හිමිදිරියේ නගරසභා පිට්ටනියට යන්නට ගත්තේ කොයි කාලේදී දැයි මට හරියටම මතකයක් නැත . ගැටවර වියේ දිනෙක පටන් ගෙන , වසර ගණනාවක් කිඳා බැඳී පුරුද්දක් විය .ඒ අනුව බලන කල මා රංජි අයියා මුලින්ම අදුන ගත්තේ අවුරුදු විස්සකටත් එහා පැත්තේ දවසක විය යුතුය . ඒ කාල වකවානු හරියට මතක නැතත් පිට්ටනියේ වට දෙකක් මා අමාරුවෙන් දුවන කල , ඔහු මා කිහිප ...
රැල්ලේ අතට ඔරුව පදිනවා නෙමෙයි . ඒත් මේ වගේ දවස් වල හිත් පිරෙන්න ගන්නවා . එක මට්ටමකින් පස්සේ වාන් අරින්න වෙනවා , නැත්නම් පිටාර ගලන්නේ වෙන ඉසව් වලින්.ඉතින් කෙටි සටහන් කීපයක්....දිනේ පටන් මා උපන්න ...ඔබ විඳි දුක් බෑ කියන්න ...එහෙම හඬ නගා කියලා කකුල් දෙක අල්ලලා හවසට වඳිනකොට , හැම දාම ඇගේ ඇහේ කොනින් හීනියට කඳුලක් මතු වුනා . ඒ ...
"හසියෝ ", "හසන්තයෝ", "හසන්තයෝ" කිසිවෙකු අමතන හඬ හසන්තට හෙමින් හෙමින් දැන් ඇසේ . යථා සිහිය කැඳ වීමට, කිසිවෙක් ඔහුගේ මුවට ඉසින දියේ සිසිල ඔහුට දැන් දැනේ . හිස ඊයම් බරුවක් මෙන් බරය, හිස පිටුපසින් තියුණු වේදනාවක් නැගේ . යටිබඩ කොරවූ සෙයකි . ඔහු ඇස් හැර නැගිටීමට තනත්ම , ඔක්කාරයට මෙන් එයි විදුලි බලය විසන්ධි වීම . පුටු පෙරලීමේ කලබලය . ...
ලලයි ලිලයි ලයි මැයි දිනය පහු උනයි රතු පාටින් සළු පොරවා මහතුන් ආවයි නිල් , කොළ , කහ ඇඳුම් මතින් , රතු සාළු පෙරෙව්වයි ලලයි ලිලයි ලයිමහතුන් ආවයිඋන් දැක අප පිඩිත සිත්කුල්මත් වුවයිලලයි ලිලයි ලයිඅපි කුල්මත් වුවයිඒ දුටු මහතුන්ගේ සිත චුන් වැඩිවුනයි රජ්ජුරුවෝ උඩයි උඩයි ....චූ කොල්ලෝ බිමයි බිමයි ලලයි ලිලයි ලයි උන් සිත් චුන් වැඩිවුනයිබොක්කේ බුදුරැස් , මහතුන්අපිට පෙන්වුවයිලලයි ...
Once in the dry season I wrote in large letters across two pages of a note book"the innocence endswhen one is stripped of the delusion that one likes one’s self"realizing the mistaken sweetnessof self respect when that string breaks and all amulets , familiarfalls with a shattering sound To wake up in the middle of the night and to count ...
පෝල් සයිමන් (Paul Simon ) ලියු A poem in the underground wall ගීතය ඔබ අසා ඇත්ද ? ඔහු වචන අමුණා රුප රාමු සිතේ මවන හැටි ඉතා ආස්වාද ජනකය . මෙන්න ගීතය මම දැරුවෙමි උත්සාහයක් පරිවර්තනය කරන්නට එය . අදහස එයම නොවුනත් ..නිශාවගේ තන පුඩුවෙන්ගලා විත් , ලොවක් පුරවනකළුවර අතරේඔහු හිඳීසැඟවීඅවසන් දුම්රිය එනතුරා රළුය ,සිමෙන්ති පොලව හීතලයමිනිසුන් පෑගු , කෙල ගැසූදවසක් ...
