රංචු ගැසීම සහ ගැස්සවීම "රංචු ගැසීම" යනු ඇතැම් සතුන් තුල දැකිය හැකි ලක්ෂණයක්. ආරක්ෂාව පිණිසත් තම ශක්තිය වැඩිකර ගැනීමටත් රංචු ගැසීම ස්වභාවික තත්වයක් වන අතර නව යොවුන් වයසේදී මෙයට වැඩි නැබුරුවක් තියෙනවා. ස්වභාවික කණ්ඩායම් හැගීම සහ සමගිය කියන්නේ සමාජයේ යහ පැවැත්මට අවශ්‍ය ධනාත්මක දෙයක්.නමුත් මෙම ස්වභාවික මනෝභාවයට එහා ගිය රංචු ගැස්සවිම උපායශීලි ක්‍රියාවලියකුත් සමාජය තුල පවතිනවා. ඇතැම් පුද්ගලික ආයතන ශ්‍රමය සූරා කමට පහසුවක් ලෙසත්, ...

කුඩා කාලේදී දක්ෂ ළමයන්ට බොරු කියන්න පුරුදු කරන්නේ බොහෝ විට බෞද්ධ දහම් පාසල්. මේ වයේ තියෙනවා විවාද තරග කියල ජාතියක්. කණ්ඩායම් දෙකක් තරගෙට එනවා. විනිශ්ය මණ්ඩලය මාතෘකා වක් දෙනවා. උදාහරණයක් ගත්තොත් "පන්සිල් රැකීම ලෞකික දියුණුවට හේතු වේ" වගේ මාතෘකා. කුසපත් ඇදලා යෝජක පිල සහ ප්‍රතියෝජක පිල තෝරාගන්නවා. දෙන මාතෘකා අනුව බොහෝ විට එක මතයක් හරි අනික වැරදියි. දැන් අර වැරදි ...

විශ්වය තුල සිදුවන්නේ චක්‍රීය ක්‍රියාවලින්. දවල් රෑ ඇතිවීම වගේම දෙයක් තමයි පෘතුවිය සූර්ය වටේ රවුමක් කැරකෙන්න වසරක් (ආසන්නව දින 365) ගතවෙනවා කියන එක. චක්‍රීය දෙයක ඕනෑම තැනක් මුල විදියට ගත්තට වරදක් නැහැ මොකද අපි මැවුම්වාදය පිලි නොගන්න හන්ද. නව අවුරුද්ද විදියට වසරේ මොන දිනය ගත්තත් අපි එක ආරෝවක් කරගන්න ඕන නැහැනේ. නමුත් සාමූහිකව හැමෝම එක දිනක් සම්මත කරගන්න එකෙන් යම් ...

Web 2.0 තොරතුරු යුගයේ අභියෝග සහ අවස්තා මීට වසර කිහිපයකට පෙර රට තුල ප්‍රධාන වසයෙන් ජනමාධ්‍ය සන්නිවේදනය සිදු වුනේ පුවත් පත්, ගුවන් විදුලිය සහ රූපවාහිනිය වගේ එක දිශාවකට (SIMPLEX) සිදුවන තොරතුරු සන්නිවේදනය මාධ්‍ය භාවිතයෙන්. මීට අමතරව රැස්වීම, ජනහමු ආදියත් මෙයට යම් පමණකට ඇතුලත් උනා. මේ හැම මාධ්‍යකම සන්නිවෙදකයාට අධිකාරිමය බලය තිබුන අතර ප්‍රතිග්‍රාහකයාට රගපාන්න තිබුනෙ නිෂ්ක්‍රිය චරිතයක්.මෙය විදම් අධික සහ වැඩි සම්පත් ප්‍රමාණයක් අවශ්‍ය ජන සන්නිවේදන යාන්ත්‍රණයක්. ...

අප්‍රේල් මෝඩයන් කව්ද? අප්‍රේල් 1 වෙනිදා ලොකුම මෝඩයන් වන්නේ ජන මාධ්‍යවල මුලාවට හසු වී විහිලුවට යයි බොරු කියමින් අකුසල් රැස් කරගන්නා අය මිස අනුන්ගේ බොරු වලට රැවටෙන්නන් නොවේ. බටහිරයන් බිහි කල අලෙවිකරණය මත රැදුණු නූතන ධනවාදී ක්‍රමය තුල බොරුකීම ක්‍රීඩාවක් වගේ විනෝද ජනක දෙයක් ලෙස උලුප්පා පෙන්නුවේ නැත්නම් ඔවුන්ගේ මුළු ආර්ථික ක්‍රමයම බිද වැටෙනවා. අනි ත් අතට ඔවුන්ට තමන්ගේ ජීවනෝපායන් තුල කරන බොරුව ...

