නටරාජ් ඔයාට මතකද එතන තිබුණ නටරාජ් රූපෙ -ඇය එවූ අවසන් ලියුමෙන්- පියෙවි සිතිවිලි මතට මධු දියර හළාගෙන බමන හිත සීරුවෙන් බඳුනකට මුවා කර කැරලි කෙහෙ පිරිමදින අඩහඳක දෙ පාමුල නිදන විට වත ඉසිණ පිනි බිඳිති හළාහළ   දෙපය පැටලුණු හිතක මුවවිටෙහි දුටුවාද අසමබර කඳුළු මත විසිර යනු මඳහාස තනි පයෙක අසම සම අභිනයකි ඇස ගාව ඔබ කොහෙන් පැමිණියෙද කියනු මැන ...

නිදිකුම්බා මල Sunrise with Tree by JOHN COSTANZA(Oil on Canvas on Board 10″x12″) කුරුලු දරුවන් ඉකිලන අරුණු දොරනඩ ඉඳගෙන අහස් ඉදිකඩ පැනගෙන හිරුන් එන මඟ බලනෙමි!   විදුලි මළබෙර හඬවන කළු වලා අවි අරගෙන ඉදිකඩ යකුන් සේ ඇති කල හිනාවී එන්ට බැරිවද හිරුනි.   පැතුම් මල් පොඩි මැළවෙන සෝකී දෙනෙත්හරවමි ඩෝසර හොඬෙන් ඉදිරුණ රබර යායම විනිවිද……..සීරුවට………..   සිය දහක් හිරු අනුරූ ...

ඒ පොඩි පුතුගේ විසල් ප්‍රේමය මට තව එක දවසක් තාත්ත හම්බ වුණොත් මං කියනව ‘තාත්තෙ මං ඔයාට ගොඩක් ආදරෙයි’ කියලා. අයිෆලය තරම් උස මිනිහෙක්ට පුළුවන්ද සැඟවෙන්න අතීතය මකාගෙන වලාකුළු සිතුම් පොදි ඇවිත් හිස හැපෙනකොට මරු කියවනා හඳකි හිනාවෙන හිස කෙස්ස සිඳ දැමුව දෙව්දත්තරුන් පැමි‍ණ හිස සොයන විට ඔහුට පමාවෙන හිත රිදෙන කවි ලියන රාහුල පුතෙක් හිඳී ආදරෙයි කියන්නට බලාගෙන එකම මොහොතක් තියෙයි අතට ගෙන බලන්නට ...

නොවැම්බර් person in the rain by Jay Fancher නියඟලා ගස් උගුල්ලනකොට තටු මැවෙයි……. ගිනි මලින් පෙති ඉගිල්ලෙනකොට ලේ හැලෙයි. සොහොන් කොත් නැති අතීතය සිහිනෙට එබෙයි…… ආදරය ළඟ සිහිනයට ඉඩ කඩ තිබෙයි. ‍ ඇස් වැහෙන කච්චාන් හුළඟට කල් තියෙයි ඇස් වැ‍හෙන්නැති නොවැම්බරයම වැහි බරයි….. මව් වරුන් ඇස වහින වැහි දැක මල් පිපෙයි…. මල් වලට නම් තබන අයිතිය ඔබටමයි. ...

පුරවැසි බවද ප්‍රශ්නය අම්මගෙ මළගමට එන්නට නොහැකි වුණු පුතෙකුට වසර හතකට පසු ඇගෙ සොහොන්කොත අතගා කඳුළු බිඳුවක සීතල විඳින්නටවත් ඉඩ නැති අම්මගෙ රටක් මෙය. පුරවැසි බවද ප්‍රශ්නය සෙනඟ විතරක් සිටිනා පුරවැසියකුදු නැති රටකට? පුරවැසියන්ගෙ අත්බැඳ හෙලුකොට්ටෙන් තබා වෙඩි තියන රටකට අම්මගෙ සොහොන් කොත ළඟ කිරි සුවඳ ඇහිඳින කවි‍යෙකුද ප්‍රශ්නය අම්මගෙ රටක් මෙය. පුරවැසියන් ඇවිත් වතුර ඉල්ලනකොට උණ්ඩ ගිල්ලන රටකට පුරවැසි බවද ප්‍රශ්නය? ...