Instructions :Step 1:First click : hereStep 2: Play the clip . Step 3: Minimise the window and start reading the poem.Depth is what you do not see immediately at the surface (I tell you , as you plunge your toes in to the still waters )but lies beneath the calmthe lines of reasoningand mounds of information( No need to be ...
අද උදේ රේඩියෝ එකේ මීටරේ එහෙට මෙහෙට කර කව කව ඉන්නකොට මෙන්න අහුවුණා සිංහල චැනෙල් එකක් . හැබැයි සිංහල උනාට ලංකාවේ නම් නෙමෙයි ...."ටින් ටින් ටින්රි ටින්රි ටින් ටින් ..බීප් බීප් බීප්දැන් වේලාව උදැසන දහය පසුවී විනාඩි පහලොවයි . මේ කේතුමතී නුවර අහේතු කාලීන ගුවන් විදුලි සේවයයි . මෙන්න ප්‍රවුර්ති ලුහුඩින් . රටේ නීතිය රැකීමේ වගකීම අලුතින් පිහිටවන සර්වාගමික බල ...
If a secret hadA consciousCould it survivefor long?If conscious hada secretcan it keep itfor long ?PS: Is it really two questions?
(උගුර පාදා) "ළමයි වටවෙලා ඔය පැදුරේ ඉඳ ගන්න . මම දැන් ඔය ළමයින්ට කතා හතරක් කියන්නම් අද අවුරුදු දවසේ , හිතට යන්නත් එක්ක " කතා අංක 1- සිරි මහත්තයාගේ බයිසිකල් රේස් දොළ දුක සිරි මහත්තයා රස්සාවක් හැටියට කලේ කුමක්දැයි කිසිවෙකුට හරි හමන් දැනීමක් නැත . එනමුදු මල ගෙයකදී , පින්කමකදී, ගමේ පොදු වැඩකදී ඔහු මුල් තැන ගත්තේය . මැදි වයසේ ...
One late afternoonon a Sunday You were theremeditating on the milky swirls in an over priced latteon the abstract shadow shapes the autumn trees made On the café wallmeditating you werethere you weren'tගිම්හාන් පවනේ සිතක් ඈතට පාවෙනාඔබ කවුද ?කිමෙද ඒ සෝ බරඔබේ සිතපුරවනා I too meditatedon your tresses dancing care freein the breezeOn the lips trebling to hide the throbbing ...
නිෂ්පාදක මැදිරිය ස්ටෑන්ඩ් බයි , වී ආ ස්ටර්ටින් ඉන් 5. ලයිට්ස් ඔන් , කැමේරා ස්ටාට් . ඇක්ෂන් 3, 2 1(Stand by . We are starting in 5. lights on . Camera start . Action 3 2 1 )නිවේදක හරි ලොකු උන්නැහේ ඔන්න දැන් පටන් ගන්න යන්නේ . ඔය සරම හදා ගන්න .හෙමින් හෙමින්, වචන කඩමින්, හෙම්බිරිස්සා - ගොරහැන්ඩි -බෙලෙක්ක ...
There’s a girl who is searching for a lost shoe. In the meantime she writes poems . This one, I felt could be stretched more, conceptually . So here goes She walks not looking back keeping cautious stepson the damp sandleaving them perfectprints for the surf to take The waves they shunhalfway through the rollhesitantto wipe away the memories නැතිවූ ...
ඉස්කෝලේ ඇරිලා ආපු ගමන් කටට දෙකට බත් එක ගිලලා , බැට් එක උස්ස ගෙන පාරේ ක්‍රිකට් ගහන්න ගිය කාලයක් තිබුනා .මැච් එක මහා පාරේ . කෙලින් පාරේ, ගොරකා ගහට එහාට ගැහුවොත් හයයි . හරහා පාරක් එල්ල කලොත් ඉතින් විනාසයි කාගේ හරි වත්තක . ක්‍රෝටන් ඇල්බීසියා ගස් වලින් මායිම් වෙන් වෙච්ච ඒ දවස් වල, ගේට්ටු නැති නිසා , වත්තට ගිහිල්ලා බොලේ ...
