මේ අවසානයයි. * හුස්ම නොගෙන දහයට ගනින්න. එවිට ඔබට පෘථිවිය බ්‍රමණය වනු දැනෙනු ඇත. මගේ හදවත් ගිනිගෙන දැවෙනු දැනෙනු ඇත. මේ අවසානයම තමයි. මම ගිලී, කිමිදී, සිහිනෙන් මෙය දැක ඇත. * අහසට කඩා වැටෙන්නට ඉඩ දෙන්න. සියල්ල සුනු විසුනුවී යනු ඇත. අපි නොසැලී සියල්ලටම එකට මුහුනදෙමු. * අහස කඩාවැටෙන විට, හෙන හඬින් පුපුරාවී, දහවල අඳුරු වේවි. * ඔබ ළඟ මගේ නොම්මරය ඇත, මට මගේ ...
රත්න ශ්‍රී විජේසිංහ සම්බන්ධවූ නිර්මාණ දෙකක් ගතවූ වසරේ මා බෙහෙවින්ම සංවේදී කරවීය. එකක් ඔහුගේ පද රචනයකි. මේ පිලිබඳ බ්ලොග් සටහන මෙතනින්. * අනෙක ඔහුගේ බිරිඳගේ වියෝව පිළිබඳව මාලතී කල්පනා ඇම්බ්‍රෝස් ගේ පද සංකල්පනාවකි. අනෙක් පුදගලයෙකුගේ භාවමය සිතුවිලි තමන්ගේ බවට පත්කර අනෙකාගේ සිතුවිලි ලෝකයට පිවිස, අනෙකාගේ හැගීම් උද්දීපනය කිසිලෙසක ලේසි පහසු කාර්යයක් නොවේ. කිවිඳිය එම කාර්යය කොතරම හොඳට ඉටුකොට තිබේද යත්, මෙම ...
* අද සමාජයේ භාවිත දේ,සිරිත් විරිත් ,විලාසිතා ආදී අතුරින් බොහොමයක අර්ථය සහ මුලාරම්භය බොහෝ දෙනෙකේ නොදන්නවා මෙන්ම,නොසිතන බව පැහැදිලිය. මුලාරම්භය කෙසේවෙතත් අරමුණ (යමක් කරන්නේ මන්ද?) යන්න අප එය කරනවා නම් , දැනගත් යුතුය. * උදාහරණයක් ලෙස අපි කෑම කන්නේ එය ශරීරයට අවශ්‍ය ශක්තිය ලබාදී, ශරීරය නිරෝගී කරන නිසාය.මේ අරමුනු හෝ ඒ හා බැඳුනු අරමුණු හැර වෙනත් අරමුණු උදෙසා ආහාර ගැනීම ...
* * පෙරේදා නිදහස් චතුරශ්‍රයේදී, * “මනමේ” කුමරිය යලි මුණගැසිණ . * අහෝ! * කාලය කල අරුමක මහත! * වැද්දා දැන් කඩ්ඩෙන්ද කොටන්නේය. * *
* “ තුඹසක් හදයි වේයෙක් හරි වෙලාවට කව්රුත් නොමැත මට වැරදුන වෙලාවට. “ * = සටහන = * ඉහත උපුටා දක්වා ඇත්තේ කතෘ අඥාත “ඛනිජ තෙල් කවියකි.” * ජනකවි යනු ජනතාව තුලින් මතුවූ ජනතාවගේ හද ගැස්මයි. එය කලකට පෙර ලංකාවේ කරත්ත කවි,පතල් කවි, නෙලුම් කවි ලෙස වර්ග වෙන අතර, වර්ගවාදයෙන් බැට කෑ අප්‍රිකානු වහල් සමාජයේ “රැප්” ලෙස උපත ලැබීය. ...
