නිදි නැති නිර්මල ඇසක අගිස්සක කඳුළක හිස රිදෙන විට මහ රෑ තරු එළියකට බර වෙමි ඇසග දිළිහෙන සඳ දිය සොඳුරු අඳුරෙහි සඟවමි යොර්දානයෙහි ගැඹරට අකුරක් දමා ගසනෙමි නැඟෙන දහසක් රැළි මත දහසක් අකුරු විසුරමි ගලීලෙට යන මංසල කුරුස කණුවක් ඉන්දමි ඉතින් කොයි අත යන්නද කිසිත් නො කිය ම ඉන්නෙමි ලිහී විසුරුණ කොන්තය අත්ලෙහි රුවා ගන්නෙමි අත්තටු ලැබුණ ඔරසම අහසට මුදාලන්නෙමි. පින්න විතරක් දොඩමළු ගොල්ගොතාවට ළංවෙමි ...

බ්ලුබෙල් ටිම් ගෞඩියොන්ගේ සිත්තමක් සංසාර පළසකි ය ගිම්හානයේ පත‍්‍ර අඹරාව. ඔබට අමතකව ගිය සිළිටි සුලැඟිලි ලකුණ මුණ ගැසිණ ස්වර්ගයේ දොර ගාව. ලැවැන්දර නිල ය ඔය ඇස් පුරා සැවැන්දර පුසුඹ කවි පොත් අරා කතන්දර කියනවද සත්සරා? සජ්ජායනා නැඟුණ ස්වර මුළුව මකරන්ද විජිතයේ මුව ගොළුව ඇස් කෙවෙනි අගිසි බිඳගෙන ගැළුව. දෙසැම්බර තිමිර සළු ලිහන විට මුකූටයෙ නිදි බිඳෙන ‘සීතලද’ අසන උණුසුම් හඬක යළි ...

කොළරාව සහ පේ‍්‍රමය                                                                      ෆර්මිනා, කල්පයක් ඇස මිදුණ හිම බිඳුව මග්දලේනා ගඟට මුහුවුණා. ඉරී ගිළිහුණ පිටක ඔබ ලියූ කවි පදය නෙත් කෙවෙණි අගිස්සෙන් පීදුණා.   මලට සළුපිළි සිළිටි පෙති බව දන්නවා සොඳුරු අබරණ රෙහෙණු බව පිළිගන්නවා දෙබර විස දළ හිතක නිරුවත පෙන්නුවා.   සසඟ වියරුයි සසර දිගු කරණා නිසඟ හැඟුමකි ආදරය කියනා.   දයිරියාවත් හරිම අගෙයි ඔක්කාරෙ කුස සරැලි නැඟෙයි කාලත‍්‍රය මෙතැන ...

ඇගේ ත්‍රිකෝණමිතිය පාඩම?   පිපිරුණ සබන් බෝලයකින් බිම වැටුණු කවියක වියරණ දොස් තිබුණු බව ඇය ලියා එවා තිබුණා. හොර නිධන් හාරන්නකු මෙන් හිත් පතුළ පාරා මතුකරගත් අවසාන හැඟුමත් හැඟුම්බරවුණු මොහොතක වියරණ දෝස. ඇයටත් හිතෙන දේවල්. “බෝල අතකුරු වුණත් කැලැත්තෙන විට අවකාශයේ ඇද වෙන්න පුළුවනි.” “පේ‍්‍රම කවියක් වුණත් රිදුම්දෙන විට සන්තානයේ ඇති වෙන්න පුළුවනි.” “මිරිඟුව” නො පවතින දෙයක් නම් ඒ වචනය මොකටදැ?” යි ...

ඒ මුවහතේ අයිතිය සව්දිය නො පුරනාසව්සිරි රැඳුණු දෙරණාසව්සත සනහනාසවුදියෙ සොඳුරු වරුණා කැණිමඬල හෙල්ලීපොල් අතු ඉගිල්ලීමූකලන් සල්ලීසොයා ඉගිළුණ මුතු කිරිල්ලී මුත්තූර් මිණි මුතුවූවා පමණි දැනමුතුතෙමා ගත්තී නෙතුපොහොණි කරනට මතු ජීවිතේ පිරිපතවිදා අත්හළ හදවතබලන් දෙවිඳුනි කැටපතකා අතද ඒ මුවහත හැඟුම් හරි පරණ යකිරි බිඳු පවා උරණ යඉදින් අසිපත සරණ යඅත්වැරැද්දකි සොඳුරු මරණය ...

