අපේ පෘථීවිය - මිනිස් වර්ගයාගේ නිවහන - වන මේ ලෝකය පුරා දකින්නට, අසන්නට ඇති අරුම පුදුම දේ අනන්තයි - අප්‍රමාණයි. අපි හැමෝටම වගේ ලෝකේ වටේ ඇවිදලා ඒ විස්මය අත් විඳින එක අමාරු කාර්යයක්. එහෙම පුළුවන් වුනා නම් අපේ ලෝකය කොච්චර පුදුමාකාරද ? අද්භූත ද ? විස්මයජනක ද ? කියලා බලාගන්න තිබ්බා. කොහොම වුනත් පෘථිවිය මත ඇති විශේෂම තැන් කීපයක් ...
දිනය - 2011 ජනවාරි 24 වැනි දිනනිමිත්ත - සිංහල බ්ලොග්කරණයට පිවිසීමනිර්මාතෘ - චතුරංග පෙරේරාබ්ලොගයේ නම - චතූගේ කථා ඉතින් යාළුවනේ... චතූගේ කථා එක්ක අවුරුදු දෙකකුත් ගතවුනා. ඇත්තෙන්ම මේ සටහන ලියවෙන්න ඕනේ 24 වැනිදා වුනත්, දවස් දෙකක් ප්‍රමාද වෙලා හරි මේ සටහන ලියවෙන්නේ මගේ බ්ලොග් එකත් එක්ක එකතු වෙලා ඉන්න සහෘද ඔයාලා වෙනුවෙන්මයි.ඉතුරු ටිකත් කියවන්න... ...
අවුරුද්දක් ගෙවී තවත් අවුරුද්දක් උදාවුනා. ඕක ඉතින් කැලැන්ඩරේ කොල ගැලවෙන එකයි, ඉලක්කම් හරඹයකුයි ඇර වෙන නම් ඇති දෙයක් නෑ. පෘථිවිය වෙනදා විදියටම කැරකෙනවා. උදේ වෙනවා - රෑ වෙනවා... අළුත් දවසක් එනවා... හරි හරි ඉතින්... බණ ඇති... මේකා මේ මාස ගාණකින් බ්ලොග් එක මතක් වෙලා ඇවිත් මෙතන බයිලා ගහනවා, නේද ? ඉතින්, අනං මනං නැතුව ඔන්න හැමෝටම සුභ අළුත් (පිළුණු ...
ඔබත් කෙදිනක හෝ ටර්මිනේටර් සිනමා පටය නරඹා ඇත්නම් එහි සයිබෝග් වරයෙක් ලෙස රඟන හොලිවුඩ් නළු ආනෝල්ඩ් ස්වැසනගර් ගේ දෘෂ්ඨිය පිළිබඳ මතක ඇතැයි සිතමි. ඔහුට සිය දෑස් තුලින් පෙනෙන දර්ශණයේ පරිගණක තිරයක මෙන් විවිධ දේ අක්ෂර වලින් සටහන් වී තිබෙනු ඔබට සිහියට නැගෙනු ඇත. ඒ ආකාරයේ ඩිජිටල් දත්ත ඇතුලත් දෘෂ්ඨියක් මනුෂ්‍යයින්ටත් ලැඛෙන්නට යන පුවතක් පසුගියදා වාර්තා වුනා. ඉතුරු ටිකත් කියවන්න... ...
පරිගණකය සහ පරිගණක තාක්ෂණය කොතරම් දියුණුවට පත්වූවත්, මිනිසා පරිගණකය සමග සම්බන්ධ වන මූලික ආකෘතිය තවමත් වැඩි වෙනසකට ලක්වී නැත. පරිගණකය තරම්ම පැරණි යතුරු පුවරුවත් (Key Board), අවුරුදු 40 ක් පැරණි මවුසයත්, මෑතකදී කළ එළි පැමිණි ස්පර්ශ-සංවේදී තිර (Touch Screen) තාක්ෂණයත් පරිගණකය වෙත විධාන ලබාදීම සඳහා භාවිතා කරන ප්‍රධාන ක්‍රමවේදයි. මේ සෑම උපාංගයක් හා ක්‍රමවේදයක් සමගම මිනිසා හා ...
