ඒ ඓතිහාසික සිද්ධියට අදට වසර හතරකි. කිසිදා පරාද කළ නොහැකි ලොව බිහිසුණුම ත්‍රස්ත සංවිධානය යැයි නම් ලද කොටි සංවිධානය ආණ්ඩුවේ දේශපාලන නායකත්වය යටතේ අපේ ත්‍රිවිධ හමුදාව විසින් පරාජයට පත් කොට අදට වසර හතරකි. ලොව දියුණුම අවි ආයුධ සහ තාක්ෂණික උපාංගවලින් සන්නද්ධ ඇමරිකානු හමුදාව ලොව පුරා කරන ලද සියලු යුද්ධවලින් අසාර්ථක වන පසුබිමක ගොඩ නඟන ලද බටහිර මතවාද පවා නැවත අභියෝගයට ...
ආණ්ඩුවේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ පිළිබඳ විශේෂඥයා විමල් වීරවංශ පවසන පරිදි මුස්ලිම් අන්තවාදය හමුවේ සිංහලයින් නොසන්සුන් වීම ද ජාත්‍යන්තර කුමන්ත්‍රණයකි. මංගල සමරවීර පවසන පරිදි එය ආණ්ඩුවේ වැඩකි. නිමල් සිරිපාල පවසන පරිදි එය අන්තවාදයකි. මේ සියල්ලට හේතුව වේගයෙන් ව්‍යාප්ත වන මුස්ලිම් අන්තවාදය බව කීමට කිසිවෙකු නොමැත. එසේ කිසිවෙකු කිවහොත් ඌ ජාතිවාදියෙකි. අද සිංහලයා සිංහල වීම නිසාම කිසිදු හඬක් නොමැති නිවටයෙක් බවට පත්ව සිටී.උලමා ...
උතුරේ වැසියන්ට සිය මළවුන් සැමරීමට ඉඩදිය යුතු යැයි කණ්ඩායම් කිහිපයක් තැනින් තැන උද්ඝෝෂණ කරනු දැකිය හැකිය. මේ උද්ඝෝෂණ පිටුපස සිටින්නේ ද්‍රවිඩ ජාතික සන්ධානය, පෙරටුගාමි පක්ෂය සහ මනෝ ගනෝෂන් වැන්නවුන් සහ නිමල්කා ප්‍රනාන්දු වැනි NGO කාඩරයින්ය. ඔවුන්ගේ දේශපාලන මතවාද කෙසේ වුව ද මේ සටන් පාඨය අප එකවර ඔවුන් හා එකඟ කර ගැනීමට තරම් සංවේදී වූද මානව හිතවාදී වූද එකකි. අපේ සමීප ...
ගණිකා වෘත්තිය තහනම් කොට පනවා ඇති නීති වහා ඉවත් කළ යුතු යැයි අප ලියූ ලිපිය බලා බොහෝ පිරිසක් පරල වී ඇති බව ප්‍රතිචාරවලින් පැහැදිලිය. ඔවුන් පරල වී ඇත්තේ සිය නිවෙස්වල සිටින කාන්තාවන් ගණිකා තහනමට පිං සිදුවන්නට ඊට යොමු නොවී සිටිනවා වැනි ආවේගයකිනි. ඒ කාන්තාවන් යන්තම් නිවසේ රැඳී ඇත්තේ මේ තහනමට පිං සිදුවන්නටය. එහෙයින් එම නීතිය ආරක්ෂා කරගත යුතු යැයි ඔවුහු ...
පව්කාරයින්ට පළමු ගල ගැසීමට පෙර ....නැවතත් ලංකාවේ ගණිකා වෘත්තිය නීති ගත කළ යුතු ද නැද්ද පිළිබඳ සංවාදය මතුව තිබේ. මෙය කලින් කලට උඩ යට යන මාතෘකාවකි. මෙවර සංවාදය හදිසියේ ඉස්මතු වූයේ දකුණු පළාත් සභාවේ එක්තරා මන්ත්‍රීවරයෙකු විදෙස් සංචාරයකින් පසු කරන ලද ප්‍රකාශයක් සමඟය. ඔහු පවසා ඇත්තේ ගණිකා වෘත්තිය නීතිගත කොට එය සංචාරක ව්‍යාපාරය නැංවීම සඳහා යොදා ගත යුතු බවකි. මේ ...