ඉපැරණිම සිතිවිලි අලුත් හුස්මක් අරගෙන ඉපැරණි හිතට පිවිසෙයි අකුරු එහෙ මෙහෙ විසිකර තැන් තැන් වලින් ඇහිලූ නන්නත්තාර දුකඳුළු සන්සුන් ඇසක තනිකර නින්දෙන් සිනාසෙන්නෙමි. ඉසියුම් හැඟුම් විරහිත තනිකං දොසින් ආතුර මැදියම් දිවිය පැමිණුනි මැදියම් රැයට පළමුව හැර දමා දොරගුළු සිඳ බිඳ දමන්නට එකදු වළඳක් නැති පාළු ගෙදරකි දිවියම ඉකුත් සිසිරයෙ හමුවුණු රුහිරු මේපල් තුරු පත සමාදානයෙ සැතපෙන දෙණකි සිහිලැති හදවත හිම පියලි ...

වස්සානයේ හැන්දෑවක  විලෝ ගසක් යට තෙමෙමින්   විලෝ ගසකට හැකිනම් වැළපෙන්න ඔබට ඇයි බැරි? විලාපයකට හැකි නම් සැනසෙන්න ඔබට ඇයි බැරි? කදෝකිමියෙකු ඉගිලෙයි ඔබේ මැදුරේ දුගී කවියකු මියයයි මගේ පැදුරේ අනාගතයට නමක් දුටුවා කවියක මගේ උණ්ඩය මටම මානන අවියක විලෝ ගසකට හැකිනම් වැළපෙන්න ඔබට බැරි ඇයි? විළෝපියකුට හැකි නම් හිනැහෙන්න ඔබට බැරි ඇයි? බය නැතුව අරගන්න තීන්ත කැටිගැහුණ මේ පෑන ඔය අතට දැනෙනවද ඉන් තවම ගලන් ...

මධු බැරල් අපිට තියා – අපෙ ඩොනල් මාම ගියා.  එන්න, මේ කම්පනය විඳගන්න . The Banjo Lesson by Henry Ossawa Tanner අකුරු නම් බොහෝ තිබේ. ඒ අකුරු මුද්‍රිත වී නන්විධ ලෙස පෙළගැසී සිටිනු දුටිමි. ඒත් ලක්ෂයක් අකුරු අතර අප කම්පනය කරන අකුරු ඇත්තේ කීයෙන් කීයද? එවන් අකුරු පෙළක් දුටුමතින් කිසිවක් සටහන් කළ යුතු යැයි සිතමි. පසුගිය රාවයක පළ වී තිබුණු මංජුල වෙඩිවර්ධනගේ කවියක් මේ පූර්විකාවේ නිමිත්තයි. “මධුවිත තනිකර නික්මගිය නාගරික ජනකවියෙකු වූ ඩොනා හෙවත් ...

ආදරණීය අල්බෙයාතා 'Sorrow - A Wild Rose'By- Helen Mary Elizabeth Allingham, R.W.S. ජීවිතය ලුහුබඳින මැදියම මැදිකරන් නිදිවරන සිහිනෙට ඇදහැලෙන සඳ නයගරා ශුද්ධවර එළියාස් ගිරි කුළු මුකූටය මත රැවුල අතුරන දිවැසිවරයෙකි සඳසරා ශුද්ධවර ක්ලෙයරා නදී දිය ඉකිබිඳින විට හදවතේ නීල දිය පාලම ඉහත්තෙන් පියහඹා යමි හිතුමතේ විසල් මේපල් තුරු කිනිත්තක සිසිරයට අමතක වෙලා රැඳුණ පඬුවන් පතෙක සුසුමට නිහඬ පවන ද කැළඹිලා වහල් ගඟ ...