ආයුබෝවන් නෝනා වරුනි මහත්වරුනි , අවුල්වූ ලෝකෙක , නව වෙලඳ ප්‍රවණතා ගැන හදුන්වා දෙන , කතා කරන """"" "පිස්සු ලාබයි " වැඩසටහනට ඔබව සාදරයෙන් පිලිගන්නවා අදත් . අද අපි කතාකරන්නේ අලෙවිකරණය , අලෙවි ප්‍රවර්දනය ගැන . එහි නව ප්‍රවනතාවයක් වන සමාජ වෙබ් අඩවි හරහා කරන ප්‍රවර්දනය ගැන . අද අපිත් එක්ක මේ සාකච්චාවට එකතු වෙන්නේ මුහුණු පොත නැත්නම් facebook ඉල්ලක්ක ...
අපේ ජීවිත කියන්නේ කතන්දර ගොඩක් ද ? නැතිනම් එකම කතන්දරේක පරිච්චේදද ? මට හිතෙන්නේ කෙටි කතන්දර ගොඩක් , මතකය නම් වූ මනකල්පිත රැහැනින් බැඳ අපි ජීවිතය කියන දිග කතාව ලියනවා කියලයි ඒ නිසා මේ පහත සටහන .මෙතැනට සම්බන්ධයක් තියෙනවද නැද්ද කියන තීරණය කියවන ඔබට බාර දෙමි "Don't look that way .බලන්න එපා ඒ දිහා , ඒ ගෑණි මේ පැත්තට ඇවිත් ...
මේ අවසාන නැවත ප්‍රචාරය . මෙය ලියවුනේ 2011 අප්‍රේල් . දවස් කීපයකට පෙර හවසක ඇල්සයිමර් රෝගය ගැන දිගට ඇදුනු කතාබහකට පස්සේ , හිත සැහැල්ලු කරගන්න මෙය ලියවුනා වගේ මතකයි memories robbed"ඔය පින්තුර එකට පටලන්න එපා . මේ පැත්තේ ගොඩේ තියෙන්නේ මම මුළු හිතින්ම ආදරය කරපු අය . එත් මට මගේ කරගන්න බැරිවුණා ""අනෙක් ගොඩ ?"එකේ ඉන්නේ ...සමහර වෙලාවට අපි දේවල් ...
මතක ඇති කාලයේ සිට මම අනේක වාරයක් නාරාහේන්පිට රේල් පාර පසුකර ඇත . දැන් නැති වුනාට , පොලිස් රෝහල දැන් තිබෙන තැන තිබුනේ පුංචි පුංචි මුඩුක්කු ගෙවල්ය .මෙය ලියවුනේ 2011 පෙබරවාරි වල .narahenpita railway crossing 0645 amනාරාහේන්පිට දුම්රිය ගේට්ටුව - පෙ ව 6 45කළුම කළු ළමෝවයිවර්ණ ප්ලාස්ටික් බාල්දීඑල්ලීකෝටු අත් වලවනත් අත්හෙමින් ඇදෙනහයයි දා හතට හු කියයි දුම්රිය 2004 දී මම ...
මෙහි මුල් සටහන ඔක්තෝම්බර් 26, 2008. මුලින්ම ඉංග්‍රීසියෙන් ලියෙවුණු මෙය , මම නැගුවා සිංහලට 23 Minutes // විනාඩි විසි තුනYes it is23 minsexactlyfrom the moment you get in to the traintill we departand go on our own way2 mins to calland to find the right carriage3 mins to talk about how our days were5 mins of silence thereafterwhen I think ...
බ්ලොග් ලියවිල්ලත් හරියට අබිං කෑවා වගේ වැඩක් . ලිව්වේ නැතුවහම මොකක්දෝ අඩුවක් වගේ . අවුරුදු හයක් මේ අඩවිය පටන් අරන් . පටන් ගත්තේ මෙන්න මේ පින්තුරයෙන් . http://pinchpoints.blogspot.hk/2007/02/hongkong-from-tram-car.htmlතවමත් මේ නගරයේ ට්‍රෑම් බස් රථ දුවනවා , කලබල මාර්ග අතරින් එදා මෙදා තුර, මම මෙහි එල්ලපු දේවල් වෙනස් වුනා. මෙහි ආ ගිය අයත් වෙනස් වුනා . හැබැයි එදා ඉදන් මෙහි ආගිය පරණ ...