එක් පරමාදර්ශයක් ඇතැයි අපට සිතන්නට සැළසුවේ පාසල ය. ඒ පරමාදර්ශී ශිෂ්‍යයයා පිළිබඳ පින්තූරයක් මැවීමෙනි. ඒ පින්තූරයට අනුව ඔහු කීකරු ය. තැන්පත් ය. නිහඩ ය. ප්‍රශ්නයක් ඇහැව්වොත් මිසක කතා කරන්නේ නැති තරම් ය. ගුරුවරුන් කියන දේ අදහන්නේ ය. ඔවුන්ට ගරු කරන්නේ ය. ඒ කෙසේ ද යත් දෙපතුළ අල්ලා වැඳ වැටීමෙනි. හෙතෙම ගුරුවරු සමග වාදයට නොයන්නේ ය. […] ...

පාරාවළලුවලට ඕස්ට්‍රේලියාව ප්‍රසිද්ධ ය. ඇබොර්ජීනියන්වරු අතර එය වඩාත් ජනප්‍රිය ය. ඉලක්කයට යැවිය හැකි අගනා උපකරණයක් වන එය ඉලක්කයට නොවැදුනොත් නැවතත් එය යැවූ තැනැත්තා වෙත හඹා එන්නේ ය. ඒ බව අවබෝධයෙන් පාරාවළල්ල විසි කළ යුතු ය. එසේ නොකළොත් වන්නේ ඉලක්කය අහිමිවීමෙන් නොනැවතී ඉලක්කය බවට තමන් ද පත්වීම ය. මේ කතාව මතකයට ආවේ කාර්යය සාධනය ගැන සටහන […] ...

හැම දෙයක්ම හොඳින් සිදු වෙනවා නම් නායකයෙකු වුවමනා නැත. අවශ්‍ය වන්නේ කළමනාකරුවෙකි. නායකයෙකු අවශ්‍ය වන්නේ එසේ නොවන විට ය. පැවති සාමකාමී තත්වය අවසන් ව අර්බුදයක් මතු වූ විට ය. අලුතින් ඇති වෙමින් තියෙන වටපිටාවට අනුව ප්‍රයෝජනයට ගත හැකි නව අවස්ථාවන් විවෘත වන විට ය. පවතින විදිහටම කර ගෙන යෑමෙන් පාඩු වන විට ය. ලාභයක් නොලැබෙන […] ...

සමහරු කැමති ආයතන යන්ත්‍ර ලෙස දැකීමට ය. යන්ත්‍රයකට අමුද්‍රව්‍ය දැමූ විට එය නිශ්චිත ක්‍රියාවලියක් හරහා ගොස් නිමි ද්‍රව්‍ය නිපදවයි. දමන අමුද්‍රව්‍යවල අඩුපාඩුවක් නැත්නම් හදන නිමි ද්‍රව්‍ය ද අඩුපාඩුවලින් තොර ය. එහෙත් බොහෝ අය නොසිතන කාරණය වන්නේ යන්ත්‍රයේ යාන්ත්‍රික දෝෂ තිබිය හැකි බව ය. යන්ත්‍රයක් සම්බන්ධයෙන් නම් එවිට කළ යුතු වන්නේ යන්ත්‍රය අලුත්වැඩියා කිරීම ය. එහෙත් […] ...

කළමනාකරුවන්ගේ කාලය ද ඔවුන් සතුව ඇති සම්පත් ද සීමිත ය. ඒ නිසාම කවරකට ප්‍රමුඛතාවය දිය යුතු ද යන්න ඔවුන් විසින් නිතිපතා තීරණය කළ යුතු කාර්යයක්ව තිබේ. ප්‍රමුඛතාවය දිය යුත්තේ සේවා ලාභීන්ට ද සේවකයන්ට ද? අද දවසේ ලාභය වැඩි කර ගැනීමට ද හෙට දවසේ දියුණුවට ද (වෙළදපොළ උරුමය වැඩි කර ගැනීමට ද)? තිබෙන කුසලතාවලින් ප්‍රයෝජන ගැනීමට […] ...

