1815 බුදු දහම ආරක්ෂා කරන පොරොන්දුව සහිත ගිවිසුමක් මගින් ලංකාව යටත් කරගත් ඉංග්‍රීසීහු ගිවිසුමේ උණුසුම මැකී යාමටත් පෙර බුදු දහම සහ සිංහල බෞද්ධ ජනතාව විනාශ කිරීමට ක්‍රියා කළහ. වරක් රොබට් බ්‍රවුන්රින්ග් ආණ්ඩුකාරයා ඉංග්‍රීසි යටත් විජිතභාර ලේකම්ට මෙසේ ලීවේය. "ක්‍රම ක්‍රමයෙන් (මහජනයාට) නොදැනෙන පරිද්දෙන් ක්‍රිස්තු ධර්මය මේ පළාතේ ව්‍යාප්ත කළහොත් දැනට මේ රටේ පැතිරි පවත්නා මිථ්‍යාදෘෂ්ටිය හා අඥානකම නමැති අන්ධකාරය ...
ඔන්න ඉතින් මාසේ පඩිය අතට ගත්තා විතරයි, පොත් සාප්පුවල ඇවිදලා අපි ගිය ආත්මවල ඒ අයට වුණු ණය තුරුස් ටික එහෙම බේරලා දාලා, හවස් ජාමෙක රීගල් සිනමාහලට රිංගුවා. වෙන මොකට ද ඉතින් ප්‍රසන්න ජයකොඩිගේ නව සිනමා කෘතිය කර්ම බලන්න. ඒක වැඩිහිටියන්ට පමණයි. මං බයෙන් බයේ සිනමාශාලාවට ගියේ වයස ප්‍රශ්නයක් වේවිද කියලා. කෝ ඉතින් චිත්‍රපටිය ගැන මුකුත් ලියන්න වුණේ නැහැ පහුගිය ...
සුනිල් සරත් පෙරේරා මහතාට පිළිතුරක් ප්‍රවීණ ගී පද රචක සුනිල් සරත් පෙරේරා විසින් ලියන ලද ලිපියක් 'ගීත විචාරයට පෙර වදනක්' යන සිරැසිය සහිතව පසුගිය වීමංසා අතිරේකයක පළ විය. (2012/08/04) එතුමා ලිපිය ආරම්භයේ ම මැනවින් පෙන්වා දෙන පරිදි මේ දූපතේ ඇත්තේ අප්‍රභංශ ගීත විචාරයකි. කොටින් ම කිවහොත් ලංකාවේ ගීත විචාරය තරම් විහිළුවක් ලෝකයේ තවත් නැත. එය යන්නේ කොහේද මල් පොල් ...
නෙලුම් පොකුණට සිය ගව් ඉහළින් විරාජමාන සොඳුරු සියපත (අගෝස්තු 22 වන සැමරෙන ආනන්ද කුමාරස්වාමි මහතාගේ 135 වන උපත් සමරුව වෙනුවෙනි.)සමාජ පසුබිමආනන්ද කුමාරස්වාමි මහතා ජීවත් වූයේ 19 වන සිය වස අග සහ 20 වැනි සිය වස මුල බැවින් ඔහුගේ යුග මෙහෙවර නිසි බරින් යුතුව අවබෝධ කර ගැනීමට නම් එකල සමාජ තතු කෙසේ වී දැයි සැකෙවින් වුව දැන ගැනීම අතිශය වැදගත් ...
පසු ගිය දා කුමාරතුංග මුනිදාස සැමරුම ඉතා ම අභිමාණවත් ලෙස පැවැත් වුණා. කුමාරතුංගයන් බොහෝ ක්‍ෂේත්‍රවල සිය ප්‍රතිභාව විශද කළ මහා ප්‍රාඥයෙක් වගේ ම සැබෑ දේශප්‍රේමියෙක්; චින්තකයෙක්. මේ මා ඔහු ගැන දිවයිනට ලියූ කෙටි සටහනක්. ...