අන්තර්ජාල දැවැන්තයා වන ගූගල් සමාගම තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන අතරම අති විශාල පිරිවැටුමක් ද හිමි සමාගමකි. තමා උපයන ලාභය නොයෙක් ක්ෂේත්‍රයන්හි ආයෝජනය කිරීම ගූගල් සමාගමේ පිළිවෙතකි. පසුගිය වසරේදී වාර්තා වූ පරිදි පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනය කල ගූගල් සමාගම මෙවර සිය අවධානය යොමු කර තිබෙන්නේ ප්‍රවාහන ක්ෂේත්‍රය වෙතයි. ඒ මිනිස් අනුදැනුමකින් තොරව, සම්පූර්ණ ස්වයංක්‍රීයව ධාවනය වන කෘතිම බුද්ධි කාර් ...
ශබ්ද ගොනු පිළිබඳව කථා කරන විටදී දත්ත හැකිළීම (Audio Compresson) පිළිබඳ ද කථා නොකරම බැරිය. ඒ, සම්පීඩනය නොකරන ලද ශබ්ද ගොනු ගබඩා කිරීමේදී අධික ධාරිතාවයක් වැය වන නිසායි. ශබ්ද ඉංජිනේරුවන් විසින් උසස් තත්ත්වයේ ශබ්ද ගොනු මාදිලිය ලෙස සලකන .WAV ගොනු මාදිලියේදී එක් විනාඩියක් සඳහා මෙගාබයිට 10 ක ඉඩක් වැයවේ. ඒ ආකාරයෙන් ගීතයක් පටිගත කළවිට එය මෙගාබයිට 50 කට ...
පරිගණක මතක් පත් (RAM) තාක්ෂණය ද අන් සෑම තාක්ෂණ ක්ෂේත්‍රයක් සේම අධි-වේගයෙන් ඉදිරියට යන ක්ෂේත්‍රයකි. දෙගුණයක දත්ත වේගයක් සමගින් 2000 වසරේදී එළි දුටු DDR තාක්ෂණය DDR2 හා DDR3 ලෙස මේ වන විට විශාල ප්‍රගතියකට ලක්ව ඇත. වර්තමානයේදී DDR3 මතක පත් සෑම උපාංගයකම පාහේ ක්‍රියාත්මක වනු දැකියි හැකියි. ඒ එහි අඩු මිල, ඵලදායිතාවය හා සුලභතාවය නිසායි. DDR3 තාක්ෂණයට ...
1. Bugatti Veyron Super Sport: උපරිම වේගය පැයට කිලෝමීටර 430 කි. (430 Kmph) තත්පර 2.4 කදී 60 mph* වේගයක් ගනී. Narrow Angle 8 Liter W16 වර්ගයේ අශ්ව බල 1200 ක ඇලූමිණියම් එන්ජිමක් ඇත. ආරම්භක මිල ඇමෙරිකානු ඩොලර් 2,400,000 කි. 2007 මාර්තු හිදී Bugatti Veyron රථය විසින් හිමි කරගෙන තිබූ වේග වාර්තාව SSC Ultimate Aero කාර් රථය විසින් පරාජය කරනු ලැබිණි. එයින් පසු Bugatti සමාගම විසින් Bugatti Veyron Super Sport මාදිලිය නිෂ්පාදනය ...
තාක්ෂණයේ දියුණුවත් එක්කම එළි දැක්වුනු අපූරු ගැජට් කීපයක් ගැන පහුගිය ලිපි කිහිපයකිනුත් ඉදිරිපත් කලා මතක ඇති. පරිගණක, සන්නිවේදන හා විනෝදාස්වාද යන ආකාරයෙන් අපේ එදිනෙදා ජීවිතය පහසු කරවන මේ නව තාක්ෂණික උපාංගයන් නූනන තාක්ෂණික විස්මයන් ලෙසත් හඳුන්වන්න පුළුවන්. ඉතින් බලන්න, මේ ගැජට් අතර ඔබ සොයමින් සිටි ආකාරයේ උපාංගයක් තියෙන්නත් බැරිකමක් නෑ...ඉතුරු ටිකත් කියවන්න... ...
හොඳ සිනමා නිර්මාණයක් උදෙසා දක්ෂ නළු නිලියන්, හොඳ අධ්‍යක්ෂකවරයෙක්, දර්ශණීය පසුතල මෙන්ම උසස් ගණයේ කැමරා ද අත්‍යාවශ්‍ය සාධක වේ. සිනමාව සඳහා භාවිතා කරන්නේ උසස්ම ගණයේ තාක්ෂණයෙන් යුත් විශිෂ්ඨතම රූපරාමු ලබාදෙන ඉහළම තලයේ කැමරා උපකරණයි. එසේ වුවත් මේ විශේෂිත කැමරාවලින් තොරව ජංගම දුරකථනයක කැමරාවෙන් පමණක් රූගත කරමින් නිපදවන ලද සිනමා පටයක් ඇමෙරිකාවේ සිනමාහල් තුළ ප්‍රදර්ශණයට සැරසෙන බව කිවහොත් ඔබ මවිත වනු ...
