එන්න අපි විජයග්‍රහනය සමරමු!උතුරු පලාත් සභා මැතිවරනය පැවැත්වීම බෙදුම්වාදයට පාර කපන්නක් බව ජනතා විමුක්ති පෙරමුනු මන්ත්‍රී අනුර දිසානායක ප්‍රවෘත්ති සාකච්ඡාවක දී සදහන් කොට තිබුනි. මේ අනුව උතුරු පලාත් සභා ඡන්දය පැවැත්වීමට එරෙහිව මේ දිනවල රගදැක්වෙමින් තිබෙන පෙරහැරට අලුත් බොරු කකුල්කාරයෙක් එකතු වී සිටී. විමල් වීරවංශගේ පක්ෂය උතුරේ මැතිවරනය පැවැත්විම රට බෙදීමට තුඩු දෙන්නක් ලෙස සදහන් කරමින් කොලඹ කොටුවේ අත් පත්‍රිකා ...
2012 ඉරාකයේ බැග්ඩෑඩ් හි පැවැති මැයි දින පෙලපාලියට සහභාගී වූ තරුනියක් - මොට්ටැක්කිලිය වෙනුවට රතු තරුව 20 වන සියවස මැද වනවිට මුස්ලිම් ලෝකය තුල ජාතිකවාදී හා වාමාංශික බලවේග මහත් බලයක් ඉසිලූ ආකාරය අප පසුගිය ලිපිය තුල දී සාකච්ඡා කලෙමු. මෙලෙස මේ ලෝකය තුල මහත් පරාක්‍රමයක් ඉසිලූ එම දේශපාලන ප්‍රවාහයන්ට එරෙහිව ඉස්ලාම් මූලධර්මවාදය පෙරමුනට ගැනීමෙහිලා තීරනාත්මක කාර්යභාරය ඉටු කලේ එ.ජනපදයේ නායකත්වය ...
ශිෂ්ටාචාර අතර ගැටුම? 2001 සැප්තැම්බර් 11දින අමෙරිකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව ඉස්ලාම් මූලධර්මවාදය සහ ත්‍රස්තවාදය වැනි මාතෘකා ගැන අලුත් උද්යෝගයක් බටහිර ලෝකය තුල ජනිත වූයේය. මෑතක සිට ලංකාව තුල ද මහත් අභිරුචියෙන් ඉස්ලාම් මූලධර්මවාදය පිලිබද කථා කරනු දක්නට ලැබේ. පසුගිය දිනෙක ඇමැති චම්පික රනවක "අල් කයිදා හා අල් ජිහාඩ්" යනුවෙන් එලි දැක්වූ කෘතිය මෙම අභිරුචිය පිලිබද හරස්කඩක් ලෙස සැලකිය ...
ඉන්දියාවේ පහලට කාන්දු වීමේ විප්ලවය - 2 / Trickle down revolution
Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය
මනිපූරය - විරෝධය පෑමේ අවස්ථාවක් ඉන්දියාවේ 64 වන නිදහස් සැමරුම දිනයේ අග්‍රාමාත්‍ය මන් මෝහන් සිං ආවේග රහිත,අස්ථි පවා කුසීතභාවයෙන් ශීතල කරවන සුලු ඒකාකාරී කථාවක් පවත්වනු වස් රතු බලකොටුවේ තබා ඇති ස්වකීය වෙඩි නොවදින සබන් පෙට්ටිය වෙත නැංගේය.මෙම කථාවට සවන් දෙන අතරතුර,මොහු මේ ආමන්ත්‍රනය කරන්නේ - ලෝකයේ දෙවන වේගවත්ම ආර්ථික වර්ධන වේගය පවතිද්දීත් - අප්‍රිකාවේ දිලිදුම ජාතීන් 26 ක මුලු ජනගහනය ...
ඉන්දියාවේ පහලට කාන්දුවීමේ විප්ලවය - අරුන්දතී රෝයි / The Trickle down Revolution - Arundathi Roy
Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය
වීදුරු පෙට්ටියක් තුල ව්‍යායාම් කිරීම - අගමැති මන් මෝහන් සිං ජාතිය අමතයිපහත කොටස් වශයෙන් පලවන්නේ ඉන්දීය ලේඛිකා අරුන්දතී රෝයි විසින් 2010 සැප්තැම්බර් මස ඉන්දීය Outlook සගරාවට The Trickle down Revolution යන හිසින් සපයන ලද ලිපියේ තෝරාගත් කොටසක සිංහල පරිවර්තනයයි. ඇය විසින් ඉන්දියාවේ මාඕවාදී අරගලය අලලා රචනා කල දීර්ඝ සටහනක් අප කලෙකට ඉහත දී පල කලෙමු. පහත ලිපිය මගින් ඇය මාඕවාදී ...
