අල්ලපු ගෙදර අක්ක කම්පියුටරෙන් ෆිල්ම් බලනවා. එයාගේ මොන්ටිසෝරි යන පොඩි දූ මේසේ වටේ කැරකි කැරකි ඉන්නවා. අතේ මොකක්දෝ ගුලි කරගෙන..හිටී ගමන් සද්දයක් නෑ ..විනාඩියකට විතර පස්සේ අසනීප මුණක් හදං,"අම්මේ මට සනීප නෑ "අම්ම ගානක් නැතුව ''හා දූට බෙහෙත් බොන්න ඕන වෙලාද"දූ: "අම්මේ, බෙහෙත් තියෙන්නේ නිකං තියන්නද, ලෙඩක් ආවම බොන්න නේ"අම්ම: "ගුටි කන්නැතුව දෙනව ඔය පැනඩෝල් කාඩ් එක"ළඟ හිටපු මට හිනා..පස්සේ ...
සරත් මිලදීගත් අත් ට්‍රැක්ටරයේ වන්දනා ගමන අරඹා පැය කිහිපයකි, ගමන ආරම්භයේ සිටම සුරතල් පුතු පාසැලෙන් ඉගෙන ගත් නොයෙක් කවි ගායනා කල අතර දියණියද ඔහුගේ සහයට ඉදිරිපත් විය. තොර තෝංචියක් නැතුව තෙපලන බිරිඳගේ මියුරු වදන් රිය පැදවීමේ වෙහෙස නිවාලීය.සමරසිංහ මහතාගේ බිරිඳ සිටියේ තම අසුන ඉදිරියේ ඇති කුඩා තිරයේ විකාශනය වන හින්දි චිත්‍රපටියේ නළුවාගේ දුක බෙදාගනිමිනි. දියණිය ජංගම දුරකතනයෙන් අන්තර්ජාලය හරහා ලෝකය ...
මේ බලපන් මගේ අළුත් මුද්ද.නියමයිනේ. මොකද්ද බන් ඔය මැදින් කළු පාටට තියෙන කෙන්දක් වගේ එක? උඹට මතකද කාලෙකට කලින් පත්තරේ ගියා හබරණ කැලේ හිටපු මහ භයානක තනි අලියෙක් ගැන. ඌ ඒ පැත්තේ මිනිස්සු බර ගානක් මරලා තියෙනවා. හේන් වලට පැනලා මහ විනාශ කලා ඒ දවස් වල. අන්න ඒ අලියා පණපිටින් ඉන්නකොට උගේ වලිගෙන් ගලෝපු මවිල් වගයක්. මේක දාගෙන ඉන්න වෙලාවට ...
වරෙල්ලා මේ කහට ඩිංග බීලා නටාපල්ලා.සි..ර්යාවතී....... සිරියාතියේ...ම..ටත්.. ඩිංගක්...අම්මට ලුණු කැඳ ඇති.හ්ම්හ්..ඊයෙ මං.. හීනයක් දැක්කා...මෙහෙ දානයක් තිබුණා බං...අපරාදෙ මාස ගානක් කන්ඩ ඇති බං අපටමට මේං මීට වැඩිය කන්ඩ බැරිවුණා හ්ම්හ්... හැති බං...හ්ම්... හෙටනං උඩහ නෙළන්ඩ යනවා. දෙසිය පනහක් හම්බුවෙයි.අම්මේ... අම්මේ....!අනේ... අම්මේ...!!ඕනෙ දෙයක් තියෙනවනම් කියන්ඩ සිරියාවතී.මරණාධාරෙන් කරල දෙනව මහත්තයා....මොකද වුණේ?කන්ඩ බැරිවුණා....අපේ නැන්දම්මටත් ඕකනෙ. සස්ටජන් ටික බීගන්ඩ බැරිවුණා.මොනව වුණත් වාසනාවන්ත මරණයක්.එකතැන්
සඳ...ඔයා දන්නවද පැටියෝ මන් ඔයාට කොච්චර ආදරේද කියලා.....මන් මේ මුළු ලෝකෙටත් වඩා ඔයාට ආදරෙයි රත්තරන්...මන් මගේ ජීවිතේටත් වඩා ඔයාට ආදරෙයි.... ඔයාගෙන් තොර ලෝකයක් මට නැහැ.... ඔයාට මොනවා හරි උනොත් මන් මැරෙනකම් ඔයා එක්ක ඉන්නවා..... ඔයාව මගේ ඇස් දෙක වගේ ජීවිත කාලෙම බලාගන්නවා.....ඔයාගේ සතුට තමයි මගේත් එකම සතුට....... මන් අද හවසට පොඩ්ඩක් එළියට යනවා.....ඒ මොකටද.....අද අපි පොඩ්ඩක් සෙට් වෙනවා..... යාළුවෙක් ගේ ...