හුඟ කාලෙකින් ආයෙත් ආවා ලස්සනම ලස්සන පින්තූර ටිකක් අරගෙන... ස්වභාව ධර්මයේ ලස්සන කොච්චර බැලුවත් ඇති වෙන්නේ නෑනේ නේද ? පෘථිවියේ උසස්ම සත්ත්වයා යැයි කියාගන්නා මනුෂ්‍ය සතා තමන්ම ඉපැදවූ ස්වභාව ධර්මයටත් උඩින් යන්න හැදුවත් තවමත් සොබා දහමේ විස්මිත නිර්මාණ එක්ක තරඟ කරන්න මිනිසාට හැකිවෙලා නෑ... අද රූප කථාවෙන් අරගෙන එන්නේ ඒ විදියට සොබා දහමේ අපූරු නිර්මාණ වුනු ලස්සන, ...
මේ ජනකථා පෙළ සඳහා පළමු පියවර ලෙස කලින් ලිපියක් ඉදිරිපත් වුනා මතක ඇති... ඉතින් පොඩි (?) නිහැඬියාවකට පස්සේ මේ පළ වෙන්නේ දෙවැනි කොටස අදත් තව කථා දෙක තුනක් අරගෙන එන්නයි මේ සූදානම... කලින් ලිපිය බැලුවේ නැත්නම් මෙන්න මෙතනින් ගිහින් බලලා එන්න පුළුවන්...! ඉතින් මේ කථා පෙළ කියවන ඔක්කොගෙන්ම පොඩි ඉල්ලීමක් තියෙනවා... කථාව කියවද්දී චිත්ත රූප පෙලක් විදියට තමන්ට දැනුනු දෙය ...
පරිගණක තාක්ෂණයේ වර්තමාන ප්‍රගමනයට හේතු සාධක වූයේ මයික්‍රොචිප් (Microchip) බව නොරහසකි. 50 දශකයේදී ශාලාවක් තරම් විශාල වූ පරිගණකය, 70 දශකයේදී මේසය මතට පැමිණ, වර්තමානය වන විට අත්ල මත රැඳී තිබේ. මේ ක්ෂුද්‍රකරණය සඳහා මූලිකවම බලපෑවේ එක් චිපයක් මත වැඩි වැඩියෙන් ට්‍රාන්සිස්ටර පිහිටුවීමට තරම් තාක්ෂණය දියුණු කිරීමයි. මේ ආකාරයෙන් චිප් නිපදවීම සඳහා යොදාගන්නා සිලිකන් වෙනුවට අනාගතයේ භාවිතා වෙතැයි ...
ලෝකයේ නොයෙකුත් ස්ථානයන්හි පිහිටි නොයෙකුත් ආකාරයේ හෝටල් සංකීර්ණ ගැන ඔබ අසා ඇති. මුහුදු වෙරළ, කඳු වැටි, හුදකලා දූපත්, තට්ටු ගණන් උස මහල් ගොඩනැගිලි මෙන්ම මුහුද යට ද තැනූ විවිධාකාරයේ හෝටල් සංකීර්ණ තිබුණත් මේ කියන්නට යන්නේ පොලොව යට පිහිටි අපූර්ව හෝටලයක් ගැනයි. මේ හෝටලය තියෙන්නේ පොළොව මතුපිට නම් නෙවෙයි. විශේෂත්වය නම් මෙය ලෝකයේ ගැඹුරුම හෝටලය ලෙස වාර්තා වීමයි.ඉතුරු ටිකත් කියවන්න... ...