සටහන - එංගලන්තයේ හිටපු අගමැතිනියක වූ මාග්‍රට් තැචර් මිය ගොස් තිබේ. පහත පලවන්නේ 2012 අගෝස්තු මාසයේ දී මෙම ලියුම්කරු විසින් ජනරල පුවත්පතට සපයන ලද ලිපියකි .මෙය ලියන ලද්දේ රට තුල වෘත්තීය සමිති ක්‍රියාමාර්ග කීපයක් දියත් වෙමින් තිබුනු වකවානුවකය. තැචර්ගේ මරනයත් සමග තැචර්වාදයේ උරුමය ගැන මතු වී තිබෙන සංවාදයට වැදගත් විය හැකි යැයි සිතන නිසා එම ලිපිය නැවත පල කෙරේ.***2012 අගෝස්තු ...
එක්සත් ජනපදයේ හිටපු උප ජනාධිපති අල් ගෝර් පාරිසරික අර්බුදය ගැන 2006 නිපද වූ වාර්තා චිත්‍රපටයකදී (An Inconvenient Truth) මෙසේ අදහස් පල කලේය. " අපි හැමදෙනාම ගෝලීය උනුසුමට දායක වෙනවා.ඒ නිසා අපි හැමෝටම අපේ පෞද්ගලික කාබන් විමෝචනය බිංදුවක් වන ලෙස ජීවිත හැඩගස්වා ගැනිමෙන්,අපි එලවන වාහන අපි පාවිච්චි කරන විදුලිය යනාදිය හරහා, මෙය සමනය කරන්ට දායක විය හැකියි".ලංකාවේ දේශපාලන වේදිකා වල කථාබහට ...
කූඩන්කුලම් - දෙමල ජනයා හා හැපෙන තමිල්නාඩු රාජ්‍යයඑම්.කරුනානිධිගේ පක්ෂය ඉන්දීය මධ්‍යම ආන්ඩුවෙන් ඉල්ලා අස්වී තිබේ. ලංකාවේ යුද අපරාධ ප්‍රශ්නය සම්බන්ධයෙන් ඉන්දීය රජය "දැඩි ස්ථාවරයක්" නොගැනීම ඊට හේතුව ලෙස ප්‍රකාශ කෙරී තිබේ. එලෙස ඉල්ලා අස්වීමට කරුනානිධිගේ පක්ෂය ගත් තීන්දුව පසසමින් තමිල්නාඩු විපක්ෂ නායිකා ජයලලිතා ජෙයරාම් ද ප්‍රකාශයක් නිකුත් කොට තිබුනේය. කරුනානිධිගේ මේ අස්වීමට සමාන්තරවය තමිල්නාඩුවේ දී ලංකාවෙන් පැමින සිටි බෞද්ධ ...
බොදු බල සේනා සංවිධානයේ පුහුනු මධ්‍යස්ථානයක් විවෘත කිරීම සදහා පසුගිය සතියේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහභාගී විමත් සමග දැන් තිරය විවර වී තිබේ. බොදු බල සේනා නමැති තග් සංස්ථාවේ හැසිරීමත් ආන්ඩුවත් අතර සම්බන්ධයක් තිබෙන බවට යමෙක්ට යම් පමනක හෝ සැකයක් වී නම් ඒ සැකය ද ඉවත් කර ගත හැක. බොදු බල සේනා වූ කලී රාජපක්ෂ රෙජිමය විසින් කිරි පොවා ඇති ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අසල දී පසුගිය දිනෙක ලසිත් මාලිංග මාධ්‍යකරුවන් සමූහයක් වෙත බුරා පැන්නේය.එලෙස බුරා පනින ආකාරයේ දර්ශන මාධ්‍ය තුලින් නැවත නැවතත් ප්‍රචාරය කර හරින ලදී.එම අවස්ථාවේදී මාධ්‍යකරුවෝ උත්සාහ කලේ මාලිංග හා ක්‍රිකට් ආයතනය අතර ක්‍රීඩා ගිවිසුම පිලිබද පැන නැගී තිබූ ගැටලුව ගැන අදහස් විමසීමටය. මාලිංග රූපවාහිනී කැමරා අභියස ඒ මොහොතේ පෙන්වූ හැසිරීම නිර්ලජ්ජිත වූත් අශීලාචාර වූත් හැසිරීමක් බවට ...