13 වැනිදා හවස කඩින් කඩ වැහි වැටෙද්දී කඩිමුඩියේ විශ්වවිද්‍යාලයේ සිට ලයනල් වෙන්ට් රඟහල ඇවිද ගියේ පියල් කාරියවසම්ගේ රහස් උදවිය නාට්‍යය බලනු පිණිස ය. අප එහි යන විටත් සැලකිය යුතු පිරිසක් එහි අසුන් ගෙන සිටි අතර මමත් මගේ මිතුරාත් බැල්කනියේ හිස්ව තිබූ අසුන් දෙකකට අපේ බර පැවරූයේ දෙහෝරාවක් පමණ නාට්‍ය සමග දැහැන්ගත වන්නට ය. රහස් උදවිය නාට්‍යය පිළිබඳ මට මෙසේ ...
නොබෝදා ලයනල් වෙන්ට් රඟහලේ ජනේලයෙන් පනින්නද නමින් නාට්‍යයක් ප්‍රදර්ශනය විය. ධනුෂිකා නයන කුමාරි නම් ආධුනික නිර්මාණකාරියක විසින් අධ්‍යක්ෂණය කළ මේ නාට්‍යය සරසවි ජීවිතය හා බැඳුනකි. සරසවි ජීවිතය හුරුපුරුදු අපට පමණක් නොව සියලු පේක්ෂක ජනතාවට එක සේ රස විඳිය හැකි නාට්‍යයකි එය.සරසවි ජීවිතය හා බැඳි ප්‍රේමය දේශපාලනය මතින් ගලා යන නාට්‍ය සරසවිය හා බැඳි බෝඩිම් ජීවිතය ද වේදිකාවට ගෙන එයි. හෝරා ...
මේ වන විට ගයාන් පෙරේරා සහ ඩැඩී සංගීත කණ්ඩායම ගැයූ 'ටිකින් ටික' ගීතය පිළිබඳ සමාජ සංවාදයක් ඇතිව තිබේ. ඒ පිළිබඳ මතුව ඇති අදහස් මෙසේ ගොනු කළ හැකි ය.1. මේ ගීතයෙන් බුදු දහමට අගෞරවයක් සිදුව තිබේ. ඉන් බෞද්ධයින්ගේ සිත් රිදි තිබේ. එහෙයින් වහාම මේ ගීතය තහනම් කළ යුතුය.2. මේ ගීතයෙන් බුදු දහමට කිසිදු අපහාසයක් වී නොමැත. එය විශිෂ්ට ගීතයකි. ඊට විරුද්ධ ...
කලාකරුවා රටක විකල්ප ආණ්ඩුවක් වැනි යැයි කියමනක් තිබේ. ඔහුට සිය කලාකෘතිය මගින් සමාජයට කෙතරම් බලපෑමක් කළ හැකි දැයි මෙම ප්‍රකාශයෙන් පැහැදිලි වෙයි. කලාකරුවා ජනතාව සමග ජීවත්වෙමින් විවිධ සමාජ අත්දැකීම්වලට, ප්‍රශ්නවලට මුහුණදෙයි. කලාකරුවාගේ සතතාභ්‍යාසයෙන් මුවහත් කළ ඉසියුම් ප්‍රතිභාව නමැති ඇසට එම සමාජ හැලහැප්පීම්වල සාමාන්‍ය ජනතාව නොදකින දෑ පෙනෙයි. එම අත්දැකීම්, ප්‍රශ්න ඇසුරින් ඔහු සමාජය විනිවිද දකියි. අඟුටු මිට්ටන් පිරිසක් අතර සිටින ...
ගොවිතැන සඳහා කෘමිනාශක, වල් නාශක හෙවත් වස භාවිතය පදනම් කර ගෙන රටේ දැවැන්ත සංවාදයක් ඇති වී තිබේ. එය මේ වන විට සමාජයේ බොහෝ දෙනා කතා බස් කරන මාතෘකාවකි. රටට ගෙන්වන මෙකී වසවල ආනයනය තහනම් ආසනික් ඇතැයි පිරිසක් කියන අතර වස සමාගම් සහ තවත් පිරිසක් ආසනික් නැතැයි කියති.මේ වසවල ආසනික් තිබුණ ද නැත ද ඒවා පිරිත් පැන් නොව වස ය. වස ...