මේක ඇඩිඩාස් අයිති ඇඩොල්ෆ් ඩැස්ලර් මහතා තමන්ගේ සපත්තු සමාගමට නමක් හොයා ගන්න බැරිව අතරමං වෙලා ඉන්දියාවට ගිහිං නමක් හදා ගත්ත හැටි. එතුමා ගියා ඉන්දියාවේ පාපන්දු තරගයක් බලන්න. ඔන්න එක කණ්ඩායමක් ප්‍රතිවාදී ගෝලය අසලට පන්දුව පාස් කරගෙන යනවා. එතකොට එළියේ ඉන්න ප්‍රේක්ෂකයෝ මහා හඬින් කෑ ගහනවා"අඩි - ඩා" කියලා. අනිත් කණ්ඩායම පන්දුව ගෝලය අසලට ගෙනිච්චත් ඇහෙන්නේ"අඩි - ඩා" කියලා. මේ වචන ...
ආනන්ද නාලන්ද ගුටි බැට හුවමාරුව පසුදින උදයේත් රුපවාහිණි තිරයේ දිස් විය.'නංගා මේ ටිවී එක ඕෆ් කරලා දාන්න.'ජිතේන්ද්‍ර තම නැගණියට කීවේය.'මචං අරුං අපේ එවුන්ට ගහලා, ඕක නිකං අතෑරලා බෑ අපිත් දෙන්න ඕනේ රිටන් එක.'බිග් මැචයේ තුන්වන දිනය අවසානයේ ක්‍රීඩා පිටිය අහියස මාර්ගයේ මහා ගාලගෝට්ටියකි. එය වැලැක්වීමට ගිය පොලීසියටත් විශේෂ පොලිස් බලකායටද ගුටි වර්ෂාවකින් පිලිතුරු ලැබිණි. 'අම්මෝ'තඩි පොල්ලක් තම හිස මතට පතිත ...
දඩස්!සුපර්මෑන් යනවාවගේ දැනුනා මිලිතප්පර ගානකටමම ඇස් ඇරියේ නෑ, ආතල් වැඩිකමට.ඒත්එක්කම ආර්නෝල්ඩ්ගෙන් මූණට පාරක් වැදුණා වගේ දැනුනාමම නෙවෙයි ඇස් ඇරියේ, මූණ පුරා පැණි බේරෙනවා දැනුණා.පොඩි කරපු ඇස් අස්සෙන් මට චායාවල් යනවා පෙනෙන්න ගත්තා..,එකපාරටම..,මොකෙද්ද මූ.., කියලා අහනකොට...,හොරෙක්, වංචා කාරයෙක්,අර අතේ පච්චේ හැටි?මුට පිස්සු..!ටක්කෙටම මූ පොන්සියෙක්, බලන්නකෝ රෝසපාට සර්ට් එකේ හැටිමුට පිස්සු..!අක්කේ මූ කුඩ්ඩෙක් "පේන්නැද්ද තොල්"හ්ම්ම් කලුයි නේ..?මුට පිස්සු..!මෙයා වැටුනේ පාර මාරුවෙන්න ගිහිල්ලාලුතමුසෙට ...
මචන් මට මේක මාර ආතල්.ඔය මොකද්ද? ඔය වගේ දේවල් වලට ආතල් ගන්න උඹට ලැජ්ජ නැද්ද? ඕකෙන් නෙමෙයි මේකෙන් ආතල් ගනින්.ඕවායින් මට ආතල් නැහැ, මට ආතල් මේකෙන්.එහෙම කොහොමද උඹ, උඹට ඕනේ ඕනේ දේවල් වලින් ආතල් ගන්නේ.ඉතින් මන් ආතල් ගන්න ඕනේ, මට ආතල් දේවල් වලින් නේ.එහෙම බැහැ. උඹ ඔය වගේ දේවල් වලින් ආතල් ගන්නවා දැක්කම මට ආතල් නැති වෙනවා.ඉතින් හරි, උඹ නෙමෙයි ...
'මොකක්ද බං ඒ සද්දේ? කවුදෝ කෙඳිරි ගානව වගේ, ගෑණු කටහඬක්!'අවාරේ සිරි පා වඳින්න, කුරුවිට පාරෙන් යන නඩයකට කැලෑව තුළ තිබුණු පුංචි පන්සලකින් මේ ශබ්දය ඇසුණි. ඉන් එකෙක් පන්සලේ කාමරය තුළට එබිකම් කර බැලුවේය. ඒ දුටු දෙයින් ඔහුගේ ගතත් සිතත් සලිත විණි.'ගමේ පන්සලෙත් මෙහෙමත් හාමදුරුවරු, මදැයි වන්දනා ගමනක් ඇවිල්ලා දැක ගත්ත දේ'තවමත් මැදි වයසේ සිටි ඔහුගේ ගතින් දහඩිය රූරා වැටුණි. අඳනකඩය ...