Hey Geneva! අපි දැන් මරන්නේ නෑ ලංකාවේ රජයේ හමුදා විසින් හමුදා භාරයේ සිටිය දී ලිංගික වධහිංසාවට හා දූෂනයට ලක්කල දෙමල ජාතික පුද්ගලයින් පිලිබද තොරතුරුසහිත වාර්තාවක් Human Rights Watch සංවිධානය විසින් ප්‍රකාශයට පත්කොට තිබේ. මෙම වාර්තාවේ එලෙස දූෂනයට ලක්කල පුද්ගලයින් 75 දෙනෙක් පිලිබද විස්තර ඇත. ඉන් 31 ක් පිරිමි අයවලුන්ය.41 ක් කාන්තාවන් වන අතර තිදෙනෙක් ලමුන්ය. දැනට දේශපාලන රැකවරන පතා විදේශගතව ...
එල්ටීටීඊ සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ බාල පුත්‍ර දොලොස් හැවිරිදි බාලචන්ද්‍රන් ගේ ඝාතනය හා සම්බන්ධ නව ඡායාරූපමය සාක්ෂි මේ වනවිට කරලියට පැමින තිබේ. චැනල් 4 නාලිකාව විසින් ලබන මාර්තුවේ දී ජිනීවා මානව හිමිකම් සැසිවාරයට සමගාමීව ලංකාවේ සිවිල් යුද්ධය පිලිබද තවත් වාර්තා වැඩසටහනක් තිරගත කිරිමට නියමිතය. එහිදී බාලචන්ද්‍රන්ගේ ඝාතනය හා සම්බන්ධ මෙම ඡායාරූප ද ප්‍රදර්ශනය කෙරෙනු ඇතැයි වාර්තා වේ. හමුදා භාරයට පත්වූ ...
" Reign to foes' fearOrthodox TsarGod protect the Tsar.." - රුසියානු ජාතික ගීය 1833-1917යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට සහභාගී වූ ජනාධිපති රාජපක්ෂ රදවා ගනු ලැබ සිටි යාපන සරසවි සිසුන් දෙදෙනා නිදහස් කරන ලෙස ආඥා කලේය. පවුල්වාදී සාර්වරයා එම නියෝගය නිකුත් කරන ආකාරය රූපවාහිනී නාලිකා මගින් රට පුරා විකාශය කරන ලදී. අත්අඩංගුවට ගනු ලැබූ සරසවි සිසුවාගේ මව තම දරුවා රාජ්‍යද්‍රෝහී වැඩකටයුතු ...
කොලඹ විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන අචලා ප්‍රියදර්ශනී නමැති නීති ශිෂ්‍යාවගේ අත ශල්‍ය කර්මයකින් ඉවත් කිරීමේ සිදුවීම පසුගිය සතියේ බොහෝ ජනමාධ්‍යයන්ගේ අවධානයට ලක්වූ ප්‍රධාන මාතෘකාවක් වූයේය. වම් අතෙහි වූ සුලු බිදීමක් නිසා රෝහල්ගත කල ඇගේ අත ප්ලාස්ටරයකින් වෙලා ඇති අතර එය රිදුම්දෙන බවට ඇය පැමිනිලි කල ද ඒ ගැන නිසි අවධානයක් යොමු වී නැති බව පැවසේ. ඉක්බිති එම වෙලුමේ තදභාවය ...
ගුනදාස අමරසේකරගේ "ගමනක අග" නවකථාවේ අවසන් භාගයේදී එහි කථානායකවරයා වන පියදාස නැවත ලංකාවට පැමිනේ.ඔහු ලංකාවට එන්නේ දීර්ඝ කාලයක් විදේශගතව ජීවත්වීමෙන් අනතුරුවය.ඔහු දකින ලංකාව විදෙස්ගත වීමට පෙර ඔහු දත් රටට වඩා මුලුමනින්ම වෙනස් එකකි. විශාල ඉදිකිරීම් , වීදි පුරා පිරී ඉතිරී යන වාහන ඔහු දකී. ලංකාවේ අලුත පලවන පතපොත ගැන හෙතෙම මිතුරෙක්ගෙන් විමසයි.ගාමන්ට් කෙල්ලන් වෙනුවෙන් පලවන බාල නවකථා හැර කිසිවක් දැන් ...