තිරුකෝණමලෛ සඳ http://vikalpa.org/ සදුර්ෂන් රාජන්ගෙ පොඩි කොල්ලා හැමදාම හවසට දෑසින් අහස අල්ලා හඳට අඬගහනවා අත් පොඩි හොල්ල හොල්ලා .. නිලා නිලා ඕඩි වා නිල්ලාමල් ඕඩි වා මලෛ මීදු ඒරි වා මල්ලි හෛපූ කොන්ඩු වා .. ඔන්න එතකොට කෝනේෂ්වරන් දෙවොල මුදුනට අත තියාගෙන සඳ නැගී එනවා තිරුකෝණමලෛ අහසට දුරුතු සීතල දවසක රැයට සඳ අමතකව අහසේ දමා ගොස් තිබුණා හිරු කබ කඩන මොහොතේ පිච්ච ...

එදා ඒ මළ ගෙදර කැරකොප්පුවක් සේ පාළු ය, නිදි වැරූ සුසුමකට රැගෙන ආ අවසාන කිරි කහට උගුරත්, ඇල් ව තිබිණ. පමා වී පණ බේරා ගත් කුහුඹුවකු ජීවිතය ඉල්ලා හූල්ලමින් සිටියේ ය. මම ඇල් වතුර තණ බිස්ස මත විසි කොට හිස් වීදුරුව හිස් අසුනක රඳවා වලාකුළු දෙස නො බලා බිම බලා ගතිමි. තණ පත‍්‍ර අග්ගිසි මත නිදි කිරා වැටෙමින් සිටියේ ...

එන්න ටියුලිප් හෙවනට by Julian Merrow-Smith. එන්න මෙතනට ටියුලිප් මලේ හෙවනට. මෙන්න ඒ ලියමන කිසිකෙනෙක් එන්නැති බව දන්වා එවන ලද. නමින් අකුරක් ගිළිහුණ වෙනත් මිනිසෙකි. ඔහු අත තිබෙන කවිය ද වෙනත් කවියකි. ‘’පළාතක නෑ බල්ලෙක් ඒ වුණත් මං උයන් පල්ලෙක්’’ තනියෙන් කතා කර කර තනියෙන් ම හිනාවෙන දිය ඉහින කොලුවා වට පිට බලන්නේ නැතුවම පෙති මතට සුළු දියර හැලුවා. තමන් ම හොයා ගත් ...

ඩොනා හෙවත් ඩොනල්ඞ් මාමා මධුවිත තනිකර නික්ම ගිය නාගරික ජන කවියකු වූ ඩොනා හෙවත් ඩොනල්ඞ් මාමාගේ කාව්‍යාත්මයේ රිද්මය මනාපය මගෙයි කඳුළැලි සිනාසෙනු වගෙයි ඩොනා මට අගෙයි රස කල්පනා රැලි නැගෙයි සවී ගෙනෙන පද -සිඹියි නිවී තියෙන හද අවී වුණත් වැඳ -වැටෙයි කවී පොකුරු මැද බැස්ටියන් ඩොනා -හිටියම කස්ටියක් මෙනා ගුරු මුස්ටියත් උනා දී සන්තුස්ටියක් වුණා ඉල්ලූ ගමන් පද ලැබෙන කල්ප වෘක්ෂෙ වැඳ, කවි ...

ගිම්හානයේ හිම (ඉස්පිරිතාල සිතිවිලි) සාර සියක් ගව් දුර කුළුණක හෙවන වීර කෙසර ගිළිහෙන සිහිනෙන් මිදුණ මාර සෙනග විමසන සඳ මඳ පවන බීර මලක් පිපුණයි පිපිරුණු ලවන දූම කේතුව ම රැකගෙන පෙනහැල්ලේ තාම හිනාවෙමි මතකයෙ හෙවනැල්ලේ නාමෙ දිරන කුණුකය ගෙන සැනසිල්ලේ බෝම දුර ඇදෙන සුසුමකි පවනැල්ලේ සේන් කියන ගග දිය සෙනසුරු ලව්වා මේන් කියා ළමැදට හිරිකඩ එව්වා කේන්දරය ඉවුරත පරිධිය හෙව්වා හාන්කවිසියක් නො දැනම ...

උඹෙ අතින් අල්ලගෙන මගෙ හුස්ම බොට දෙන්න මගෙ අත් – තටු නොවන නිසා කිණිහිරියෙ දුක් විඳින කවි කිරිච්චිය රැගෙන ඇණ ගනිමි හදවතට සුසා… ඇහැ අගින් ඇහෙනවා අඟුළානෙ මහ මුහුද නැහැ තුඩග දවනවා දැවෙන රොන්සුණු පුසුඹ පැහැ ‘එරන්වන් පතෙක’ තෙමුණු ෆිල්ටර අඩක පැහැය මං හොයනවා නිහඬ කවියක හඬක කක්ෂපුට ජීවිතේ රන් තලිය ඉරි තැළුව ලක්ෂපතියේ ඉද්දි [...] ...