වල්ඩ් කප් පැරදුනා නේ, ඉසෙඩ් අකුරකුත් හිර උනේ, අර මේජර් කෙනෙකුත් ගුටිකෑවේ, සෝනු නිගමුයි ජෝන් සිකාඩයි ඉස්ටැන් කෙලීත් ආවේ, ඇයි සුමන ගෝමස් අක්කත් මෙහෙ ආවේ, විභාගේ ප්‍රශ්නත් පිට උනේ, ඒ අස්සෙනේ ෆෝන් වලට මයිටාවොත් ආවේ, ඇයි පාට පාට වැහි හිටන් වැස්සනෙ, කොහොම හරි ලෝක විනාසේත් ආවනේ, නයෙක් උසාවිත් ගියේ, දක්ෂිණ අධිවේගේ කැන්ටිමකුත් ඇරියනේ, චන්ද්‍රිකාත් උඩ ගියේ, පාර්ලිමේන්තුවේ මෙනු එකත් වෙනස් ...
රක්ත වර්ණයෙන් පිරුණු දෙකොපුල්, සතුටින් ඉපිලීගිය මුව කමල .මනාව දිගටිව තබා වර්ණ ගල්වා තිබූ නියපොතු, පුලුන් රොදක් තරම් සිනිඳු ඒ අත් අහා කෙතරම් සුන්දරද ඇය.සුදුමැලි වූ ශෝකී මුහුණ .අවපැහැගැන් වී කොටටම කපා තිබූ නියපොතු, ඉලිප්පුනු නහරවලින් යුත් ඒ ගොරෝසු අත්.අත් ඒ අත්මම එක එල්ලේ ඇගේ අත් දිහා බලා සිටියෙමි. වසර පහළොවකට පෙර ඇයගේ තරම් සියුමැලි අතක් මම කවරදාකවත් නොදැක තිබුනෙමි. ...
පාසල නිමවි මරදාන ඉස්ටේසමට එක් රොක් වෙන දඟකාර යුවතියන් ගෙනුත් කොලුගැටයන් ගෙනුත් මුලු ස්ටේසමම පිරී ගොසිනි. තැන් තැන් වල ආදරය කරනා පුංචි කොලු, කෙලි පැටික්කියන්ය. තවත් තැනෙක විහිලු තහලු කරගන්නා තරුණියන් රොත්තකි. තවත් තැනෙක ගැහැණු ළමයින්ට බැලම හෙලනා කොලුගැටයන්ය.'පස්වන වේදිකාවට දැන් පැමිනෙණ දුම්රිය කලුතර බලා පිටත් වේ. එය කලුතර දක්වා ඇති සෑම දුම්රිය ස්ථානයකම නවත්වනවා ඇත.'යකඩ කටින් කියවුනු ඒ හඬ ...
කම්මුල් දෙපස රත්පැහැවී ඇති බවට නලල මත හීනියට මතුවුනු දාඩිය බිඳු කියා පෑවේය! එකවර බොහෝ දෙනෙකුගේ අවදානයට ලක්වීම කෙතරම් නුහුරු හැඟිමක්දැයි දැන් මා දනිමි! එහෙත් ජීවිතයට ගතයුතු කොලුම තීරණය හමුවේ මෙලස මහ පොලොවට දෙනෙත් යොමා සිටීමෙන් අවාසිය මා හටම බව මා දනිමි! මම හොරැහින් ඔහු දෙස බැලීමි, අරුමයකි! ඔහුගේ හොරය මට හසුවිය, කෙලින් නොබලන ඔහු දුරකතන කැමරාවේ මාගේ සිරි විඳියි! ...
ඔය මහත්තුරු නෝනල බ්ලොග් ලිවුවට හිට් නෑ නේද? හිට් ගන්නෙ කොහොමද කියල දහාතේ කල්පනා කරනව නේද? හිට් ගන්න ඉතිං අනිත් බ්ලොග්වල කමෙන්ට් කරන්න එපැයි. ඒත් ඔය ලියන ඒව කාටද කියව කියව ඉන්න පුළුවන්?මේ මෘදුකාංගෙ තමුන්නැහැලට ඕන තරං හිට් අරං දෙයි. මේකෙ තියෙනවා ෆීඩ් රීඩර් එකක්. ඒකට ඔයාට කමෙන්ට් දාන්න ඕන බ්ලොග් ඔක්කොම එකතු කරන්න. ඊට පස්සෙ පහල තියෙන කමෙන්ට් එක ...