සයිමන් “Suba saha Yasa” තොප්පියක් ඔබින්නේ හිසකට හිස්වැසුම් සොයන්නේ කුමකට ඇස් දෙකක් දකින්නේ කපකට කල්පයක් කියන්නේ දිනකට නිම්තෙරක් එබෙන්නේ සඳවත දුම් රැලින් නගන්නේ මඳහස ඇස් දෙකෙන් පෙරෙන්නේ මඳහස ෆිල්ටරෙන් පෙරෙන්නේ සෙනෙහස මූඩියක් අරින්නේ පවසට උණුහමක් දැනෙන්නේ එතකොට මීවිතක් පුරන්නේ හවසට පාටියක් කියන්නෙ පොතකට ප්ලැට් එකක් කියන්නේ පැලකට සුද්දිලත් පෙනේනේ මඟතොට බයියලත් දකින්නේ ඉඳහිට වන්නියයි කියන්නෙත් කොළඹට. (සයිමන් නවගත්තේගමයන්ගේ හිතුවක්කාර නික්මයාමේ වේදනාවෙන් ...

සුනිලා කටහඬේ සොඳුරු පියපත් බිඳුණාද හදවතේ අඳුර විතරක් රැඳුණාද මඳහසේ සුවඳ අරගෙන ඇදුණාද නිදහසේ තනිව ඉන්නට හිතුණාද කැවුඩියන් කරව් නඟනා  පිළිරාව යුග සවන් පෙලයි, පවසන්නද කාට ඔය හඬින් ගලන් එනකොට අනුරාග ඉර වුණත් දණින් වැටෙනව හඳ ගාව දෑස් හීන් කර කොපුළත සුලි එක්කා රහස් ලිහන මනුසත්කම අපි දැක්කා රාත්‍රිය දිගයි, එළඹෙද උදනැක්කා කාන්සිය ඇවිත් හීනෙට තනි රැක්කා නෙතු පියන් වැසී ...

භානු Bhanu Prasanna මහන්සිය දුරුවෙන්න කොතැන හෝ රඟහලක මා ඉමේ ප්ලෙන්ටිය විඳගන්න ෆිල්ටර් එකක් පෙඟෙන හීනයේ රාත්රිය හොළවන්න සිකැරට් දුමක් නැඟෙන යාමයේ සාක්කිය හදවත ම පමණක් ය සහෝදර පේ‍්‍රමය පින්සලක් අතට ගෙන නෙක මුහුණු පින්තාරු කෙරුවාට නිස්කලංක ව තිබුණු එක ම එක මුහුණකුදු දුටුවාද මංසලුත් තිබේ පොකුණුත් තිබෙන, නෙළුම් මල් නැතුවාට පින් බිමක් කොහිද බං පින්වතුන් සමුඅරන් ගිය දාට අතීතයෙ ‘මල’ ...

භානු මහන්සිය දුරුවෙන්න කොතැන හෝ රඟහලක මා ඉමේ ප්ලෙන්ටිය විඳගන්න ෆිල්ටර් එකක් පෙ‍ගෙන  හීනයේ රාත්‍රිය හොළවන්න සිකැරට් දුමක් නැගෙන යාමයේ සාක්කිය හදවත ම පමණක් ය සහෝදර පේ‍්‍රමයේ පින්සලක් අතට ගෙන නෙක මුහුණු පින්තාරු කෙරුවාට නිස්කලංක ව තිබුණු එක ම එක මුහුණකුදු දුටුවාද මංසලූත් තිබේ පොකුණුත් තිබෙන, නෙළුම් මල් නැතුවාට පින් බිමක් කොහිද බං පින්වතුන් සමු අරන් ගිය දාට අතීතයෙ ‘මල’ ...

නිදි නැති නිර්මල ඇසක අගිස්සක කඳුළක හිස රිදෙන විට මහ රෑ තරු එළියකට බර වෙමි ඇසග දිළිහෙන සඳ දිය සොඳුරු අඳුරෙහි සඟවමි යොර්දානයෙහි ගැඹරට අකුරක් දමා ගසනෙමි නැඟෙන දහසක් රැළි මත දහසක් අකුරු විසුරමි ගලීලෙට යන මංසල කුරුස කණුවක් ඉන්දමි ඉතින් කොයි අත යන්නද කිසිත් නො කිය ම ඉන්නෙමි ලිහී විසුරුණ කොන්තය අත්ලෙහි රුවා ගන්නෙමි අත්තටු ලැබුණ ඔරසම අහසට මුදාලන්නෙමි. පින්න විතරක් දොඩමළු ගොල්ගොතාවට ළංවෙමි ...

