වෙනසකට මිනිසුන් කැමති ද? ඒ ප්‍රශ්නයට පිළිතුරු දෙකක් තිබේ. එකක් අකමැති ය. අනෙක කැමති ය. මේ උත්තර එකිනෙකට පරස්පර වුව ද දෙකම ඇත්ත ය. ආසයි බයයි යන්න තවත් දිය හැකි එක් පිළිතුරකි. ඒ දෙකම එකට තිබිය හැකි ද? තිබිය හැකි බවට හොදම උදාහරණය අපට දෙන්නේ මේ වෙනස ය. ඔවුන් අකමැති හා බිය ඇයි? වෙනස හැම […] ...

දක්ෂතාවය හා ආත්ම ධෛර්යය තිබේ නම් බොහෝ දේ අපට කළ හැකි ය. ආරම්භ කළ යමක් සාර්ථක වෙන්නට ඔන්න මෙන්න කියා තිබියදී නතර කර දමන්නේ ආත්ම ධෛර්යය නොමැති කම නිසා ය. සාර්ථක වෙන බව දන්නවා නම් නතර කරන කෙනෙක් නැත. ඒ නිසා ඉහත කියමන ප්‍රවේසමෙන් කියවිය යුතු ය. යමක් දිගින් දිගට එකම නිශේධනීය ප්‍රතිඵල පෙන්වද්දීත් එය […] ...

නායකයන්ට හිසරදයක් ද සෙසු අයට අවිනිශ්චිතතාවයක් ද තමාට ආතතියක් ද ගෙනෙන කරදරකාරයින් නැතිනම් අමාරුකාරයින් ඕනෑම ආයතනයකට උරුම ය. ඒ අතරින් හැමෝම නැතත් බොහෝ අය ආයතනයට හිරිහැරයක් ලෙස මතුපිටින් පෙනුන ද තරමක් විමසිල්ලෙන් ඔවුන් දෙස බැලූ විට පෙනෙන්නේ ඔවුන් වෙස්වලාගත් ආශිර්වාදයන් බව ය. එහෙත් මතුපිටින් බලන බොහෝ නායකයින් ඒ බව දන්නේ නැත. ආයතනයේ කාලයක් පවතින පුරුදු [...] ...

ඇය අසුන්දර ය. රුවින් පමණක් නොව වෙනත් ආකාරයෙන් ද අසුන්දර ය. එහෙත් ඇගේ ගෙලේ වටිනා දියමන්ති මාලයකි. එහි ආකර්ෂණය ඇගේ අසුන්දරත්වය වසන් කිරීමට හේතු වනු ඇත් ද? කළමනාකරණ බ්ලොග් අඩවියක සුන්දරත්වය කතා කරන්නේ ඇයි ද යන ප්‍රශ්නය ඔබට නැගිය හැකි ය. අප ඒ කතාව කීවේ අප අද කතාකරන්නට යන මාතෘකාවට සාදෘශ්‍යයක් (analogue) වශයෙනි. යටිතල ව්‍යුහය [...] ...

අතීතයේ මිනිසුන් බොහෝ දෙනෙක් එකිනෙකා හමුවුනේ වෙළද පොළේදී ය. පසු කලෙක පන්සලේ නැතිනම් පල්ලියේ ය. ඊලග වකවානුවේ ක්ලබ් එකේ නැතිනම් බාර් එකේ ය. දැන් බොහෝ දෙනෙක් මුණ ගැසෙන්නේ සයිබර් අවකාශයේ ය. ඈත අතීතයේ මිනිසුන් යුද්ධ කළේ මහපොළොව මත ය. භූමිය අල්ලා ගත් පක්ෂය යුද ජයග්‍රහණය කළේ ය. මෑත අතීතයේ දී යුද්ධය සිදුවුනේ වෙළදපොළේ දී ය. [...] ...

අවුරුදු ඉවරය. ඉස්සරහට එන්නේ වෙසක් ය. වෙසක් යනු දැන් නම් දන් සැල් ය. දන් දෙන්නට මෙහෙව් ජාතියක් වෙන මොන දීපංකරේවත් නැත. ඒ දානය ගැන කළමනාකරුවෙකුගේ අස්ථානය විය යුත්තේ කුමක් දැයි මේ ලිපියෙන් විමසා ඇත්තේ ය. ඔබ දාන පතියෙක් විය හැකි ය. එහෙත් ඔබේ දානයෙන් ඵලක් වන්නේ එය කල්පනාවෙන් දුන්නෝතින් ය. එසේ නොකළොත් එය ලබන්නාගේ පරිහානියට [...] ...

අප ඉහත දිනක සිහින දැකීමේ වැදගත් කම ගැන ලීවෙමු. අද අප ලියන්නේ පෙනෙන මායිමෙන් එහා බැලීමේ වැදගත් කම ගැන ය. පෙනෙන මායිමේ හැටියට පොළොව පැතළි ය. එහෙත් එය ගෝලාකාර බව එයින් ඔබ්බෙහි බැලූවිට පෙනේ. පෙනෙන මායිමේ හැටියට ඉර පොළොව වටා කැරකෙයි. ඒත් ඉන් ඔබ්බට ගොස් බැලූවිට පෙනෙන්නේ පොළොව ඉර වටා කැරකෙන බව ය. මේ දවස්වල [...] ...