ඔව්, ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා! අපි හැම වසරක ම බක් මහේ සිංහල අලුත් අවුරුද්ද සමරනවා. අපේ සම්ප්‍රදාය, සංස්කෘතිය අනුව ආගමට දහමට මුල් තැන දීලා මේ උත්සවය සමරන්න ඇහැකි නම් එය අගෙයි නොවැ?ඒ වගේ ම ඔබ අතින් මෙතෙක් සිදු වූ කිසියම් හෝ වරදක් නිවැරදි කරගත හැකි නම් එය මේ උත්සවයෙන් ඔබට ලද හැකි ලොකු ම දායාදයයි. පළුදු වූ නෑ ...
(සිංහලය සොඳුරු සුකොමල බසෙකි. ඒ සුන්දර බව ගැමි වහර, කට වහර, ගත් වහර ඈ මුසුවෙන් උපන්නෙකි. සිංහලයේ සොඳුරු බව කියාපාන ඇතැම් වදන් සහ යෙදුම් ලියා තැබීම මේ ලිපි පෙලේ අරමුණයි. මෙහිලා අප දිරි ගැන්වූයේ මහාචාර්ය ජේ.බී. දිසානායක සිංහල ජනවහර පිළිබඳ කළ මාහැඟි පොත් පෙළ බැව් ගුරුබැතියෙන් යුතුව සඳහන් කරමි. )සිංහලයා 'බඩු' නම් වදන තනා ගන්නේ සංස්කෘත 'භාණ්ඩ' නම් වදන ඇසුරිණි. ...
මෑතදී අපට නාට්‍ය කිහිපයක් බැලීමට ඉඩ හසර ලැබිණි. රවින්ද්‍ර ආරියරත්නගේ 'බල්ලොත් එක්ක බෑ' සහ උදයසිරි වික්‍රමරත්නගේ 'සුද්දෙක් ඔබ අමතයි' යන නාට්‍ය ද්වය ගැන කෙටි සටහනක් තැබීමට මොහොතක් වෙන් කිරීම ඵලදායි වෙතැයි සිතමි. මේ නට්‍ය දෙක ම වර්තමාන සමාජ දේශපාලන සංස්කෘතික ව්‍යුහය කර්කශ ලෙස උපහාසයට ලක් කරන ප්‍රහසන වේ. ඒවා ලෝක ධර්මි නාට්‍ය රීතියට අනුව ලියැවි තිබේ.සුද්දෙක් ඔබ අමතයි නාට්‍ය ...
සැබවින් ම කවිය යනු කුමක් ද? ගද්‍ය කාව්‍ය සහ පද්‍ය කාව්‍ය අතර ඇති වෙනස කුමක් ද? වැකියක් රූලේ අඩක් ලියූ පමණින් එය කවියක් වේ ද? එසේ නැත්නම් කවිය අනෙක් සාහිත්‍යාංගවලින් වෙන් කර හඳුනා ගන්නා නිර්ණායක කවරේ ද?ගුණදාස අමරසේකර සූරීන්ගේ කාව්‍ය සම්ප්‍රදානය පිළිබඳ ප්‍රකට ගත් කතුවරයෙකු විචාරකයෙකු වන ශ්‍රීනාත් ගනේවත්ත මහතාත් හිටපු සිළුමිණ කතුවරයෙකු, ගත් කතුවරයෙකු මෙන්ම විචාරකයෙකු වන ආචාර්ය රංජිත් ...
වසර තිහකටත් අධික කාලයක් තිස්‌සේ මේ රටට පමණක් නොව විදේශ රාජ්‍යයන්ට ද බලපෑම් කළ එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌ත භීෂණය පරාජයට පත් කිරීමේ ගෞරවය හිමි වන්නේ වර්තමාන රාජ්‍ය නායක මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට ය. පසුගිය රජයන් ද ඒ සඳහා විවිධ උත්සාහයන් දැරුව ද ඒවා අසාර්ථක වූයේ විදේශීය බලපෑම් වලට යට වීම නිසා ය. වත්මන් රාජ්‍ය නායකයාට ද එකී බලපෑම් දෙගුණ තෙගුනව එල්ල වූ බව ...