ගොයම් කොලයට මුවාවී වෙඩි තැබීමේ නඩු තීන්දුව- නැවත කියවීම ලංකාවේ අධිකරණයකදී මිනි මැරුම් නඩුවක විභාගයකදී සිද්දිය ඇසින් දුටු සාක්ෂි කරුවෙක් "සැකකරු ගොයම් කොලයට මුවා වී වෙඩි තබනවා මම දුටුවා ස්වාමිනි" කියා පවසනවා. මිනී මරුව වෙනුවෙන් පෙනී සිටි කුප්‍රසිද්ද නිතිඥයා ඊලගනඩු වාරයට "ගොයම් (වී) කොලයක්" රැගෙන ඇවිත් එය පෙන්වා, මේ වගේ ගොයම් කොලයකට මුවා වී වෙඩි තැබීමක් කරන්නේ කෙසේ දැයි අමූලික විතර්කයක් ගෙනෙන අතර එය පිලි ගන්නා නඩු කාරය චූදිතයා ...

කේන්දරය සහ සක්කාය දිට්ටිය ලෝකයේ බොහෝ මිනිසුන් සිතා සිටින්නේ සියලු ග්‍රහ වස්තු පෘතුවිය වටේ යනවා කියා හෝ එය අවට ඇති ග්‍රාහක සූර්යයා වටේ යනවා කියා නොව, ලෝකයේ ඇති සියල්ල තමන් ""කේන්ද්‍ර"" කොට සිදුවනවා යයි කියායි. බුදු දහමේ සක්කාය දිට්ටිය යයි සදහන් වෙන්නේ මෙම ""මමත්ව"" යයි. බමුණු දහමේ සදහන් පරිදි ග්‍රහලෝක වල පිහිටීමට අනුව තමන්ට ""කේන්දර"" හදාගෙන තමන් ගේ ජීවිතයේ ඉරණම ග්‍රහ වස්තුන්ගේ පිහිටෙන් හොයන්නට ...

#1 රටක පොදු ජනතාවට දේශපාලනය කල හැකි ක්‍රම දෙකකි. පළමු ක්‍රමය නම් චන්දය දින ඉතාමත් නිවැරදිව දේශපාලනය කර ඊලග චන්දය තෙක් සැහැල්ලුවෙන් අනෙකුත් කාර්යන්හි නියැලීමයි. දෙවැනි ක්‍රමය නම් මැතිවරණ දිනයේ පළමු දෙය වරද්දාගෙන ඊලග චන්දය තෙක් තමන් පත් කර යැවු නියෝජිතයන්ට රට කරවන හැටි ඉගැන්වීමයි. ශ්‍රී ලාංකිකයන් බහුතරය අයත් දෙවැනි කොටසටයි. #2 මේ රටේ දේශපාලනයේ ඇති ජරාජීර්ණ දූෂණයට සහ මැර ...

නූතන වැදි (ආදී වාසි) පරපුරේ නැගිටීම යුරෝපයේ සුද්දන් සතුන් දඩයම් කරගෙන මස් පුච්චන් කමින් මිලේච්චයන් ලෙස වල් වැදී සිටියදී, අපේ මේ හෙළ භූමිය අනුරාධපුර යුගයේ සිට ම තුල බුදු දහමෙන් අධ්යත්මිකවත්, වාරි කෘෂි කර්මාන්තයෙන් සංස්කෘතිකව සහ ආර්ථිකව දියුණු රටක් ලෙස වැඩුන බවට ඉතිහාසය පැහැදිලි සාක්ෂි දරනවා.අපේ රටේ පුර වැසියන් විසින් බිහි කල එම මහා සංස්කෘතියට නොයෙක් හේතු මත අවශෝෂණය නොවී වෙන්ව වල් වැදී ජීවත්වුණ ජන කොට්ටාශ ...

මේ සසර තුල අපි සැවොම කවදා හෝ මාර පරාජය කල යුතුය. එතෙක් අනේක විද දුක් විදිමින් සසරේ මන් මුලාව ඇවිදීමට සිදු වේ. බුදු රජාණන් වහන්සේ එය තනිවම ජයග්‍රහණය කර, අප කෙරෙහි කරුණාවෙන් මාර්ගය පෙන්වන ලදී. සටන ඇත්තේ අවිද්‍යාව නමැති අභ්‍යන්තර සතුරා සමගමය. සියලු සටන් අතර මෙය අපගේ ප්‍රමුඛ සංග්‍රාමයයි. ශිල, සමාධි සහ ප්‍රඥාව ඒ සදහා ඇති ආයුධයි. ...