ගියවර අපගේ බ්ලොග් සටහනට ප්‍රතිචාර දුන් අපේ හිතවතෙකු පැවසූවේ එම සටහනේ සදහන් ආයතන මේ මහපොළොව මත නැති බවත් ඇත්තේ මිනිසුන්ගේ සිහින තුළ පමණක් බවත් ය. සිහින දකින්නන් සැබෑ ලෝකයේ ජීවත් නොවන වැදගැම්මකට නැති අය ලෙස සැළකීමට ද සමහරු හුරුව සිටිති. සිහින දැකීමේ වැදගත්කම ගැන අපට ලියන්නට සිතුනේ සමාජය තුළ සිහින ගැන තිබෙන මේ නිශේධනීය ආකල්පයන් [...] ...

අපි එකා වගේ ඉන්න ඕනෑ බෙදුනොත් ඉවරයි. එකට වැඩ කළොත් ජය ගන්න බැරි අභියෝගයක් නෑ. අපේ ආයතනයේ හැමෝම කණ්ඩායම් හැගීමෙන් වැඩ කරන්නට හිතට ගන්නට ඕන. මෙහෙම බණ අසා ඔබටත් පුරුදු ද? බණ අසන අය අවසානයේ සාදු කාර දෙනවා මිසක ඒවා පිළිපදින්නේ කළාතුරකින් බව දැන දැනත් බණ කියන රටක ආයතනයක කළමනාකරුවෙක් තම අනුගාමිකයන්ට මෙහෙම බණ කීම [...] ...

කියන්න නම් පහසු ය. අමාරු ක්‍රියාවේ යෙදවීම ය. ආයතනයක තීරණාත්මක තනතුරු දැරීම සදහා සුදුස්සන් ආකර්ෂණය කරගැනීම, තෝරාගැනීම, ඔවුන් ඒ තැන්වල  රදවා ගැනීම හා ඔවුන්ගෙන් හැකි ඉහළම දායකත්වය ලබා ගැනීම කළමනාකරුවන් මුහුණ දෙන අතිශය වැදගත් ගැටළු බවට විවාදයක් නැත. ඒ ගැටළු ජයගත හැකි ආයතනවල සෙසු ප්‍රශ්න මතුවීමට ද ඇති ඉඩකඩ අඩු ය. සාර්ථක ආයතනවලට සුදුසු දක්ෂ [...] ...

ස්ථානය යුනිටි ප්ලාසා ගොඩනැගිල්ල ය. එහි හය වෙනි මහලට අලුත් වැඩියා කිරීම සදහා කොම්පියුටරයක් ගෙන යෑම අපේක්ෂාවෙන් සෝපානයක් එන තෙක් බලා සිටින කෙනෙකි. සෝපානයට ඔහු ගොඩ වදින්නට ලෑස්ති වන විටම ඒ ඇතුළේ පහසුවට වාඩි ගත් සෝපානය බාර කාන්තාවගෙන් ඔහුට දැන්වීමක් ලැබුනේ එම සෝපාන මිනිසුන් ගෙන යෑමට මිසක බඩු ගෙන යෑමට තිබෙන එකක් නොවන බව ය. [...] ...

බොහෝ කළමනාකරුව්න්ගේ අවධානය යොමුවන්නේ ආයතනයේ අභ්‍යන්තරයට ය. ඒ අභ්‍යන්තරයේත් කුඩා අංශ හා කොටස් කෙරෙහි ය. හරියට අන්වීක්ෂයක් හෝ අත් කාචයක් ගෙන ඇවිදින කෙනෙකුගේ රුවක් අප ඉදිරියේ එවිට දිස් වන්නේ ය. එසේ අවධානය යොමු කරන්නෙකුට වටපිටාව නොපෙනෙයි. මුළු පින්තූරය ඔහු නොදකියි. පරිසරයේ වෙනස්කම් ආයතනයට බලපාන්නේ කෙසේ ද යන්න ඔහුගේ විෂය පථයට අසු නොවේ. ආයතනයේ සමහර කරුණුවල [...] ...

“මට විරුද්ධව ඔබ කියනා සියල්ල මම ප්‍රතික්ෂේප කරමි“. මගේ විවේචකයන් කියන්නේ කුමක් වුව ද එය ඉතා කටුක වූත් අමිහිරි වූත් ඇත්තක් වූ කල මේ උත්තරය දී මට පලා යා හැකි ද? ඇත්ත හා බොරුව අතරින් කළමනාකරුවෙකුගේ තෝරා ගැනීම කුමක් විය යුතු ද? ඇත්ත කටුක නම් එය සගවා මිහිරි බොරුවක් කීම වැරැද්දක් ද? මගේ ආයතනයේ දුර්වලකම් [...] ...