බ්ලුබෙල් ටිම් ගෞඩියොන්ගේ සිත්තමක් සංසාර පළසකි ය ගිම්හානයේ පත‍්‍ර අඹරාව. ඔබට අමතකව ගිය සිළිටි සුලැඟිලි ලකුණ මුණ ගැසිණ ස්වර්ගයේ දොර ගාව. ලැවැන්දර නිල ය ඔය ඇස් පුරා සැවැන්දර පුසුඹ කවි පොත් අරා කතන්දර කියනවද සත්සරා? සජ්ජායනා නැඟුණ ස්වර මුළුව මකරන්ද විජිතයේ මුව ගොළුව ඇස් කෙවෙනි අගිසි බිඳගෙන ගැළුව. දෙසැම්බර තිමිර සළු ලිහන විට මුකූටයෙ නිදි බිඳෙන ‘සීතලද’ අසන උණුසුම් හඬක යළි ...

කොළරාව සහ පේ‍්‍රමය                                                                      ෆර්මිනා, කල්පයක් ඇස මිදුණ හිම බිඳුව මග්දලේනා ගඟට මුහුවුණා. ඉරී ගිළිහුණ පිටක ඔබ ලියූ කවි පදය නෙත් කෙවෙණි අගිස්සෙන් පීදුණා.   මලට සළුපිළි සිළිටි පෙති බව දන්නවා සොඳුරු අබරණ රෙහෙණු බව පිළිගන්නවා දෙබර විස දළ හිතක නිරුවත පෙන්නුවා.   සසඟ වියරුයි සසර දිගු කරණා නිසඟ හැඟුමකි ආදරය කියනා.   දයිරියාවත් හරිම අගෙයි ඔක්කාරෙ කුස සරැලි නැඟෙයි කාලත‍්‍රය මෙතැන ...

ඇගේ ත්‍රිකෝණමිතිය පාඩම?   පිපිරුණ සබන් බෝලයකින් බිම වැටුණු කවියක වියරණ දොස් තිබුණු බව ඇය ලියා එවා තිබුණා. හොර නිධන් හාරන්නකු මෙන් හිත් පතුළ පාරා මතුකරගත් අවසාන හැඟුමත් හැඟුම්බරවුණු මොහොතක වියරණ දෝස. ඇයටත් හිතෙන දේවල්. “බෝල අතකුරු වුණත් කැලැත්තෙන විට අවකාශයේ ඇද වෙන්න පුළුවනි.” “පේ‍්‍රම කවියක් වුණත් රිදුම්දෙන විට සන්තානයේ ඇති වෙන්න පුළුවනි.” “මිරිඟුව” නො පවතින දෙයක් නම් ඒ වචනය මොකටදැ?” යි ...

ඒ මුවහතේ අයිතිය සව්දිය නො පුරනාසව්සිරි රැඳුණු දෙරණාසව්සත සනහනාසවුදියෙ සොඳුරු වරුණා කැණිමඬල හෙල්ලීපොල් අතු ඉගිල්ලීමූකලන් සල්ලීසොයා ඉගිළුණ මුතු කිරිල්ලී මුත්තූර් මිණි මුතුවූවා පමණි දැනමුතුතෙමා ගත්තී නෙතුපොහොණි කරනට මතු ජීවිතේ පිරිපතවිදා අත්හළ හදවතබලන් දෙවිඳුනි කැටපතකා අතද ඒ මුවහත හැඟුම් හරි පරණ යකිරි බිඳු පවා උරණ යඉදින් අසිපත සරණ යඅත්වැරැද්දකි සොඳුරු මරණය ...