බොහෝ ආයතනවල උපායමාර්ගික සැළැස්ම හදන්නේ දින දර්ශනය අනුව ය. නව වසරක් ඇරඹුමට පෙර ය. උපාය මාර්ගික සැළැස්ම එසේ හදන්නට පුළුවන් එකක් ද? අපේ වටපිටාව වෙනස් වන විට අපේ ආයතනයේ අභ්‍යන්තරය වෙනස් වන විට උපාය මාර්ගය වෙනස් කළ යුතු ය. අතීතයේ දී මෙන් නොව බාහිර පමණක් නොව අභ්‍යන්තර වෙනස්කම් ද සිදු වන්නේ වේගයෙනි. එවන් වටපිටාවක දින […] ...

නින්ද ගමක හරි හමන් නීතියක් නැත. ඇත්තේ රදළ ස්වාමියා පනවන නීති ය.  නීතිය පනවන්නේ ඔහු ය. නීතිය පසිදලන්නේ ඔහු ය. නීතිය කඩන්නන්ට දඩුවම් කරන්නේ ඔහු ය. කොටින්ම නීතිය ඔහු ය. එපමණක් නොවේ. නීතිය කැඩීමේ බලය ඇත්තේ ද ඔහුට ය. ඒ අර්ථයෙන් ගත්විට නීතිය පමණක් නොව නොනීතිය ද අවනීතිය ද ඔහු ය. නින්ද ගමක ඉඩම් හරකබාන […] ...

වෙළඳ පොළක බඩුවල මිළ ගණන් තීරණය කරන්නේ කවු ද? ප්‍රශ්නයට නොහිතා උත්තර දුන්නොත් නම් වැඩි දෙනෙකු කියනු ඇත්තේ ඒ වෙළඳුන් බව ය. එහි ඇත්තේ අර්ධ සත්‍යයකි. වෙළඳුන් මිල නියම කළ ද පාරිභෝගිකයන් ඒ මිලට නොගන්නේ නම් වෙළඳුන්ට කළ හැකි එකම දෙය මිල සකස් කර නැවත ඉදිරිපත් කිරීම ය. මිල නැවත සකස් කිරීමට යෙදෙන තරගයේ දී […] ...

සාර්ථකත්වය උදෙසා සැවොම වෙහෙසෙති. කැප වෙති. එහෙත් සාර්ථකත්වය පරිහානියට ද මග පාදන බව දන්නේ සිතන්නේ කීයෙන් කීදෙනෙක් ද? යම් සමාගමක් තරඟයෙන් සියළු ප්‍රතිවාදීන් පරදවා එම ක්ෂෙත්‍රයේ එකම සමාගම – ඒකාධිකාරය – බවට පත්වුවහොත් සිදු විය හැක්කේ කුමක් ද? දැන් තරගකරුවන් නැති නිසා තවදුරටත් ගුණාත්මක බව ඇති කිරීමට වෙහෙසීමට නුවුමනා වීම ය. නව ආකාරයන්ට හිතන්නට නුවුමනා […] ...

මැණිකේ, රත්තරනේ, පැටියෝ කියා සමහර සීයලා ආච්චිලාව හුරතල් කරන්නේ ආච්චිලාගේ නම අමතක වුනහම බවට කතාවක් තිබේ. එහෙම හුරතල් වෙන්නට ඇති ලජ්ජාව නිසා දෝ සමහර සීයලා ආච්චිලාට “මේ ඇහුන ද“ කියා ආමන්ත්‍රණය කරති. “මේ ඇහුනා ද“ යන්න මෙසේ ආමන්ත්‍රණයක් වුනාට එය සන්නිවේදනයේදී නම් නැගිය යුතු වැදගත්ම ප්‍රශ්නයකි. මේ ප්‍රශ්නයට උත්තර සොයා නොගෙන සන්නිවේදකයෙකු තම පණිවුඩය ගැන […] ...