ගුණදාස අමරසේකරගේ දේශපාලන භාවිතය පිළිබඳ ඇතැමුන් තුළ ප්‍රසාදයක් නැත. එහෙත් ඔහුගේ කාව්‍ය නිර්මාණ විමසීමේදී උක්ත දේශපාලන කාරණා ඇද ගැනීම එතරම් ප්‍රඥාගෝචර නැත. එමෙන්ම සිංහල කවිය විෂයෙහි ඔහු කරන ලද මෙහෙවර ලඝු කිරීම ද අසාධාරණය. විශේෂයෙන් සිංහල කාව්‍ය සම්ප්‍රදාය හදුනා ගත් ප්‍රාඥයින් අතරින් කෙනෙකු වන අමරසේකරයන්ගේ පොතපත පරිශීලනය කිරීම, ආධුනික කවීන් මෙන්ම විචාරකයින් ද අත්‍යවශ්‍යයෙන් ම කළ යුතු කාර්යයකි. මොනිකා රුවන් ...
කලක් සකල ශ්‍රී ලංකාව පුරා රැව් පිළිරැව් දුන් ලංකා ගුවන් විදුලිය පෞද්ගලික නාලිකාවල ආගමනයත් සමග ජනතාව අතරින් ඈත් විය. එකල ලාභ ලබන ආයතනයක් ලෙස පැවති රෙදෙව්ව එහි සුවිශිෂ්ට පරිපාලනය, දේශපාලන අත පෙවීම් සහ දේශපාලන පත් කිරීම්වලට පිං සිදු වන්නට පාඩු ලබන ආයතනයක් බවට පත් විය. මෙසේ මිය යමින් පැවති රෙදෙව්ව නව පණක් ලැබුවේ හඩ්සන් සමරසිංහ මහතා එහි සභාපති ලෙස ...
පසුගිය එක් සැඳෑවක මම මිතුරෙකු සමග රීගල් සිනමාහලට රිංගාගතිමි. ඒ සනත් ගුණතිලකගේ ‘එකමත් එක රටක’ සිනමා කාව්‍යයය හා ඒකාත්මිකවීමට ය. එම සිනමා කෘතිය නිර්මාණය වූයේ බටහිර ලේඛකයෙකු වන එමිල් සෝලාගේ කෙටි කතාවක් ඇසුරිණි. එකමත් එක රට ගැන දීර්ඝ විචාරයකට ඉඩහසර නැතත් ලුහුඬින් හෝ යමක් ලිවීම වැදගත් යයි සිතමි. මේ සටහන ඒ වෙනුවෙනි. එම සිනමා කෘතියට විෂය වූයේ මානව ජීවිතය හා ...
වර්තමානයේ බොහෝ සිංහලයෝ අන්තර්ජාලයේ සිංහලෙන් වැඩ කරති. බ්ලොග් ලියති. පිළිසඳරේ (chat) යෙදෙති. ඉ තැපැල් ගනුදෙනු කරති. Face bookහි ලියති. එය අපට මහත් සතුටකි. කෙසේ වුව ද ඒ සමග ම සිතට යම් දුකක් ද පිවිසෙයි. ඒ බොහෝ දෙනා නිවැරදි සිංහලෙන් නොලියන නිසා ය. අන්තර්ජාලයේ අපට ඇස ගැසෙන බොහෝ සිංහල ලේඛන අක්ෂර වින්‍යාස දෝෂවලින් ද ව්‍යාකරණ දෝෂවලින් ද දූෂිත ය. තවමත් අන්තර්ජාලයේ ...
තිස් වසරක් රට ලෙයින් තෙත් කළ පිරපාහරන් නොබෝදා නන්දිකඩාල් කළපුවේ මඩ ගොහොරුවක අවසන් හුස්ම හෙළුවේ ය. ඒ මෙරට ජනතාවට නිදහසේ හුස්ම ගැනීමට හැකි යුගයක් බිහිකරමිනි. ඒ වූ කලී දශක 3ක මහා මූසල යුගයක කෙළවර බව පසක් කරගත් ජනතාව වීදි බැස ප්‍රීති ඝෝෂා කරන්නට විය. වෙසක් සමයක පොසොන් සමයක මෙන් රට පුරා දන්සැල් දෙන්නට විය. ජනපති ප්‍රමුඛ ත්‍රිවිධ හමුදා නායකයෝ කේක් ...