අපි නොදන්න බෝලිං
September 7th, 2009
"අපි නොදන්න චෙස් " කියලා සමහරු කට කහනවට කියනවා අහලා ඇති නේද ? "අපි නොදන්න චෙස් " කියන එකෙන් ගම්‍ය වෙන අදහසනම් මම දන්නේ නැහැ. මම චෙස් දන්නවා . ඒ වුනාට මම බෝලිං නම් දැනගෙන හිටියෙ නැහැ.
අපේ විශ්ව විද්‍යාලයේ චෙස් කණ්ඩායම පහුගිය සෙනසුරාදා විනෝද චාරිකාවක් ගියා. ඒ චාරිකාවෙ එක අංගයක් තමයි බෝලිං සෙල්ලම් කිරිල්ල. එතන හිටපු අනිත් හැම දෙනාම මීට කලින් බෝලිං සෙල්ලම් කරලා තිබ්බ අය. මම ඒ සෙල්ලම යන්තම් උඩින් පල්ලෙන් TV එකේ දැකලා විතරමමයි.
කොහොම හරි ඉතින් බෝලෙ රෝල් කරන විදිහ අහගෙන මමත් බෝලිං සෙල්ලම් කරන්න පටන් ගත්තා. පළවෙනි වටයේ උත්සාහයන් දෙකේදිම ලකුණු 0 යි. කමක් නැහැ පළවෙනිම පළවෙනි පාරනෙ කියල හිත හදාගෙන දෙවෙනි වටයේදිත් උත්සාහ කළා. ඒ පාරත් ප්‍රතිපලය 0 යි. තුන්වෙනි වටයේදිත් කොච්චර උත්සාහ කළත් බෝලෙ ගියේ කැලේට. වට 3ක් ඉවර වෙලා අනිත් අය ලකුණු ගොඩාක් අරන් තියෙද්දි මම 0යි හින්දා ටිකක් විතර ලැජ්ජත් හිතුනා. නොදන්න බෝලිං වලට ගියේ මොන මෝඩ කමටද කියලත් හිතුනා.
හතරවෙනි වටයේ පළවෙනි උත්සාහයේදිත් ප්‍රතිපලය 0යි . බෝලෙ කැලේ. හැබැයි දෙවෙනි උත්සාහය යන්තම් හරි ගිහින් බෝලෙ ඉලක්කෙට වැදුනා. ඔන්න එතකොට තමයි මට තේරුනේ සෙල්ලම.

පස්වෙනි වටයේදී මම STRIKE එකක් ගත්තා. (පොලු 10 ම පළවෙනි පාරෙන් වැට්ටවීම ) දක්ෂ කමනම් නෙවෙයි වාසනාව. බින්දු 3 කින් පටන් ගත්ත මම කොහොම හරි අන්තිමට 3 වෙනියාත් වුනා. මාවන් අතපත්තුගෙ ටෙස්ට් ක්‍රිකට් ආරම්භයත් ටිකක් විතර ඒ වගේ නේද ?