නායකයෙකුට තම ආයතනය තුළ පෞද්ගලික මිතුරන් සිටිය හැකි ද? වැඩ සගයෙකු හෝ අනුගාමිකයෙකු මිතුරකු කර ගත හැකි ද? මිතුරෙකු ආයතනය තුළ රැකියාවකට බඳවා ගත හැකි ද? මේ ප්‍රශ්නයට උත්තර දිය හැක්කේ මිතුරෙකු යනු කවරෙක් දැයි අර්ථ නිරූපනය කිරීම තුළ ය. දන්නා හඳුනන කෙනෙකුට අප මිතුරෙකු යැයි කියන්නේ නැත. එසේ නම් දැන හැඳුනුම් කමත් මිතුරුකමත් බෙදන […] ...

දැනුම හා බුද්ධිය එකක් ද දෙකක් ද? ඒ දෙකින් ඇත්තටම අදහස් වන්නේ කුමක් ද? අප සොයා යා යුත්තේ කුමක් ද? අපට අවශ්‍යව ඇත්තේ කුමක් ද? මේ දෙක අතර සම්බන්ධය කෙබඳු ද? යන ප්‍රශ්න රාශියක් බොහෝ දෙනාට ඇත. දැනුමේ ප්‍රධාන ප්‍රභේද දෙකක් තිබේ. එකක් බෙදා හදා ගත හැකි දැනුම (explicit knowledge) ය. දෙවැන්න බෙදා හදා ගත […] ...

සාධාරණය කළ හැකි යම් හේතුවක් නිසා නීතියක් කඩ කළ කෙනෙකුට දඩුවම් නොදී සමාව දීමට නායකයෙකුට හැකි ද? සාධාරණය කළ හැකි කිසියම් දෙයක් වෙනුවෙන් නීතියක් කඩ කිරීමට නායකයෙකුට හැකි ද? නීතියක් යනු දේව නියමයක් නොවේ. මිනිසුන් විසින් නිර්මාණය කර ගත් දෙයකි. නීති හදා ගෙන තිබෙන්නේ වඩා හොඳින් වැඩ කටයුතු කිරීමේ පහසුවට ය. එයින් අනියමින් කියවෙන්නේ ඒවා […] ...

ඉල්ලුම කුමක් දැයි බලා ඒ අනුව සැපයිය යුතුය යන්න බොහෝ දෙනා අනුයන මතයයි. එතකොට නිපදවන සියල්ල විකුණා ගත හැකි ය. මේ ප්‍රතිපත්තියට ඉංග්‍රීසියෙන් කියන්නේ demand driven කියා ය. තවත් සමහරු මෙයට තවත් ගාම්භීර නමක් දෙති. මේ ප්‍රවේශය ඔවුන් හඳුන්වන්නේ bottom-up approach කියා ය. පහළින් ඉල්ලා සිටින දේ උඩින් දෙන ක්‍රමයක් නිසා එය වඩාත් ජනහිත කාමී […] ...

කැකෝනොමික් ලෝකයක කිසිවෙක් කිසිවෙකුගෙන් ගුණාත්මක නිපැයුමක් සේවාවක් අපේක්ෂා නොකරයි. එසේ ගුණාත්මක නිපැයුමක් සේවාවක් නොසැපයීමට හැම දෙනෙක්ම ගිවිස ගෙන ඇත්තා සේ ය. ඒ නිසාම එවන් ලෝකයක නිපැයුමකට සේවාවකට ගෙවන්නට නියමිත වන්නේ ද සොච්චමකි. එහෙම බැලුවහම ඒ ලෝකයේ ගනුදෙනු යස අගේට සිදු වෙයි. මිලට ගන්නාට ලොකුවට ගෙවන්න වෙන්නේත් නැත. සපයන්නාට එහෙමට ලොකු හෝ හොඳ එකක් සපයන්නට වෙන්නේත් […] ...