මිලිග්‍රෑම් දහසක ඩොලිප්‍රෑන් පෙත්තකි හඳ………. බෙතඩින් ය – ඔව් ඒ සුවඳ පමණි ය ගත වෙලෙන ස්නේහය ම. නිකොටින් ය සිහිනයෙ ම. සේලයින් පමණෙකි ය ඔන් ලයින්. වේදනාවේ සැනසුම දුම් උගුරක් ය මතකෙට. මාපකේ උණුහුම ගල් උගුරක් ය සිසිලට. රුධිර පීඩන යන්ත්‍රය මතුරන රුදුරු මන්ත්‍රය පංච තන්ත්‍ර ය. ගල් බාගයක මූඩියක් කැරකේ ය කන ගාව. සිහිය [...] ...

මහා දුග්ගින්දරට පර්යාය වූ රුවක් හින්දා….. එ රුව එහි සෙවනැල්ල මූදු හතකට දුරින් ඇන්දා. ගණ අඳුර හිරුට දුන් නින්දා හදවතේ රුවාගෙන ඔබ කොහොම හිනැහුණි ද මංදා. ඔබේ දිගු සෙවනැල්ල දෙ පාමුල අඩදැණිව තාත්තේ අපි ඔබට වැන්දා. පැහුණු ඉහ ඉද්දරින් අතීතය රාමු කර තිබුණා. ආදරේ රාමු කළ නොහෙන සේ අවසාන වතාවට ජීවිතේ සෙවනැල්ල උරෙන් උර ගැටුණා. [...] ...

අඳුරු මඳහාස නොමඳව ලබන්නෙමි සොඳුරු අපහාස පිරිපත විඳින්නෙමි මිතුරු අවවාද පිරිසිඳ හැඳින්නෙමි කිඳුරු හිත තාම තනිවම රකින්නෙමි කවි පාළුවෙන් අහුලන් කන අතරතුර අරියාදුවට බැලුවේ ඇයිද සුමිතුර සිරි යානතට ගව් සිය දහසක් විතර කරකාරයට ගන්නේ කවුද කරදර කින්නරී වුණත් වෙන සයුරක තෙරක සින්න වී ගිහින් විසිතුරු හී සරක අන්තරා කොටස් නොගැයෙන ගී සරක බැන්ද ස්නේහයේ ළතැවිලි [...] ...

උලුක්කුව වළලුකර තවනකොට සපත්තුව, අත් පපුවෙ ගසනවා. පරක්කුව ඉක්මන්ද ඔරොප්පුව සන්සුන්ද තුවක්කුවකින් වචන ගලනවා. කරුවලෙත් එළිය මුණ ගැහෙනකොට තරුවලත් වේදනා දරුණු ඇස් සෙනෙහසින් පිරෙනකොට කරුවලයි මේනකා, රැය තවම තරුණ බව ඇත්ත ඉක්ම ගිය මොහොතමය, මත්ත සඳ ලිහන මුහුලසෙහි තිත්ත ඔබ ඔබෙ ම හදවතින් ගත්ත. පිනි බිඳක් කොපුළ මත නාටකා ඇඟිලි තුඩ අරගන්න මේනකා. අත ඉරුණු [...] ...

සිරුර මත දැවටී සරැළි නඟන රක්ත වර්ණ දිගු ලෝගුව ඔහුගේ මුහුණ අප්‍රමාණ තේජසකින් පුරවාලයි. ගෙල මතින් ඇද හැලී පුළුල් උර මඬළ මත වැතිරෙන කාල වර්ණ කෙහෙරැලින් ද මුව වසා ගෙන පැතිරුණු ඝන රැවුළින් ද එකී තෙද බල මුහුණ පුරා මහා පෞරුෂයක් පතුරයි. යාන්තමින් දිස් වන ලා රත් පෑ තොල් සඟල පරයා මඳහසක් නැගී එයි. එය [...] ...

Previous Page