විය යුතු ලෙසම 6% සටන පරාජයෙන් කෙළවර විය. ඇතැමුන්ට එවන් සටනක් තිබුණු බවක් හෝ දැන් මතක නැත. තත්-කාලීන බොහෝ සමාජ දේශපාලන සංස්කෘතික ප්‍රවණතා පිළිබඳ ලියන මා රාජ්‍ය අධ්‍යාපනය රැක ගැනීම සහ දජානි 6%ක් අධ්‍යාපනය සඳහා වෙන් කිරීම වෙනුවෙන් ආරම්භ කළ සටනට සම්බන්ධ නොවුණේ ඇයි ද යන්න සහ ඒ පිළිබඳ අදහස් පළ නොකළේ ඇයි ද යන්න බොහෝ දෙනාට ප්‍රශ්නයක් වී තිබේ. ...
බෙදුම්වාදයේ ත්‍රස්තවාදී පෙරමුණ පරාජය කොට රට ලැබූ ජයග්‍රහණය එහි ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ද පරාජය කොට විජයග්‍රහණයක් බවට පත් කිරීම අද රට හමුවේ ඇති ප්‍රධාන අභියෝගයයි. ඒ පිළිබඳ රටට හිතැති විද්වතුන් විවිධ අවස්ථාවල අදහස් පළ කළ ද තවමත් ඒ පිළිබඳ සමාජය සංවේදී වූ බවක් නොපෙනේ. ආණ්ඩුව උතුරු-නැඟෙනහිර පළාත්වල යටිතල පහසුකම් වැඩි දියුණු කරනු මිස සාමාන්‍ය ජනතාවගේ හදවත් දිනා ගැනීමට සහ ඔවුන් බෙදුම්වාදී ...
20/20 ලෝක කුසලාන තරඟාවලිය අවසන් විය. එහි ශූරතාව කොදෙව්වන් සතු වූ අතර අපි සුපුරුදු පරිදි අනුශූරයින් වූයෙමු. ලෝක කුසලාන තරඟාවලි 4කම අවසාන තරඟයට පැමිණීමෙන් ලංකාව ලෝක වාර්තාවක් ද තබා තිබේ. එය කිසිදු කණ්ඩායමකට පහසුවෙන් ළඟා විය හැකි වාර්තාවක් නොවන අතර ලංකා කණ්ඩායම පසුගිය කාලය පුරා ලොව අඛණ්ඩව ලොක ප්‍රමුඛ කණ්ඩායම් දෙක අතර සිටි බව ඉන් සනාථ වෙයි. කෙසේ වුව ද ...
මේ වන විට සමස්ත ලෝකය පුරා ඇත්තේ ක්‍රිස්තියානී සංස්කෘතික ආධිපත්‍යයකි. එය ව්‍යාප්ත කරන්නේ ද ආරක්ෂා කරන්නේ ද ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය ප්‍රමුඛ යුරෝපයයි. අධ්‍යාපනය සහ ජනමාධ්‍යය ඔස්සේ අප අඩු වැඩි වශයෙන් එහි ගොදුරු බවට පත්ව ඇත. කලක් අපේ සිතුම් පැතුම්, සිරිත් විරිත්, ආහාර, දේශපාලන දෘෂ්ටිය ආදී සියල්ල තීරණය කරන තත්ත්වයට මේ සංස්කෘතික ආක්‍රමණය ව්‍යාප්ත වී පැවති අතර දැන් එම ප්‍රවාහයට එරෙහිව ...
2/3ක බලයක් සහිත වර්තමාන ආණ්ඩුව විසින් කළ යුතු ඉතා වැදගත් කාර්යය දෙකක් තිබේ. එකක් පවතින මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමයි. අනෙක බෙදුම්වාදයට සුජාතභාවය සපයන රටට බරක් වී ඇති පළාත් සභා ක්‍රමය අහෝසි කිරීමයි. පළාත් සභා අහෝසි කොට රටේ ඒකීයභාවය ශක්තිමත් කිරීමට නැවත ඉතිහාසය විසින් අපට අවස්ථාවක් ලබා දෙනු ඇතැයි සිතිය නොහැකිය. එහෙත් දේශපාලකයින්ගේ හතර වරිගයට රැකියා සපයන අතිශය ලාභදායි පළාත් සභා ...