ඔහු කොල්ලෙක්, ඇය කෙල්ලෙක්, මම තව වෙන මොනවා කියන්නද? ඔහු රස්තියදුකාරෙයෙක් වගේ, ඇය කුමාරිකාවක් වගේ. මම තව වෙන මොනවා කියන්නද? * ඔහුට ඇයව ඕනේ වුනා, ඇය කවදාවත් කියන්නේ නම් නැහැ, එයාටත් රහසින් ඔහුව ඕනෙ තමයි. ඒ වුනාට එයාගේ යාළුවො ඔක්කොටම, ඔහු ඇඳුම් අඳින පිළිවෙල ගැන ප්‍රශ්න තිබුනා. * ඔහු දඟකාර කොල්ලෙක්, ඇය ඔහුට “පස්සේ හම්බෙමු ” කිව්වා. ඔහුව ඇයට ...
* පෙරවදන. * “සහෘදයා” යනු සමාන හදවත් ඇත්තාය. “දෙවියන් ලෝකය මැව්වා” නම්, කලාව යනු දෙවියන්ට මවන්න බැරිවී මිනිසාට මැවීමට ඉතිරිකළ දෑය. මා සිංහලෙන් ලියන බ්ලොග් තුලින් පෙර දිනක හඳුනාගත්, තවම නොදුටු සහෘදයකු අතින්, අමරදේව ශුරීන්ගේ මෙතෙක් නොඇසූ ගීයක්, ඊයේ හෝ පෙරේදා අසන්නට ලැබුණි. * මෙයට අදාළ සිදුවීම නිසා, ගේය පද රචකයා තුල ඇතිවූ කම්පනය, ගීයකට පෙරලී, අමරදේව හඬින් ප්‍රතිනිර්මාණය ...
* බෙරපදේ තාල මත්තට නෑසේද සීපදේ හවස් ජාමෙට ගොලුවේද සකිසඳේ නුඹත් ගම අතහැර යාද හෙට උදේ දකින්නට බැරි වෙයි නේද * කීන දං හිඹුටු බෝවිටියා සුවඳ පේනතෙක් මානයෙන් ඈතට යාද හේන කුඹුර ඕවිට අමතක ඇයිද මූනවත් බලාගන්නට බැරිවෙයිද * දුලා දිමුතු මුතු හර පලඳින කලට වළාකුලක සේලේ ගතලන කලක සලා සිමර දෝලාවල යන කලට රිලා මොටයි සේ අප පෙනෙතිද ...
1 ආයෙත් කවමදාවත් හමුනොවන්න, හමුවුනත් හොරෙන්වත් හිනා නොවී ඉන්න. කියනා දේ කවදාවත් බැරි නම් ඉටුකරන්න, ඒ ගැන පොරොන්දු නොවී ඉන්න. 1
* හීන විල මල් පිපී, මුදාහල සිරියාව හෙමි හෙමින් ඇවිත්, හිත් මාලිගේ දොර ගාව හමන විට ඒ සුවඳ ,ආදරේ නුඹ පෑව වටෙන්න හිතයි, ආයෙමත් නුඹ ගාව * පිනි වැටී හිනාවෙන , මල දෙවැට අද්දරට මගේ නෙතු පියාගෙන , හිදින්නන්ම් එනවාද? තවත් එක වතාවක්,නුඹේ සුවඳ විදගන්න හංසියේ එනවාද, ගුරුපාරේ ඇවිදින්න? * තාරුක නෙතු හරින, නිහඩ රෑ මැදියමක ඈතටම දිව ගිහින් ...
* අහන් ඉන්න, අහගෙන ඉන්න. මගේ හිත මොනවද මුමුණනවා. * යාය පුරා නෙක නෙක පාටින්, මුදු මල් පෙති ඇහැරෙනවා. පොද වස්ස්සක සීතල ඇවිදින්, හිතට එබෙනවා. කෝඩුකාර මල් රේණු අගින්, සුවඳ බෙදනවා. ඒ සුවඳින්, මගේ හුස්ම රටා මවනවා * සිලි සිලියේ හමන සුළඟ, කොඳුරන්නේ අපටමයි. සතුට මිසක, දුක මොකටද සෙනෙහස මහමෙරයි. අමාවකේ දුක දුරලන, දහසක් තරු කැට නුඹටයි. ඒ එළියෙන් ...
