත් නොදුන්න බවත් මා බලාගෙනය.ඊලඟට මුදල් දීමට තිබුනේ මටය. මම ...

කෝ මේ Vwls

Random අදහස්
ඔබ කවදා හෝ පාසලේ දී ඉංග්‍රීසි අනුලේඛනය (Dictation) වරදවා තිබේද? මා නම් එසේ වරදවා ඇත. එහි අතුරු ඵලයක් ලෙස බැනුම් අසා හෝ ගුටි කා ඇත. ඒ බොහෝ කලකට පෙරය. දැන් කාලයේ පාසල්වල ඳඬුවම් දීම අඩුය. ඉංග්‍රීසි උගන්වනවාත් අඩුදයැයි පැහැදිලි සැකයක් පසුගිය කාලය තුල මට ඇති වූයේ මට ලැබුන කෙටි පණිවුඩ කීපයක් කියවීමෙන් පසුය. මේ ඉන් එකකි.hi hw r u? sry ...

මිනිසුන් වර්ග

Random අදහස්
අප හැමෝටම ජීවන දර්ශනයක් ඇත. මහ මග වෙසෙන සිඟන්නාගේ සිට ජනාධිපති තුමා දක්වා වෙනසක් නැතුවම මෙම ජීවන දර්ශනය ඇත. මෙය උපතින්ම අප අරන් එන්නක් නොවේ. අපගේ අත්දැකීම්, අධ්‍යාපනය සහ නොයෙකුත් දේ මෙම ජීවන දර්ශනය සකස් කිරීමග උපකාරී වෙයි.මගේ ජීවන දර්ශනයට අනුව මිනිසුන් වර්ග 4 ක් වෙයි.1. හමුවන විට සතුටක්ද සමු ගන්නා විට දුකක්ද ගෙනෙනා පුද්ගලයින්.2. හමු වීම දුකක් හා වෙන් ...

Dee Jay

Random අදහස්
අද කන්තෝරුවේ නත්නල් සාදයයි. කලින් එයට සහභාගි වීමට සිතා හිටියත් හේතු කිහිපයක් නිසා එය වැලකී ගියේය. කන්තෝරුවේ හිතවතුන් කිහිපදෙනෙක් පෞද්ගලිකව පැමිණ  මට සාදයට පැමිණෙන මෙන් කල ඉල්ලීමට පි‍ටු පෑමට වීම කණගා‍ටුවට කරුනකි. එක මිතුරෙකු මා තම රථයේ නංවාගෙන ඒමට පවා කැමැත්ත පලකලත් එසේ නොකලේ ඔවුන්ට මා ඇනයක් වේ යයි සිතුනු නිසාය.සාදය ජයටම පැවැත්වුනු බව දැනට ආරන්චිය. මෙවන් අවස්ථා වලදී සංගීතය ...

ඕයි, කොන්ට්‍රෝලර්

Random අදහස්
අද සවසත් දුම්රිය ප්‍රමාදය. එවන් විට අප කරන්නේ දුම්රිය රියදුරු ඇතුලු මුලු දුම්රිය දෙපර්තමේන්තුවටම දෙහි කැපීමය. මා දිනපතා ගමන් ගන්නා කි.මී 80 දුර ප්‍රමානය ගමන් කිරීමට සීඝ්‍රගාමී දුම්රියකටත් සමහර විට හෝරා දෙකක් පමණ ගතවේ.මා මෙම කාරනය මා ‍රැකියාවේ නියුතු ආයතනයේ පිට‍රැටියෙකුට කිවුවිට ඔහු මහත් පුදුමයට පත් විය.උදය කාලයේ දුම්රිය ප්‍රමාදය බෙහෙවින් අහිතකරය. හැමෝම වෙලාවට ‍රැකියාවට යාමට කැමැත්තෝය. මෙම සිද්ධිය මීට ...

සංගීත අච්චාරුව

Random අදහස්
මෙය ලිවීමට සිතුනේ අද කන්තෝරුවේ සිදුවූ සුලු සිදුවීමකි.මා මිතුරෙක් ඔහුට ගීත අන්ත්ර්ජාලයෙන් නොමිලයේ බාගත කල හැකි අඩ්වියක් සොයා දෙනමෙන් ඉල්ලීමක් කලේය. එවන් අඩවි ඉතා අල්ප බැවින් මට කල හැකි උදව්ව මම ස්කයිප් හරහා යැව්වෙමි.එය මගේ මාතෘකාවට අදාල නැත. ඔහු උග්‍ර හිප්-හොප් ලෝලියෙකි. අසන තරමක් අසන්නේ ඒවාය. මගේ තවත් මිතුරෙක් අසන්නේ සිංහල සම්භාව්‍ය සංගීතය පමණකි. තවත් මිතුරෙක් අසන්නේ "මල්" සින්දු පමණය. ...