ඉතින් විදුලකර මාතාවෙනි ඔබට ආයුබොවන්!!!මේ ලිපිය බොහෝම කාලෙකට පස්සෙ ලියන්න ගත්තෙ අද මේක නොලිව්වොත් මගේ බ්ලොග් එකේ විශාල අඩුවක් වෙන නිසා... අද මම මේ ලිපිය ලිවිය යුතුමයි...ඔබට මතක ඇතුවාද දන්නෑ මම වසර තුනකට පමණ පෙර මේ බ්ලොග් එකේ පල කල ලිපියක්... අමතක නම් හෝ කියවා නැතිනම් මෙතනින් පිවිසෙන්න...මම අද (2013/02/16) ගැන කියන්නම්. අද මට මගේ ජීවිතේ වටිනා දවසක්. ඔව් ඇත්ත. ...
ගිනියම් වෙච්ච මහපොළවමතමහ දවාලක කඩමාල්ලක දවටාගෙනමහපාරේ අව්වට පිච්චෙන්නේආසාවට නෙමෙයිගෙයක් දොරක් නැතිකමටමත් නෙමෙයිදවාලියෙන් කඩිමුඩියෙ සතයක් දෙකක් අතගෑවෙ නැත්තම්බඩගින්නෙ මියැදෙන්න වෙන නිසා-- අපට කොයිනද වායුසමනය කරපු මංමාවත් හිඟා කන්න... ...
මා හද බැදි නුඹෙ රුවඈත එපිටින් මතුව විටකීරි ගැහෙන මගේ සිතආදරෙයි කියයි මැණිකෙට මම....ඈත දීම සවන් වැකුනු නුඹෙ සුමිහිරි නදපසක් කරවයි මා නුඹ සමග බව....කඳුකරේ සිරියාවි නුඹවනගොමු මැදින් යන සඳපැද්දෙන ගැස්සෙන ඉඟ සුඟමිටින් ගත නොහේ මා හටපෙම් බදිමි මා නුඹට....උඩරට පොඩි ටිකිරි සේරමටකොලොම්පුරෙන් ආ නුඹබදුලු ගමනේ මගේ කුමරිය.... ...
කාලෙකට පස්සෙ ඔන්න තාක්ෂණික ලිපියක් සමග ආව.උබුන්ටු මත සිංහල ස්ථාපනය කර ගැනීම. මේක සමාන්‍ය කාරණයක්. උබුන්ටු භාවිතා කරන හුගක් අය මේ ගැන දන්නවා. හැම උබුන්ටු සංස්කරණයකදිම වගේ අලුත්ම උබුන්ටු සංස්කරණය වන උබුන්ටු 12.4 සංස්කරණයෙදීත් සිංහල යුනිකේත පද්ධතිය සමගම ලැබෙනව. නමුත් උබුන්ටු මතදි යුනිකේත භාවිතයෙන් යතුරුලියනය සදහ iBus configure කරගන්න ඕන. සාමාන්‍ය විදියට අලුතින් භාෂාවක් එකතු කරගන්න බැලුවොත් චීන භාෂාව විතරක් ...
සංඛ්‍යාරේඛාවෙ සිටද්විමාන කාටිසියානු තලය හරහාත්‍රිමානය දක්වා පැමිණි නුඹෙත් මගේත් ආලයටනව මානයක් සොයා යන්නට කාලය ඇවිත්.... අනන්තයේ අපිරිමිත රේඛා වල සිටවර්ථමානයේ සමුද්දේශය හරහාඅනාගතයේ සාපේක්ෂතාව සොයා යන්නටනොහැකි මන්දැයි ඇසු විටපිළිතුර නුඹ තවම සෘජුකෝනාශ්‍රයක හිරවීම බවපසක් වුනි මට.... මගේ නිරපේක්ෂ මනසට..... ද්විමාන තලයේන් ත්‍රමාණතලයට වැටි ගණිතය විරහ වුන මම..... ...