* * සෙනසුරාදා හවසට කොළඹ නගරයේ ගමන කරන විට, පාරේ යන වාහන නිකමට මෙන් නිරීක්ෂණය කොට ඇත්නම්, විනාඩි 10ක් තුල, ජගුවර්,බී.එම්.ඩබ්.,පෝර්ෂ් සහ ෆෙරාරි ආදී මිල අධික වාහන, කොපමණ දක්නට ලැබේදැයි ඔබ දන්නවා ඇත. * එවැනි රථයක හිමිකරුවෙකු වීම සහ සාර්ථකත්වය අතර සම්බන්ධය කෙසේ වෙතත්, පහත හේතු / මාර්ග වලින් හැර තමන්ගේ දුක මහන්සියෙන් උපයාගත් මුදලින්, එවැනි රථයක හිමිකරුවෙකු වීමේ ප්‍රතිශතය ...
* මම යහළුවෙකු නොවන, ඔබගේ ෆේස්බුක් ප්‍රොෆයිලයෙන් එවන ලද පණිවුඩය ලදිමි. එසේනම් පිළිතුරු නැතිවුවද, මවිසින් එවන ලද, අනන්තවූ පණිවිඩද ඔබට ලැබෙන්නට ඇත. මා ලියන ලද කවි සියල්ලද ඔබ විසින් කියවා ඇත. * ‘ඔබේ සැමියා දකීවි’යි යන බිය මත, ඔබගේ ඉල්ලීම පරිදි, මගේ බ්ලොග් සටහනෙන් ඔබේ ජායාරූපය, ඉවත් කලෙමි. මොනවා කෙලෙස සඟවනු,සොරාගනු ලැබුවද, මසිත හැගීම්, මතකයන් ඔබට කිසිදින උදුරාගත් නොහැකි බව, ...
* * තරු පිපුණු ගන අහස මම නම්, ඒ අහසේ පුරා හඳ වෙන්න සුදු රුවණි. වැසි නොවට මරුකතර මම නම්, ඒ පොළොවේ දිය බින්දුව වෙන්න සුදු රුවණි. හද පෙලන චන්ඩ රල මම නම්, ඒ නදියේ නිසල දිය වෙන්න සුදු රුවණි. ප්‍රේමයෙන් අහිමි හද මගේ නම්, ඒ හදට ආදරය දෙන්න සුදු රුවනි. * නෙතු පෙලන කැල්මේ සිනහ සඳපානේ, ඔබ ඇවිත් ...
* “ලංකාවේ පට්ටම රැඩිකල් පුද්ගලයා, මුලින්ම ඩෙනිමක් ඇඳපු කෙල්ල යි!” * ඉහත ප්‍රකාශය කවුරු විසින් කරන ලද්දක්ද කියන එක මගේ අවාසනාවට මට මතක නැහැ.නමුත් එහි ගැබ්වී ඇති දේ කොයිතරම්දුරට සමාජ විද්‍යාත්මක සත්‍යයක්ද කියන එක කල්පනා කරලා බලන්න ඕනේ. ඕනෑම රටක හෝ සමාජයක මෙතෙක් කිසසිවෙකු කර නොමැති අලුත් යමක් කිරීම අභියෝගයකි.එය පිළිගත් පවතින මතවාද හෝ සමාජ සම්මතය විවේචනය කිරීම කෙසේවෙතත් වෙනත් ...