පරම සුන්දර සතුට නූතන මිනිසා අනවරත තරගයක යෙදෙන්නේ සතුට සොයමින් නොවේද? ඒ සදහා ඔවුන් නොකරන කැපකිරීමක් නැති තරම් ය. රටවල් හෝ ප්‍රදේශ නොයෙක් උපක්‍රම යොදාගෙන ආක්‍රමණ කරමින් ඍජු සහ වක්‍ර ක්‍රියා මාර්ග වලින් මිනිසුන් මරන්නේ, බොරුවෙන් රවටන්නේ මෙම වැඩි වැඩියෙන් සතුට සොයන මිනිසුන්, ජනවර්ග සහ රටවල් නොවේද? මේ සියලු දේ අවසානයේ ඔවුන් සැබවින්ම සතුට ලබනවාද නැතිනම් වඩ වඩාත් අසහනයෙන් සිටිනවාද යන්න සමාජය දෙස ...

දියසේන - මහගම සේකර ඒ කාලෙ මම හිතුවා දෙදහස් පන්සීයෙදි ඇවිදිල්ලා රට හදන්න පස්සෙ මටම හිතුනා ඔක්කොටම ඉස්සෙල්ලා මම හැදෙනව එහෙම හිතල වැලි දැම්මා හාල් වලට මිරිස් වලට වතුර ගැහුවා කිරුවා බොරු පඩියෙං ගින්දර අරන් ගියා වතුර යටිං ගත්තා කුරුණෑගල පොල් ඉඩමක් බැන්දා කසාදයක් ගෝරිමන්ද සිටාණන්ගෙ වැඩිමල් දූ තමුසෙලටත් දියුණු වෙන්න ඕනෑ නං ලක්ෂයක් වුනත් මම දෙන්නං හැබැයි ගොයියො නිකන් නොවෙයි ශයිලොක්ටත් දුන්නේ ...

අනේ බොල කූඹින්නේ... තොපටත් රජෙක් ඇත්තේ... අපටත් රජෙක් ඇත්තේ..... තොපේ දුක තොප රජුට පෙනෙන්නේ... අපේ දුක අප රජු නොම දන්නේ... දුකපත් අය හට දුක වැඩි වන්නේ... සැමවිට දුදනන් මෙහි රජයන්නේ....කට මැත දොඩවන අති පඩි ඇමතින්.. මත් කුඩු විකුණන ඔල මොල නිවටුන්.. කප්පම් ගන්නා මහ තුප්පහියන්... රජු වට කරගෙන නටයි නාඩගන්... - උපුටා ගැනිමකි http://www.sinhalaya.com/nimnaya/index.php?topic=9909.5%3Bwap2 ...

ඉංග්‍රීසියේ වහලුන් සහ විකටයන් අපේ රටේ ඇතැමුන් කෘතිමව කට පුංචි කර ඉංගිරිසි සහ ඇතැම්විට සිංහලත් සුද්දගේ උච්චාරණයට (accent) මෙරටදී කතා කිරීමට දරන ජුගුබ්සාජනක උත්සාහය අනුකාරකවාදී මානසික වහලකු හදුනාගැනීමට හැකි පහසුම ක්‍රමයයි. හිම වැටෙන අධික සහිත පරිසරයේ පරිනාමනය වූ සුද්දන් අනවශ්‍ය ලෙස කට නොඇරිමට හේතුව අධික ශීතල වාතය පෙනහළුවලට ඇතුල්වීමෙන් බේරීමයි. එම කටුක ශීතල පරිසරයට එය ස්වභාවික හැසිරීමක් සහ එයින් මතුවන ස්වභාවික උච්චාරණයකි.නමුත් ඝර්ම කලාපීය ...

හම්බන්තොට ලක ලැහැස්ති කරන පොදුරාජ්‍ය මණ්ඩලිය සමුළුව කා සදහාද? සුද්දන් රටවල් ආක්‍රමණය කර ස්වදේශික කාන්තාවන් දූෂණය කල බවද තවත් දේශීය කොටස් නොයෙක් වරදාන අපේක්ෂාවෙන් තම අබුවන්ව පවා සුද්දන් සමග සයන ගත කිරීමට යැවු බවත් ඉතිහාසය සනිටුහන් කර ඇත. නිවටකමත් පරගැති බවත් ඔවුන් ගේ පරම්පරාවල ජානගතවී ඇත. පොදුරාජ්‍ය මණ්ඩයේ අරමුණ කලින් යටත් වී සිටි රටවලට වාර්ෂිකව එය මතක් කරවා දීමත්, පැරණි හාම්පුතා වන බ්‍රිතාන්‍ය එය යටත් වැසියන්ගේම රටවලට ගොස් සැමරිමත්ය. ...