අඟූරු කකා වතුර බිබී කොළඹ දුවන යකඩ යකා...දැන් අය නං ඩීසල් විතරයි බොන්නෙමං ඉපදුනේ කොටගල. අපේ තාත්තා දුම්රිය ස්ථානාධිපති වරයෙක්. ඒ නිසා තාත්තා නිතර විවිධ දුම්රිය ස්ථාන වලට මාරුවීම් ලැබුනා. ඒ නිසා මං බොහෝවිට ගතකලෙත් දුම්රිය නිල නිවාස වලමයි. කොහොමිං කොහොම හරි මං යංතං දනිපනිගාල ඇවිදින කාලෙ ඉඳං ස්ටේසමට යන්න තියන්නෙ පුදුම ආසාවක්. බොහො විට තාත්තගෙ අතේ එල්ලිලා ස්ටේසමේ රවුම් ...
වැදගත්: අක්ෂරය සඳහා පොඩිමහතා විසින් සකසන ලද ලිපියේ උපුටනයකි. “බලන මොටන අලගල්ල පැනලා සුද්ද මෙහාට එනවා බොරු“ඉස්සර මිනිස්සු කියල තියෙන්නෙ අන්න එහෙමයි... ඉතින් අපි (මා ඇතුලු යාළුවො හතර දෙනෙක්) ගියා මේ අලගල්ල කන්ද තරණය කරන්න. මේ තියෙන්නේ ඒ ගැන සටහනක්. අන්තර්ජාලයෙන් ඇවිදින්න පුලුවන් තැන් ගැන විස්තර හොයනකොට අහම්බෙන් හම්බුන තොරතුරක් තමයි මේ අලගල්ල. අලගල්ල කියන්නේ ඉස්සර සුද්ද මේ ...
බලන්න පින්තූරය දිහා...හොඳට බලන්න...මොනවද ඔබට පේන්නේ???වතුර වීදුරුවක්...නිකම්ම නිකම් වතුර වීදුරුවක්ද???නෑ...එහෙනම්???බාගයක් පිරුන වතුර වීදුරුක්...ඇයි, බාගයක් හිස් වතුර වීදුරුවක් පේන්නෙ නැද්ද???පේනව හැබැයි දකින්නේ නෑ...ඇත්ත. ඒත් කෙනෙක් බාගෙට හිස් වතුර වීදුරුවක් දකින්න පුලුවන්. අපි දකින විදිය එකිනෙකාට වෙනස්. එකම දේ විවිධ විදියට දකිනවා. ඉතිං හිතන්න. අපි දකින විදියටම නෙමේ හැමෝම දකින්නේ. ඒකට ඒ මිනිස්සුන්ට බැනල වැඩක් නෑ. එහෙම නේද... ...
“පියාඹන පීරිසිය“ ළදරු වියෙහි කනවැකි සුන්දර අත්භූත වෘතාන්තයක් විය මට,විදු නැණ සයුරු තෙර සිප්පිකටු අහුලන බිළිඳියක බව දනිතත්,කුතුහලයෙහි මහා ගණදුර දුරලන්නටඅකුරු කළෙමි පිටු ගණනක්,නමින් “සක්වල සවාරිය“පිපෙන්නට වෙරදරන කැකුළකට ඉසින්නට පැන් බිඳක් දොරට වඩින දාදිනය: 2010-10-17වෙලාව: ප.ව. 3.00ස්ථානය: හොටෙල් වැරැල්ල වලව්ව, මීරිගම.හංසනී විනෝද්‍යා120/85, වැරැල්ලවත්ත,ගිරිඋල්ල පාර,මීරිගම.0333728414ප.ලි: මාගේ නැගණියගේ රචනයක්වන සක්වල සවාරිය දොරටවඩින දා උත්සවය පිළිඹඳ සිහි කැඳවීම පිණිසයි!!! ...