මුලින්ම, අනේකවාරයක් සමාවඉල්ලා හිටිනවා... මේ කථා පෙළපළ කරන්නමෙච්චර පමා වුනුඑක ගැන. හිතා මතා පැහැරහැරියා නෙවෙයි. කොච්චර වුවමනාවතිබුණත් මේ බ්ලොග්වලට ඉබේ අකුරුඑන්නෑ නොවැ... ටයිප් කරන්නමඑපායෑ... ඒමදිවට ඉතිහාසයගවේෂණය කරන්නත්ඕනේ, දැනටඅවුරුදු 10 කට වගේ උඩදිසිද්ධ වුනුදේවල් නොවැ. කාරි නෑ, ඔන්නමං ආයෙත්සෑ...හෙන්නකාලයකට පස්සේබෑන්ඩ් කථා අරගෙනආවා... ඔයමෙච්චර කල් නාහෙන්අඬ අඬ, ඒ මදිවටතර්ජනේ දාගෙනහිටපු උන්දැලාඕං ඇවිත්කියෙව්වා නම්... හරි, එහෙනම්... දයාබර රසික රසිකාවියනි.... මෙන්නනැවතත් වේදිකාවේ... ...
හෙළ භාෂා පුනරුදයේ නියමුවා වූ කුමාරතුංග මුනිදාසශූරීන් ගැනත්, එතුමා විසින් සම්පාදනය කරන්නට යෙදුනු වටිනා ග්‍රන්ථයක් වනශික්ෂාවතාරය හා ශික්ෂා මාර්ගය යන පොත පිළිබඳවත් පෙර ලිපියකින් පළ කරා මතක ඇති. කුමාරතුංගයන්ගැන තවත් ලියන්නට විස්තර කාරණා ඇතිමුත්, වේලා අරගෙන ටිකක් නිවාඩුවේ කරන්න ඕනේ නිසාඑතුමා ගැන වැඩිදුර විස්තර ටිකක් පසුවට පළ කරන්නම්. මම කලිනුත් කිව්වා වගේ, ඉහතසඳහන් ග්‍රන්ථය තුළ අඩංගු නොයෙකුත් කථාන්තර අතරින් කියවන්නට, රසවිඳින්නට ...
ආයෙත් ඔන්න සෑහෙනකාලෙකට පස්සේ සංගීත පාඩමක් අරගෙන ආවා... මේ වැඩේ දිගට කරගෙන යන්න කොච්චර හිතාගෙනඋන්නත් මොකක් හරි හේතුවක් උඩ ඒකට බාධා වෙනවා. කොහොම වුනත්, ඔන්න ඉතින් හිතාගෙනහිටිය විදියට මේ කොටස ඉවරකලාට පස්සේ අපිට පුළුවන් ඊළඟ කොටසේ ඉඳන් පුරුදු විදියටආයෙත් බෑන්ඩ් කථා පටන් ගන්න. අද කියන්න යන්නේ ස්ටේජ් එකේ උපදින සංගීතය, විද්‍යූත්උපාංග වලින් පාලනය වෙලා, ශබ්ද පද්ධති හරහා ඔයාලගේ ...
හරියටම අවුරුද්දයි මාස 2කට කලින් මම HSDPA ඩොංගල් එකක් ගත්ත කථාව ඔයාලට කිව්වා මතක ඇති නේද ? මේක නම් ඊටත් වඩා සතුටු ආරංචියක්... අන්තර්ජාලෙටඑන්න විදියක් නැතිව ඉන්දැද්දී තමයි යාන්තම් ඩොංගලයක් සෙට් කරගත්තේ. ඒ වුනත් ඉතින් Package එකක් නම් ගත්තේ නෑ. Daily delight 100MB ඇක්ටිව්කරගෙන තමා මෙච්චර කල් ඕක රන් කලේ. GPRS එක්ක බලද්දී HSDPA ලොකු හයියක් වුනත්, ඕන ඕන හැටියට ...
අතීතයේදී නම් ඡායාරූපකරණය සීමාවී තිබුණේසේයා පටල කැමරා වලට පමණි. ඒ හැරුණු කොට අතින් ඇඳි සිතුවම් ද මේ ගණයට ඇතුළත් කල හැකියි. කෙසේ වුවත් ඩිජිටල් යුගයේ ආක්‍රමණයත්සමග ඡායාරූපකරණ ද ඩිජිටල්කරණය වී තිබේ. ඩිජිටල් ඡායාරූපකරණය ලෙස වෙනමම ක්ෂේත්‍රයක්දක්වා මේ වන විට මෙය වැඩී වර්ධනය වී තිබේ. එමෙන්ම නියම ඡායාරූපය හා ඩිජිටල්ඡායාරූපය වෙන්කොට හඳුනාගත නොහැකි වන තරමට අද වන විට ඩිජිටල්ඡායාරූපකරණය දියුණු වී ...