ටික වෙලාවක ඉඳන් අමුතු සද්දයක් දදා හිටපු කොමියුනිකේෂන් එකේ ප්‍රින්ටරේ එකපාරටම නතරවුණේ පුරුපුරුගෙයි ආකාස්ගෙයි පපු බොයිල් වෙන ගානට රත් කරමිනුයි. “අයියෙ මේ වඳින්නං ඉක්මනට මගෙ ප්‍රින්ටවුට් ටික අරන් දියං බං“ආකාස් ඒ අස්සෙ කොමියුනිකේෂන්කාරයාට පිංසෙන්ඩු වෙනවා.“හරි හරි මල්ලි මට විනාඩි දහයක් දෙන්න. මම කොහොමහරි වැඩේ කරල දෙන්නං“කොමියුනිකේෂන් අයියත් දැන් ටිකක් බයවෙලා. පැත්තක ඉන්න පුරුපුරුටත් අම්බානට බයයි වගේම ෆ්ලවර් ජම්ප් වෙලා ඉන්නේ. ...
අපි කලින් ලිපියෙ කිව්වෙ පුරුපුරු තමන්ගෙ පෙම්වතිය වෙච්ච සුදුපූසිගෙ ගෙදර ගිය හැටි ගැන නොවැ! කොහොමහරි ඉතිං ඒ විදිහට අපේ පූසාගෙ එෆෙයාර් එකට සුදුපූසිගෙ පැත්තෙන් කොළ එළිය වැටුනලු. ඒත් ඒ වෙද්දි පුරුපුරුගෙ පැත්තෙන් මේ ගැන කිසිම දෙයක් දැනගෙන හිටියෙ නෑ.පුරුපුරු කියන්නෙ පවුලේ බාලයා. ඒ වගේම හොඳ ලැජ්ජ බයට හැදිච්ච පූසෙක්. අනික මේ වෙද්දි මෑන්ස්ගෙ වයස අවුරුදු විසි එකක් විතර වුණේ. ඒ ...
අපේ පුරුපුරුගෙ ආදර අන්දරය, ඒ කියන්නෙ සුදුපූසි ගැන බ්ලොග් ගඩොල් කියවපු ඔයාලා දන්නවා ඇතිනේ. ඉතිං අපි ඒ කතාවෙ කිව්වෙ පූසයි, සුදුපූසියි යාලු වෙච්ච තැනට යනකං විතරයි. ඊටපස්සෙ කොයි ආදර කතාවත් වගේ අපේ පූස් ලව් එකත් කාලයක් ජයටම නැගලා ගියා. ඔය අතරේ තමයිලු ඒ ලෙවල් විභාගෙ ප්‍රතිඵල ආවේ.අපි කලිනුත් කිව්වා වගේ විභාගෙන් පුරුපුරුට සතුටුදායක අන්දමේ ප්‍රථිවලයක් ඇවිත් තිබුනා. මෑන්ස් යන්න ආසාවෙන් ...
මෑත කාලීනව ලංකාවේ සිදුවූ විවිධ සිදුවීම් දකින, කියවන විට බොහෝ දෙනෙක්ගේ සිතට එක්වරම නැගෙන්නේ එකම ප්රශ්නයකි.“ලංකාවට මොකද්ද මේ වේගෙන එන්නේ?“එක පැත්තකින් ලංකාව පුරාම අද්භූත එළිය. තවත් පැත්තකින් ජෙලි වැසිය. ඒ මදිවාට සමහර ප්‍රදේශ වල වතුරත් රතු පාටට හැරී ඇත. ඒ නාසා ආයතනය මගින් ලංකාවට එල්ල කරන ලද ජීව රසායනික ප්‍රහාරයක් ලෙස තවත් සමහරු අර්ථ දක්වති. මේ සියල්ල අස්සේ බල්ලන් සමූහ ...
බ්ලොග් ගඩොල් පටන් ගත්තේ 2010 අවුරුද්දේ අප්‍රේල් මාසෙ දවසක. ඒ කියන්නේ දැන් මේ වැඩේ පටන් අරගෙන අවුරුදු තුනකටත් ළඟයි. මෙච්චර කල් කරගෙන යන්න කිසිම මූලික සැලසුමක් තිබුනෙ නැති මේ බ්ලොග් එක පටන් ගත්තේ අපේ යාලුවො කීප දෙනෙක් විනෝදෙන් ඉන්න වෙලාවක හදිස්සියෙ ආපු අයිඩියා එකක් විදිහට. ඒ වෙද්දිත් මම මුලින්ම බ්ලොග් එකක් කියවලා මාස කීපෙකට වඩා ගතවෙලා තිබුනෙ නෑ.කොහොමහරි ඉතිං අපි ...