රටක් ආයතනයක් කළමනාකරණය කිරීමේ දී සෝබනය යොදා ගැනීමට සමහර කළමනාකරුවෝ කටයුතු කරති. ඔවුහු එකක් දෙකක් කර දහයක දොළහක හඩක් නගති. කරන එක දෙක අතිශයින් කුඩා වුව ද ගැටළුවක් නැත. එය ගාම්භීර ආකාරයෙන් සැමරීමට ප්‍රමාණය ඔවුන්ට බාධාවක් නොවේ. ඔවුන්ට විවෘත කරන්නට කක්කුස්සියක් වුව ද සෑහේ. කිරිබත් කා රබන් ගසා රටටම අඩ බෙර ගසා සෙනග රැස්කරවා එවැන්නක් විවෘත […] ...

අලුත් පරම්පරාවට දෙහි නොකපා කළ හැකි අනෙක් දෙය නම් “අද කාලය“ ට දෙහි කැපීම ය. “අපේ කාලේ“ වගේ නොවෙයි “දැන් කාලේ“! එහෙම කියන කොට ඉන් ගම්‍ය වන්නේ අපේ කාලේ දැන් කාලෙට වඩා හොදයි කියා ය. ඒ එක්කම ඉන් ගම්‍ය වන්නේ අපේ කාලය ඉකුත්ව ඇතැයි කියා ය. අද සටහන වෙන් වන්නේ පළමු ප්‍රශ්නයට උත්තර දීමට ය. […] ...

අපේ පරම්පරාවේ (වැඩිහිටි) අය කතා කරන විට නිතර ඇසෙන්නේ දැන් හැදෙන දරුවන්ගේ දුර්වලතා, අඩුපාඩු හා අවපක්ෂය පිළිබඳ වෙනත් කතා ය. මට මතුවන පළමු ප්‍රශ්නය වන්නේ මේ කාගේ දරුවන් ද යන්න ය. ඔවුන් නොනිසි මග යන්නේ නම් එහි වගකීමෙන් වැඩිහිටි අපට මග හැරිය හැකි ද යන්න ය. දෙවැන්න නම් මේ ප්‍රශ්නය හැම පරම්පරාවකම වැඩිහිටියන් විසින් ඊළග […] ...

යුද්ධයක දී ගැටුමක දී මුලින්ම අනතුරට ලක් වන්නේ සත්‍යය (තොරතුරු) යයි කියමනක් තිබේ. අලුත්ගම බේරුවල ගැටුමේදී එහි සත්‍යතාවය මොනවට පැහැදිලි විය. මිනිසුන් හා දේපලවලට කරන හානියට වඩා තොරතුරුවලට සිදුවන හානිය නිසා ඇති වන අතුරු විපාක අති මහත් ය. එය නැවත නැවතත් පරාවළල්ලක් ලෙස කැරකී අවුත් මිනිසුන්ට හා දේපලවලට හානි සිදු කරන නිසා ය. තොරතුරු ගලා යාම […] ...

දැන් ගිනි ගෙන අවසාන ය. බිලි ගෙන අවසාන ය. මුලින් ඇති වුනේ පුංචි විරසකයකි. දැන් එය විසාල අර්බුදයක් බවට පෙරලිලා ය. මුලින් ඇති වුන ගැටළුව පුද්ගලයින් අතර ය. දැන් එය ජාතීන් අතරට පැතිර ගොසින් ය. හරියට කළමනාකරණය නොකළොත් එය නුදුරේදී රටම ගිලගනු ඇත්තේ ය. මෙයට වගකිව යුතු වන්නේ කවුද? ඔබ ඒ ප්‍රශ්නය අසන්නේ කාගෙන් ද […] ...

Previous Page