ශිවනේෂතුරෛයි චන්ද්‍රකාන්තන්ට ජනාධිපති උපදේශක තනතුරක් දීම පක්ෂ විපක්ෂ බොහෝ දෙනාගේ සරදමට හේතුවක් වී ඇත. ආණ්ඩු විරෝධීහු සහ රාජ්‍ය විරෝධීහු එලිපිට එය විවේචනය කළහ. කාටුන් ඇන්දෝය. ආණ්ඩු පාක්ෂිකයෝ ද ඊට හූ මිටි තබමින් එම විවේචන අනුමත කළහ. ඒ අර්ථයෙන් ගත් කල රටේ පක්ෂ විපක්ෂ බහුතරයකගේ අදහස ඔහු එම තනතුරට නුසුදුසු බවය. ඇත්ත. මේ වන විට ජනාධිපති උපදේශක තනතුර දේශපාලන අරමුණු මුදුන්පත් ...
අපේ රටේ බහුතරයක් ජනතාව පෞද්ගලික වාහනයක් භාවිත කිරීමට තරම් ආර්ථික මට්ටමකට නොමැත. ඇතැමුන්ට වාහන ගතහැකි වුව ද ඉන්ධන වියදම දරාගත නොහැකිය. එහෙයින් බොහෝ දෙනා පොදු ප්‍රවාහන සේවා එනම් බස් දුම්රිය භාවිත කරති. මේ සේවා භාවිත කරන අයට මුහුණ පෑමට සිදුවන අප්‍රසන්න අත්දැකීම් බොහෝය. ඒ අතරින් එකක් නම් නිදහසේ කන්දොස්කිරියාවක් නොමැතිව ගමනාන්තයට යාමට ඇති නොහැකියාවයි. ඒ ලංකාවේ සියලු ම පෞද්ගලික බස්වල ...
කොළඹ හෝටලයක රථ ගාලේ වැටී තිබී අසුලා ගත් රිවෝල්වරයක් සහ ජංගම දුරකථනයක් ඇමති මර්වින් සිල්වා මහතාගේ පෞද්ගලික ලේකම්තුමා ද පුතා ද වන මාලක සිල්වා මහතාගේ රියදුරු මහතා විසින් පොලිසියට ගෙනැවිත් භාර දී තිබේ. ඒවා හමුදා බුද්ධි අංශ නිලධාරියෙකුට අයත් බව පසුව වාර්තා විය. මේ සද්කාර්ය එම රියදුරා විසින් කරන ලද්දේ ඔහුගේ හාම්පුතාගේ මඟ පෙන්වීම අනුව බව කිවයුතු නොවේ. එහෙයින් අපි ...
කොළඹ හෝටලයක රථ ගාලේ වැටී තිබී අසුලා ගත් රිවෝල්වරයක් සහ ජංගම දුරකථනයක් ඇමති මර්වින් සිල්වා මහතාගේ පෞද්ගලික ලේකම් ද පුතා ද වන මාලක සිල්වා මහතාගේ රියදුරු මහතා විසින් පොලිසියට ගෙනැවිත් භාර දී තිබේ. මේ සද්කාර්ය එම රියදුරා විසින් කරන ලද්දේ ඔහුගේ හාම්පුතාගේ මඟ පෙන්වීම අනුව බව කිවයුතු නොවේ. එහෙයින් අපි මාලක සිල්වා මහතාට අපේ ප්‍රණාමය පුද කරමු. මේ රටේ සාමාන්‍ය ...
අතීසාරයට අමුඩය ගසනවා යන්නෙහි තේරුම යමක් පාලනය කිරීමට නිශ්ඵල ප්‍රයත්නයක් දැරීම යැයි අපට දළ වශයෙන් කිව හැකිය. ඉන්දියාව කිරි පොවා ඇති දැඩි කොට උතුරු නැගෙනහිර මුදාහළ ත්‍රස්තවාදය සමනය කිරීමට ඔවුන් විසින් ම අප මත බලෙන් පැටවූ පලාත් සභා ක්‍රමය ද එවැන්නකි. සුදු අලියෙකි. ඉතාම අවාසිදායක පිටියක ක්‍රිඩා කළ ද සබරගමුව, උතුරු මැද සහ නැඟෙනහිර පලාත් සභා තුනෙහි ඡන්දය අවසන් වූයේ ...