හුංගෙක් - උපුටා ගැනීම http://www.srilankantravellers.com/animals/2011/12/31/ගෙදර මාලු ටැංකියක් තියාගෙන සුරතල් මාලු ඇතිකරන එක ගොඩක් කොල්ලන්ගෙ පුරුද්දක්. ඉතිං අපේ පූසො සෙට් එකේ පුරුපුරු, ඤාව්වා සහ උපාසකත් මේ විදිහට මාලු ඇති කරන්න ඇබ්බැහි වෙලා හිටපු තුන් දෙනෙක් තමයි. ඉතිං මේ අයගේ ටැංකිවල ගෝල්ඩ් ෆිෂ්ලා, කාෆ්ලා, ඒන්ජල්ලා වගේ රට මාලු වගේම නළහඳයි, ගප්පි, පෙතියො, වැලිගොව්වෝ වගේ දේශීය මාලුත් හිටියලු. ඇත්තටම පුරුපුරුනං රට මාලුන්ටත් වඩා ...
ඔයාලා දන්නවද හයවන ඉන්ද්රිය ගැන? අපේ පූසො සෙට් එකටනම් එහෙම එකක් තියෙනවා. මොකක් හරි අසමජ්ජාති වැඩක් වෙන්න යනකොට ඒක පූසන්ගෙ හයවෙනි ඉන්ද්‍රියට දැනෙනවලු.ඔන්න ඉතිං අද අපි කියන්න යන්නෙ අපේ උපාසකට වෙච්චි සිද්දියක් ගැන. 2008 අවුරුද්දෙ තමයි මේක වුණේ. මේ වෙද්දි උපාසක කොළඹ පැත්තෙ නැවතිලා තොරතුරු තාක්ෂණය ගැන පාඨමාලාවක් හදාරමිනුයි හිටියෙ. ඉතිං මාසෙකට දෙවතාවක් විතර සති අන්තයෙ තමයි මෑන්ස් ගෙදර ආවෙ.මෙහෙම ...
සාමාන්‍යයෙන් බ්ලොග් ගඩොල් වල ලිපි ලියවෙන්නේ කාලය අනුපිළිවෙලට. ඒ අනුව බැලුවොත් අපි තවමත් ඉන්නේ 2007/2008 කාල පරිච්ඡේදයේ. ඒත් උසස් අධ්‍යාපන කටයුතු වලට ඉල්ලුම් කරන කාලය උදා වෙලා තියෙන හින්දත්, බ්ලොග් අවකාශයේ උසස් අධ්‍යාපනයේ නිරත වෙන්න බලාපොරොත්තු වෙන කස්ටිය ගොඩක් ඉන්න බව මම දන්න හින්දත්, කාලය පොඩ්ඩක් ස්කිප් කරලා 2011 අවුරුද්දට එන්න තීරණය කළා. මගේ මේ ලිපි පෙළ ඒ අයට වගේම ...
ක්‍රිකට් ක්‍රීඩකයාගේ සොයුරිය - 1අපි කලින් දවසේ කතාව නතර කළේ අපේ මාලුකට්ටායි, නිසංසලායි හොඳම යාලුවො වෙච්ච තැනින් නොවැ! හැබැයි ඒ නිසංසලාට රයන් කියලා බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්දැද්දිමයි. කොහොමහරි ඉතිං ඔය දවස්වල මාලුකට්ටා තමයි රයන්ටත් වඩා නිසංසලාට කිට්ටුවෙන් හිටියේ. කොටින්ම රයන් එක්ක වලියක් දාගත්තමත් නිසංසලා කෝල් කරලා දුක කියන්නේ මාකට්ට. මාකටුත් ඉතිං රයන්ටත් වඩා හොඳට නිසංසලාව නලවලා සනසනවාලු. ඔය විදිහට වැඩේ ...
ඉතිං යාලුවනේ කාලෙකට පස්සෙ අපේ පුරුපුරුට වෙලාවක් හම්බවුණා බ්ලොග් ගඩොලට ගොඩ වදින්න. අද අපි කියන්න යන්නේ අපේ මාලුකට්ටාට සිද්ද වෙච්ච ෆුල්ම ෆුල් අප්සෙට් කතාවක්.මේ කියන කාලෙ අපේ මාලුකට්ටා චාටර්මාලිගෙ සීන් එකෙන් පස්සේ තනිකඩව හිටපු කාලයක්. ඒ වගේම ඒ ලෙවල් විභාගෙ ප්‍රතිඵල වලිනුත් මෑන්ස්ට හිතපු මට්ටමට ස්කෝර් කරන්න හම්බවුණේ නෑ. ඉතිං මේ කාලෙ මාකට්ගෙ ජීවිතේ ගෙවුණේ තනිකරම රිවිෂන් ක්ලාස් ඇතුලේ. ඊට ...