සැප්තැම්බර් මාසෙත් අවසානෙටම ඇවිත්. ගිය පාර කිවුවට මොකද පොළොන්නරු ගිය ගමනක් ගැන කියනවැයි කියල තාම බැරි උනා ඒක කරන්න. ඒ ඉතිං හැමදාම වගේ වෙන වැඩ හිංදයි කයමුකෝ. මේ සැප්තැම්බරේ නම් සම්පූර්ණයෙන්ම වගේ විභාග මාසයක්. මාසයක් තියලවත් ඉවරකර ගන්න බැරි උන විභාගේ ඕන්න ලබන මාසෙ පළවෙනිද දෙවෙනිදත් පැවැත්වෙනවා. මේ විභාගෙත් එක්ක කාලය ගෙවපු නිසාවෙන්ම කාලය ගතඋනා දැනුනෙත් නැති තරම්...පොළොන්නරු චාරිකාව....පොළොන්රු චාරිකාව ...
කොහොමද කට්ටියගෙ සැප සනීප. මටත් ඉතිං කියන්න තරම් හොඳකුත් නෑ. ඔන්න අද කියන්න යන්නෙ මං මෙච්චර කල් කිවුවට වඩා ටිකක් වෙනස් කතාවක්. මෙච්චර කල් වැඩියෙන්ම ලියල තියෙන්නේ මං ගියපු සංචාරයන් ගැනනෙ. අහ්. මේත් එක්කම කියන්නම් කො. ළඟදිම පොලොන්නරුව පැත්තෙ ගිය කතාවකුත් බලාපොරොත්තුවෙන්න පුලුවන්. මට වෙලාව හම්බුනාම ලියල දාන්නම් කො. හරි.. බලමු මොකද්ද මේ කතාව කියල. ඉස්සෙල්ලම පහල තියෙන රූපෙ තෙරුම් ගන්න බලන්න.....--------------------------------------------------------------------------------------------------------#inclu
ළඟ එන කුනාටුවක සේයාවක්දනැතිනම් සැන්දෑ ඉර බසිනා සනුදර දසුනක්දසිතාගනු නුහුණු දසුනින් මුසපත් වූ ඔහුතනිවම එහෙත් ඈත එපිට කෙලවරක් දිහා බලා සිටීඇත්තෙන්ම එය කෙලවර වේදජීවිතයත් ඒ වගේ...විටෙක කුනාටුවලට හසුව ගසාගෙන යයිවිටෙක සුන්දර දසුන් මවයිඑහෙත් ජීවිතය තවමත් ජීවත් වේ.... මරණය පැමිනෙණ තුරා ඔහු ජීවත් වේ....තනිවම අපුරු සිතැඟියාවන්ගෙන් පිරී ඔහු තවමත් ජීවත් වේ..... ...
සෑහෙන කාලෙකට පස්සෙ... හරියට මේ මාසෙ පොස්ට් එක දාල යන්න ආවා.මං මේ කියන්න යන්නෙ මගේ හිතට දැනුන දෙයක් ගැන. ඇත්තම කිවුවොත් කාටත් වගේ ආදරය කියල සංශිප්තව කියමුකො.ආදරය කියන හැඟිම ගැන කතා කරන්න පුද්ගලිකව මං අකමැතියි.මොකද හුඟාක් අය ඔක ගැන කතා කරනවානෙ. ඒත් මේ අවස්තාවෙදි මත් මේ මාතෘකාව යටතේ වචන ස්වල්පයක් ඔබ හමුවේ තියනවා.ආදරය කියන හැඟීමට විවිධාකාර පැතිකඩ තියෙනවානෙ. උදාහරණයක් විදියට, ...
අහ්..ඕං මගේ කෘත්‍රීම ජීවිතේ ගැන කලිං පෝස්ට් එකෙන් කතා කලානෙ. දැං මේ පහුගිය දොහේ දි මං කොරපු කියපු දේවල් ටිකත් කැටි කොට දක්වන්නයි සූදානම.අපි පහුගිය වෙසක් පෝයට සංවිධානය කලා බෙලි මල් දන්සලක්. සංවිධායක වරුන් වුනේ තරංග අයියා ප්‍රමුක යූසර් මැක්සං ආයතනය. ඉතිං මාත් ගියා උදවුවට.. ගිය ඕං යාන්තම් හම්බුවෙලා තිබුන නිවාඩුවත් ඉවරයි. ගහ ගෙන වහ ගත්තු අපේ පෙරපාසලත් අයෙ පටන් ගත්තා නෙ ...