නීතිය අවි ආයුද සහ මුදල් නව අගවිනිසුරු ලෙස තමාගේ දේශපාලන සුරතලෙක් පත්කිරීමට ජනාධිපති රාජපක්ෂ තීන්දු කොට තිබේ. මොහාන් පීරිස් වූ කලී 2011 දී ජිනීවා නුවර පැවති එක්සත් ජාතීන්ගේ සම්මේලනයක දී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වී නැති බවත් ඔහු විදේශගතව ජීවත්වන බවත් පැවැසූ රජයේ නීති උපදේශකවරයෙකි.දැන් ඔහු අගවිනිසුරුධූරය දරයි.ශ්‍රේෂ්ඨාධිකරන නීතිඥවරු My Lord යැයි කියමින් ඉදිරියේ දී හිස නමනු ඇත්තේ මෙම දේශපාලන සුරතලා ...
පොලිස් පහර දීමෙන් තුවාල ලත් නේචර් සීක්‍රට්ස් ආයතනයේ කම්කරුවෝඅවසානයේ යාපනය සරසවිය නැවත විවෘත කර තිබේ.ඒ මාසයකට අධික කාලයක් සිසුන් විසින් පවත්වා ගෙන ගිය අඛන්ඩ පංති වර්ජනයකින් පසුය.පසුගිය නොවැම්බර් 27 දින එම සරසවියේ පැවැති උද්ඝෝෂනයකට හමුදාව කඩා වැදී මිලේච්ඡ ලෙස පහර දුන් අතර සරසවි සිසු නායකයින් සිවු දෙනෙක් අත්අඩංගුවට ගැනුනි.එම නායකයින් "ත්‍රස්ත විරෝධී" නීති යටතේ රදවා ගනු ලැබ සිටී.ආරක්ෂක ලේකම් විසින් ...
එලැඹෙන මාර්තුවේදී (2013) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටු සැසිවාරයේදී එල්.එල්.ආර්.සී වාර්තාව රජය විසින් නොතකා හැරීම ගැන කරුනු දැක්වීමට දෙමල ජාතික සන්ධානය සූදානමින් සිටී.එම නිල සැසිවාරය ඇමතීමට දේශපාලන පක්ෂ වලට අවස්ථාවක් නොලැබෙන නිසා තමාට වූ අසාධාරනය ගැන එම සභාව දැනුවත් කිරීමට තමන්ට යොදාගත හැකි වෙනත් සියලු ක්‍රමවේද භාවිතා කිරීමට සූදානම් බව ඔවුහු පවසති.එල්ටීටීඊ සංවිධානය සහ දෙමල ජාතිකවාදය යනු රට බෙදීම සදහා ...
ප්‍රාසාද සහ මුඩුක්කු - බ්‍රසීල නගරයක දර්ශනයක් දකුනු අප්‍රිකානු සුදු පාලකයන් විසින් වර්නභේදවාදී පදනම මත සමාජය පාලනය කල යුගය ඇපාතයිඩ් යුගය ලෙස හැදින්වින.අෆ්‍රිකන්ස් භාෂාව තුල ඇපාතයිඩ් යන්නෙහි අර්ථය වෙන්කිරීම යන්නයි.වර්නභේදවාදී යුගයේ දකුනු අප්‍රිකානු සමාජය ගැඹුරු බෙදීමකට ලක්කොට තිබුනු අතර සියලු "හොද" දේ සුදු ජාතිකයන්ගේ වරප්‍රසාදයක් විය.ස්වභාවික සම්පතින් අනූන එරට ආර්ථිකමය අතින් සමෘද්ධිමත් ආර්ථිකයකට හිමිකම් කීවේය.එම සමෘද්ධියේ සැබෑ ප්‍රතිලාභ භුක්ති වින්දේ ...
අහිතකර සේවා කොන්දේසි වලට එරෙහිව දකුනු එංගලන්තයේ මැක්ඩොනල්ඩ්ස් අවන්හලක් ඉදිරිපස සිදුකෙරෙන විරෝධතා දැක්වීමක් මැක් ඩොනල්ඩ්ස් ආයතනය "මැක් සේවර්ස්" නමින් අලුත් ආහාර පැකේජයක් හදුන්වා දී ඇති බව දැනුම් දෙන දැන්වීම් දැන් කොලඹ නගරය පුරා දක්නට ලැබේ.මෙම නව පැකේජය අනුව රුපියල් සියයක පමන මුදලකට ආහාර වට්ටෝරුවක් මිලදී ගත හැක.කලෙකට ඉහත KFC ආයතනයත් මෙවැනිම ක්‍රියාමාර්ගයකට යොමු වූ අතර සාමාන්‍ය පාරිභෝගිකයෙක්ට දැරිය හැකි මිලකට ...