මාලුකට්ටා සහ චාටර්මාලි 1මාලුකට්ටා සහ චාටර්මාලි 2කොහොමහරි ඉතිං කලුකුමාරිගෙන් ඔත්තුව ලැබිච්ච විදිහටම ඊළඟ සෙනසුරාදා චාටර්මාලි ක්ලාස් එකට ආවලු. උදේ ක්ලාස් එකට ඇතුල් වෙද්දි චාටර්මාලි වටපිට බල බලා ආවෙ නිකං හොර බැළලියෙක් වගේ. මේ වෙද්දි පුරුපුරුයි, මාලුකට්ටායි, මී කතුරායි, හිටියේ ක්ලාස් එක ඇතුලේ. උපාසකයි, ඤාව්වායි එදා ගියෙ ටිකක් කලින් ඉවරවෙන වෙන පන්තියකට. ඒ හින්දා ඒ දෙන්නා බාරගත්තලු තමන්ගෙ ක්ලාස් එක ඉවරවෙලා ...
බ්ලොග් ගඩොල් පටන් ගත්තේ මීට අවුරුදු දෙකයි මාස තුනකට කලින්. එදා ඉඳන් අද වෙනකම්ම පාඨක ඔයාලා බ්ලොග් ගඩොල් එක්ක රැඳිලා හිටියා. ඉතිං මුල්ම ස්තුතියි එදා මෙදා තුර මේ බ්ලොග් එකට ගොඩ වැදිච්ච හැම දෙනාටම.දෙවෙනි ස්තුතිය මට මේ බ්ලොග් එක කරගෙන යන්න උදව් කරන අපේ උපාසක සහ ඤාව්වාට.තුන්වෙනි ස්තුතිය බ්ලොග් එක පටන් ගන්න පිටිවහලක් වෙච්ච ටැබූ, කතන්දර, හා පැටික්කිට.ඊළඟ ස්තුතිය හැමදාමත් ...
අද සුභ නැකතින් අපේ පුරු පුරු සුදු පූසිව කැන්දන් එනවලුනෙ...ඉතින් දෙන්නගෙ අලුත් මෙව්ව එකට පූසන්ගෙන් සුභ පෑතුම්!!! -උපාසක, ඤාව්වා සමගින් මී කතුරා-
කලින් කොටස බලන්න මෙතනින් යන්න.ඒ වගේම මේ කාලෙදි කැම්පස් ළමයින්ට ඇති කරන මූලිකම සිතුවිල්ලක් තමයි බැච් ෆිට් එක කියලා කියන්නේ. ඒ කියන්නේ මොන දේ කළත්, මොන දේ වුණත් මුලු බැච් එකම එකට ඉන්න ඕනෙ කියන එක. ඇත්තටම කැම්පස් එක ඇතුලෙ එක එක වැඩ කරද්දි බැච් ෆිට් එකෙන් ලොකු ප්‍රයෝජනයක් තිබුනත්, මේ වැඩෙන් කොල්ලන්ගේ අධ්‍යාපනයට වෙන හානිය සුලුපටු නෙවෙයි. උදාහරණයක් විදිහට ...
මම කලින් ලිපියෙදි කිව්වේ කොල්ලන්ට කැම්පස් එකට එන්න කොච්චරනං අමාරුකම්, බාධක තියෙනවද කියලනේ. ඉතිං අද කියන්න යන්නේ කැම්පස් ආවට පස්සේ මේ කට්ටියට මොකද වෙන්නේ කියලා.කැම්පස් ආපු හැටියේ කොල්ලන්ට වගේම කෙල්ලන්ටත් ෆේස් කරන්න වෙන අත්දැකීමක් තමයි රැග් එක කියන්නේ. රැග් එකේදි සිද්ද වෙන්නේ ප්‍රධාන වශයෙන්ම බ්‍රේන් වොෂ් එකක්. ඒ කියන්නෙ රැග් එක කන්න කැම්පස් එකට යන මනුස්පයා නෙවෙයි රැග් එක ඉවර ...