සිතුවිලි අකල් මරණයකට ගොදුරු විය. සිතන්නට ඉඩ හසරක් නොවූ මනස යාන්ත්‍රික විය. මා හඹාගිය ජීවිතය මා පසුපස හඹා එන්නට විය. පරක් තෙරක් නොමැති දිවි සයුර මැද කුඹ ගසද හබල් ද අහිමි ජීව නෞකාව තනිවිය. දටු කිසිවක් එහි නොවුනි. අවසානයේ සියල්ල සිහිනයක් විය. මවාගත් ලොවක් විය. පිවිසුනෙමි වර්තමානයටවිවර කලෙමි වසාගෙන සිටි දෑස අවසන් කලෙමි දුටු සිහිනයපැවසුවා වුවද නොදුටු බව සිහිනයක්, සිතා ...
දැන් නම් මගේ බ්ලොගයේ නම ශ්‍රී ලාංකාව වටා කියල වෙනස් කරන්න හිතෙනවා...ඇයි මේකෙ වැඩිපුරම දාලා තියෙන්නෙ මම ගියපු චාරිකා ගැන විස්තරනේ.. හා කමක් නෑ. මේ තවත් චාරිකාවක් ගැන ලියන්නයි හදන්නේ.අප්‍රේල් 28 වෙනිද පෝය දවසේ අපි ගියා කිතුල්ගල. ඒ ඇඩ්වෙන්චර් අත්දැකීමක් ලබන්න. කිතුල්ගල පිහිටීමත් ප්‍රදේශය හරහා ගලා බසින කැලණි ගඟත් නිසා මේ ප්‍රදේශය ඇඩ්වෙන්චර් අත් දැකීමක් ලබන්න කියාපු ප්‍රදේශය. ඒ නිසාමද ...
හම්ම්...හුග කාලෙකට පසුසෙ තමයි බ්ලොගය පැත්තෙ ආවෙ. පහුගිය ටිකෙ ඔළුව උස්ස ගන්න බැරි තරමට වැඩ ගොඩ ගැහිල තිබුන නිසා අලුතින් ලිපියක් වත් ලියාගන්න එන්න බැරි ඔනා. විභාගෙයි, පාඩනුයි නිසා තමයි හුගාක්ම හිර උනෙ. කොහොම හිරි යන්තම් දැන් විභාගෙ ඉවරයි. එ නිසාම දැන් ටිකක් නිදහස්.මේ තමයි අපි ශ්‍රී පදය වන්දනාවා ගිය ගමන. ගමන ගිහින් නම් හුගාක් කල්. ලිපියක් ලියන්න ලැබුනෙනම් දැන්.අපි ...
අලුතෙන් බ්ලොගයට සිකයිප් ඉමෝටික්ස් (මූනු) එකතුකරගත්තා.මෙන්න මෙවගෙ හැගීම් කෙටියෙන් දක්වන්න යොදාගන්න මූනු අපිට චැට් කරද්දි එහෙම කොච්චර ප්‍රයෝජනවත්ද.බ්ලොග්වල මේවා දැකල තිබුනත් blogger වලටත් යොදාගන්න පුළුවන් කියල දැනගත්තෙ පිස්සාගෙ ලෝකය බලද්දීයි. එ පිළිබදව පිස්සා අයියාගෙන් අහපුවම තමයි මට තිලිණ අයියාගෙ Blogger වලටත් Skype Emoticonsලිපියට මාව යොමු කලෙ..එකෙන් බලල තමයි මම මූනු මගෙ බ්ලොගයටත් දාගත්තෙ.ඉතින් එ ගැන මගෙ අවංක ස්තූතිය තිළිණ ...