* රෝස පැහැති හැඩුම්බර සැදෑ අහස දෙසට දෑස දිගුකොට නිමේශයකට දෙනෙත පියාගතිමි. ඔබ පැවසුවා නිවැරදිය. *. මිල,මුදල් කිසිවකට සතුට මිලදී ගත නොහැක. ඔබ මා හමුවූ නිමේෂයන් මේ ජීවිත කාලයට වඩා දිගින් වැඩිය. * සොහොන්බිම නිහඩතාවය, පෙර වූ වසන්තයක මතකවලට යලි පණ දෙයි. ඔබ කී වචන, ගීතයක් ලෙසින් දෙසවන පිලිරැවූ දෙයි. * මා ඔබ වෙනුවෙන් වැලපෙන්නේ නැත. මක් නිසාද යත්, ඔබ නික්ම ගියද, ...
* මීට වසර ගණනකට පෙර රූපවාහිනියේ විකාශය වූ “එකට ගැටුම” ටෙලි නාට්‍යය කීයෙන් කීදෙනෙක්ට මතකද? කී දෙනෙක් බලලා තියෙනවද කියන්න මම දන්නේ නැහැ. “එකට ගැටුම” රන්ජන් ද සිල්වා රචනා කල ජාතික රුපවාහිනිය නිෂ්පාදනය කල ටෙලි නාට්‍යයක්. බලලා නැත්නං, මෙතනින් බලන්න. * ඒ කාලේ ඒක බලපු අය කිව්වේ, “අම්මටසිරි! මේ නං යන්නේ අපේ ඔෆිස් එකේ කතාව නේ !” කියලා. * පිටරටක ...
* ඉතිහාසය තරමට අපට පාඩම් කියාදෙන වෙන කිසිම දෙයක් නොමැත. ඉතිහාසය නැවත නැවතත් සිදුවේ. කාලයේ දුවිල්ලට හසුවී සැඟවී ඇති ඇතැම් සිදුවීම් සත්‍ය ලෙසම සිදුවූවාද යන්න විශ්වාස කිරීමට අපහසු තරමට විශ්මයජනකය. අනෙක් අතට අප විසින් ගත කරන ලද අතීත කාලය, මේවන විට ඉතිහාසයට එක්වී අහවරය. ඉතිහාසය අපව කෙසේ නම් කරාවිද යන්න කාලයට සාපේක්ෂය වේ. විටෙක ප්‍රගතිශීලීන් වන පුද්ගලයින්, විටෙක ප්‍රතිගාමීන් බවට ...
* * මම පොඩිකාලේ හිතාගෙන හිටියේ කවදාහරි ලොකු සල්ලිකාරයෙක් වෙන හැටි! ගෙවල්, කාර් ගොඩාක් ගන්න. කොච්චරද කියනවා නං, කොයි දේ කවදද ගත්තේ කියලා අමතකවන තරමට. ඊට පස්සේ ගෑණු ළමයෙක් හොයාගෙන කසාද බැඳලා , හරියට සුරංගනා කතාවක් වගේ ලස්සනට ජීවත් වෙන්න. * දැන් මෙහෙම උනා කියමුකෝ, ඔබ හිතනවද එය මා වෙත සතුට අරගෙන ආව කියලා? හැම වෙලාවකම දේදුන්නේ කෙලවර හොයාගෙන ගියාම ...
– * ඒ වීදියෙහි දීම ඇය නැවත මුණගැසුනි. වහින්න ඔන්න මෙන්නය. පාරේ දූවිලි මත වැහිබිඳු වැටී ඇත. * “ඔයා වෙනස්වෙලා ” ඇය පැවසීය. * වැස්ස කඩා හැලෙන්නට විය. නෙතග දිලිසුන කඳුල දුටුවද, නොදැක්කා මෙන් සිටීමට සිදුවිය. * සියල්ල සිදුවීමට කල් ගතවේ. කාලය සියල්ල සොරා ගනී. * මා වෙනස් වී නොමැත. ඔබ කිසිදිනක මා හරිහැටි දැනසිටියේ නැත. * -* ...