අප හැම දෙනෙක්ම කැමති අප තුළ තිබෙන දක්ෂතා හා හැකියාවන් වඩාත් තීව්‍රව ප්‍රකාශයට පත් කළ හැකි වැඩෙහි යෙදීමට ය. එහෙත් අපට සිදුවන්නේ ඒවා සගවා ගෙන වෙනත් වැඩක යෙදී ජීවත්වීමට නම් එතැන ඇති වන්නේ අසතුට ය. එක් පැත්තකින් නායකයින්ගේ යුතුකම වන්නේ මිනිසුන් සතු මේ දක්ෂතා හා හැකියාවන් වඩාත් තීව්‍රව ප්‍රකාශයට පත් කළ හැකි වන්නාවූ ද ඒවා [...] ...

කදු නැගීම අමාරු ය. දිවි මකුළුවන් නිසා අල්ලා ගැනීම සම්බන්ධයෙන් ගහක් ගැන විශ්වාසය තැබිය නොහැකි ය. පහසුවෙන් ගැලවෙන නිසා පය තැබීමට ගලක් ගැන විශ්වාසය තැබිය නොහැකි ය. ඒ නිසා මේ සදහා ධෛර්ය හා නිර්භීතභාවය පමණක් ප්‍රමාණවත් නොවේ. උපාය මාර්ගික දක්ෂතාවය ද ඊට අවශ්‍ය ය. සමහර විට පය ගැසුවොත් බුරුල්වී ගැලවෙන බව දැන දැන ගල් මත [...] ...

කළමනාකරුවෙකු සතු අතිශය වැදගත් වගකීමක් වන්නේ පසු විපරම් හි යෙදීමයි. යම් වැඩක් අවසානයේ දී මෙන්ම වසරක් ආරම්භයේදී ද පසුවිපරමක යෙදීම වැදගත් ය. පළමුව ඒ අප කළ දේ දෙස බලා සතුටු වීමට ය. අප සාක්ෂාත් කළ දෙස බලා එයින් ඇති කර ගන්නා අභිමානය ඉදිරියට මුහුණ දෙන්නට අපට ශක්තිය ලබා දෙයි. අප ගෙවුණු අතීතය දෙස වරින් වර [...] ...

සමහර වැඩ හදිසි ය. එහෙත් වැදගත් නැත. සමහර වැඩ වැදගත් ය. එහෙත් හදිසි නැත. සමහරු හදිසි වැඩ වලට මුල් තැන දෙති. ඊට පක්ෂව ඉදිරිපත් කරන තර්කය නම් වැදගත් වුව ද හදිසි නැත්නම් එය පසුවට කළ හැකිය යන්න ය. ඒ අනුව ව්‍යායාම් කිරීම වැදගත් ය. එහෙත් හදිසි නැත. අසනීපයෙන් පසුවන මව බැලීමට යාම වැදගත් ය. එහෙත් [...] ...

යහපාලනයක් සැම විටම නිදහසේ නිර්මාණයන් කිරීමට හා සැමට දායකත්වයක් සැපයීමට අවශ්‍ය පසු බිම රටක් තුළ මෙන්ම ආයතනයක් තුළ ද සකසන්නේ ය. ආයතනය තුළ වැඩ කිරීම ප්‍රියජනක දෙයක් බවට පත් කරන්නේ ය. සෑම කෙනෙකු තුළම ආත්ම අභිමානය ඇති කරන්නේ ය. යහපාලනය තුළ නීතියේ ආධිපත්‍යය තහවුරු විය යුතු අතර නීතිය සැමට එකසේ ක්‍රියාත්මක කිරීමත් නීතියට අමතරව චර්යා [...] ...

අපේ ර‍ටේ ආර්ථිකයෙන් කෘෂිකර්මාන්තය අයත් කර ගෙන ඇත්තේ 14% ක් පමණ වූ සුළු කොටසක් වුව ද මිනිසුන්ගේ ජීවනෝපාය සම්බන්ධව අදටත් එය ඉතා තීරණාත්මක ය. අප මේ ලිපියෙන් උත්සහ කරන්නේ කළමනාකරණ දෟෂ්ඨිකෝණයකින් අප රටේ කෘෂි ආර්ථිකය දෙස බැලීමට ය. කෘෂිකර්ම ක්ෂෙත්‍රයේ අපගේ ඵලදායකත්වය අඩුවීමට එක් හේතුවක් වන්නේ ඉඩම්වල අයිතියේ විසිරුණු ස්වභාවය හා ඉඩම්වල ප්‍රමාණයයි. බොහෝ දෙනෙකුගේ [...] ...

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ මෑතකදී කියා තිබුනේ අවශ්‍ය කුසලතා ඇති මිනිසුන්ගේ හිගයක් ඇති බව ය. මේ ප්‍රශ්නය අප තේරුම් ගත යුත්තේ කෙසේ ද? බොහෝ දෙනෙකු මින් බැස ගන්නා නිගමනය වනු ඇත්තේ රටේ අධ්‍යාපන ක්‍රමය අවශ්‍ය කුසලතා ඇති මිනිසුන් බිහි නොකරන බව ය. අවශ්‍ය කුසලතා ඇති මිනිසුන් නැති ද? නැතිනම් ඒ අය සොයා ගැනීමට [...] ...

Previous Page