අගෝස්තු 30 දිවයින මුල් පිටුවේ සිරස්තලයකි මේ. වයස අවුරුදු 13දී ඇමරිකාවට රැගෙන ගිය සුරේෂ් ක්රූස් ඇමරිකානු ගුවන් හමුදාවේ නියමුවෙකු ලෙස සේවය කරන අතර ඇෆ්ගනිස්ථානයේ දී මරණයට පත්විය. තලීබාන්වරු පවසන පරිදි එය ඔවුන්ගේ වැඩකි. වැඩේ කෙසේ වුව ද යානය පැදවූ සුරේෂ් ඇතුළු එහි ගමන් ගත් 12ක් දෙනාම මිය ගියේ ය. ඊනියා ලෝකයේ යුධ බලවතා 2001 ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළ දා සිට කළ ...
"පසුගිය දවසක හලාවත මුන්නේශ්වරම් කෝවිල පැත්තෙන් මහා කලාගොට්ටියක් ඇහුන මේ කාලගොට්ටියට මුල් වෙලා තිබුනේ වාර්ෂිකව මුන්නේශ්වරම් කෝවිල මගින් පවත්වන සත්ත්ව බීලි පුජාවකට එරෙහිව සැදැහැවත් සිංහල බෞද්ධ පිරිසකගේ උද්ඝෝෂයක්. පසුගිය වසරේද මෙවැනි කාලගොට්ටියක් කරල අධිකරණ නියෝග අරගෙන මෙම පුජාව නතර කරල තිබුනා. සත්ත්ව ඝාතනයට එරෙහිවිම හොද ක‍්‍රියාවකි. මෙතෙන තියෙන ප‍්‍රශ්නෙ මේ බීලි පුජාවට එරෙහි වෙන්නෙ පසුගිය යුධ සමයේ දස දහස් ගණන් ...
මහත්මා ගාන්ධි, බේඩ්න් පවල්, විපුලානන්දර් සාමි, පෙරියතම්බි පිල්ලෙයි යන අයගේ මඩකලපුවේ නගර මධ්‍යයේ පිහිටි පිළිමවලට හානිකිරීම පිළිබඳ අපට ඇත්තේ නොපහන් හැඟීමකි. ඒ පුද්ගලයින් පිළිබඳ අප තුළ ඇති හැඟීම් වෙනස් විය හැකි වුව ද මෙසේ පිළිමවලට හානි කිරීම අපට සිහිපත් කරන්නේ තාලිබාන්වරු බාමියන් බුදු පිළිම විනාශ කිරීමය.කලක් ව්‍යාප්තව පැවති බුදුදහම යටපත්ව, මුස්ලිම් රාජ්‍යයක් බවට පත්ව ඇති ඇෆ්ගනිස්ථානයේ අන්තවාදී තාලිබාන්ලාට ඒ බුදු ...
ක්‍රීඩා ඇමතිකම නොදුන් නිසා ම උරණව ආණ්ඩුව අතැර විපක්ෂයට ගිය අර්ජුන රණතුංග මහතා මෑතදී වැදගත් ප්‍රකාශයක් කර තිබිණි. එනම් සියලු මන්ත්‍රී ඇමතිවරු සිය වැටුපින් විදුලි දුරකථන ගෙවිය යුතු බවය. එමෙන් ම තවත් දීමනා අඩු කළ යුතු බවකි. රජයේ වියදම් සම්බන්ධයෙන් ආණ්ඩුවේ සිටින තුරු මුනිවත රකින බොහෝ දෙනෙක් විපක්ෂයට ගිය විගස කිඹුල් කඳුළු සැලීම අපේ රටේ සම්ප්‍රදායයි. ආණ්ඩුවේ සිටින තුරු සිය ...
එක්සත් ජාතික පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ බැතිමතුන් වන මගේ මිතුරන්ගේ කිහිප දෙනෙකු නිතර ම පාහේ සිය පරාජිත දේශපාලන මානසිකත්වය ප්‍රදර්ශනය කරන එක්තරා කැත විදිහක් තිබේ. ඒ වර්තමාන රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන විනයාගමුර්ති මුරලිදරන් සහ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා සසඳන පදනම් විරහිත අතාර්කික වල්පල් සහිත ඡායාරූප ෆේස්බුක් පිටුවල අභිරුචියෙන් පළ කිරීමය.2009 සරත් ෆොන්සේකාට ආදරය නිසා නොව මහින්ද රාජපක්ෂ ගෙදර යැවීමේ ...