පුරුපුරු කැම්පස් එකේදි දැකපු ප්‍රධාන කාරණාවක් තමයි ශ්‍රී ලංකාවෙ කැම්පස් සිස්ටම් එක හැදිලා තියෙන්නෙ කොල්ලන්ට අධ්‍යාපනයෙන් ගොඩ එන්න අමාරු විදිහට කියලා. ඒ කියන්නෙ ඒ ලෙවල් වල ඉඳලා කැම්පස් ඩිග්රි එකට යනකං තියෙන පාරෙ ගමන් කරන එක කෙල්ලන්ට වඩා කොල්ලන්ට අමාරු වැඩක්. මොකද කැම්පස් එකේදි කොල්ලෙක් විදිහට තියෙන ඩිස්ට්රෑක්ෂන් ප්‍රමාණය කෙල්ලෙක්ට සාපේක්ෂව වැඩියි. ඉතිං අන්තිමට වෙන්නේ කෙල්ලො රොත්ත බුරුත්ත පිටින් ස්පෙෂල් ...
අද මම ලියන්න යන්නේ මේ දවස්වල ලියන කැම්පස් ලයිෆ් සීරීස් එකේ ප්‍රධාන කතා මාලාවට පිටින් යන ලිපියක්. මොකද මේ ලිපිය ලියන්න සුදුසුම අවස්ථාව මේක බවයි මගේ හැඟීම. ඒ වගේම කියන්න කැමතියි තවමත් මට ලියන්න බැරිවුණ මාලුකට්ටා සහ චාටර්මාලි සීරීස් එකේ අන්තිම කොටස කැම්පස් ලයිෆ් සීරීස් එකේ අවසානයත් එක්ක ලියන බව.අපි පොඩි කාලෙ ඉඳන් අහපු සහ පසුකාලීන දැකපු, අත්විඳපු දෙයක් ...
කැම්පස් ලයිෆ් 1කැම්පස් ලයිෆ් 2කැම්පස් ලයිෆ් 3කැම්පස් ලයිෆ් 4තුම්මුල්ල සක්වල තක්සලාවේ හවස් වරුවෙදි ක්‍රියාත්මක වුණේ ටිකක් විතර එයිටීන් ප්ලස් රැග් එකක්. මේ වෙලාවට අලුත් කෙල්ලො ඔක්කොම කැම්පස් එකෙන් පිටවෙලා ගිහින් හින්දා අයියලාට චාන්ස් එක හම්බවෙනවා අලුත් කොල්ලො ලව්වා කුණුහරුප කියවලා ආතල් එකක් ගන්න. ගොඩක්ම වෙලාවට ඉතිං අපේ යාලුවන්ට හම්බවුණේ කුණුහරුප කියන එක, නැත්තං අනිත් ළමයින්ට කියලා දෙන එක වගේ දේවල්. ...
කැම්පස් ලයිෆ් 1කැම්පස් ලයිෆ් 2කැම්පස් ලයිෆ් 3ඉතිං යාලුවනේ කලින් ලිපියෙන් මම කිව්වේ අපේ පුරුපුරු කැම්පස් එකට ගිය හැටියි, රැග් එකට අහුවෙච්ච හැටියි ගැන නොවැ! කොහොමහරි ඉතිං ඊළඟ දවසෙ පූසා කැම්පස් එකට ගියේ අයියලා එන්න කිව්ව විදිහට ෆුල් ජෙන්ට්ල්මන් වගේ සැරසිලා. උදේ හතහමාරට විතර මෑන්ස් කැම්පස් භූමියට එද්දි ගොඩක් ළමයි ඒ වෙනකොටත් ඇවිල්ලා හිටියලු. කලින් දවසෙ වගේම එදත් ළමයින්ව බෙන්ච් වලට ...
කලින් ලිපියෙන් මම කිව්වනේ කැම්පස් එකට ගිය පළවෙනි දවසෙම අපේ පුරුපුරුට විඳින්න සිද්ද වෙච්ච අත්දැකීම් ගැන. ඉතිං දැන් කියන්න හදන්නේ එදා දවසේ වෙච්ච ඉතුරු සිද්දි ටික ගැන.කොහොමහරි ඉතිං පූසා ඇතුලු නවක සිසු සිසුවියො සෙට් එකම සීනියර් අයියලා විසින් පෝළිමේ අරගෙන ගියාලු ෆැකල්ටි එකේ එක පැත්තකට. මේ ඒරියා එකේ තිබුනේ ලස්සනට තණකොළ වවපු, බිල්ඩින් කීපෙකින් වට වෙලා තිබුන එළිමහනක්. මේ එළිමහනේ ...