දෘෂ්ටිගත නොවෙමු (කෙටි සටහන) ඔයාල කවුරුත් කැමතිද මාක්ස්වාදී පක්ෂයක සාමාජිකයෙක් එක්ක කතා කරන්න? නැතිනම් අන්තවාද්දීව සමහර ආගම් හෝ දෘෂ්ටි අදහන චරිත වලට? එවැනි පුද්ගලයන්ගේ හැසිරීම් හරිම ජුගුබ්සාජනකයි සහ විකාර රූපී නේද? මෙවැනි උදවිය දිවි හිමියෙන් පෙනී සිටින්නේ සත්‍ය වෙනුවෙන් නෙමෙයි තමන් අදහන දෘෂ්ටිය වෙනුවෙන්. නමුත් ඒ අය හිතන්නේ ඒ ගොල්ල තමයි නිවැරදි සහ අනිත් අය මෝඩයෝ කියල.ඉතින් මේගොල්ලන්ට ඇයි මෙහෙම උනේ. දෘෂ්ටිවාදීව යම් මතයක් ...

ජන මතය සහ "ගරිල්ලා මාර්කටින්" ග්‍රෙගරි මහ අධිකාරම්: "ඔය මහජන මතය කියන එක තියෙනවා නේද? ඒක හරියට පරණ බංගලාවක තිබුණාය කියන අවතාරයක් වගේ, කවුරුත් ඕක දැකපු කෙනෙක් නැහැ. හැබැයි හැමෝම ඕකට බයයි. මම නම් දැන් ඕකට බය නැහැ. දැන් ඔය මහජන මතය කියන අවතාර හදන්න advertising firm වලටත් පුළුවන්." "ප්‍රශ්නයක් අහන්නද?" "අපි ගෙවන මුදලට වඩා වැඩි මුදලක් තිසර අපිට ගෙවන බව පෙනෙනවා."තිසර:"සර් මම කැමති රාජ්‍ය ...

නායකත්වය, හීනමානය සහ ජනතාව (කෙටි සටහන) ජේ. ආර්. ට එදා නායකත්වය දීමට වැඩි උවමනාවක් තිබුනේ ගාමිණීට හෝ ලලිත්ටය. නමුත් ජනතාව ඉල්ලුවේ ප්‍රේමදාස මහතාවයි. චන්දය දිනුවද තම හීන මානය නිසා ලලිත් ඇතුලත් මුදලි මහතාට බිය වූ ප්‍රේමදාස ඔහුගේ තටු කපන්න සිතා වඩා දුබල ඇමතිකමක් දුන්නේය. නමුත් ඔහුව අවසානයේ ඝාතනය නොකලේ නම් බොහෝ විට ජනපතිවීමට තරම් ජවයකින් ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ ගොඩනැගුවේය. ජනතාව ඔහුපසු පස කදවුරු බැද ගත්තේය. ...

ජ.වි.ප ය සහ බ්‍රිතාන්‍ය නව යටත්විජිත වාදයේ කදෝපැණි සහජීවනය  (කෙටි සටහන) මතුපිටින් බලන පැගිරන්ට පෙනෙන්නේ මාක්ස්වාදී ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් දිවි හිමියෙන් සටන් කරන බවයි. නමුත් යතාර්තයනම් ජ.වී.ප ය විසින් බ්‍රිතාන්‍යයේ සහ ඔස්ට්‍රලියාවේ අධ්‍යාපන කර්මාන්තය මත පදනම්වූ ආර්ථිකයට රාජකීය සේවයක් සිදු කරන බවයි. London A/L / EdExcell සහ අනෙකුත් බ්‍රිතාන්‍ය/ඔස්ට්‍රේලියානු පුද්ගලික උපාධි පාටමාල සහ වෙනත් වුර්තිය පාටමාලා වෙනුවෙන් මේ රටෙන් පිටතට පොම්ප කරන හැම පවුමක්/ඩොලරයක් වෙනුවෙන්ම දහදිය ...

I am Gossip . . . My name is Gossip.I have no respect for justice.I maim without killing. I break hearts and ruin lives.I am cunning, malicious and gather strength with age.The more I am quoted, the more I am believed.I flourish at every level of society.My victims are helpless.They cannot protect themselves against me because I have no name and no face.To track me down ...

Previous Page