ඉපැරණිම සිතිවිලි අලුත් හුස්මක් අරගෙන ඉපැරණි හිතට පිවිසෙයි අකුරු එහෙ මෙහෙ විසිකර තැන් තැන් වලින් ඇහිලූ නන්නත්තාර දුකඳුළු සන්සුන් ඇසක තනිකර නින්දෙන් සිනාසෙන්නෙමි. ඉසියුම් හැඟුම් විරහිත තනිකං දොසින් ආතුර මැදියම් දිවිය පැමිණුනි මැදියම් රැයට පළමුව හැර දමා දොරගුළු සිඳ බිඳ දමන්නට එකදු වළඳක් නැති පාළු ගෙදරකි දිවියම ඉකුත් සිසිරයෙ හමුවුණු රුහිරු මේපල් තුරු පත සමාදානයෙ සැතපෙන දෙණකි සිහිලැති හදවත හිම පියලි ...

වස්සානයේ හැන්දෑවක  විලෝ ගසක් යට තෙමෙමින්   විලෝ ගසකට හැකිනම් වැළපෙන්න ඔබට ඇයි බැරි? විලාපයකට හැකි නම් සැනසෙන්න ඔබට ඇයි බැරි? කදෝකිමියෙකු ඉගිලෙයි ඔබේ මැදුරේ දුගී කවියකු මියයයි මගේ පැදුරේ අනාගතයට නමක් දුටුවා කවියක මගේ උණ්ඩය මටම මානන අවියක විලෝ ගසකට හැකිනම් වැළපෙන්න ඔබට බැරි ඇයි? විළෝපියකුට හැකි නම් හිනැහෙන්න ඔබට බැරි ඇයි? බය නැතුව අරගන්න තීන්ත කැටිගැහුණ මේ පෑන ඔය අතට දැනෙනවද ඉන් තවම ගලන් ...

මධු බැරල් අපිට තියා – අපෙ ඩොනල් මාම ගියා.  එන්න, මේ කම්පනය විඳගන්න . The Banjo Lesson by Henry Ossawa Tanner අකුරු නම් බොහෝ තිබේ. ඒ අකුරු මුද්‍රිත වී නන්විධ ලෙස පෙළගැසී සිටිනු දුටිමි. ඒත් ලක්ෂයක් අකුරු අතර අප කම්පනය කරන අකුරු ඇත්තේ කීයෙන් කීයද? එවන් අකුරු පෙළක් දුටුමතින් කිසිවක් සටහන් කළ යුතු යැයි සිතමි. පසුගිය රාවයක පළ වී තිබුණු මංජුල වෙඩිවර්ධනගේ කවියක් මේ පූර්විකාවේ නිමිත්තයි. “මධුවිත තනිකර නික්මගිය නාගරික ජනකවියෙකු වූ ඩොනා හෙවත් ...

ආදරණීය අල්බෙයාතා 'Sorrow - A Wild Rose'By- Helen Mary Elizabeth Allingham, R.W.S. ජීවිතය ලුහුබඳින මැදියම මැදිකරන් නිදිවරන සිහිනෙට ඇදහැලෙන සඳ නයගරා ශුද්ධවර එළියාස් ගිරි කුළු මුකූටය මත රැවුල අතුරන දිවැසිවරයෙකි සඳසරා ශුද්ධවර ක්ලෙයරා නදී දිය ඉකිබිඳින විට හදවතේ නීල දිය පාලම ඉහත්තෙන් පියහඹා යමි හිතුමතේ විසල් මේපල් තුරු කිනිත්තක සිසිරයට අමතක වෙලා රැඳුණ පඬුවන් පතෙක සුසුමට නිහඬ පවන ද කැළඹිලා වහල් ගඟ ...

තිරුකෝණමලෛ සඳ http://vikalpa.org/ සදුර්ෂන් රාජන්ගෙ පොඩි කොල්ලා හැමදාම හවසට දෑසින් අහස අල්ලා හඳට අඬගහනවා අත් පොඩි හොල්ල හොල්ලා .. නිලා නිලා ඕඩි වා නිල්ලාමල් ඕඩි වා මලෛ මීදු ඒරි වා මල්ලි හෛපූ කොන්ඩු වා .. ඔන්න එතකොට කෝනේෂ්වරන් දෙවොල මුදුනට අත තියාගෙන සඳ නැගී එනවා තිරුකෝණමලෛ අහසට දුරුතු සීතල දවසක රැයට සඳ අමතකව අහසේ දමා ගොස් තිබුණා හිරු කබ කඩන මොහොතේ පිච්ච ...

Previous Page