පසුගිය දවසක කාර්යාලයේදී ඇසුණු දෙබස් කීපයකි. අන්න ඉන්ටනෙට් එකේ දාල තියෙනවා. ඔයාල බැළුවෙ නැද්ද? ඊයෙ ටීවි එකෙත් පෙන්නලා. අපි අනිත් චැනල් එකනෙ බැලුවෙ. ඒ ඔරිජිනල් එක නෙවෙයිලු. වෙන එක්කෙනෙක්ගෙ එකක්ලු. බලන්න පුළුවන්ද? ලේ විසිවෙනවද? එහෙනං මට බෑ අනේ... අපෝ එහෙම අවුලක් නෑ. චූටියට පේන්නේ. බෙල්ල දං ගෙඩියක තියලද ගහන්නේ? රජ කාලෙ වගේ... නිකංම දණ ගස්සල තමයි ගහන්නේ. හරියට පේන්නෙ නෑ ...
කවුද මේ උදේ පාන්දරම වද දෙන්නෙ, තාම එලාම් එක වැදුනෙත් නෑ,මට ඔයාව පොඩ්ඩක් මීට් වෙන්න පුලුවන්ද? ඒ ඇයගෙන්ය,ඇය කතා කලේ සෑහෙන කාලෙකින්ය,එහෙත් මට වචන නොගැලපෙන සෙයකි,මම දැක්ක ඔයාව, ඔය වෙනස් වෙලා, කෙට්ටු වෙලා,මම නෑ.... ඔව් ටිකක්.....ඔයා මැරි කරන්නෙ නැද්ද?එය කිණිසි පහරකි.. එත් ගලයාමට තරම් තවත් රුධිරය මා සතුව නොතිබිණි,ඇයට මෙතරම් නපුරු වීමට පුලුවන්ද?ඔයා තරහද?නෑමම දෙයක් කියන්න එන්න කිව්වෙ,ආව..ඉතින් කියන්න අහගෙන ...
ඔය නඩුකාර නෝන ඉන්නවනේ. උන්දැ වැඩේ අතෑරියෙම නෑ. ලොක්කයි සොක්කොයි එක්ක කොක්කටමයි උන්නෙ.අන්තිමේදි සමස්ත ලංකා කාන්තා එකමුතුව සංවිධානයේ නෝනල නඩුකාර නෝන වෙනුවෙං පාරට බැස්ස. එතන ගිණි විජ්ජුම්බරයක් වුණේ. ඇයි උන්දලට පොලුවලිං ගහන්ටයැ.අන්තිමේදි දොදොල් මූණක් තියෙන ඇමතියෙක් යෝජනාවක් ගෙනාව කාන්තාවො තහනං කොරන්ට ඕන කියලා. ලෝකෙ තියෙන හැම ප්‍රස්ණෙටම මුල කාන්තාවොය කියල ඔප්පු කොරන්ට ආණ්ඩුවට මහ ලොකු කාලයක් ඕන උණේ නෑ.අන්තිමේදි කාන්තා ...
ලොවක් අවදි කරනැගෙන හිරුමඬල ඔබඅඳුරු අහසටඅරුණළු රැගෙන එනරන් රැස් දහරින් තුරු මුදුන් සිප සනසනනැවුම් මල් කැකුළුපුබුදුවා නළවන එකතු කර වැහි බිඳුපාට දේදුනු අඳිනසැඳෑ වළාකුළුරනින් සිත්තම් කරන ඔබේ කාන්තියෙන් නැහැවෙන පුංචිම තරුව මම රෑ අහසෙ කොනක හිඳ දීප්තිය විහිදුවනවියළි මහ පොළොවටඇද වැටෙන වැස්ස ඔබමලානික ගහ කොලහුස්ම පිඹ නැගිටුවනපිපාසිත තණ පත් අගපිණි බිංදු රඳවනඉරි තැලුණු මිහිකතසනහා ගිම් නිවනඇල දොල වැව් පොකුණුසුනිල් දියෙන් ...
"මහත්තයෝ සුද්ද හැදුවා ෂූස්. අනිත් සුද්දොත් ෂූස් හැදුවද නෑ. ලේසියෙන් ගලවන්න ඕන නිසෑ තව සුද්දෙක් හැදුවා ලෙස්. සපත්තු දැම්මම කිසිම සැප පහසුවක් නෑ. තව සුද්දෙක් හැදුව සොක්ස්. විකුනන්න කඩේට ගේනකොට මේවා එක එක සයිස් ඒවා මල්ලක දාගෙන එනවා. ඕක ගැන කල්පනා කරලා තව සුද්දෙක් හැදුව කේස්.තව එකෙක් ටිකක් කල්පනා කර කර ඉඳලා ඊළඟට හැදුවා පොලිෂ්. පොලිෂ් ගාන්න ගියාම හත්පලේ ගෑවෙනවා. ...